IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සිල් බිඳ ගත් නදීෂා ආයෙත් තනි වෙලා

maxresdefault    

 

ඉරාජ්ගෙ “මම සිල් බිඳ ගත්තෙමි” මියුසික්  වීඩියෝවෙ මුව සිප ගැනීමේ දර්ශනවලට පෙනී සිටි නිසා “නදීෂා හේමමාලි” ගැන මේ දිනවල කලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා කතා කරනවා. ඇය සඳැල්ල එකතු වුණෙත් ඒ ගැන කතා කරන්නයි.

 

 

 

SAN_8529නදීෂා ආයෙත් කලා ක්‍ෂේත්‍රයේ කතාබහකට ලක්වෙලා.
මං හිතන්නෙ ඉරාජ්ගෙ “මම සිල් බිඳ ගත්තෙමි” මියුසික් වීඩියෝව නිසා වෙන්න ඇති.

 


ඇයි සමාජ වෙබ් අඩවි ඇතුළු කලා ක්‍ෂේත්‍රයේ මෙන්ම සමාජයේ බොහෝ දෙනා මේ ගැන කතා කරනවා ඇත්තේ?
ශ්‍රී ලාංකීය මියුසික් වීඩියෝ එකකදී මීට පෙර මේ විදියට දර්ශනයකට කවුරුවත් පෙනී සිට නැහැ. ඉතින් මෙරට මියුසික් වීඩියෝ නරඹන - රස විඳින පිරිසට එය අමුතු අත්දැකීමක් වන්නට ඇති.

 


කෙසේ වෙතත් ඔබ මෙහෙම කරන්නෙ සමාජයේ කතා බහක් ඇති කර ගැනීමේ වුවමනාකමකින්ද?
මම කලා ක්‍ෂේත්‍රයේ කරන සෑම දෙයක්ම කරන්නෙ හොඳට හිතලා බලලයි. නිකම්ම ආවට ගියාට කිසි දෙයක් කරන්නේ නැහැ.

 


මේ විදියට මුව සිප ගැනීමේ දර්ශන ඇතුළත් මියුසික් වීඩියෝවට පෙනී සිටියදී සමාජයේ මේ විදියට උණුසුම් කතා බහක් ඇති වේවි කියලා හිතුවද?
කලා නිර්මාණයකට දායකවූ පසු වගේම ලෝකයේ ඕනෑම දෙයක කළු-සුදු, හොඳ නරක ආදී වශයෙන් සහ පැසසුම් වගේම විවේචනත් ලැබෙනවා. ඒවා එකිනෙකාගේ රසික මට්ටම බුද්ධි මට්ටම අනුව වෙනස්. ඒ කොයි හැටි වෙතත්, මොන විදියේ ප්‍රතිචාර ලැබුනත් මැදහත් සිතින් විඳගන්න මට පුළුවනි. මෙහිදී මට ඕනෑ වුණේ ඉරාජ්ගෙ මේ නව ගීත නිර්මාණයට නවමු රූප ජවනිකා පෙළක් ඇතුළත් නිෂ්පාදනයකට දායක වීමටයි.

SAN_8540

 


මේ වගේ මුව සිප ගැනීමේ දර්ශනවලට ලංකාවේ නිළියන් පෙනී සිටීම සහ විදේශීය පෙනීසිටීම අතර වෙනස ඔබ දකින්නෙ කොහොමද?
ඇත්තටම මෙතැන ප්‍රශ්නය තියෙන්නෙ ලංකාවේ අපි දෙයක් කළොත් විතරයි. පිටරටවල සිටින ඕනෑම දර්ශනයකට පෙනී සිටින කෙනෙක් ලංකාවට එනවා කිව්වා නම්? ඉතින් පිළිගන්නෙ එයාව මඟුල් බෙර ගහලා. පාවාඩ දාලා. ඇයි ඒවා පිටරටින්නෙ. ඉතින් ඒවා ලොකු චරිත. එතැනින් එහාට හිතන දූපත් මානසිකත්වයෙන් තොර රසික පිරිසකට කළ කලාත්මක රූප රචනයක් මේක. කලාවේ මගේ භාවිතයේදී මම නිතරම හිතන්නෙ “ආනන්දයෙන් ප්‍රඥාව” කරා කියලයි.


දැන් මේ නිර්මාණය දිහා බලන්න. මෙයින් අන්තිමට කියැවෙන්නෙ තමුන්ගෙ පවුලට අවංකව හොඳ පවුල් ජීවිතයක් ගත කරමු කියලයි. එය නිර්මාණාත්මක රූප පෙළක් සමග සමාජයට හොඳ පණිවුඩයක් දෙන්නෙ. නමුත් එහි එක තැනක් විතරක් අල්ලාගෙන කතා කරනවා. එය ඇත්තටම දූපත් මානසිකත්වයයි. පෘතග්ජන මිනිස්සු ලෙස අපි අතින් වැරදි වෙනවා. ඒත් ඒ වැරදි නිවැරදි කර ගනිමු යන්න තමයි මේ ගීතයෙන් ප්‍රකාශ වන්නේ.

 


මේ විදියට ඉඳහිටලා ඔබ කතා බහකට යොමු වුණාට, දැන් වැඩිය රඟපාන්නෙ නැහැනෙ? ඇයි ඒ?
මේ මියුසික් වීඩියෝවට දායක වීම වසරේ මා කළ පළමු රංගනයයි. ඊළඟට සම්පත් ශ්‍රී රෝහණගෙ එමලි චිත්‍රපටයේ රූගත කිරීම්වලට සූදානම් වෙනවා.

 

SAN_8608

 


මේ විදියට ඉඳහිට නිර්මාණයකට දායක වීම ඔබට ආර්ථිකව ප්‍රමාණවත් ද?
මගේ රංගන දායකත්වයට සුදුසු වේතනයක්, වටිනාකමක් ලැබුණොත් විතරයි බොහෝ විට මම චරිත තෝරා ගන්නේ. නමුත් සමහර අවස්ථාවලදී නිර්මාණය හොඳ නම් මුදල ගැන නොසිතා දායක වූ අවස්ථා වගේම, මුදල් නොගෙන දායක වූ අවස්ථා තිබුණා. ඒත් ඉදිරියට නම් නොමිලේ කලාවේ කිසිවකට දායක වන්නේ නැහැ. අනෙක ලංකාව ඇතුළෙ පොඩි පොඩි ප්‍රශ්නත් තියෙනවා. මොකද අපි චරිතය සඳහා ඉල්ලන මුදල නිතරම ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම පිටරටවලින් මෙහි ගෙනල්ලා ප්‍රදර්ශනය කරන නිර්මාණ නිසා මෙහි ඒවා අලෙවි කිරීමත් ප්‍රශ්නයක් වෙලා.

 


පසුගිය කාලයේදී ඔබ විවාහය ගැනත් කතා කර තිබුණා. දැන් කොහොමද ඊට සූදානම් ද?
ඔන්න දැන් මං ආයෙත් තනිකඩයි. ඉතින් විවාහයක් ගැන කතා කරන්නෙ කොහොමද?

 


ඔබ කලා ක්‍ෂේත්‍රයේ දායක වන නිර්මාණ ගැන හිතන්නෙ අධි තක්සේරුවකින් ද?
ඇත්තටම කවදත් මම නිර්මාණ තෝරාගෙන කළේ. හොඳ නිර්මාණ වගේම වෙනස් නිර්මාණවලට මම ආසයි. හොඳ නිර්මාණ සඳහා ලැබෙන රුචි-අරුචි අනුව දායක වෙනවා. සමහර විට අධ්‍යක්‍ෂකගෙ තීන්දු-තීරණ වගේම දින වකවානු ප්‍රශ්ණත් එනවා. මම කොහොමටත් මං ගැන තක්සේරු කරන කෙනෙක්. මට මං ගැන එහෙම කරන්නෙ අවබෝධයකින් මිස අධි තක්සේරුවකින් නම් නොවෙයි.

SAN_8589-csadun-gamage



අදහස් (0)

සිල් බිඳ ගත් නදීෂා ආයෙත් තනි වෙලා

නිම්මි Wednesday, 10 February 2016 03:29 PM

මට බලයක් ලැබුනොත් ගැහැනුන්ට රගපාන එක තහනම් කරනවා. නැහැදිච්ච මිනිස්සුන්ට පෙන්න බාගෙට අඳින්න එපා. (අ)

:       0       0

රෝහණ ප්‍රියන්ත Thursday, 04 February 2016 10:12 AM

ඔයාගේ රඟපෑම හොඳයි තව අර ෆිල්ම් එකක් කරලත් පෙන්නන්න (බ)

:       0       0

කවිදු ගම්ලත් Thursday, 18 February 2016 06:42 AM

බිඳගන්න සිල් මැයට සිල් තිබ්බද? (ර)

:       0       0

කුසුම් දල්පදාදු Friday, 05 February 2016 08:05 AM

මෙයා මේ "දූපත් මානසිකත්වය" කියන්නේ පුංචි රටක පුංචි ජනතාවක් අතර තියෙන දැඩි අන්‍යොන්‍ය සම්බන්ධතාවය නිසා වැරදි කරන්න සහ නරක දේවල් වලට තියෙන බියටද? (බ)

:       0       0

තාරකා Sunday, 14 February 2016 03:01 PM

හැමෝම බලන්න කැමැති එත් ලෝකෙට පෙනෙන්න කෑ ගහනවා. මේ එ්ක රගපෑමක් පමණි කියල හිතන්න බැරි මොකෝ. ලංකාවේ නිලියෝ රගපාව වැඩිහිටියන්ට පමණි ෆිල්ම් තිරගත වෙනකොට හොරෙන් ගිහින් බලනවා. එත් ලෝකෙට පෙනෙන්න හොද මුණ පෙන්නගෙන කෑ ගහනවා.(රේ)

:       0       0

ලංකා Tuesday, 02 February 2016 02:30 AM

ඒ කාලේ නම් කවුරුවත් මේවට බැන්නෙ නැහැ. දැන් මේ වෙනස මොකක්ද? (නි)

:       0       0

අජිත් ප්‍රනාන්දු Saturday, 06 February 2016 06:34 AM

ලිංගිකත්වය, ගණිකාවෝ සහ මිල මුදල්...(බ)

:       0       0

නිපුන් Friday, 05 February 2016 08:25 AM

ඔය තනි වෙලා නැ අක්කි.. ඔයට තව හොදට රගපාන්න අපි සුබ පතනවා. (අ)

:       0       0

කුමාර Tuesday, 02 February 2016 11:09 AM

ඉනිමගක් තියල හරි මෙය උඩට නගින්න හදන්නේ ඔය තරම්ම ආසද(කෞ)

:       0       0

සේනානායක Thursday, 11 February 2016 11:46 AM

හොඳ දක්ෂතාවක්.(හේ)

:       0       0

ලක්ෂිත පැරිසිය Thursday, 04 February 2016 07:19 PM

පිටිගල ඉතාලියේ ඉඳලා පිස්සු කියවනවා (නි)

:       0       0

නදී Wednesday, 10 February 2016 09:49 AM

ගැහැණු කමටත් නිගාවක් කරන ගැහැණියක් (ම)

:       0       0

අමල් Tuesday, 02 February 2016 06:49 AM

මාගේ සුභ පැතුම්.! (ර)

:       0       0

කිත්සිරි Monday, 01 February 2016 03:21 PM

අපි නම් මේ අය ගැන තේරුම්ගත්තේ ගොඩක් ඉස්සර (නි)

:       0       0

අයිසෙක් Sunday, 14 February 2016 06:14 AM

ලංකාවේ මේකට වඩා දේවල් තියෙනවා කතා කරන්න (කෞ)

:       0       0

රංජිත් Sunday, 07 February 2016 04:33 AM

නදීෂා ඔබ මතකතියාගන්න ඔබ ඉපදුනෙත් මේ දුපතේ බව දුපත් මානසිකත්වය කියල උඩ බලාගෙන කෙල ගහන්න එපා (කෞ)

:       0       0

රන්ජිත් Monday, 01 February 2016 03:39 PM

‘සිල්‘ කියන යෙදුම වෙනුවට වෙන වචනයක් යොදාගත්තා නම් හොඳයි (නි)

:       0       0

නෙතුමි Saturday, 06 February 2016 07:07 AM

රංගනය කියන්නේ කලාවක් ඒ වගේම සමහර අයට වෘතියක්, කිසිම තැනක පෞද්ගලිකත්වයත් කලාවත් එක එකට සිතීම වැරදි, උගත් නුගත් බුද්ධිමත් ඕනෑම කෙනෙක් එක තේරුම් අරන් වැඩ කල යුතුයි.(කෞ)

:       0       0

අවිනාෂ් Thursday, 04 February 2016 11:21 AM

බල්ලෝ බුරති තවලම යති (බ)

:       0       0

කුමාර ගාමිණී Tuesday, 02 February 2016 07:34 AM

නදීෂා ඔබ දක්ෂ නිලියක් ඔබ සිපගත්ත ට ඒවා රඟ පෑමක්නේ. ඕව ගණන් ගන්න එපා. ඔබට ජය.! (ර)

:       0       0

සනත් Friday, 05 February 2016 11:09 PM

මට අමරසිරි පීරිස් ගායකයාගේ "ලඳුනේ ලඳුනේ" ගීතය මතක්වුණා. ගොඩක් අය "දවල් මිගෙල් රෑ දනියෙල්" ලා. (නි)

:       0       0

රසා - සෞදි Monday, 01 February 2016 04:41 PM

කවුරු මොනවා කිවුවත් ඔබ සැළෙන්න එපා නගෝ (නි)

:       0       0

සෙබස්තියන් Tuesday, 02 February 2016 05:28 PM

මේක මඟුල් සක්වලක්. ඉතින් මේකේ හැම දෙයක්ම ඒ කියන්නේ හැම සැපක්ම විඳින්න ඕනෑ ජීවත්වෙන ටික කාලේදී. නිකම් සංසාරේ බවේ දුකා කියාගෙන විඳවන්නේ නැතුව. නදීෂා හරි (නි)

:       0       0

බුද්ධික Tuesday, 09 February 2016 12:37 PM

අර නදීෂා කිස් කරපු කොල්ල ගැන කවුරුවත් කතා නැතිව ඉන්නේ ලංකාව පුරුෂ අාධිපත්‍යය නිසාද? (ම)

:       0       0

ඉන්දික Tuesday, 02 February 2016 11:32 AM

සල්ලි ගස්වල හැදෙ නම් , කෙල්ලෝ වදුරන්ටත් ආදරය කරයි. (ර)

:       0       0

චතුර Saturday, 13 February 2016 03:16 AM

කදුල ඉතින් සමාවෙයන් ගීතයේ ඔබ දැක්වූ රංගනය අදටත් සුන්දරයි . ඔබගේ ලස්සන හදවතෙත් තිබුනානම්!!(අ)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 05 February 2016 02:14 AM

ඊළඟ වීඩියෝ එකට මීටවඩා අළුත් අදහස් දාන්න (නි)

:       0       0

බණ්ඩා Tuesday, 16 February 2016 01:09 PM

අපේ සුමනා ගෝමස් අක්කගේ අඩුව පුරවන්න (බ)

:       0       0

ගයාන් Tuesday, 02 February 2016 04:30 AM

සල්ලි ලැබෙනවානම් ඕන දෙයක් .. (ර)

:       0       0

ටානි Friday, 05 February 2016 02:38 AM

අනේ පවු නේද? (නි)

:       0       0

දිල්ශාන් Friday, 05 February 2016 02:00 PM

තනි වෙන්නේ නැද්ද මේ වෙන දේවල් දැක්කම.(හේ)

:       0       0

කමල් Tuesday, 02 February 2016 04:38 AM

වෙනස් නිර්මාණ කියන්නේ අඩ නිරුවතින් ඉන්න ඒවා වෙන්න ඇති. (ර)

:       0       0

ශාලින්ද Wednesday, 03 February 2016 05:24 AM

අපේ මිනිස්සු ඉංග්‍රීසි හරි හින්දි හරි සිනමා පටයක් නරබන විට සිපගැනීමේ දර්ශන බොහොමයක් කිසිදු පැකිලීමකින් තොරව නරබා මෙම ගීතය විවේචනය කිරීම විහිළුවක්. මිට වැඩි දේවල් උනත් නරබන්නේ හොර රහසේ බැවින් මෙය හුදෙක් විහිළුවක්ම පමණි . (ර)

:       0       0

සංජු Tuesday, 02 February 2016 04:36 AM

පව් මොනවා කරන්නද? (ර)

:       0       0

ඉන්දික Tuesday, 09 February 2016 09:33 PM

අනේ හැබෑට මේවාටත් හොඳයි කියන අය ඉන්නවනේ! (නි)

:       0       0

ශාන්ත Thursday, 11 February 2016 09:28 AM

මනුෂ්‍ය ශරීරයේ සියලු අංග පසඟ පිහිටි තැන සහ පිහිටි ක්‍රමය ජීව විද්‍යාත්මක ඉගැන්වීම් වලදී ළමුන්ටත් උගන්වනවා. නමුත් එහෙමයි කියල නිරුවතින් සමාජයේ ගැවසෙන්නේ උන්මත්තකයින්. මෙයට කියන්න තියන්නෙත් එහෙම තමයි. (ර)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 02 February 2016 12:06 PM

රඟපෑමක හොඳ බව රඳා පවතින්නේ එය කොපමණ තාත්විකව කරනවාද යන්න මිස ඒ දෙස සංස්කෘතික කාචයක් ඇසේ දමාගෙන බැලීමෙන් නොවේ. තත්වය මෙසේ නම් රංගනයක් අවශ්‍ය නැත. භක්ති ගීත සහ කැරොල් ගායනා පමණක් හොඳටම ප්‍රමාණවත්ය. සිප ගැනීමේ රංගනයක් ස්වාභාවික ආකාරයටද කාමුක රංගනයක් රාගය ප්‍රේක්ෂකයාට දැනෙන ආකාරයක කරගන්න බැරි කෙනා නළුවෙක් නොවේ. කෙසේ වෙතත් නදීෂා කුසලතා පිරි ශිල්පිනියක්. (බ)

:       0       0

ප්‍රසන්න Tuesday, 02 February 2016 04:49 AM

එයාට හොඳ නම් අපට මොකෝ...? (ම)

:       0       0

ඉසුරු Saturday, 06 February 2016 02:06 AM

අනේ මෙහෙමත් අය! (නි)

:       0       0

දිනේෂ් Saturday, 06 February 2016 02:03 AM

නිපුන සහ නිපුනි, දැන් කීප දවසකට උඩදී ලංකාදීපයේ පළවුනා බණ්ඩාරගම පැත්තේ නැටුම් ගුරුවරයෙක් චිත්‍රපටියකට කියලා තරුණියන් නිරුවතින් නටවන්න ගිහින් අසුවුණු හැටි. ඒ නිසා අනුන්ට තනි රකින්න කලින් එයාලගේ හයිය ගන්න කලින් තමන්ගේ යහපත ගැනත් හිතන්න. මෙතන ලියන ගොඩක් පිරිමි තමන්ටත් අම්මලා, අක්කලා නංගිලා ඉන්න බව දන්නා නිසයි මෙහෙම ලියන්නේ. නමුත් සමහරක් අයට ඒවායේ වගක් නැහැ. ඒ වගේම වලිගෙ කඩාගත්ත නරිත් අනික් අයට වලිගෙ නැතුව ඉන්න එක හොඳයි කියනවා. (නි)

:       0       0

අසෝක Saturday, 06 February 2016 03:25 PM

ඔය වගේ දේවල් වෙනකොට කොහොමත් තනි වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.(හේ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 02 February 2016 12:14 PM

මනා පළපුරුද්ද නියමෙට වැටහෙනවා. (බ)

:       0       0

අතුල Monday, 01 February 2016 08:15 PM

බුද්ධ දර්ශනයේ වැදගත් වචනයක් සිල් කියන්නේ. ඕකට වෙන වචනයක් දානවා නම් අපි කැමතියි (නි)

:       0       0

සනත් Tuesday, 02 February 2016 11:38 PM

අදහස් පළකර ඇති ගොඩක් අය හීනෙන්වත් පව් නොකරන ශාන්ත දාන්ත තීන්ත කුප්පි...... (නි)

:       0       0

ශාන් Friday, 05 February 2016 09:54 AM

නංගි, මිදි කන උඩ පනින නරි කියන කතා ගණන් ගන්න එපා (නි)

:       0       0

ශාන්ත Tuesday, 02 February 2016 05:16 AM

ගීත ප්‍රචාරය සඳහා රූප රචනා නැතුවට ගීතයේ අර්ථය හොඳ නම් එය මතකයේ රඳන ගීතයක් වේවි. පැරණි ගීත වලට රූප රචනා නොතිබුනාට අදත් රසික මනසේ රඳා පවතින්නේ එදා වගේමයි. (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 03 February 2016 05:55 PM

මේ වගේ අය ලංකාවට සුදුසු නැහැ කියන තැන තමා මම ඉන්නේ. ඒවාට වෙන රටක් තෝරාගත්තා නම් මීට වඩා හොඳයි නේද? (නි)

:       0       0

නිපුනි Friday, 05 February 2016 10:11 AM

අක්කලා වගේ කෙල්ලෝ ඉන්න එක අපිට ලොකු හයියක් අක්කි. අපි සුබ පතනවා. (හේ)

:       0       0

නාමල් Monday, 01 February 2016 11:34 PM

මේ වගේ අයනේ ලංකාවේ ඉන්නේ? (නි)

:       0       0

සුමුදු Saturday, 06 February 2016 09:29 AM

අපේ රටට ගැළපෙන විදියට රඟපාන්න පොඩි ළමයිනුත් ටීවී බලන නිසා (නි)

:       0       0

දේශාන් Monday, 01 February 2016 11:41 PM

අපේ රටට නුසුදුසු විදිහට රඟපාන අය අපි වර්ජනය කළයුතුයි. ගතමනාවට රටේ හැදියාවත් යටකරන්න දෙන්න බැහැ (නි)

:       0       0

අතුල Friday, 05 February 2016 10:16 AM

ලෝකේ පැරණිම රැකියාව මට මතක් වෙනවා මෙයා දකින වාරයක් පාසා! (කෞ)

:       0       0

නිපුනි Friday, 12 February 2016 08:57 AM

දිනේෂ් කියන විදියට අපි වැඩකරනනන්කෝ ... පව් අර අහිංසක නදීෂට අපහස කරන්න එපා. හැම කෙල්ලම එක වගේ නැ. (ර)

:       0       0

නාලි Friday, 05 February 2016 04:37 AM

දියවන්නාවට යන්න සුදුසුකම් වත්ද? (කෞ)

:       0       0

ටානි Saturday, 06 February 2016 06:12 PM

නදීෂා කරන්නේ රඟපෑමක්නේ (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 02 February 2016 09:44 AM

සල්ලි දෙනවා කිව්වනම් මේ ගොල්ලෝ මේ ගොල්ලන්ගේ දෙවැනි ගමන වුණත් පටිගත කරලා සිංදුවකට ඇතුළත් කරයි. පස්සේ කියයි වෙනසකට කරලා බැලුවේ කියල.ඒකෙන් අපේ සාමජයට අසහනය පැතිරෙනවා කියලා මේ ගොල්ලෝ හිතන්නේ නැ. (ම)

:       0       0

යමුණා Monday, 08 February 2016 09:00 AM

මෙතන අදහස් දක්වපු ගොඩක් කට්ටිය "දුපත් මානසිකත්වය" කියන්නේ මොකද්ද කියල දන්නේ නේ. (අ)

:       0       0

රාජා Monday, 08 February 2016 12:16 AM

නදීෂාට අපේ ලංකාව දූපත් මානසිකත්වයෙන් පිරුණු තැනක් කියලා හිතෙනවා නම් දූපතෙන් මිදිලා වෙන කොහෙටහරි ගියානම් හොඳ නැද්ද? හැබැයි ලෝකේ කොයි රටත් තිබෙන්නේ ඉතා විශාල හෝ දූපතක කියලා අමතක කරන්න එපා. හැම මහාද්වීපයක්ම සාගර මැද තිබෙන දූපත්. (නි)

:       0       0

රොහාන් Monday, 01 February 2016 01:01 PM

බිඳගන්න සිල් මෙයට තිබුනද කියන එක තමයි ප්‍රශ්නේ ? (ර)

:       0       0

නිමල් Friday, 12 February 2016 09:34 AM

මමනම් කියන්න අපේ රට බුද්ධ රටක් ඒකනිසා විනයක් ඇතිව ජිවත් වනවානම් හැමදකින්ම ජය ගන්න පුළුවන්. (ර)

:       0       0

කෝසල Wednesday, 03 February 2016 08:30 PM

අනේ අපි මොකටද නිකන් වචන නාස්ති කරගන්නේ? (නි)

:       0       0

ශාලින්ද Thursday, 04 February 2016 08:51 AM

හොඳ නිර්මාණයක්.(හේ)

:       0       0

විජිත Tuesday, 02 February 2016 05:54 AM

දකුණු ආසියාවේ කාන්තාව තවමත් සතුටන් යුරෝපයේ සියලු කාන්තාවෝ විදවනවා එක දැනගෙන මේ අය සමාජයම වනසනවා (ම)

:       0       0

විජිත Tuesday, 02 February 2016 05:55 AM

මෙයාගේ සීලය සේලය හැමෝම දන්නවා (ම)

:       0       0

බුද්ධික රොෂාන් Tuesday, 02 February 2016 02:42 PM

මේ ගිතයේ අර්ථය වැරදි නිවැරදි කර ගමු කියන තේමාව කියන්නේ ගිතයේ හැටියට ලංකාවෙි ගැනු හිටියොත් ලංකාව මල සොහොන් පිටිටනියක් වෙයි නේද.... (බ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Tuesday, 02 February 2016 02:58 PM

කරුමක්කාරයෝ ෆිල්ම් එකේ ගීතා රඟපාපු ඒවත් සිල්බිඳගත්තා වඩා භයානකයි (බ)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 February 2016 12:57 AM

අයියෝ එයා තනිවෙලාද? (නි)

:       0       0

වසන්ත Sunday, 14 February 2016 03:53 AM

අනේ ඔය දේවල් නොකරන කෙනෙක් ඔය කමෙනටි දාපු ගොඩෙි ඉන්නවද. ඔක සාමාන්‍ය දෙයක්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 0 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 5 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 154 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 530 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2878 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1495 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site