IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෙවනැලි රූකඩ හපනෙක්

සෙවනැලි රූකඩ කලාව අධ්‍යාපන මෙවලමක් ලෙස භාවිතා කරමින් ළමා ලෝකය විචිත්‍රවත් කිරීමට සැරසෙන තරුණ චිත්‍රකලා ශිල්පියෙකු  වන කෝසල ප්‍රියම් කුමාර මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි.

මුහුණු පොත සමග අන්තර්ජාලයේ  වල්මත්වී  සිටින මේ යුගයේ ළමා හා තරුණ  පරපුරේ මනස  සෙවනැලි රූකඩ කලාව තුළින්   සුවපත් කිරීම ඔහුගේ අරමුණයි.

ශ්‍රී  ලංකාවේ ළමා අධ්‍යාපනය සඳහා සෙවනැලි රූකඩ ඉතා පහසුවෙන් යොදා ගත හැකි බව ඔහු  පවසයි.

ප්‍රවීන චිත්‍රකලා කතිකාචාර්යවරයෙකු වු,  ශ්‍රී ලංකාවේ සෙවනැලි රූකඩ කලාවට නව ජීවයක් දුන්  සිරි කුමාරසිංහ ඔහුගේ පියාය.

ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන්  සිප්සතර හැදෑරූ  කෝසල  කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධයයන අංශයේ ලලිත කලා උපාධිධාරියෙකු මෙන්ම  එම විශ්ව විද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධිධාරියෙකි.  

ඉන්දුනීසියා රජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පිරිනැමුනු ශිෂ්‍යත්වයක් මත සෙවනැලි රූකඩ කලාව පිළිබඳ ඉන්දුනීසියාවේ බන්දූන් විශ්ව විද්‍යාලයේ පුරා වසරක් තිස්සේ අධ්‍යනයක් යෙදී ඇති ඔහුගේ අරමුණ වන්නේ මෙරට දරුවන්ගේ අධ්‍යාපන කටුයතු සඳහා සෙවැනැලි රූකඩ යොදාගැනීමයි.

ඔහු  ඉන්දුනීසියාවේ ජාවා, බාලි ,කලෙමන්තාන් දුපත් වල සංචාරය කර එම අත්දැකීම් උපයෝගී කරගෙන සෙවැනැලි රූකඩ කලාවේ විශාල පෙරළියකට සුදානම් වන බව   ඔහුගේ කලාගාරයට ගිය අපිට දැකගත හැකි විය.

 චිත්‍ර කලා ගුරුවරයෙකු වන ඔහු තමා උගැන්වු පාසැල් වල සෞන්දර්ය  අධ්‍යාපනය ලබා දෙද්දී රූකඩ රූපන ළමයින් අතර ප්‍රචලිත කිරිම සඳහා විශාල වැඩ කොටසක් සිදු කර ඇති අයුරු ඔහුගේ කලාගාරයට ගිය අපිට සියැසින් දැක ගත හැකි විය.

ගම්පහ කුමාරතුංග මාවතේ පිහිටි නිවස ඔහුගේ කලාගාරයයිි. 

නිවසේ සාලය හරි මැදින් දෙකට ඛෙදා ඇත. එහි මැද  සුදු තිරයක්  සහිත විශාල පුවරුවකි.  එය  එහා මෙහා ගෙන යා හැකි අයුරින් නිර්මාණය කර ඇත.  තිරය පිටුපසින් සුදු තිරයට ආලෝක කදම්බ එල්ල කර ඇත.  පසෙකින්  තැබු විසිතුරු රූකඩ රැසකි.  තවත් පසෙක තම්මැටම, තබ්ලාව ඇතුළු සංගිත භාන්ඩ සමග කුඩා ශබ්දාගාරයකි. තිරය ඉදිර  පස කුඩා ප්‍රේක්ෂකාගරයකි.  එහි දස දෙනෙකුට පමණ පහසුවෙන් අසුන් ගත හැක.

එහිදී  අපිට  ‘සෙවැනලි‘  රූකඩ  නාටකයක් රඟ  දැක්වීමට පුහුණු වන තරුණ වයසේ පාසැල් සිසුන් කිහිප දෙනෙකු ද දැකගත හැකි විය.

ඉතා උනන්දුවෙන්  දැහැන් ගතව පුරුදු පුහුණු වන එම තරුණ සිසුන් දකින කාගේ වවුද සිතට නිතැතින්ම දැනෙන්නේ  සතුටකි.   ඒ අද දවසේ බහුතරයක් තරුණ සිසුන් කාලය කා දමන්නේ අන්තර්ජාලය වෙනුවෙන් නිසාය. මුහුණු පොතට, පරිඝනක ක්‍රීඩාවලට මෙන්ම පොප් සංගිතයට,  හින්දි රැල්ලට කොටු වී එයම වැළඳගෙන  සිටින තරුණ සිසුන්   දේශීය කලා නිර්මාණයකට දායක වී සිටීම දැකීමම සතුටක් වන බැවිනි.   

ඔවුන්ගේ  කුඩා ප්‍රේක්ෂකාගාරයේ සිට අපටද ‘සෙවනැලි රූකඩ‘  නාටකයක් බලා ගැනීමට අවස්ථාව උදා විය. 

මුලින්ම ‘නුසන්තරා‘ යනුවෙන් නම් කොට තිබු වාර්ථා වැඩසටහනක් අපි ඉදිරියේ  දිස් විය. විනෝදය මෙන්ම කුතුහලය ද එක්ව  එය කදිමට නිර්මාණය කර තිබුණි. ආරම්භයේ සිටම අවසානය දක්වාම අපගේ සිත් දැහැන් ගත කිරීමට එය සමත් විය.

කෝසල පැවසුවේ තමා සෙවනැලි රූකඩ කලාව උගත් ඉන්දුනීසියාවට ගෞරවයක් උපහාරයක් ලෙස   නිර්මාණය කළ  බවයි.  දුපත් 17000 ක් පමණ ඇති ඉන්දුනීසියාවේ සියළුම දුපත් එකතුවට භාවිතා කරන නම නුසන්තරා  බව ඔහු කීවේය.

ඉන් පසු අප නැරඹුයේ නුල්, රිටි, ජීව ආශ්‍රයෙන්  නිර්මාණය වු    ‘ජුදා දේශයෙන් කතන්දරයක්‘ නැමැති  මිශ්‍ර මාධ්‍ය රූකඩ නාටකයයි.  බයිබලයේ උපමා කතා රැගෙන ඇලඩින්ගේ පුදුම පහණ දිගැ හැරුනු අන්දම අපුරුය.  

නුසන්තරා වාර්ථා වැසටහන සමග ඇලඩින්ගේ පුදුම පහණ  ලබන පහලොස් වෙනිදා සවස පහයි තිහට ගම්පහ වයි.එම්.බී ශාලාවේදී ප්‍රදර්ශනය කරමින් තරුණ පරපුරට නැවුම් අත් දැකීමක් එක් කරදෙන්නට ඔවුන් සුදානම් වන අන්දම නම් අපුරුය.

ජාත්‍යන්තර වශයෙන් සෙවැනලි රූකඩ කලාවට ඇති ඉල්ලුම  පිළිබඳව ඔහු පවසන්නේ මෙවන් අදහසක්
  ‘‘ඉන්දුනීසියාව,  ජාවා දුපත් වැනි  රටවල් සෙවනැලි රූකඩ කලාව මගින් විශාල පෙරළිියක් සිදු කර තිඛෙනවා. ඔවුන්  මේ  කලාව සමග ගොඩක් ඉදිරියෙන් සිටින්නේ.

 

ඒ වගේම යුරෝපා රටවල ළමා අධ්‍යාපනය සඳහා සෙවනැලි රූකඩ යොදා ගන්නවා. .  ශ්‍රී ලංකාවේ උනත්  ළමා අධ්‍යාපනය සඳහා සෙවනැලි රූකඩ ඉතා පහසුවෙන් යොදා ගත හැකියි.  එය මා අත් දැකීමෙන් දන්නා දෙයක්.
 

අද කාලයේ දෙමාපියන් උත්සහ කරන්නේ තම දරුවන් නවීන තාක්ෂනය සඳහා පමණක් යොමු කරවීමයි.

පාසැල සහ ටියුෂන් පන්තිය පමණයි දැන් ළමා ලෝකයේ තියෙන්නේ.
ඒත් මෙවැනි කලාවක් සඳහා දරුවන් යොමු කරවීමෙන් ජාත්‍යන්තර අවස්ථා ගොඩක් ලැඛෙනවා. විදේශීය විශ්ව විද්‍යාල වල මේවා පිළිබඳව  අධ්‍යනය කිරීමට ශිෂ්‍යත්ව ඕනැ තරම් තියෙනවා. ජාත්‍යන්තර සංදර්ශන වලට සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා.

 

නමුත් ඒවට යවන්න ඉන්න පිරිස අපේ රටේ අඩුයි. බොහෝම ටික දෙනයි මෙවන් දෙයක් ඉගෙන ගන්නේ.
මටත් ඉන්දුනීසියාවට යන්න ලැබු අවස්ථාව මෙයට කදිම උදාහරණයක්.  මම දවසක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබු ප්‍රදර්ශකයක් බලන්න ගියා. ඒ වෙලාවේ ඉන්දුනීසියා තානාපති කාර්‍යාලයේ ප්‍රදර්ශන කුටියේ  කිසිවෙක් නොසිටි නිසා මා එහි ගොස් ඔවුන් සමග කතා කළා.

මා ඔවුන්ගෙන් විමසුවා  ඉන්දුනීසියිවේ සෙවැනැලි රූකඩ කලාව පිළිබඳව. ඔවුන් කිව්වා අපි මෙහෙම ශිෂ්‍යත්වයක් දෙන්න කෙනෙක් හොය හොයා හිටියේ. කව්රුත් අපෙන් මේ ගැන ඇහුවේ  නැහැ ඔයා විතරයි ඇහැව්වේ කියා  එවෙලෙම මාව තානාපති කාර්‍යායලයට එක්ක ගිහින් ඒ අවස්ථාව සලසා දුන්නා.
 

ඉතින් කොහොමද ජාත්‍යන්තර අවස්ථා නැහැ කියන්නේ ‘‘

 

 



අදහස් (0)

සෙවනැලි රූකඩ හපනෙක්

රනිල් Monday, 09 June 2014 07:08 PM

ඔබේ හැකියාවට තැනක් තිබේද කියමින් බලාගෙන සිටි කෙනෙක් නොවේ ඔබ. සුදුසු දේ සොයාගිය කෙනෙක් හා වැඩක් කරන කෙනෙක්. ඔබ වැනි අයට අප ගරු කරනවා. (නි)

:       0       0

ඇසළ Monday, 09 June 2014 03:07 PM

හොද උත්සහයක්. (දී)

:       0       0

උපුල් Monday, 09 June 2014 09:42 PM

රට පාලනය කරණ අයගෙන් වැඩිහරියක් දැන් සෙවනැලි රුකඩ තමා. (දී)

:       0       0

ගාමිණී Monday, 09 June 2014 11:45 PM

කාලයට ඔබින අලුත් යමක් කරන ඔබට අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 06:40 PM

ඔබගේ උත්සාහයට ගරු කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1016 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 303 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1967 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 469 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 950 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site