(ගයාන් සූරිය ආරච්චි )
සංවිධානාත්මක අපරාධකරුවකු වන රන්කැටියා නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙක්, හිටපු යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනෙක් අත්විලංගු යුගලක්, ව්‍යාජ ගිනි අවියක්, හමුදා සහ පොලිස් නිල ඇඳුම් සහ ඇත්දලළ යුගලක් සමග ඊයේ (1) අත්අඩංගුවට ගත් බව මහාබාගේ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 29 ත් 39 ත් අතර වයස්වල පසුවන සිව් දෙනෙකි.
මහා භාගේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඇලපිටිවල, මඟුල් පොකුණ, හොරපේ යන ප්‍රදේශවල වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී යුද හමුදා ක්‍රීඩා ටී ෂර්ට් එකක්, කැමා ටී ෂර්ට් 2 ක්, යුද හමුදා නිල ඇඳුම් දෙකක්, ඉණ පටියක්, පුවස් එකක්, ව්‍යාජ පිස්තෝලයක්, අඟල් 32 ක ඇත්දල යුගලක්, පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් තුනක්, පොලිස් ගමන් කථනයක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සහ මිළිග්‍රෑම් 700ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
2024 උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සෙනලි චමත්කා රණසිංහ සිසුවියත් ගණිත අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ග
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවට