සංවිධාකයක ධුරයෙන් ඉවත් කිරීම රටේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට තිබූ බාධාවක් ඉවත් කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (17) පැවැසීය.
මෙතෙක් කල් දෙගිඩියාවකින් කටයුතු කළ බවත් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ සෘජුව විපක්ෂයේ කාර්යභාරය කරමින් ආණ්ඩුවේ ලැජ්ජා සහගත සහ නින්දිත කටයුතුවලට විරුද්ධව හඬ නැඟිය හැකි බවත් රඹුක්වැල්ල මහතා කීවේය.
“අපට මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් කරලා නැහැ. එහෙත් අපව සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව රටටම දැනුම් දීලා. සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම ගැන මා පුද්ගලිකවම සතුටු වෙනවා. විපක්ෂය ලෙස වැඩ කිරීමේදී මේ තනතුරු බාධාවක් වී තිබුණා. මෙය ඉතාම සතුටුදායක ආරංචියක්.“ යැයිද ඔහු කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උත්සවයට සහභාගී වන්නේ ද නැද්ද යන්න පිළිබඳ සාකච්ඡා කර පොදු තීරණයක් ගන්නා බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදි කීවේය.
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“සංවිධායකකම ඉවත් කිරීම ගැන සතුටු වෙනවා“
ටෙනිසන් Thursday, 18 August 2016 02:31 AM
අනේ හැබෑට මෙහෙමත් කතා! (නි)
නිමල් ලලිත Thursday, 18 August 2016 02:32 AM
එදා හිටපු ජනපතිට විරුද්ධ වූ ඡන්ද අද වර්තමාන ජනපතිගෙනුත් ගිලිහී ඇති බව වටහා නොගැනීම පුදුමයකි. කෙහෙලිය මැතිතුමාගේ ප්‍රකාශය නම් අර කව්ද ඔරුව අනිත් පැත්ත පෙරලුනහම ඒ පැත්ත වඩා හොඳයි කීම වැනිය. (නි)
උපුල් Thursday, 18 August 2016 02:40 AM
මිදි තිත්තයි කියපු අපේ කාලයේ කතාවක් (නි)
දිල්රුක්ෂි Thursday, 18 August 2016 02:50 AM
මේ අය රටට කළ කිසිම දෙයක නැහැ. පක්ෂයෙන් පන්නලා මදි. (නි)
අනිල් Thursday, 18 August 2016 11:10 AM
සංවිධායක විදියට කරපු වැඩක් නැහැ. (ර)
ප්‍රියාන් Thursday, 18 August 2016 02:54 AM
ගොඩක් අය කැමතියි අලුත් පක්ෂයක් බිහිවෙනවට. අද රටේ මෙහෙමවත් විපක්ෂයක් තිබුණේ නැත්තම් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
අමිත් Thursday, 18 August 2016 03:08 AM
ඡන්දෙ තියන්න ජනතාව තීරණය කරයි (බ)
රොහාන් Thursday, 18 August 2016 03:20 AM
මහජන මුදල් කෝටී ගණන් පුද්ගලික වැඩට අරගෙන එහෙම ජනතාවට කොච්චර සේවයක් කරලා තියෙනවද?(හේ)
බණ්ඩාර Thursday, 18 August 2016 03:35 AM
මේ පුද්ගලයා රටට මොනවද කරලා තියෙන්නේ (හේ)
චමින්ද Thursday, 18 August 2016 03:37 AM
ඒ බව තේරෙනවා.(හේ)
පද්මිණි Thursday, 18 August 2016 03:42 AM
අද රටට අවංක නායකයින් දෙපොලක්. ඉන්නවා. ඉතින් ඔබල නැතිවට හොරකම්, වංචා නැතිව මුදල් සංවර්ධනයට යොදන බව හැමෝම දන්නවා.(හේ)
වසන්ත Thursday, 18 August 2016 03:42 AM
දුකයි තමයි මේ වෙන දේවල් වලට.(හේ)
ශාන්ත Thursday, 18 August 2016 04:00 AM
මිදී තිත්තයි කිව්වා කතාව මතක් වුණා (බ)
ඉසුරන්දි Thursday, 18 August 2016 04:51 AM
ඔබතුමාගේ වචනයෙන්ම ඔන්න ඔබතුමාට හොද අවස්ථාවක් ලැබුනා ජනතාව වෙනුවෙන් දැන්වත් සේවයක් කරන්න නේද.අපිත් ගොඩක් කැමතියි ජනතාවට යමක් කරනවානම් ඔබතුමාලා. (බ)
දිලිප් Thursday, 18 August 2016 04:51 AM
අපිත් සතුටුයි. දැන් ඉතින් ඕන තැනකින් වැටිලා පෞද්ගලික වියදමින්ම හොද කරගන්න බැරි නැතැයි (බ)
ප්‍රදීප් Thursday, 18 August 2016 06:08 AM
මෙයා ජාතික වීරයෙක්. කොයිතරම් නම් ජනතාවට සේවය කරලා තියෙනවද? පක්ෂයක් නැතත් අපිට සේවය කරන්නමයි ආසාව. (නි)
ශාන් Thursday, 18 August 2016 06:27 AM
අපි ගොන්නු නෙමෙයි.(හේ)
සුරනිමල Thursday, 18 August 2016 06:31 AM
රටට කළ එක හොඳ වැඩක් කියන්න (නි)
පාලිත Thursday, 18 August 2016 06:59 AM
ඇමතිකමේ ඉන්නකොට කරන්න බැරිවුණ දේවල්, මෙයා දැන් කරන්න හදනවා ජනතාවට. හිනායනවා මේවා අහලා. (නි)
මැක්සි Wednesday, 17 August 2016 03:12 PM
මෙයාලා ජනතාව වෙනුවෙන් මොනවද කළේ? (නි)
මනෝජ් Wednesday, 17 August 2016 03:23 PM
මෙතුමා රටට හා ජනතාවට කළ සේවය කුමක්දැයි දන්නා කෙනෙක් කියන්නකෝ (නි)
ජනහිත Wednesday, 17 August 2016 03:48 PM
මේ හදන්නේ පක්ෂය විනාශ කරන්නද? පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ වගේම මහජන පිළිගැනීමක් ඇති පුද්ගලයින් ඉවත් කිරීම නිසා ශ්‍රීලනිපය ප්‍රපාතයට වැටුනොත් ඔය කට්ටිය වගකියනවද? (නි)
සංජීව - හොරණ Thursday, 18 August 2016 07:20 AM
පද්මිණි, නායකයින් දෙපලගේ අවංකභාවය ගැන ගැටලුවක් අපට නැත. නමුත් මේ වසර එකහමාරට කෙරුනු සංවර්ධනයක් මා හට නම් අන්වීක්ෂයෙන් ලංකාව පුරා සෝදිසි කළද තවමත් සොයාගත නොහැකි විය. සිංහල බෞද්ධයාට සිදුවන කෙනෙහිලිකම් පමණක් සියලුම තැන්වල දක්නට ඇත. (නි)
වින්සන්ට් Wednesday, 17 August 2016 04:11 PM
ඔබතුමන්ලා පසුගිය කාලයේ ජනතාවට කළ සේවය ජනතාව හොඳින් දනී. වර්තමානයේ ජනතාවට කරන ලොකුම සේවය නම් තවත් රට සූරාකන්නේ නැතුව විශ්‍රාමයාමය. (නි)
රණේ Wednesday, 17 August 2016 04:11 PM
එහෙනම් කලින්ම අස්වෙන්න තිබුනනේ (නි)
ලංකා Thursday, 18 August 2016 07:18 AM
කුහකයින්ට අතීතය අමතකවෙලා. කුහකයන්ගේ හැටි ඔහොමයි. යහපාලනය නම් කොහොමත් කුහකයි (නි)
පීරිස් Wednesday, 17 August 2016 04:15 PM
තනතුරින් අයින් කළාම ලැජ්ජාවට එහෙම කියනවා. එහෙනම් කලින් ඉල්ලා අස්වෙන්න තිබුනානේ. (නි)
සිල්වා Wednesday, 17 August 2016 04:15 PM
එහෙනම් මෙච්චරකල් එල්ලිලා හිටියේ මොකද? ඉල්ලා අස්වෙන්නනේ තිබුනේ. බලමු අනිත් ඉතුරු ටික දැන්වත් ඉල්ලා අස්වෙයිද කියලා (නි)
චතුරි Wednesday, 17 August 2016 04:22 PM
මේ වගේ කට්ටිය අයින් කරපු එක ලොකු දෙයක්. පක්ෂය හැදෙන්නෙත් නැහැ. රට හැදෙන්නෙත් නැහැ. නමුත් මේ කට්ටිය හොඳට හැදෙනවා, මිනිසුන් මුලා කරමින් (නි)
ඩිලාන් Wednesday, 17 August 2016 04:20 PM
දැන් ඉතින් කෙළින්ම සැලුන් දොරෙන්ම පිටවෙලා යන්න පුළුවන් නේද? (නි)
ජගත් Wednesday, 17 August 2016 04:39 PM
මහජනයාට සෙවය කරන්න ඕනෑනම් කලින් ඉල්ලා අස්වෙන්න තිබුනානේ. අනේ මෙයාලා මහජනයට කරන සේවය! (නි)
චන්න Wednesday, 17 August 2016 04:40 PM
අනේ හැබෑටම, පුලුවන්නම් රට වෙනුවෙන් කළ එක වැඩක් කියන්න. (නි)
ගොඩ්ෆ්‍රී Thursday, 18 August 2016 07:36 AM
මෙයාලගේ ආණ්ඩුව කාලේ මාධ්‍ය මඟින් සේවයක් කළා. ඒවා අහලා ජනතාව මෙයාලව ගෙදර යැව්වා. ඒකතමයි කරපු හොඳම සේවය. (නි)
ඩෙරික් Wednesday, 17 August 2016 04:55 PM
එහෙනම් ඉල්ලා අස්නොවී ඉවත් කරනතුරුම හිටියේ ඇයි? (නි)
මහේෂ් Wednesday, 17 August 2016 05:10 PM
ඔරුව පෙරලුනහම ඒ පැත්ත හොඳයි කියනවලුනෙ. (නි)
නන්ද Wednesday, 17 August 2016 05:18 PM
අපට "නරියා සහ මිදි වැල" කතාව මතක් වෙනවා. ඒ නැතත් ඔය සංවිධායක පදවිය කරදරයක් කියලා දැනුනා නම් ඔය පදවියෙන් කලින්ම ඉල්ලා අස්වෙන්න තිබුනා නේද? (නි)
සුජානි - මහනුවර Wednesday, 17 August 2016 05:32 PM
තවම ප්‍රශ්න නම් ඉවර නැහැ. ඒවා එක එක ඇදිලා එයි ඉස්සරහට (නි)
ගුණසිරි Wednesday, 17 August 2016 05:37 PM
සංවිධායකකමකින් කෙනකු ඉවත් කරන්නේ ඔහුගේ ගුණ දැකලා නෙමෙයි, කෙළවරක් නැතුව තමා පිට පැටවුණු දුෂණ වංචා,නඩු හබ නිසා. ඒ බව තේරුම් ගැනීමට සාමාන්‍ය ජනතාව දැනුමින් පොහොසත්. (නි)
ජිම් කුරු Wednesday, 17 August 2016 05:41 PM
අවසාන ජවනිකාව ලෙස දේශපාලනයෙන් විශ්‍රාම ගන්න පුළුවන් (නි)
විපුල Thursday, 18 August 2016 07:54 AM
රටේ ජනතාව මොනවා කිවුවත් පළාතේ ජනතාව ඡන්දය දෙනවා නම් තව වෙන මොනවාද? නිකම් මෙතන උඩ පැනලා අදහස් දැම්මට වැඩක් නැහැනේ. (නි)
කුමාර් මෙන්ඩිස් Wednesday, 17 August 2016 06:08 PM
මෙයාලා හිරේ ගියත් යන්නේ සතුටින් අාචාර කර කර. මොනවා වුණත් කියන්නේ ඉන්නේ සතුටින් කියලා (නි)
දිසා Wednesday, 17 August 2016 09:34 PM
ඉතින් කලින්ම ඉල්ලා අස්වෙන්න තිබුනනේ.... (නි)
විජේ Thursday, 18 August 2016 09:04 AM
දැන් ඉතින් පවතින රජයට හා ශ්‍රීලනිපයට විරුද්ධව කතාකරන්නකෝ මොකද වෙන්නේ බලන්න (නි)
වික්‍රමසිංහ Wednesday, 17 August 2016 11:52 PM
අනේ හැබෑට, අපිට නම් මේ ගැන කතාකරන්නත් ලැජ්ජයි (නි)
මාලක Thursday, 18 August 2016 12:49 AM
නරියත් මිදි තිත්තයි කියලා කතාවක් කියලා තියනවාලුනේ! (නි)
සිසිර Thursday, 18 August 2016 12:49 AM
ඇට නැති දිව කොයි පැත්තටත් නැමිය හැකි බව මෙයින් හොඳට සනාථ වෙනවා (නි)
සමන්ති Thursday, 18 August 2016 12:50 AM
පෙරලුනු පිට හොඳයි කියනවා... මට අාපසු යන්න හිතෙනවා... (නි)
ජයාත් Thursday, 18 August 2016 01:03 AM
අනේ මහත්තයෝ, විනෝද සමය පෙන්නන්න හදන්න එපා, දැන් අනාගත්තට පස්සේ. කලින් ඉල්ලලා අස්වෙන්න තිබුනානේ ඔයතරමට ජනතාවට සේවය කරන්න උවමනා නම්. අපි ඔහෙලා කාගේ කාගේත් කෙරුවාව දන්නවා නොවැ (නි)
සුනිල් Thursday, 18 August 2016 01:40 AM
කෙහෙළිය වගේ අය රටට ඕනෑ (නි)
අර්ජුන රණවන Thursday, 18 August 2016 01:42 AM
නුඹ නාඩන් නුඹ නාඩන් උබට ඕවා හොඳ පාඩම් (නි)
පුබුදු Thursday, 18 August 2016 01:51 AM
නරියත් කිව්වලු මිදි තිත්තයි කියලා. (නි)
අවිනාශ් Thursday, 18 August 2016 02:02 AM
ඔබතුමාලගේ වැඩ ඉතින් රටම දන්නවානේ (නි)
සාමා Thursday, 18 August 2016 02:27 AM
දැන් ඉතින් නිදහස්නේ. (නි)