IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ස්වාධීන අධිකරණයට පාර පෙන්නයි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගතවී ඇති බැවින් ස්වාධීන අධිකරණයක් ඇති කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී නව ව්‍යවස්ථාව යටතේ එම ධුරවලට සුදුදු පුද්ගලයන් පත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්නැයි පුරවැසි බලය සංවිධානය ඉල්ලයි.

නව පත්කිරීම්වලදී දැනට සිටින විනිසුරුවරුන් අතුරෙන් සුදුසුකම් ඇති විනිසුරුන් හා අවශ්‍ය නම් පිටතින් සුදුසු පුද්ගලයන් පත් කරන ලෙස එම සංවිධානය රජයට කියයි.

පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින් සහ කේ ඩබ්ලිව් ජනරංජන මහත්වරු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරති.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අධිකරණයේ ස්වාධීනත්වය හා සුපිළිපන් භාවය සම්බන්ධයෙන් රටේ පරමාධිපත්‍යය හිමි මහජනතාව අතර  හටගත් සැක සංකා ඉවත් කොට ස්වාධීන හා සුපිළිපන් අධිකරණ පද්ධතියක් රටේ ස්ථාපති කළ යුතු බව ද ඔවුහු පවසති.



අදහස් (0)

ස්වාධීන අධිකරණයට පාර පෙන්නයි

නුවන් Monday, 18 May 2015 10:15 AM

නියමෙට තියේවි එහෙම වුනොත්, අන්තිමට දේශපාලන ගැත්තන්ට ඕනේ විදියට අධිකරණ කටයුතු මෙහෙවන්න හෙන්චයියෝ ටිකක් දාගන්න නියම පාර, දවසකට හරි අධිකරණය අරාජික වුනොත් මොනවා වේවිද කියල මේ රැලට කව්රු හරි තේරුම් කරලා දෙන්න (බ)

:       0       0

දහම් Monday, 18 May 2015 10:25 AM

ඔය දැන්මම පේනවා නේද රනිල්ගේ කතාව. එයට ඕනේ තීන්දු ගන්න එහෙනම් පත් කරන්නේ, වැලි අමුණ, උපුල් ජයසූරිය, අර වික්‍රමසිංහ නෝනා, වන්නිනායක, වගේ අය තමයි (බ)

:       0       0

අචිනි Monday, 18 May 2015 10:26 AM

එතකොට නුවන් මහත්තය ඒ කාලේ අධිකරණයට ඔබ කියන දේවල් වෙලා තිබ්බෙම නැද්ද? මම දන්නැති නිසයි අහන්නේ (බ)

:       0       0

ඉන්දික Monday, 18 May 2015 11:46 AM

නුවන්, ඔය ඊට ඉස්සල්ලම නීතිය හරියට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. රවී නිදහස් !!!!! (බ)

:       0       0

රිකී Monday, 18 May 2015 11:46 AM

ධර්මසිරිලා, ස්ටාලින්ලා, රත්නප්‍රියලා වැඩ කළේ කාටද කියල දන්නවනේ? දැන් ඕනේ ඔය වැඩේ කරලා අධිකරණය තමන්ට ඕන විදියට හරිගස්ස ගන්න. (බ)

:       0       0

දිනේෂ් කළුආරච්චි Monday, 18 May 2015 11:54 AM

දහම් ඔබ හරි ,මේ සැමට උවමනා වී තිබෙන්නේ ඔවුන් සිතන පරිදි රටේ හැම පරිපාලනය,අධිකරණය ක්‍රියාකළ යුතුබවයි.මේක මහා විහිළුවක් ඉහල අධිකරණයේ පත්වීමට අඩුතරමින් වසර 25කට අධික කාලයක් වත් පහල උසාවිවල හෝ රජයේ නීතීඥය යෙකු ලෙස කටයුතුකළ යුතුයි. එවැනි අවශ්‍යතාවයක් නැති අය මේ තනතුරුවලට පත්වුවොත් මහජන තාව අධිකරණය තුල පවතින විශ්වාශය පලුදු වෙනවා.1970 පත්වූ රජයන් කරන ලද පසුව කරන ලද ඇතැම් විනිසුරු පත්වීම් ඉතා සෝචනීයබව කිව යුතුයි.විශේෂයෙන්ම ජේ.ආර්.ජයවර්ධන මහතාගෙන්,චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ ජනපති වරුන් කරන ලද සමහර පත්වීම් අපට අනුමත කරන්න බැහැ.කවුරු උපදෙස් දී හෝ නුසුදුසන් මේ තනතුරු වලට පත්කර තිබුනා.කවුරු පත් උනත් අධිකරණයේ ස්වාධිනත්වයපලුදු නොවෙන සේ ඔවුන් කටයුතු කල නම් ඔවුන්ට අපේ ගවුරවය හිමිකර දිය යුතුයි.රටේ පාලනය කරන හා විරුද්ධ පක්ෂයේත් වැඩි දෙනෙකු නීතීඥ වරයන් විදියට සිටියත් මෙතෙක් ඉහල අධිකරණයකවැඩකළ අය ඉන්නේ දෙතුන් දෙනෙක් වීම ඉතා සොච්නීය කරුණක්.මේ අඩුව පසුගිය අගවිනිසුරුවරියට එරෙහි කල කටයුතු වලදී පැහැදිලිවම කපී පෙනුණු කරුණක් උනා.දැනට රජයට ආවඩන දේශපාලන වේදිකාවතමන්ගේ බඩ වියත කරගත් පුත්ගලික අරමුණු ඉටුකර ගැනීමට පෙනී සිටිනා නීතීඥය ටිකදෙනෙකු රාජ්‍ය වෙනුවෙන් කඩේ යමින් ඔවුන් ගේ අරමුණු ඉටු කරගන්න අයුරු අපට ඈතින් බලන විට වටේ කැරකෙමින් ලොකු කුට්ටි කඩ ගෙන ඉන්න මාන බන සැටි මැවී පේනවා.අගමැති තුමා තම අධිකරණය පිළිබඳ කරන ප්‍රකාශයන් වගකීමෙන් කලයුතු වෙනවා.මේවා දිහා ජනතාව බුධිමත්ව බලා සිටිනා බව ඔවුන් මතක් කර ගත්තොත් අගෙයි.ශ්‍රී ලාංකිකයන් මෝඩ නැහැ.(බ) දිනේෂ් කළුආරච්චි පේනවා. වලදීථ්

:       0       0

රොහාන් සෞදි Monday, 18 May 2015 01:01 PM

පසුගිය රජය සමයේ නිතිය වල්වැදිලා තියනකොට මේ වීරයෝ වගේ කමෙන්ට් දන මේ උගත කට්ටිය කොහෙද දන්නා හිටියේ.(කේ)

:       0       0

නුවන් Monday, 18 May 2015 02:50 PM

ඉන්දික,පැමිණිලි කරු සහ විත්තිකරු එක්කෙනක් උනාම ඕකතමා වෙන්නේ (කේ)

:       0       0

නුවන් Monday, 18 May 2015 04:34 PM

අචිනි , ඒකනේ කලින් ආණ්ඩුව ගෙදර යවලා අලුත් එකක් පත්කර ගත්තේ. ඉතින් ඒ අයත් ඕකම කරනවා නම් කාගේත් මහන්සිය වතුරෙනේ (නි)

:       0       0

දුමින්ද Monday, 18 May 2015 10:14 AM

ට්‍රෝජන් අශ්වයෝ කතා කරාවී (බ)

:       0       0

රසල් හේමන්ත Monday, 18 May 2015 10:15 AM

ජොසප් ස්ටාලින්, ජනරංජන මාර අයනේ මෙහෙම කියන්නේ එහෙම හොඳයින්ම් හොඳයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 113 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1045 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 205 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 907 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3615 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2287 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site