(ගයාන් සූරියආරච්චි)
තුරුක්කනාමඩු ප්‍රදේශයේ කුඹුරු ඉඩමකට වගා හානි වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන සංවර්ධන නිලධාරියෙක් අද (5) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන්දාරුමුලෛ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරියෙකි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සංවර්ධන නිලධාරියා අල්ලස් දැලේ
Kamal Koyrala Thursday, 06 March 2025 11:24 AM
උපාධිධාරී 3000 න් එකක් අඩු උනා .මේ ආකාරයට හොරු පන්නා දමුවම ප්‍රශ්නය කෙටි කාලයකින් විසඳිය හැකිය
සංවර්ධන Thursday, 06 March 2025 11:25 AM
අවුරුදු 76 ක් ම රටේ කිසිම සංවර්ධනයක් කරල නැහැ කියල මළපොතේ අකුරක් වත් නොදන්නා බව පේන එවුනුත් කියන අවස්තා රූපවාහිනී පුවත් මගින් දකින්නට ලැබෙනවා. එම අවුරුදු 76 න් අවුරුදු 26 ක් ඔය කියන සංවර්ධන නිළධාරි සේවයේ යෙදිල තියෙනවා. ඇත්ත්ටම රටේ සංවර්ධනයක් වෙලා නැත්නම් සංවර්ධනය අයිති මෙම නිළධාරි වගකිවයුතු වෙනවා . විමසිල්ලෙන් බැලුවොත් ඔවුන් කරන්නෙත් වර්තමානයේ කළමණාකරන සේවා නිළධාරින්ට හිමි රාජකාරි තමයි. ඒත් වැටුපෙන් ඉහලයි .එනිසා මෙම සංවර්ධන කියන වචනය අවභාවිතා වෙන නිසා ඔවුන්ගේ තනතුරු නාමය වෙනස්විය යුතුය. ඒ වගේම දියුණුව වචනයට සමාන අර්ථයක් තියෙන සමුර්ධි සංවර්ධන නිළධාරි තනතුරු නාමයද එසේම තිබීම සුදුසු නොවන්නේ අවුරුදු 76 න් 31 ක්ම ඔවුනුත් එසේම සමුර්ධියක් කලබව නොපෙනෙන නිසාය