IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


සිවිල් සංවිධානවලට මක්කයි මේ වෙන්නේ

යහපාලන ආණ්ඩුව ගේන්න වැඩිපුරම දරදිය ඇද්දේ මේ රටේ සිවිල් සංවිධාන. මේ සිවිල් සංවිධානවල අය පුදුම කට්ටක් කෑවා 2015 ජනවාරි 8 වැනිදා පවත්වපු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරද්දලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවන්න. මේ ‘මූමන්ට්’ එක වෙනුවෙන්ම වගේ බිහිවෙච්ච සිවිල් සංවිධානත් අපි දැක්කා. කට්ටියම කර තියලා කොහොම හරි මෛත්‍රී ලොක්කා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වා.

මෛත්‍රී ජනාධිපති වෙලා අවුරුදු දෙක පිරෙන්නත් තව තියෙන්නේ තව දවස් කිහිපයයි. ඔන්න අවුරුදු දෙක යන්න කලින් දෙගොල්ලන්ට දෙගොල්ලො ඇරගන්න පටන් අරගෙන. මීට කලිනුත් මේ වගේම සිදුවීම් වුණු හැටි අපිට මතකයි. ඒ ඉතිහාසය ‘රීපීට්’ වෙන්න පටන් අරගෙන වගේ.

20161223sara-1ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය එක්ක ලොකු කොක්කක් පටලගෙන. මහාචාර්යතුමා කරපු ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් වුණා කියලා ආරක්ෂක ලේකම් රුපියල් මිලියන දාහක් ඉල්ලනවා. මගෙ බුදු අම්මේ, දෙන්න සිද්ධ වුණොත් විජේසූරිය උන්නැහෙට පරම්පරා ගාණක් ගෙවන්න වෙන සල්ලියක්නෙ ආරක්ෂක ලේකම් ඉල්ලලා තියෙන්නේ.

මීට කලිනුත් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, සරත් විජේසූරියට හොඳටම දෙහි කැපුවා. ආණ්ඩුවේ තවත් කිහිප දෙනෙක්ම සරත් විජේසූරියට දොස් කියනවා අපිට ඇහුණා. විශේෂයෙන් මෛත්‍රී ජනාධිපති පුටුවේ වාඩිකරවන්න දිවා රෑ නොබලා රට පුරා ගිහින් රැස්වීම් පවත්වලා. බරටම වැඩකරපු අය එක්ක තමයි මෛත්‍රීපාල ජනාධිපතිගෙ ගෝලයෝ කොකු දාගන්නේ. සිවිල් සංවිධානවල කාර්යභාරය මේ අයට හරි ඉක්මනට අමතකවෙලා වගේ.

ඩිලාන් පෙරේරා සිවිල් සංවිධානවල අයට ශුද්ධ සිංහලෙන් කතා කරපු හැටිත් අපි දැක්කා. ජනවාරි 8 වෙනිදට කලින් මහින්දගෙ සාටකේ එල්ලිලා ඔන්චිලි පැද පැද ඉඳපු ඈයෝ මෛත්‍රී ළඟට දුවගෙන ඇවිත් කකුල් දෙක ළඟ වැටිලා තනතුරු පට්ටම් අරගෙන දැන් මාර පොරවල් වෙලා දඟලනවා. මේක  නම් හරිම කුජීත දේශපාලනයක්.

20160830Sara-1මේ අස්සේ තවත් ආරංචියක් පැතිරුණා පසුගිය සුමානේ. ඒ තමයි පුරවැසි බලයේ කැඳවුම්කරුවන් හැටියට වැඩ කරන ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ධර්මසිරි බණ්ඩාරනායක තුන්දෙනා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේතුවට අරගෙන ඇමතිකම් දෙන්න යනවා කියලා. සතිඅන්ත පුවත්පතක් ධර්මසිරි බණ්ඩාරනායකගෙන් මේ ගැන ඇහුවම එයත් කියලා තිබුණෙ මෛත්‍රීපාල ජනාධිපතිගෙන් ඒ වගේ ආරාධනයක් ආපු කතාවක්. හැබැයි ඊට පස්සේ ගාමිණී වියන්ගොඩ ඇතුළු පිරිස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කිව්වෙ ඒ කතාව බොරුවක් කියලා. ඒ අය සියදිවි හානිකර ගන්න සූදානම් නෑ කියලත් ගාමිණීලා කියනවා. ඒ මාධ්‍ය හමුවට ධර්මසිරි බණ්ඩාරනායක නම් සහභාගීවෙලා නෑ. ධර්මසිරිට සංස්කෘතික ඇමතිකම දෙන්න සූදානමක් තියෙනවා කියලා තමයි මේ ආරංචිවලින් කියවුණේ. ඒ පුවත පළකරපු පුවත්පත ධර්මසිරිගෙන් ඇහුවම එයා කියලා තිබුණේ එහෙම අවස්ථාවක් ලැබුණොත් බාරගන්නවා කියලා. දැන් ගාමිණී වියන්ගොඩලා කියන කතාවයි ධර්මසිරිගේ ප්‍රකාශයයි එක්ක රටේ සාමාන්‍ය ජනතාව හොල්මං වෙනවා කවුද ඇත්ත කියන්නේ කියලා.

ඔය ජනවාරි 8 වෙනස වෙනුවෙන් පෙළ ගැහුණු කලාකරුවො ඇතුළු පිරිස අතරින් සමහරු නම් ඒවට සෙට් වුණේම දිනුවට පස්සේ ආණ්ඩුවෙ තනතුරුවලට පැනගන්න බලාගෙනම තමයි. එහෙම කිහිපදෙනෙක්ම හැරෙන තැපෑලෙන් ඒ වගේ තනතුරුවලට පැනගත්තු හැටිත් අපි දැක්කා. දැන් මේ ඇමතිකම් දෙන කතාවත් එක්ක කවුරු විශ්වාස කරන්නද කියලා මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ.

20161223sara-2මෛත්‍රීපාල ජනාධිපතිගෙ යූ.එන්. ටූවර් එකටත් ධර්මසිරි, බණ්ඩාරනායකව අඬගහගෙන ගිහින් තිබුණා. ඒක සිද්ධ වුණේ කොහොමද කියලා නම් අපි දන්නේ නෑ. ඒකෙන් රටට හෝ කලාවට මොකක් හරි දෙයක් ලැබුණද දන්නෙත් නෑ. කමක් නෑ. ඒ අය හරි ආතල් එකක් ගත්ත නම්. මොකද මහින්දගෙ කාලෙ මහින්දත් ඔය වගේ ටුවර් යද්දි හැත්ත බුරුත්තම එක්ක ගිහින් ඒ අයට ආතල් දුන්නනේ.

94 චන්ද්‍රිකා කුමාරතුංග උස්සගෙන ආවෙත් කලාකරුවෝ සහ මේ රටේ උගත්තු කියලා ඉඳපු අය. ටික දවසකින් ඒ අය කිව්වෙ දැන් ඉන්නේ අපි එක්ක ආපු චන්ද්‍රිකා නෙවෙයි කියලා. ඒක නිසා චන්ද්‍රිකා දෙවුර මත තියාගෙන ජනාධිපති පුටුවට එක්ක ගියපු වික්ටර් අයිවන්ටම ‘චෞර රැජින’ කියලා පොතක් ගහලම චන්ද්‍රිකාගෙ පැටිකිරිය රටට කියන්න සිද්ධ වුණා. ඒ චන්ද්‍රිකාම ‘ලීඩින් රෝල්’ එකක් මෛත්‍රී ජනාධිපති පුටුවට ගේන සටනෙත් කළා. අර කලාකරුවො මාධ්‍යවේදියො, උගත්තු කියන අය චන්ද්‍රිකා එක්කම අත්වැල් බැඳගෙන තමයි රටවටේ රැස්වීම් පැවැත්තුවේ මෛත්‍රී ජනාධිපති කරවන්න. මේක පුදුම ක්‍රීඩාවක්.

දැන් යහපාලන ආණ්ඩුව සිවිල් සංවිධාන නායකයන්ට සත්තම දාන විදියට අපි බලාගෙන ඉන්නේ වික්ටර් අයිවන් චන්ද්‍රිකා ගැන ලියපු ‘චෞර රැජින’ පොතේ ඊළඟ කොටස මෛත්‍රීපාල සිරිසේනගෙ යහපාලනය ගැන කවුරු ලියාවිද කියලා. මේ යන විදියට සරත් විජේසූරියටම ඒක ලියන්න වේවිද කියන්නත් බෑ.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

සිවිල් සංවිධානවලට මක්කයි මේ වෙන්නේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 347 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 942 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 292 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 190 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4607 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 965 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 294 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site