IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සේවකයන් 2000 ක් කර්මාන්ත පුරවරයේ ඉෆ්තාර් කූඩාරමේදී උපවාසය අතහරී

Iftar

 

කර්මාන්ත පුරවරයේ අල් අටියාහ් වෙළෙඳපොළේ ඇති මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිට ඉදිකර ඇති ඉෆ්තාර් කූඩාරමට රාමදාන් පළමු දිනයේ දී රැස්වූ අඩු ආදායම් ලබන සේවකයන් 2000 කට වැඩි පිරිසක් අහාරපාන බෙදා හදා ගත්තේය. පමාවී මෙම අවස්ථාවට පැමිණි පිරිසට ද වතුර බෝතලයක්, රට ඉඳි සහ පළතුරු යුෂ පිළිගන්වනු ලැබීය. ජාසිම් සහ හමාඞ් බින් ජාසිම් පුණ්‍ය පදනම විසින් පවත්වනු ලබන මෙම කූඩාරම තුළ දිනකට පුද්ගලයන් 1,800 කට පමණ ඉඩ පහසුකම් සලසා දිය හැකිය.


“ඒක රාමදාන් මාසයේ පළමු දිනය. අපි බොහෝ දෙනෙක් පැමිණෙතැයි බලාපොරොත්තුවෙන් ඒ අනුව තමයි ආහාර සූදානම් කළේ. ඒත් අපි හිතුවාටත් වැඩි පිරිසක් ඊට සහභාගි වුණා” යනුවෙන් පවසන්නේ කූඩාරමේ සංවිධායකයෙකි. 


“කූඩාරම පිරෙන්න සෙනඟ හිටියා. සමහර විට පැමිණි පිරිසට අපහසුවක් දැනෙන්න ඇති. ඉදිරියේ දී අපි වැඩියෙන් ආහාර ගේනවා. කිසිම කෙනෙකුගේ බලාපොරොත්තු සුන් වෙන එකක් නැහැ කියලා මම ඔබලාට සහතික වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් පවසයි.


මෙම කූඩාරමේදී දිනපතාම බත් සහ කුකුළු මස් හෝ එළු මස්වලින් සමන්විත ප්‍රෝටීන් බහුල ආහාර වේලක් ලබාදෙනු ලැබේ. ඊට අමතරව ආහාර සමග පානීය ජලය, රට ඉඳි, පළතුරු යුෂ සහ ලබාන් ද පිරිනමනු ලැබේ.


බොහෝ දෙනෙකු මෙම කූඩාරම වෙත පැමිණෙන්නේ පස්වරු 4 ට අස්ර් යාඥාව අවසන් වීමෙන් පසුවය. ආහාර සිවු දෙනෙකුට අනුභව කළ හැකි සවානක් ලෙසින් ලබාදෙයි.


“අද කූඩාරම තුළ විශාල සෙනඟක් හිටියා. මට යාළුවොත් එක්ක හරිම අපහසුවෙන් තෙරපිලා තමයි ඉන්න වුණේ” යනුවෙන් එක් සේවකයෙක් පවසයි. “ඒත් ආහාර හැම කෙනෙක්ටම ඇති වෙන්න තිබ්බා. ඉතුරු කෑම සේවකයෝ දෙන්නෙක් අරගෙන ගියා. ඒවා සමහර විට සුහූර් වේලාවට කෑමට ගනියි” යැයි ඔහු වැඩිදුරටත් පවසයි. “ඉතිරි වන කෑම සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුණේ නැහැ. මිනිස්සු ඒවා පස්සේ කන්න කියලා තමන් නවාතැන් ගෙන ඉන්න තැන්වලට ගෙන ගියා” “සෙනඟ එන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. රාමදාන් මාසය ආරම්භයත් සමගම හැම අවුරුද්දකම මේක වෙනවා. සාමාන්‍යයෙන් දින කිහිපයකින් සෙනඟ ටික ටික අඩුවෙනවා” යැයි තවත් සේවකයෙක් පවසයි. දිනෙන් දින ඉහළ යන අඩු ආදායම් ලබන සේවකයන්ට ආහාර ලබාදීම සඳහා කර්මාන්ත පුරවරයේ තවත් කූඩාරම් කිහිපයක් ද ඉදිකර ඇත. වීදි අංක 2 සහ අංක 47 යන ස්ථානවල අඩුම තරමින් මෙවැනි කූඩාරම් දෙකක් වත් ඉදිකර ඇති අතර ඒවායේ පුද්ගලයන් දහස් ගණනකට ඉඩ පහසුකම් ඇත.


සමහර පුණ්‍ය සංවිධාන කර්මාන්ත පුරවරයේ සහ කම්කරු නේවාසික ප්‍රදේශවල ජනාකීර්න ස්ථානවලදී ඉෆ්තාර් ආහාර පාර්සල් බෙදා දෙන අතර මෙවැනි එක් කූඩාරමක් සඳහා දිනකට කටාර් රියාල් 50,000 ක් පමණ වැය වන බව දේශීය පුණ්‍ය සංවිධානයක නිලධාරියෙක් පවසයි.



අදහස් (0)

සේවකයන් 2000 ක් කර්මාන්ත පුරවරයේ ඉෆ්තාර් කූඩාරමේදී උපවාසය අතහරී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 227 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 916 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1427 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 345 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1000 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1868 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site