(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි )
අත්තනගළු ඔයේ දුනමලේ ජල මාපකය අසල දිය නෑමට ගිය විසි හැවිරිදි තරුණියක සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ලිස්සා වැටී දියේ ගිළී අතුරුදහන් වී ඇතැයි නිට්ටඹු පොලිසිය කියයි .
මෙ සේ අතුරුදන් වී ඇත්තේ කොළඹ පිටකොටුව ගුණසිංහපුර මහල් නිවාස පදිංචිව සිටි පාතිමා පස්නා 20 නමැති තරුණියක් බව ද පොලිසිය සඳහන් කරයි ඇය පිටකොටුවේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර ඇතැයි ද හෙලි වී තිබේ .
ගුණසිංහපුර යේ වෙසෙන පිරිසක් ඔවුන්ගේ ඥාතීන් වෙසෙන තිහාරිය නිවසකට පෙරේදා දහවල් පැමිණ ඇති බවත් මෙම තරුණිය ද එම පිරිස සමග පැමිණි ආගන්තුක තරුනියක බව හෙලිවී ඇත .
මෙම තරුණිය ඇතුළු හත් දෙනකු අත්තනගලු ඔයේ දියනෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇද වැටී ඇතැයි හෙළි වී තිබේ .
තමන් පිහිනීමට නොදන්නා බව කියමින් බේරා ගන්නැයි ඇය කෑ ගසද්දී ම දියේ ගිලී ගසා ගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ප්‍රදේශවාසීන් හා එක්ව පොලිසිය තරුණිය සොයා ගැනීමට අද(3) දහවල වන තුරුම උත්සහ ගත්තත් පලක් පලක් වී නැත.
නාවික හමුදා කිවිදුන් කණ්ඩායමක් ගෙන්වා තරුණිය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කෙරෙන බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙල්ෆි ගන්න ගිය තරුණිය අත්තනගළු ඔයේ සැඟවෙයි
Bunny Preena Tuesday, 04 July 2023 10:53 AM
නගරබද ජීවත්වෙන අය හරියට දැනුවත් නැහැ ගංගා, දොලවල් අසල තියෙන ගල්වැටි වල පාසි තියෙන නිසා ලිස්සන සුලුබව.