IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘සංවර්ධන පනත හැදුවේ නීතිය නොදත් අයෙක්‘ - රාජිත

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතිය නොදන්නා පුද්ගලයකු විසින් බවත්, මෙම පනත් කෙටුම්පත යළි සාකච්ඡාවට බඳුන් කර සශෝධනය කර ඉදිරිපත් කළ යුතු බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී සේනාරත්න මහතා එලෙස කීවේය.

‘සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ගෙනඒමට පෙර රටේ  සංවාදයක් ඇති කළ යුතුයි. පළාත් සභාවල යෝජනා ලබාගෙන වැරදි සකස් කර මෙම කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. පළාත් සභාවල සහාය අවශ්‍ය නම් පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු අමාත්‍යවරුන් සමග සාකචිඡා කිරීමට අවස්ථාව තිබුණා. මගේ අදහස නම් මෙය පාර්ලිමේන්තුවට පළමුව ඉදිරිපත් නොකළ යුතු බවයි. පළාත් සභාවල මතය විමසීමෙන් පසු පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණා. මෙම පනත් කෙටුම්පතේ සදහන් වෙනවා අමාත්‍යවරයා සද්භාවයෙන් කටයුතු කරනවා නම් නඩු පැවැරීමට නොහැකි බව. මම එම වගන්තියට විරුද්ධයි. මොකද ජනාධිපතිවරයාටත් නඩු පැවැරිය හැකි මොහොතක අමාත්‍යවරයෙකුට මුක්තියක් ලබාදෙන්නේ කොහොමද? මෙම කෙටුම්පතෙනුත් කමිටු හදලා වැඩක් නැහැ. ව්‍යාපෘති ක්‍රීයාත්මක කළ යුතුයි. ශ්‍රී ලංකාව ආයෝජන හිතවාදි රටක් බවට පත් කළ යුතුයි. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අත්‍යාවශ්‍ය දෙයක්. සංවර්ධන ව්‍යාපෘති එක ස්ථානයකින් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ අදහසයි. මෙම කෙටුම්පත යළි සාකචිඡාවට බදුන් කර ඉදිරිපත් කළ යුතු බව මම ප්‍රකාශ කරනවා. 

 යහපාලන රජයට රට තුළ ලොකු විරෝධයක් නැහැ. රජය කළ වැඩ කොටස් ගැන ප්‍රසාදයක් තිඛෙනවා. රුපියල් සතවලින් එම වැඩ කොටස මනින්න එපා. සංහිදියාව ගොඩනැගෙනවා. පක්ෂ ගැන කථා කරලා වැඩක් නැහැ. රජය තුල සිටිමින් ඇතැම් අමාත්‍යවරුන් හිටපු ජනාධිපතිවරයාගේ මතවාදය ගැන කථා කරනවා. රට ගොඩනැගීමට යහපාලන රජය බිහි කළේ”



අදහස් (0)

‘සංවර්ධන පනත හැදුවේ නීතිය නොදත් අයෙක්‘ - රාජිත

අනුර Thursday, 29 December 2016 04:11 PM

මෙයට කැබිනට් අනුමැතිය දෙන වෙලාවේ ඔබතුමාත් හිටියා නේද? එතකොට ඔබතුමාත් නීතිය නොදන්නෙක් කියලා ඔබතුමා විසින්ම පිළිගන්නවා. (නි)

:       0       0

සිරි Thursday, 29 December 2016 08:16 PM

කොහොමත් ඔයාලා වගේ අය තමා ඔතන ඉන්නේ. (නි)

:       0       0

චමින්ද Thursday, 29 December 2016 06:47 AM

හැම තැනම පරාජය වෙනකන් හිටියේ ඇයි ඕක කියන්න. ඔය පනත සම්මත වුනානම් මම තමා හැදුවේ කියල කට්ටිය ලකුණු දාගන්න එයි. (බ)

:       0       0

මොහාන් Thursday, 29 December 2016 06:52 AM

පුතාට දුන්නා නම් හදලා දෙනවනේ ඕක හරියටම. (නි)

:       0       0

නිහාල් Thursday, 29 December 2016 07:03 AM

කයිවාරුව විතරයි. ආයෙත් පනින්නද කොහෙද පිටපොට ගහන්නේ. (බ)

:       0       0

නිශ්ශංක Thursday, 29 December 2016 07:32 AM

ඔබතුමාට තමන්ගේ අමත්‍යංශයට අදාළව රාජකාරි හරියට කරගන්න බැරුව, තවත් කෑගහන්නේ නැතුව ඉන්න. පරාජය වුණාම දැන් බයිලා කියවනවා. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 29 December 2016 07:42 AM

පනත හැදුවේ ඔය කියන අයෙක් නම් ඇයි පනතට කැබිනට් අනුමැතිය දුන්නේ? පළාත් සභාවල බලය එජාපයට තිබුනා නම් ඔය කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යස අගේට සම්මතයි. වැරදුනු තැන බොරුවට ඇඟ බේරගන්න හදනවා. (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 29 December 2016 07:44 AM

මෙහෙමත් කැබිනට් එකක්...? ඇමතිවරු කරන දේවල් ඇමති මණ්ඩලේ දන්නෙත් නැහැ (නි)

:       0       0

රොකී Friday, 30 December 2016 12:25 AM

නීතිය හරියට ක්‍රියාත්මක නොවන බවයි අපට නම් පෙනෙන්නේ, ඔබතුමාට තියන චෝදනා වල හැටි බැලුවහම. (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 29 December 2016 08:19 AM

මේ රජයේ තියෙන අවිධිමත් බවට සහ අක්‍රමවත් බවට හොඳම උදාහරණයක් වගේම රජය තුල හෝ කැබිනට් මණ්ඩලය තුල ඉන්න ඈයෝ සාමුහික වගකීම කියන මුලික සින්ධාන්තයවත් නොදන්නා බවත් නේද මේ කියන්නේ . කැබිනට් එකේදී මුකුත් කියන්නේ නැතිව ඒවා අනුමත කරලා ජනතා විරෝධය එනකොට බොරුවට මාධ්‍ය හමු තියල බයිලා කියන එක තමයි රාජිත උන්නැහේගේ රාජකාරිය . මේ ආණ්ඩුව 2017 ඉවර වෙන තුරු තියේවි කියල හිතන්න අමාරුයි (බ)

:       0       0

සෙනරත් Thursday, 29 December 2016 09:29 AM

මෙයාලට පුළුවන් දිව හැරෙන හැරෙන පැත්තට කතා කරන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 29 December 2016 09:33 AM

එහෙව් ඔබතුමන්ලද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යන්නේ. මුළු රටම ඊළමක් වෙලා නවතී. (නි)

:       0       0

සුනිල් Thursday, 29 December 2016 09:52 AM

යපාලනයට ඡන්දය දුන් කෙනෙක් හැටියට මේ පනත පරාජයට පත්වීම ගැන යහපාලන සතුටක් මම ලබමි. ජනාධිපති තුමාගේ මුක්තිය ගැන විවේචනය කරපු අපි කොහොමද ඇමති තුමෙකුට එහෙම මුක්තියක් දීම ගැන සතුටු වෙන්නේ? (බ)

:       0       0

නිහාල් Thursday, 29 December 2016 10:28 AM

කැබිනට්ටුවේදී අත උස්සලා දැන් හබස් වෙනකොට ජනතාවට බබා පාට් දානවා එදා අපි ඔහෙලට රැවටුනාට අද රැවටෙන්නේ නෑ (බ)

:       0       0

සෙන්සාන් Friday, 30 December 2016 02:54 AM

මෙහෙමත් දේශපාලකයෝ? (නි)

:       0       0

ටෝනි - රියාද් Thursday, 29 December 2016 11:22 AM

රටේ සමස්ත ජනතාවම සාමයෙන් මෙන්ම සහජීවනයෙන් ජීවත් වෙන්න නම්, එෆ් බී එකේ නිතර දෙවේලේ ජාතිවාදය විකුණන් කන උන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාවත් හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 0 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 145 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 160 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 325 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 143 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 95 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site