IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සිව්දෙනෙක් පෝරකයෙන් බේරෙති

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට හෙරොයින් අඩංගු පාර්සලය ගෙන ගොස් බාරදී ඇතැයි කීවත් එලෙස එම හෙරොයින් අඩංගු පාර්සලය ගෙන ගොස් බාරදුන් අයෙකුගේ නමක් හෙළිදරව් නොවීම නිසා හෙරොයින් ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි සිව් දෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

පොලිස් මත්ද්‍රවය නාශක කාර්යංශයේ නිලධාරියකු මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ භාණ්ඩ භාරකරුවකුට මෙම හෙරොයින් පාර්සලය බාර දී ඇතත් භාණ්ඩ බාර ගත් කෙනකු නැති හෙයින් විත්තියේ මාලිගාවත්තේ දූවගේ රොහාන් හෙවත් මංජුල, කැලූම් ප‍්‍රියන්ත රත්නායක, හර්ෂණ සුරංග මාගෙදර සහ ප‍්‍රියංගනී පෙරේරා හෙවත් ශ්‍යාමලි  නිදහස් කරනු ලැබූහ.

2000 අපේ‍්‍රල් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග‍්‍රෑම් 12.24ක් ලඟ තබා ගන්නා ලදැයි නීතීපතිවරයා  විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

විත්තිකරුවන් සමඟම හෙරොයින් ග‍්‍රෑම් 17ක් අඩංගු පැකට් 23ක්ද හෙරොයින් පැකට් කිරීම ස`දහා වීදුරුවක් මත දමා තිබු හෙරොයින් ග‍්‍රෑම් 12ක්ද බ්ලේඞ් තල, ඊයම් කොළ පැකට් තොගයක්ද උසාවියට ඉදිරිපත් කළ බව පොලිසිය උසාවියේදී කීවේය.

මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ බාරකරු ලෙස 2000 අපේ‍්‍රල් මාසයේදී කටයුතු කළ අයි. අනුෂිකා මහත්මිය විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේ නඩු භාණ්ඩ 2000.04.23 වැනිදා තමන් බාර ගෙන නොමැති බවයි. 2001.05.21 වැනිදා එම භාණ්ඩ බාරගත් අය කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් ඇය කීවාය.

ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 2 ක් ළඟ තබාගැනීම සඳහා මෙරට නීතිය අනුව උපරිම දඬුවම මරණ දඬුවම වන අතර අවම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීම වේ.

                        



අදහස් (0)

සිව්දෙනෙක් පෝරකයෙන් බේරෙති

සුමිත්‍රා Sunday, 20 December 2015 02:26 PM

නියම වැරැදිකරුවන්ට දඩුවම් දෙන්න.(හේ)

:       0       0

චාමර Sunday, 20 December 2015 08:04 AM

වසර 15 කට පෙර වෙච්ච සිද්දියකට දැනුයි තීන්දු දෙන්නේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 854 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1040 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 206 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5055 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1625 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31122 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site