ප්‍රතිව්‍යූහගත කිරීමේ පියවරක් ලෙසින් සේවකයන් පිරිසක් ඉවත් කිරීමෙන් තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව බහරේන බැංකුකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
අසාධාරණ ලෙසින් තමන්ව සේවයෙන් ඉවත් කර ඇති බවට බහරේන බැංකුකරුවන්ගේ සංගමයේ හිටපු සේවකයන් පිරිසක් විසින් සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෘත්තිය සමිති ක්‍රියාකාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් බැංකුකරුවන්ගේ සංගමයේ ප්‍රධානි විධායක ආචාර්ය වහීඞ් අල් කසීම් පවසන්නේ තමන් නීතියට පිටින් කිසිවක් නොකළ බවයි.
“අපේ නව උපායමාර්ගවල කොටසක් ලෙසින් මහජන සබඳතා, ඉසව් සහ බහරේන බැංකුකරුවන්ගේ ප්‍රකාශන ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක් වසා දැමුවා” යැයි ඔහු පවසයි.
සිය සංගමයේ නව උපාය මාර්ගවලට ප්‍රතිව්‍යුහගත කිරීමද ඇතුළත් වුවත්, සේවකයන් ඉවත් කිරීම ගැන විමර්ශන සිදුකරන නිලධාරීන් සමග තම සංගමය සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු පවසයි.
“සිය පැමිණිල්ල අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන්න සේවකයන්ට අයිතියක් තියෙනවා. අප ඔවුන් සමගම විවිධ අවස්ථාවලදී සහයෝගයෙන් කටයුතු කරලා තියෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.
බැංකුකරුවන්ගේ සංගමය සිය ප්‍රධාන කාර්යාලය සින්ජ් සිට මනමා නුවර එන්බීබී ටවර් වෙත රැගෙන ගොස් ඇත.
“අපි නව උපාය මාර්ගයන් ක්‍රියාත්මක කරමින් සිටින බව අප ඔප්පු කර පෙන්වා තියෙනවා. ඒ වගේම අපි කර්මාන්ත කටයුතු දෙපාර්තමේන්තුව ලෙසින් නව දෙපාර්තමේන්තුවක් පවා ස්ථාපති කරලා තියෙනවා” යැයි අල කසීම් පවසයි.
සාමාජිකයන් 60 දෙනෙකුගෙන් සමන්විත බහරේන බැංකුකරුවන්ගේ සංගමය දැඩි පීඩනයකට මුහුණ දී සිටින බව අල් කසීම් පිළිගත්තත්, සංගමය මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බවට නැගෙන චෝදනා ඔහු තරයේ ප්‍රතික්ෂේප කරයි.
“කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ... එය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා” ඔහු කියයි.
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සේවකයන් ඉවත් කිරීමේදී කිසිදු වැරැද්දක් සිදුවී නැහැ