IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සවුත්ලන්ඩ්ස් හිටපු ලොක්කීගෙන් තව ලෙඩක්

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට තෝරා පත් කර ගත් බව විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්නගේ ලිඛිත දැනුම්දීම මත  පාසලට පැමිණි සිසුවියන් 50 දෙනකු අතුරෙන් හතර දෙනකු පමණක් බාර ගෙන ඉතිරි පිරිස ඇය විසින්ම නැවත හරවා යවනු ලැබ ඇතැයි දෙමාපියෝ පිරිසක් චෝදනා කරති.

දරුවා පාසලට තෝරාගෙන ඇතැයි දැනුම් දුන් නිසා පෙර සිටි පාසලෙන් ඉවත් කරගෙන ළමයා රැගෙන ආ බව දෙමාපියෝ පවසති.

2016 මාර්තු 23 වැනි දාතමින් යුතු ලිපියක් යවමින් විදුහල්පතිනිය දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ගේ දරුවන් පාසලේ පළමු ශ්‍රේණියට තෝරා ගැනීමට තීරණය කර ඇති බවයි.  පාසල් නිල ඇඳුමෙන් දියණිය පාසලට එවන ලෙස ඇය දන්වා ඇත.

ඒ අනුව ගිය පසු විදුහල්පතිනිය එවන ලද ලිපිය නැවත ගෙන ළමයින් ගැනීමට නොහැකි බව දන්වා ආපසු හරවා යවා ඇත.

විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්න කීවේ තමාට මාරුවක් ලැබී ඇති නිසා ළමයින් ඇතුළු කිරීමට අමාත්‍යංශයෙන් අවසර ලබා ගත යුතු බවයි. මෙම ලිපිය යැව්වේ ස්ථාන මාරු කිරීමට පෙර බව ද ඇය කියන්නීය.

ඇය එසේ කීවද ඇය ස්ථාන මාරු කරනු ලැබූවේ මාර්තු 17 වැනි දා වන අතර ඇය ලියුම යවා ඇත්තේ මාර්තු 23 වැනිදාය.

මෙම විදුහලේ වැඩ බාර ගැනීමට පැමිණි නව විදුහල්පතිනි සන්ද්‍යානි පතිරවසම් මහත්මියට වැඩ බාර දීම ශාන්තිනී සෙනවිරත්න ප්‍රතික්ෂේප කළාය.



අදහස් (0)

සවුත්ලන්ඩ්ස් හිටපු ලොක්කීගෙන් තව ලෙඩක්

සුරන්ජිත් Friday, 01 April 2016 02:01 AM

අගමැතිතුමනි, පාසල් වල තිබෙන ආදිශිෂ්‍ය කමිටු අහෝසි කරන්න. ඔවුන්ට පාසල්වල පාලනයට සම්බන්ධවීමට තිබෙන නෛතික රාමුව ඉවත්කරන්න. පාසල් පවත්වාගෙන යාමට ඔවුන් බලපෑම් කරන අතර ඇතැම් ස්ථාන වල ඔවුන් දුෂිත විදුහල්පතුවරු හා එක්වී ජාවාරම් කරන බව අද කවුරුත් දන්නා දෙයක් (නි)

:       0       0

අතුල Thursday, 31 March 2016 02:29 PM

අධ්‍යාපන ඇමැති නිදිද?(කෞ)

:       0       0

සරත් Friday, 01 April 2016 02:17 AM

විදුහල්පතිකමකට නුසුදුසු යැයි හැඟෙන මෙම තැනැත්තිය වහාම මෙතැනින් ඉවත් කළයුතුයි. එය කිරීමට බලධාරීන්ට නොහැකිද? (නි)

:       0       0

ශෂික Thursday, 31 March 2016 02:33 PM

පුදුමාකාර බලලෝභයක් තියෙන කෙනෙක්.ගුරුකමට නෙවි සිකුරිටි කමටවත් සුදුසු කෙනෙක් නෙවි.මොනතරම් ලාභදායී රස්සාවක් වෙන්න ඇතිද......?(කෞ)

:       0       0

ජිනදාස Thursday, 31 March 2016 02:48 PM

මෙයාව ගෙදර අරින්න කාලය ඇවිල්ල තියෙනවා (බ)

:       0       0

සෑම් Friday, 01 April 2016 03:02 AM

මෙයාගේ චන්ඩිකම පෙනේද? පව් පොඩි පැටවු (හේ)

:       0       0

දිවානි Friday, 01 April 2016 08:28 AM

තාමත් අපිට උතරයක් දුන්න නැහැ. (ම)

:       0       0

හිමාෂ් Friday, 01 April 2016 08:34 AM

මෙය ගාල්ලේ පාසල් බොහොමයක තියෙන ප්‍රශ්නයක්.(හේ)

:       0       0

තමරා Friday, 01 April 2016 03:44 AM

සුරන්ජිත් හරියටම හරි (බ)

:       0       0

ජයන්ත Thursday, 31 March 2016 03:58 PM

මේ හැමදේකින්ම පෙනෙන්නේ හිටපු විදුහල්පතිනිය, තනතුර දරපු කාලයේ මොනතරම් මුදලක්, ලාභයක් උපයන්න ඇද්ද කියා නේද? (නි)

:       0       0

සවනාත් Thursday, 31 March 2016 04:35 PM

මේකට මගේ දරුවාටත් මුහුණදෙන්න වුණා. අපිත් එක්ක ආ ගොඩක් ළමයි ගිය පාසල් වලින් අයින් කරගෙන ඇවිල්ලා තිබු‍ණේ. අපිට විදුහල්පතිනිය ලියුමේ කියලා තිබුණේ දරුවා පාසලට ලියාපදිංචි කරන්න එන්න කියලා. මේකෙන් අපට වුණේ අපේ දරුවන්ට ගිය පාසලත් නැතිවුණ එක. ඊළඟ දවසේ ලියාපදිංචි කරනවා කිවුවා. කෝල් කරනවා කිවුවා. තාම නැහැ. පුළුවන් අයෙක් ඉන්නවා නම් විසඳා දෙන්න. (නි)

:       0       0

උපාලි Thursday, 31 March 2016 04:50 PM

මේ වැනි මානසික රෝග වලට ප්‍රථිකාර ලබාදෙන්න තරම් කෙනෙක් නැති හැටි? අනේ අපේ රාජ්‍ය සේවය! (නි)

:       0       0

සහන් Thursday, 31 March 2016 05:19 PM

අපේ හිටපු රජතුමාගේ කවුරුහරි වගේ. එළෙව්වත් යන්නෙම නැහැනේ! (නි)

:       0       0

කුමාර Friday, 01 April 2016 05:27 AM

ඇයි මේ සිද්ධියට අධ්‍යාපන ඇමැතිගේ සද්දයක්වත් නැත්තේ.(හේ)

:       0       0

වසන්ත Friday, 01 April 2016 05:28 AM

අධ්‍යාපන ඇමතිගේ කශේරුකාවේ තරම තමයි මේ, රටට ප්‍රදර්ශනය වෙන්නේ. (හේ)

:       0       0

අනුර සේරසින්හේ Friday, 01 April 2016 05:38 AM

අපි එකම පරපුරක උනත් කිසිදාක නෑදෑයෝ නොවෙති මේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ නිලදාරීන් සහ ඇමතින්. (ර)

:       0       0

ඇන්ටන් Thursday, 31 March 2016 05:32 PM

ඇයි මේ වගේ අයට නටන්න දීලා අධ්‍යාපන ලොක්කෝ බකන්නිලාගෙන ඉන්නේ? මහින්ද හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

පෙරේරා Thursday, 31 March 2016 05:37 PM

මෙයාලගේ කෙරුවාවල් ගැන ගාල්ලේ දන්නෝ දනිති. මම නම් කියන්නේ මෙවැනි අය පාසලක ගුරු මණ්ඩලයේවත් නොසිටිය යුතුයි කියායි (නි)

:       0       0

සිල්වා බර්ලින් Friday, 01 April 2016 10:29 AM

අධ්‍යාපන අමාත්‍යංශය ගැන කතා කිරීමෙන් පලක් නැත .මෙහෙම විකාර තිබෙන්නේ ලංකාවේ පමණි (බ)

:       0       0

ඇන්ජලා Friday, 01 April 2016 10:35 AM

ඔව් මගේ දරුවට ඉන්ටවිව් එකේදිම අසාධාරනයක් වුණා. එත් මට සතුටුයි මගේ දරුවා මේ පාසලට නොතේරුණු එකට. කොහොමත් ඔය පාසලේ ඉන්න ළමයි (හැමෝම නෙවෙයි නමුත් බහුතරය) හරිම අාත්මාර්ථකාමි. එකාට එකා නැ. ඉගෙනීම විතරක් මදි. හොඳ ගතිගුණ හොද පුරුදු තියෙන්න ඕන. හොදට ඉගෙනගන්න ඕන තමයි . ගුණගරුක ළමයි වෙන්නත් ඕන. විශේෂයෙන්ම ගෑනු ළමයන්ට ඒ දේ ගොඩක් වැදගත්. ඇත්තටම මේ ප්‍රින්සිපල්ගේ පෞද්ගලික ජීවිතය අපිට අදාළ නැ. එ්ත් මෙයාගේ කට නම් හරි නැ ....බල තණ්හාව උතුරලා යනවා. (බ)

:       0       0

විශ්ව Friday, 01 April 2016 06:08 AM

බලධාරින්ට මේ ගැන පෙන්නේ නැද්ද?(හේ)

:       0       0

පුෂ්ප Thursday, 31 March 2016 07:18 PM

මේක පුදුම වැඩක්නේ? රජයේ පාසලුත් දැන් අම්මා අප්පගෙ බුදලේ බවට පත්වෙලාද? රජයේ සේවකයෝ යන්න කියන තැනකට යන්න ඕනෑ කියලයි මම අහලා තියෙන්නේ. (නි)

:       0       0

ලලිත් Thursday, 31 March 2016 07:29 PM

අර විධායක බලතල පාවිච්චි කරලා ළමා පරපුරේත් ජාතියේත් අනාගතයට විනකරන මේ වගේ කට්ටියව හිරේට දැම්මා නම් කවුරුවත් ඔය විධායක බලතල කප්පාදුකරන්න කියන එකක් නැහැ. (නි)

:       0       0

මහින්ද Thursday, 31 March 2016 07:42 PM

අනේ මන්දා! තමන් කොහොම පාරේ බැහැල යන්නද කියලාවත් මෙහෙම අයට හිතෙන්නේ නැති හැටි? (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 31 March 2016 08:43 PM

අර ඉස්සර උතුරු නැගෙනහිර තිබුන මුදානොගත් ප්‍රදේශ වගේ රජයේ පාලනයෙන් තොර ප්‍රදේශයක් වගේ තමා දැන් මේ සවුත්ලන්ඩ් එක (නි)

:       0       0

නුවන් Thursday, 31 March 2016 08:56 PM

බොරුවට අපේ ලේ කෝපනොකර නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බදු ගෙවන්නේ බලධාරීන්ට නීතිය හරියට ක්‍රියාත්මක කරන්නයි (නි)

:       0       0

පෙඩ්රික් Thursday, 31 March 2016 09:41 PM

හරියට විශ්ව විද්‍යාල පරිපාලනය වගේනේ (නි)

:       0       0

මාගෙදර ගමගේ Thursday, 31 March 2016 09:48 PM

මේ ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යාංශය වහාම විසඳුමක් දියයුතුය. (නි)

:       0       0

සුමුදු Thursday, 31 March 2016 10:28 PM

ලංකාවේ ඉන්න මිනිසුන්ගේ පිරිහීම තමයි. ඕක ජාන වල තියෙන වරදක්.මම ඉන්න රට ඒ අතින් ශිෂ්ටසම්පන්නයි. ලංකාව හරියට සත්තු වත්තක් වගේ. (නි)

:       0       0

කසුන් Thursday, 31 March 2016 10:46 PM

නොදරුවන්ට මොනතරම් දුකක් හිතෙන්න ඇද්ද පාසැලට විත් බාර නොගත්තහම. කොහොම මෙතෙක් කල් පාසල් වල වැඩ කළාද දන්නේ නැහැ. විදුහල්පතිනියක් වුණාම මොනතරම් දරුවන්ගේ මොළොක් හිත් ගැන දැනගෙන වැඩ කරන්න ඕනෑද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 31 March 2016 10:47 PM

අධ්‍යාපන ඇමැතිටත් වඩා ලොකුයිද මෙයා? නීතියක් දන්නෙ නැද්ද? දරුවන්ගෙ මානසිත තත්වය ගැන දන්නෙ නැද්ද? (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 31 March 2016 11:03 PM

මේ ලොකු පාසල් වල සිදුවන මුදල් ගැවසීමේ ජාවාරම නතර කළයුතුව ඇත. ආදි ශිෂ්‍ය සංගම් පිහිටුවා දෙගොල්ලෝ හොඳ ජාවාරමක් කරන්නේ. ඉතින් දාලා යන්න ලෝබයි (නි)

:       0       0

රාධා Thursday, 31 March 2016 11:39 PM

ගුරු වෘත්තියේ ගෞරවය රැකගැනීමට නම් සුදුසුකම් නැති අයට තනතුරු නොදිය යුතුය (නි)

:       0       0

සමන් Friday, 01 April 2016 01:20 PM

මේ අය මේ නටන්නේ තනිකරම පහුගිය රජය කාලේ කාපු දේවල් දාලා යන්න බැරි නිසා. (නි)

:       0       0

යසස් Friday, 01 April 2016 12:28 AM

ශශික කියන දේ හරි. මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

භද්‍රානි Thursday, 31 March 2016 01:56 PM

විදුහල්පතිනියගේ තියන දුෂ්ඨ කමට දැන් කුඩා දරුවන්ගෙනුත් පළි ගන්නයි හදන්නේ. තමන්ගෙයි, ගුරු වෘතියෙයි, තත්වේ තියාගෙන ඔතනින් එලියට බැස්සා නම් නේද හොඳ?(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 26 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 655 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1538 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3443 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1806 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 691 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site