IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සීවලි සිසුවාගේ ජිවිතය බේරාගන්න උදව් ඉල්ලයි

ලෙල්ලොපිටිය පතුල්පාන සමාධි අසපුව මාවත අංක 10‍/5 ලිපිනයේ පදිංචි දමිදු තත්සර ජයවර්ධන (13) දරුවාට දරුණු අස්ථි ආබාධයක් වැළඳී  ඇති අතර දරුවා සුව කරගැනීමට ජූලි 20 දාට පෙර අස්ථි සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු පවසති.

දමිදු රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ 8 ඊ ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුවෙකි.

ඔහුගේ උකුල් ඇටය ආසන්නයේ හටගත් ගෙඩියක් මීට පෙර කොළඹ ලංකා රෝහලේ දී ඉවත්කළ අතර ඒ ආශ්‍රීතව අස්ථි කොටස ද ඉවත් කොට අස්ථියක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිගමනය කර තිබේ.

එම සැත්කම කිරීමට ලංකාවේ රෝහල්වල පහසුකම් නොමැති අතර සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේදි ලක්ෂ 90ක් පමණ වැය වන බවත් වෛද්‍යවරු සදහන් කරති.

දමිදුගේ මව වන මල්කාන්ති ගුරුවරියක ලෙස සේවය නරන අතර පියාට ස්ථීර රැකියාවක් නැත. ඔහුගේ වැඩිමල් සොහොයුරියෝ දෙදෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබති.

රුපියල් ලක්ෂ 90 ක් වැනි මුදලක් සොයා ගැනීමට ඔවුනට වත්කමක් නැත. පරිත්‍යාගශීලින්ගේ ආධාර අපේක්ෂාවෙන් ඩබ්ලිව්.ඒ.මල්කාන්ති හේමචන්ද්‍ර නමින් ලංකා බැංකුවේ රත්නපුර ශාඛාවේ ගිණුමක් අරඹා ඇත.1035215 ගිණුම් අංකයයි.වැඩිදුර තොරතුරු 071-8125205 දුරකථන අංකයෙන් දැනගත හැකිය.   

 



අදහස් (0)

සීවලි සිසුවාගේ ජිවිතය බේරාගන්න උදව් ඉල්ලයි

වරුණ Friday, 28 June 2013 08:22 AM

අපේ ඇමති මණ්ඩලයේ එක්කෙනෙකුට පුළුවන් මේ සල්ලි තනියෙන් ගෙවන්න. කොහොම වුනත් ඉතින් ඒවා හීන තමයි! එතුමන්ලා පුලුවන්නම් තමන්ගේ ගිණුම් තරකර ගනී. මමත් හැකි පමණින් සහය වෙනවා. (නි)

:       0       0

රවිනාත් Friday, 28 June 2013 01:42 PM

මමත් ආධාරයක් කරනවා මට පුළුවන් විදිහට. ලංකාවේ දරුවෝ ලෙඩ දුක් වලින් විතරක් නොවෙයි පීඩා විඳින්නේ. කිරි බොන දරුවාගේ සිට සෑම දරුවෙකුම වසන්නේ ඉතා අන්තරාදායක පරිසරයක. සෑම දිනකම අසන්නට ලැබෙන්නේ අසාධාරණයට අපයෝජනයට ලක්වූ දරුවන් ගැන. ඒවා ගැනත් සිතීමට පිනට කැමති මිනිසුන්ගේ ඇස් ඇරේවා!. එරෙහි වීමට ශක්තිය ලැබේවා! ළමුන් රටේ අනාගතය බව වැටහේවා! අප නිහඬව සිටින තාක් අපේ දරුවන් අසාධාරණයට අපයෝජනයට ලක් වෙනු නිසැකයි. (නි)

:       0       0

රූපවතී Friday, 28 June 2013 08:54 AM

එසැන අපේ පාඨකයින් වන ඔබ හැම අපි , මේ දරුවට උදව් කරමු. මම විදේශයක ඉන්නේ, මම මේ දරුවට 10,000 ක් පරිත්‍යාග කරනවා. අනේ ඔබ සැම රුපියල් 1000 න් හෝ උදව්වක් කරන්න. මේ දරුවට කරන ආධාරයේ පිනෙන් අපේ පවුල් වල කිසිම දරුපැටියෙක්ට මෙවන් දෙයක් නොමවේවා! අපි හැමෝම මනුෂයන් ලෙස මේ උදව්ව කරමු. දෙවියනි මේ මුදල ඔවුන්ට හැකි ඉක්මනින් සොයා ගන්න හැකිවේවා! (නි)

:       0       0

නිල්මිණි Thursday, 27 June 2013 07:45 PM

ලංකාවේ ඉන්න සුපිරි ව්‍යාපාරිකයන්ගෙන් පොඩි උදව්වක් ඉල්ලමුද, 20 දෙනෙක් විතර ලක්ෂෙ ගානේ දුන්නනම් සෑහෙන පිනක් (අ)

:       0       0

නන්ද Thursday, 27 June 2013 08:32 PM

ලක්ෂ ගණන් පෙරහර වලට, ලොකු උත්සවවලට වියදම් කරන පින්වතුන්ට ඉතා වටිනා පින්කමක් කරන්න අවස්තාව..! ඒ සඳහා ඥානය, ශ්‍රද්ධාව පහල වේවා ! (අ)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 08:46 PM

පුතාට සහනයක් සැලසෙන්නට දෙවියන් යදිනවා (අ)

:       0       0

ලලිත් Thursday, 27 June 2013 09:25 PM

හැමෝගෙම උදවු උපකාරය මේ වගේ දරුවෙක් බේරගන්න දෙන්න.නිවන් දකින්න පින් ලැබෙනවා උදවු කරන අයට, සුවපත් වේවා කියල පතනවා.මාත් සල්ලි දානවා එකට.හැකි හැම අයටම කියන්න මේ වගේ දේවල්. (අ)

:       0       0

සන්ධීර Friday, 28 June 2013 03:23 PM

මේ දරුවට අපි හැමෝම උදවු කරමු.මේ පුතාට 3,000 ක් පරිත්‍යාග කරනවා. මේ පිනිනෙන් කිසම කෙනෙකුට මෙවන් දෙයක් සිදුනොවේව. (අ)

:       0       0

අනුරාධ. Thursday, 27 June 2013 10:35 PM

අපි හැකි පමණින් මේ පුංචි පුතාව බේරාගන්න උදවු කරමු. මම දකින විදිහට වෙනත් රටවල් වලට වඩා ඉතා සංවේදී මනුෂයන් අපේ රටේ ඉන්නවා. අම්මේ තාත්තේ,ලෝකය පුරා විසිරී සිටින ඒ උතුම් අය ඔබේ පුංචි පුතා වෙනුවෙන් මේ උපකාරය කරනවා නිසැකයි. තෙරුවන් සරණින් මේ පුංචි පුතා ඉක්මනින් සුවපත් වේවා!මෙවැනි අවැසි දේ කෙරෙහි කාරුණික අයගේ අවධානය යොමුකරවීම පිළිබඳව ලංකාදීපයට පින් සිදුවේවා! (නදී)

:       0       0

ප්‍රියංකර Thursday, 27 June 2013 10:51 PM

මේ දරුවට උදව්වක් කලානම් පිනක් නේද?(නදී)

:       0       0

සනත් Thursday, 27 June 2013 11:27 PM

බලාපොරොත්තුවෙන් පිරුනු දෑසක්, 1000 ඒවා 10000ක් එච්චර ලොකු දෙයක් නෙවෙයි.මියගිය දෙමව්පියන්ට පින් පිණිස,ඡීවත් වෙන දරුවන්ට පින් පිණිස මේ ආධාරය කරන්න.මමත් 1000ක් දානවා.තව 9999යි. (නි)

:       0       0

නිමල් Friday, 28 June 2013 12:18 AM

මේ දරුවට අපි හැමෝම උදවු කරමු. ෆේස් බුක් එකේ දාමු (නි)

:       0       0

ප්‍රියශාන් Friday, 28 June 2013 12:20 AM

ලක්ෂ ගණන් සල්ලි අහක දාන රටක මේ වගේ දෙයකට අප උදවු කරන්න ඕනෑ ගොඩක්.මේ ආත්මේ වැඩි වැඩියෙන් පින් කරගමු (නි)

:       0       0

සමන් Friday, 28 June 2013 12:22 AM

තමන්ගේ යුතුකම් තමන් කලානම් තමා හොද.(නදී)

:       0       0

චන්දි Friday, 28 June 2013 06:10 PM

අනේ මේ විස්තරේ මන් දැක්කේ පහු වෙලා මටත් හැකි උදව්වක් මමත් කරනවා මේ පුංචි පුතාට මෙම මුදල ඉතා ඉක්මනින් ලැබෙන්න කියල පතනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 3 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 262 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 253 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 102 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1385 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1645 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site