IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ස්වාධීන අධිකරණය රැකගැනීමට අපි කැපවෙනවා

(නිමල කොඩිතුවක්කු)


දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් විකෘති පළිගැනීමේ චේතනාවක් සමාජයට පෙන්නුම් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.


ස්වාධීන අධිකරණය ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩනොදී එය රැකගැනීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කැප වෙන බවද ජයසූරිය මහතා සඳහන් කළේය.


දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ සාකච්ඡා සභාවකට කොළඹ ජානකී හෝටලයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා මෙසේද කීවේය.


"ජාතික යුතුකමක් වශයෙන් මෙම සාකච්ඡා සභාව අප සංවිධානය කළේ ලෝකයේ කිසිම රටක නොවුණු ආකාරයට උත්තරීතර අධිකරණයට හානිවන ආකාරයට නිකුත් කර ඇති දේශපාලන පලිගැනීම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ගැන රට දැණුවත් විය යුතු  නිසයි.
අද මෙම සම්මන්ත්‍රණයට අධිකරණ ක්ෂේත්‍රයේ වියතුන් ඇතුළු සමාජයේ ප්‍රභු පුද්ගලයින් පැමිණ සිටීම අධිකරණය රැකගැනීමට රටට ලැබෙන ශක්තියක්.


මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමේදී අප යම් පුද්ගලයින් ආරක්ෂා කිරීමට හෝ ජනාධිපතිවරයා හෝ රජය අපහසුතාවයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.
මෙම වාර්තාව නොනිල වශයෙන් පිට වුණාට පසුව ඒ ගැන විශාල ආන්දෝලනයක් දේශීයව හා විදේශියව ඇති වුණා. සමහරුන්ට මෙය තේරුම් ගැනීමට අපහසු වුණා.


බොහෝ දෙනෙකු එය දුටුවේ රජයේ පලිගනීමේ උත්සාහයක් ලෙසින්. මේ ගැන ලෝකයේ විද්වතුන්ගේ මතය වූයේ මෙම කොමිසම පත්කිරීම නීතිවිරෝධී මෙන්ම එම නිර්දේශ සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධී බවයි. ස්වාධීන අධිකරණ පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවලට ප්‍රවිණ නීතිවේදීන් මෙය සමච්චලයට ද ලක් කළ අවස්ථා අප අසා තිබෙනවා.


පසුගිය රජය දූෂණ විරෝධී ක්‍රියාදාමය ආරම්භ කළේ එකළ ජනපති, අගමැති, ඇතුළු කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව. ඒ සඳහා නිලධාරීන් පත් කළේ නීත්‍යානුකූලව. එමෙන්ම නඩු ගොණු කළේ එකල සිටි නීතිපතිවරයාගේ නිර්දේශ අනුව.
එසේනම්, තෝරාගත් හිටපු මැති ඇමතිකම් දැරූ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුනට හා නිලධාරීන්ට චෝදනා එල්ල කිරීමටත්, හිටපු නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම වෙනුවෙන් අදාල පොලිස් හා නීති නිලධාරීන්ට නඩු පැවරීම තුළ සමාජය දකින්නේ විකෘති පළිගැනීමේ චේතනාවක්.


අපට පේන ආකාරයට සමාජයේ දැඩි විරෝධයක් මෙම කොම්සම් වාර්තාව ගැන ඇතිවෙමින් තිබෙනවා. මහා සංඝරත්නය, අනෙක් ආගමික නායකයින් මෙන්ම සමාජයේ විවිධ පුද්ගලයින් ඉදිරියේ දී මෙම වාර්තාවට එදිරිව ක්‍රියා කරනු ලබන වාර්තා අප දුටුවා.


රටට ආදරය කරන, යුක්තිය සාධාරණය රජයන ස්වාධීන අධිකරණය බලපැවැත්වෙන රටක මිහිදන් වීමට පතන සෑම කෙනෙකුගේම විරෝධය ඉදිරියේදී දකින්නට පුළුවන් වේවි.
මේ සියල්ලන්ටම වඩා දැනට අප මව්බිමට එරෙහිව විවිධ චෝදනා නැගෙමින් තිබේ. අන්තර්ජාතික ප්‍රජාවගේ ද විවිධ කරුණු වෙනුවෙන් විරෝධය ගොඩ නැගී ඇත.


බුද්ධිමත්ව ඉවසීමෙන් ක්‍රියා නොකළහොත්, රට ඉතා විශාල අගාධයකට පත්විය හැක. මෙම අභියෝග මැද තවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගතහොත්, එයින් පීඩා විඳින්නේ දැනටමත් අසරණව සිටින අපගේ අහිංසක ජනතාව බව රජයට නොවැටහීම ගැන අප පුදුම වෙමු.


සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මෙතෙක් ජනතාව විශාල කැපවීමකින් රැකගත් ස්වාධීන අධිකරණය මහා ව්‍යසනයකට ගොදුරු වීමට ඉඩනොදී එය රැකගැනීමට ඇස් කන් නාසා වසාගෙන නොසිට රට වෙනුවෙන් කැප වෙන බව මේ අවස්ථාවේ සඳහන් කරමි.


ශ්‍රීමත් අයිසැක් නිව්ටන් කිවු පරිදි උඩ යන සෑම දෙයක්ම පහළට වැටෙන සංකල්පය මතක් කර දෙන්නේ අතීතයේ 5/6 හා 2/3 බලතල ලබාගත් පාලකයින්ද පහළට ආ බවද බලධාරීන් සිහි කිරීම ඉතා වටිනා බව සඳහන් කරමිනුයි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර සහ නවීන් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

ස්වාධීන අධිකරණය රැකගැනීමට අපි කැපවෙනවා

kamal Wednesday, 10 February 2021 09:02 AM

තමුන්නාන්සේලාගේ කැපවීම් දැකලා අපිව නම් දැන් කෑලිවලට කැපිලා තියෙන්නේ.. කොයි පක්ෂයේ වුණත්...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 February 2021 09:14 AM

සියලු දෙනා පක්ෂ භේදයෙන්, ජාති භේදයෙන්, ආගම් භේදයෙන් තොරව රටේ පොදු නීතිය රැකගත යුතුයි. එය අප සැමගේම යහපත වෙනුවෙනි. රටක නීති පද්ධතිය එක එක ආණ්ඩුවලට හා දේශපාලකයන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් වෙනුවෙන් යෙදවිය යුතු නැහැ.

:       0       0

Senarath Wednesday, 10 February 2021 09:16 AM

අපි දැක්කනේ ඔයාගේ කැපවීම... ඒ ගැන මොනවා කතා කරනවද? ඒකට කැපවුණු කෙනෙක් නේ... ළඟදී හිරේට නියම වුණේත්... එයා කළේත් ඔයාලගේ ලොක්කාගේ වුවමනාවන්නේ...

:       0       0

Bamunuarachchi Wednesday, 10 February 2021 01:14 PM

අධිකරණය ස්වාධීන නිසා නේද ඔබලා දාපු නඩුවලින් නිදොස් කොට නිදහස් වුනේ...?

:       0       0

Gamini Wednesday, 10 February 2021 05:41 PM

ඔව්, ඔව්... එතකොට ආයෙත් ජොනී වගේ අයට කෝල් කරලා සුහද බව ආරක්ෂා කරන්න පුලුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 228 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 315 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 648 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 614 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 702 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 567 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site