( තිළිණි ද සිල්වා )
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5.00 සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇත.
ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජුලි 13 වන දින සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂිල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය.
එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12 වන දින දක්වා බල පැවැත්වුණි.
ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස හයක (06) කාල සීමාව නිමවන විටද, ප්‍රාග්ධන යෙදවීමක් මඟින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් වීමක් නොවූ අතර, ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්ව ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන
රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි
රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.
අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය
යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ව්‍යාපාර කටයුතු නතර කරයි