IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සාලි බලන්න මානව හිමිකම් කොමිසම රෝහලේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඇතුළු නිලධරයෝ හය දෙනෙක් කොළඹ ජාතික රෝහලට අද ගොස් හිටපු උප නගරාධිපති අසාද් සාලි මහතා හමුවිය.

තම පියා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටිතියි සාලි මහතාගේ දියණිය මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල අනුව ඔවුහු එහි ගියහ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ සිටින සාලි මහතා අසනීප වීම නිසා කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

 



අදහස් (0)

සාලි බලන්න මානව හිමිකම් කොමිසම රෝහලේ

ඇන්ටන් Thursday, 09 May 2013 01:43 PM

ඒක ඇත්ත පිටිගල (නි)

:       0       0

තුසිත් Thursday, 09 May 2013 06:31 PM

පාර්වතී ඉක්මනට ගිහින් මොලේ හෝදා ගන්න. සිංහලයෝ ලංකාවට ආවේ ඉන්දියාවෙන්ද? දෙමලුනම් ආවේ ඉන්දියාවෙන්. සිංහලයා මේ ශ්‍රී ලංකාව තුල හැදිච්ච ජාතියක් නැතුව ඉන්දියාවෙන් අවේ නෑ. (නදී)

:       0       0

දිසානායක Thursday, 09 May 2013 01:56 PM

කොහොම උනත් මෙතුමා කරපු කතා රටට හොද නහැ. ත්‍රස්තයෙන් විදිහට තමයි කතා කළේ.(නදී)

:       0       0

දිසා නායක Thursday, 09 May 2013 01:56 PM

අනේ මන්දා අප්පා (දී)

:       0       0

ආරොංහාමි Thursday, 09 May 2013 01:57 PM

කවුරුවත් කිසිම තේරුමක් නැතුව අත්අඩංගුවට ගන්නේ නැහැ නේද? ඒ ගැන අපේ බුද්ධි අංශය පරීක්ෂණ කරලා තියෙන්නේ මීට ගොඩක් කලින්- කොහෙද ? ලංකාවේද ? (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 09 May 2013 02:15 PM

මෙයාල වගේ මෝඩ ප්‍රතිචාර ලියන අයට තම එදා ඉදල මෝඩයෝ කියන්නේ.(නදී)

:       0       0

සම්සුදීන් Thursday, 09 May 2013 02:37 PM

අරාබි රටවල් නැතිව ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න බැහැ කියන එක කව්රුත් දන්නා කරුණක්. (ස)

:       0       0

ෂෙරිෆ් Thursday, 09 May 2013 07:45 PM

පහුගිය කාලේ ලංකාවේ සිව් හෙළයම එකතුවෙලා කොටින්ට උදව් කරනවා ඊලමට පාර කපනවා කියලා ආචාර්ය මහත්මයෙකුට ඇති වෙනකල් දොස් පැවරුවා. ඔහු පැවසු දේවල් මුළු ලෝකයම දන්නවා. නමුත් ඔහුට විරුද්ධව නීතිමය පියවරක් ගැනීමට කිසිවෙකු උනන්දු නොවීම කණගාටුවට කරුණකි. අපි අද ජිවත් වෙන පරිසරය භයානක ලෙස පලිගැනීමට තුඩුදී අවසන්ය. අසාද් සාලි මහතාව අත් අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින්නෙමි. (නි)

:       0       0

නිශාන්ත Thursday, 09 May 2013 02:54 PM

බුද්ධාගමට විරුද්දව වැඩකරනකොට මානව හිමිකම් කොහෙද හිටියේ.(නදී)

:       0       0

ප්‍රගීත් Thursday, 09 May 2013 03:01 PM

සම්සුදින්ලට හරි ලොකුයි අරාබිය, නේද? අපිට නම් ඔය එකක්වන් වැඩක් නැහැ. (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 09 May 2013 03:05 PM

අසනීප වුනේ නම් බයටයි.(නදී)

:       0       0

මුරුගන් Thursday, 09 May 2013 03:06 PM

අන්න සදරුවන් කඩේ යනවා කියන්නේ ඕකනේ. සේනාව එළියේ, ත්‍රස්තවාදී නායකයෝ ආණ්ඩුවේ ඇමතිලා වෙලා. සාලි මොකුත් කිවම ඒ ප්‍රකාශය ආණ්ඩු පාවිච්චි කරනවා ලකුණු දාගන්ට. යුරෝපේ වගේ හැමෝටම එක හා සලකන නීතියක් කවදා ලැබෙයිද අපට.(නදී)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 09 May 2013 03:07 PM

සම්සුදීන් මෙතන තියෙන්නේ අරාබි රටවල් පිළිබද ගැටළුවක් නෙවෙයිනේ. අනික ලංකාව කියන්නේ අතීතයේ ඉදලම කෘෂි ආර්ථිකයක් තිබුන රටක්. එක නිසා අරාබි රටවල් අවශ්‍යම නෑ ලංකාවට දියුණු වෙන්න. අනික විදේශ ආධාර අවශ්‍යම නම් තව රටවල් ඕන තරම් තියෙනවනේ. (නදී)

:       0       0

පාල Thursday, 09 May 2013 03:08 PM

මේ කිවයි කියන ජාතිවාදී ප්‍රකාශය තනි අතින් ගහපු අත්පුඩියක් නෙවේනේ.කෝ අනික් අත අල්ලන්නේ නැත්ද ? (ස)

:       0       0

සුධීර Thursday, 09 May 2013 03:09 PM

සාලි කරෙත් ජාති වාදී ප්‍රකාශයක්. සේනාව කලෙත් ජාති වාදී ප්‍රකාශයක්.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 09 May 2013 03:10 PM

හෙට අනිද්දා වෙනකොට බරක් ඔබාමාත් ජිනීවා යයි වගේ.(නදී)

:       0       0

ශීලා Thursday, 09 May 2013 03:11 PM

මෙය තාම ප්‍රකාශයක් විතරනේ කලේ. අර ක්‍රියාවෙන්ම ත්‍රස්ත්වාදේ ඔප්පු කරලම පෙන්නපු ජෝජ් මාස්ටර්,දයා මාස්ටර්, කේ පි, කරුණා, පිල්ලෙයාන් වගේ අයට මොකෝ කරන්නේ.(නදී)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 03:41 PM

වළගම්බා රජුගේ කාලේ මේ රට සංවර්දනය කලේ අරාබි කාරයෝද? සම්සුදීන්ට පිස්සු.(නදී)

:       0       0

ඉෂාන් Thursday, 09 May 2013 10:22 PM

අද අමු අමුවේ බික්ෂු වහන්සේ පණපිටින් ඝාතනය කරපු කරුණලාට කරුණාව. හැබැයි ජනරාල්ට, අසාද් සාලිට මානව හිමිකම් සංවිදාන වග පිහිටයි.(නදී)

:       0       0

දිසානායක Thursday, 09 May 2013 04:16 PM

මුරුගන් දගලනවා වැඩියි වගේ (නි)

:       0       0

ප්‍රසාද් Thursday, 09 May 2013 04:23 PM

මේ වගේ අය මුස්ලිම් අයට වීරයෝ (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 09 May 2013 11:56 AM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අසාද් සාලි එයට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා නම්, මොහුගේ ප්‍රකාශ වලට අප නිකන් බලා සිටිය යුතුද? එසේ නොසිට ඒ සම්බන්ධව විමර්ශනය කිරීම මානව හිමිකම් කඩවීමක් නොවේ යනු මගේ අදහසයි (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 12:00 PM

කවුරුවත් කිසිම තේරුමක් නැතුව අත්අඩංගුවට ගන්නේ නැහැ නේද? ඒ ගැන අපේ බුද්ධි අංශය පරීක්ෂණ කරලා තියෙන්නේ මීට ගොඩක් කලින් (නි)

:       0       0

අමිල Thursday, 09 May 2013 12:06 PM

කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කළාට රාලහාමිලා වගේ අය ගණන් ගන්නේ ඇයිද සුළු දෙයක්. (ස)

:       0       0

ඩී. උපුල් Thursday, 09 May 2013 12:14 PM

මේක ආණ්ඩුව විනෝදයට කරපු වැඩක් කියල මමනම් හිතන්නේ නැහැ.අර කිව්වා වගේ ත්‍රස්තවාදී හොල්මන් මුලිනුපුටා දැමිය යුතුයි.(ස)

:       0       0

නසාර් Thursday, 09 May 2013 04:43 PM

අනේ මගේ බුදු සුවාමිනේ අපේ මෙරටට මොකද මේ උනේ. අපේ දරුවන්ට ජිවත් වීමට රටක් ඉතුරු වේයිද දුප්පත් මිනිසුනේ.(නදී)

:       0       0

ලලිත් Thursday, 09 May 2013 12:25 PM

ඔව් ඉතින් වෙන වැඩකුත් නැහැනේ කට්ටියට ඔහේ ඇවිත් බලල ගියාවේ නැත්නම් කොහොමද ඩොලර්ස් හම්බ වෙන්නේ. (ස)

:       0       0

කුසාරිහාමි Thursday, 09 May 2013 12:28 PM

අසාද් සාලි මහත්තයගේ දුව මොට්ටැක්කිලිය නැතිව ඡායාරූපවලට පෙනී සිටීම ඔහුගේ දේශපාලන දිවියට අයහපත් ලෙස බලපායි. එයාට හිරුනිකා වගේ නෙමෙයි. වැදගත් මුස්ලිම් කාන්තාවක් විදියට ජනමාධ්‍ය ඉදිරියට එන්න කියලා කවුරුහරි සහෝදරයෙක් කියලා දෙන්න.(නදී)

:       0       0

සුභසිංහ Thursday, 09 May 2013 12:29 PM

ප්‍රභාකරන් කරලියට ආවත් ඔහොම තමයි අපි ප්‍රවේසම් වීම ඇඟට ගුණයි. (ස)

:       0       0

බණ්ඩාර කුවේට් Thursday, 09 May 2013 04:55 PM

දෙසපලකයෝ වැරද්දක් කලාම නීතිය හමුවට යන්න ප්‍රථම රෝහලක නතරවීම දැන් මෝසතරයක් වෙලා රටට විරුද්ද වැඩ කරන කාටත් නීතියෙන් සමාවක් නොදිය යුතුයි. (ස)

:       0       0

නයන Thursday, 09 May 2013 12:38 PM

මොවුන් අපේ රට කාල විනාශකරන අය. (ස)

:       0       0

ශාන්ති Thursday, 09 May 2013 12:44 PM

සිංහල අයටනේ මේ සේරම. මානව හිමිකම් කතන්දර පුදුම දෙයක් (නි)

:       0       0

පාර්වතී Thursday, 09 May 2013 05:01 PM

සිංහලයෝ ලංකාවට අවේ ඉන්දියාවේ ඉදන්. කුවෙනිට ලනු දීල රට අල්ලාගත්තේ. දෙමල අයත් අවේ යාපනේට ඉන්දියාවේ ඉදන් ඊට ටික කාලෙකට පස්සේ. මුස්ලිම් අය අවේ හොදටම පහු වෙලා. එක්කෝ මේ රටේ අයිතිය දබානේ අයට තියෙන්න ඕන. (නදී)

:       0       0

කුමාර Thursday, 09 May 2013 12:56 PM

නීතියට ඉඩ දෙන්න, නීතිය සාධාරණයක් කරයි. (ස)

:       0       0

ධර්මපාල-නිව් යෝර්ක් Thursday, 09 May 2013 05:28 PM

මුස්ලිම්, දෙමල, චීන, කොරියා, ඉන්දිඅන්, ජපන් මිනිස්සු කොහේ හිටියත් එකතුවෙලා සමගියෙන් වැඩ කරනවා. (නදී)

:       0       0

උදය Thursday, 09 May 2013 01:08 PM

මානව හිමිකම් ඔක්කොම ඇමෙරිකන් උගුල්. තලේබාන් , අල්කයිඩා, ලිබියන් ත්‍රස්තවාදී, සිරියන් ත්‍රස්තවාදී ඔක්කොම පටන් ගත්තේ ඔය ඇමෙරිකන් කියන අනුන්ගේ දේවල් කඩාගෙන රටක් හදා ගත්තු අයගේ වැඩ නිසා. (නි)

:       0       0

රුවන් Thursday, 09 May 2013 01:15 PM

වෙනරටක මෙවැනි රටට ද්‍රෝහිවන ප්‍රකාශ කළා නම් මෙලහකටත් මොනවා වෙලාද දන්නෙ නැහැ. මෙවැනි අයට උපරිම දඩුවම් දියයුතුයි.බලවතුන් අත්අඩංගුවට ගත්තහම අසනීපවෙන්නේ මොකද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 01:22 PM

උස්සපු එක 'සුදු වැන්' එකකින්ම ඉස්සුවා නම් මේ කරදර නැහැ නේ.?(ස)

:       0       0

සිරිමතී Thursday, 09 May 2013 05:51 PM

දැන්  මේ  එක්  අයකුගේ  මානව  හිමිකම්  වෙනුවෙන්  පෙනී  ඉන්න  අය  කොටි  අහිංසක  මිනිසුන්  දහස්  ගණන්  මරණ  කාලේ  කොහෙද  හිටියේ. සාම  ගිවිසුම්  ගහන්න  ඉඩදිලා  ඒ  වෙනුවෙන්  කැපවුන  සෙබළුන්  අසලටම කොටි   ඇවිදින්  අහිංසක  සෙබළුන්  දහස් ගණන්  මරනකොට නිදා  හිටි  මේ මානව  හිමිකම් අය  දැන්  බොරුවට  ත්‍රස්තවාදී  කතා  කියන  අයව බලන්න  ඇවිදින්. බොරුවට  මානව  හිමිකම්  වෙනුවෙන්  පෙනී  ඉන්න  මෙයාලමද  දන්නේ  නැහැ  මේ  රටේ  ප්‍රශ්න  ඇතිකරන්නේ... (නි)

:       0       0

අල්විස් Thursday, 09 May 2013 01:31 PM

ලංකාවේ නිදහස නැතිවෙලා ද . (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 09 May 2013 06:09 PM

දැන් කොන්ත්‍රාත් එකට කඩේ යන අය තමයි මෙහි අදහස් දාන්නේ. මට හිතෙන්නෙ එහෙමයි තියෙන අදහස් දැක්කහම (නි)‍

:       0       0

නිසාර් Thursday, 09 May 2013 01:35 PM

එතොකට අර චණ්ඩාල සේනාවට මේ පනත අදාළ නැද්ද? (නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 09 May 2013 01:36 PM

හැබැයි එහෙම නම් තව කට්ටිය ගොඩක් අල්ලන්න ඕනෑ. මොකද ඒ ඔක්කොම කතා කරන්නෙ ත්‍රස්තවාදියො වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 137 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1016 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 270 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 164 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


“පක්‍ෂය පාවාදුන් අයට නාමයෝජනා දෙන්නේ නෑ“
2024 සැප්තැම්බර් මස 30 365 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත


මට ගහන්න කවුරුත් එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 30 925 0

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site