IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සේවකයෝ සමුළුවේ රෝගීහු මහ පාරේ තපිති

(ප්‍රියන්ත ජයලත්)

මහරගම අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකයේ ප්‍රධානියා ඇතුළු චිකිත්සක නිලධාරීන් සියලු දෙනා එම ඒකකය වසා දමා සමුළුවකට සහභාගී වීම හේතුවෙන් එහි පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව අද ආපසු හැරී ගියහ.

නිලධාරීන් සමුළුවට ඇත්තේ අද දින එම ඒකකය වසා ඇති බවට දැන්වීමක් ද ප්‍රදර්ශනය කිරීමෙන්අනතුරුවය.

අපහසුතාවට පත් වූ පිරිස අතර ඈත ප්‍රදේශවල සිට වාහන කුලියට ගෙන නිදිවරා ප්‍රතිකාර ගැනීමට ආ රෝගීහුය.

අහිංසක රෝගීන්ගේ ජීවිත බිල්ලට තබා විකීරණ අංශයේ සියලු දෙනා සමුළුවට සහභාගීවීම ඉතාම පහත් ක්‍රියාවක් බවට රෝගීහු චෝදනා කළහ.

මේ සම්බන්දව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂක විශේෂඤ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අප කල විමසීමකදී මෙසේ පැවසීය.

විකිරණ චිකිත්සක නිලධාරීන්ගේ වාර්ෂික සමුළුවක් නිසා අද (28) දා විකිරණ ප්‍රතිකාර ඒකකය වහලා. වෘතියසමිතිවලින් පවත්වන සමුළුවලට සහභාගී වෙන්න එයාලය අයිතිය තියනවා . නමුත් ඒව‍ට සහභාගී වෙන්න ඕන රාජකාරී කටයුතුවලට බාධා නොවන විදියට . මේ නිලධාරීන් ඒ ක්‍රමවේදය අනුගමනය කරල නැහැ . ඒ නිසා මේ පිළිබඳව මම අමාත්‍යංශයට දැනුම් දීලා සිදුසු පිවරක් ගන්නවා .

 



අදහස් (4)

සේවකයෝ සමුළුවේ රෝගීහු මහ පාරේ තපිති

Ahinsaka Thursday, 29 August 2024 04:20 AM

ඔය සමුලුව රජයේ නිවාඩු දිනවල කරන්න බැරිද බුදුහාමුදුරුවෝ දේශනා කලේ රෝගීන්ට උපස්ථාන කිරීම උන් වහන්සේට උපස්ථාන කිරීමට සමානයි කියලා නේද? ඔය අංශයේ එකම බෞද්ධයෙක්වත් නැද්ද කියලා අහන්න වෙනවා හිටියා නම්... තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රෝගීන් බිල්ලට දේවි කියලා හිතන්න බැහැ. පිළිකාවක් හැදුණු රෝගියෙක් විඳින දුක ඔය සංගමේ සියලු දෙනාටම විඳින්නට ලැබේවා...!

:       0       0

නිමල් Thursday, 29 August 2024 04:48 AM

ඇමැති සමාව ඉල්ලා ෂේප් කරාවි...!

:       0       0

සන්තානා Thursday, 29 August 2024 09:00 AM

අපිත් එහෙම තමයි. වාර්ෂික සම්මේලනයට යනකොට රාජකාරි නිවාඩු දාලා ඒකකය වහලා යනවා. ඒක අවුරුද්දකට වතාවක් සිද්ධවෙනවා.

:       22       1

රංබොඩ Thursday, 29 August 2024 10:36 AM

වෙන තැන් වගේ නෙවෙයි. මෙතන මිනිසුන්ගේ ජීවිත අවදානමේ තියෙන තැනක්. වෘත්තිය සමිති අටමඟලවල් වලින් කරන තරමක් කරන්නෙ හානි නේ. මේවට ඉතින් කිසිම දඬුවමක් නෑ

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 0 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 86 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 163 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 426 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 484 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3477 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23091 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22908 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site