ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා තිලංග සුමතිපාල පර්ශ්වය මෙන්ම උපාලි ධර්මදාස පර්ශ්වයද මේ දිනවල ලහි ලහියේ තම තමන්ගේ කණ්ඩායම් සකස් කරමින් සිටිති. කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම ඉහළ විශ්වාසයක් දිනාගත් පුද්ගලයන් රැසක් අදාළ තනතුරු බාර ගැනීම සම්න්ධයෙන් සිය කැමැත්ත ප‍්‍රකාශ කිරීමට ඊයේ සවස් වන තුරුත් ඉදිරිපත් නොවීම නිසා දෙපාර්ශ්වයේම නිලධාරි ලයිස්තු සම්බන්ධයෙන් ඊයේ සවස් වන තුරුත් අවසන් තීරණයකට එළඹ නොතිබිණ. දෙපාර්ශ්වයේම සාමාජිකයන් විසින් ඉහළ තනතුරු සඳහා පත්කරගනු ලැබීමට බලාපොරොත්තු වන ආනා පුංචිහේවා, අසංග සෙනෙවිරත්න, කේ. මතිවානන් සහ නිමල් පෙරේරා යන මහත්වරුන් ඊයේ සවස් වන තුරුත් සිය අපේක්‍ෂකත්වය ස්ථිර කර නොතිබිණ. ඊට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ඔවුන් සිවු දෙනාම ඡන්දයකට පිවිසෙමින් සිය හිත මිතුරන් අමනාප කර ගැනීමට අකමැති වීමයි. මෙම තත්ත්වයට ප‍්‍රධාන තම හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය විවෘත නිලවරණයක් වීමත් එහිදී ඡන්දය ප‍්‍රකාශ කෙරෙන්නේ එක් එක් අපේක්‍ෂකයා සඳහා අත් එසවීමෙන් වීමත් නිසාය. එම තත්ත්වය අනුව කිසියම් කී‍්‍රඩා සමාජයක් හෝ පුද්ගලයකු විසින් ඡන්දය ප‍්‍රකාශ කරනු ලබන්නේ කිනම් අපේක්‍ෂකයාටද යන්න එළිපිටම ප‍්‍රදර්ශනය වීමත් ඒ මගින් හිත මිතුරන් අමනාප වීමත් වැළැක්විය නොහැක. මේ කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින්, දෙපාර්ශ්වයම එකම පෙරමුණකට ගෙන ඒම සඳහා ආනා පුංචිහේවා මහතා ඇතුළු කිහිප දෙනෙක් දැඩි උත්සාහයක නිරතව සිටිති. ඔවුන්ගේ ප‍්‍රධාන තර්කය වන්නේ වසර අටකට පසුව, අතුරු කමිටු රකුසාගෙන් මිදී, කී‍්‍රඩා සමාජ නියෝජිතයන්ගේ ඡන්දයෙන් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පත්කරගැනීමට ලැබුණු අවස්ථාව අපතේ නොහැරිය යුතු බවත්, මෙලෙස ඡන්ද ව්‍යාපාර කිරීමට යාමෙන් ශී‍්‍ර ලංකාවේම කි‍්‍රකට් කී‍්‍රඩාව දෙපිල බෙදී වෛරක්කාරයන් වන බවත්ය. මේ අතර සහකාර භාණ්ඩාගාරික තනතුර සඳහා නිහාල් ලෙව්කේ මහතා ඊයේ සිය නාමයෝජනා පත‍්‍රය බාර දුන්නේය. ටෙරින්ටන් චතුරස‍්‍රය අසළ, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලලේ පිහිටි කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂජනාරාල්වරියගේ කාර්යාලයේදී ලෙව්කේ මහතා සිය නාමයෝජනාව බාර දුන්නේ ස්වාධීන අපේක්‍ෂකයකු වශයෙනි. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණයක් පැවැත්විය යුතු දිනය නිවේදනය කිරීමෙන් පසුව උපාලි ධර්මදාස පාර්ශ්වයේ සාමජිකයකුව සිටින ලෙව්කේ මහතා මත ගැටුමක් හේතුවෙන් අවසන් මොහොතේදී උපාලි පාර්ශ්වයෙන් ඉවත් වී තිබේ. වසර 2009 සිට පසුගිය ලෝක කුසලාන තරගාවලිය දක්වාම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ නිශාන්ත රණතුංග මහතාගෙන් කළ විසීමකදී ඔහු පවසා සිටියේ තමන්ද අනිවාර්යයෙන්ම ස්වාධීන අපේක්‍ෂකයකු වශයෙන් කි‍්‍රකට් ආයතනයේ ලේකම් තනතුර සඳහා තරග කරන බවයි. නාමයෝජනා සම්බන්ධයෙන් ඊයේ සවස කළ විමසීමකදී කී‍්‍රඩා අධක්‍ෂ ජනරාල්, රංජනී ජයකොඩි මහත්මිය පවසා සිටියේ ඊයේ වන විටත් විවිධ තනතුරු සඳහා තිදෙනකු නාමයෝජනා බාරදී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් මේ මස 19 වැනිදා අවසන් නිවේදනය නිකුත් කරන බවත්ය.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිවුදෙනෙක් තවමත් දෙගිඩියාවෙන් !