(කටුනායක ටී.කේ.ජී.කපිල )
ස්විස්ටර්ලන්තය සහ ජර්මනියේ නීති විරෝධී ලෙස රැඳී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයෝ 24 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් එම රටවල ආගමන විගමන නිලධාරින් විසින් මෙරටට අද රැගෙන ආහ.
එම රටවල ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් පසුගිය 2012 සහ 2013 යන වර්ෂ වල සිට මෙම පිරිස නීති විරෝධී ලෙස එම රටවල රැඳී සිටිය දී එරට ආරක්ෂක අංශ අත් අඩංගුවට ගෙන එම රටවල අධිකරණවලට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ පිටුවහල් කර එවා තිබුණි .
ජර්මනියේ සිට 20 දෙනකුද , ස්විට්සර්ලන්තයේ සිට 04 දෙනකු ද මෙසේ පිටුවහල් කර එවා තිබුණි .
එම පිරිස අතර කාන්තාවක් ද සිටියාය .
මෙම පිරිස සමග ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ ආගමන විගමන නිලධාරීන් සහ එම රටවල ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන
ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද
විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ස්විස්ටර්ලන්තයෙන් සහ ජර්මනියෙන් පිටුවහල් කළ 24 කටුනායකට
බද්රානි Wednesday, 31 March 2021 10:45 AM
අනේ ඇත්තටම, පහුගිය කාලේ ස්විට්සර්ලන්තයේ ජිනීවා වල සිංහ කොඩි කරේ තියාගෙන, නැට්ට උස්සගෙන රිලා නැටුම් හා නරි නාඩගම් නැටූ පුහු දේශප්‍රේමීන්වත් ඔය විදිහට ගහලා පන්නන්න තිබුනේ නැද්ද ඔය රටවලින්?
Anura Wednesday, 31 March 2021 11:04 AM
පිටුවහල් කිරිම බොහෝම හොඳයි. මේ අය ගිය තැනක් ඇත්නම් වනකරලා දාලා වැදගත් විදිහට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් නමත් කනවා.
karuWednesday, 31 March 2021 05:06 PM
දෙමළ මිනිස්සු පමණක් නොව, සමහර සිංහල අයියලත් ගම කනවා.විශේෂයෙන්ම දකුණේ දේශපාලකයින් සමඟ යුරෝපයට පැනගත්ත රස්තියාදුකාරයෝ, මිනීමරුවෝ ස්ත්‍රී දුෂකයින් ඕන තරම් ඉන්නවා.දෙමළ මිනිස්සු පැනගත්තේ පන බේරාගන්න.ඊට පස්සේ රටට විරුද්ධව චෝදනා ගොනුකරනවා. එත් සිංහල අය කාලා කාලා තෙල් බහින්නයි යුරෝපයට පනින්නේ.හැබැයි ඉතින් හරිහමන් රස්සාවක් නැහැ.ආණ්ඩුවෙන් දෙන පින් පඩි වලින් ඔහේ ජිවිතේ ගෙවනවා.
Dinesh Wednesday, 31 March 2021 08:43 PM
හොඳ වැඩේ ඔවුන් අපිටත් එපා.
Rasika Thursday, 01 April 2021 07:50 AM
අතුරුදහන් වූ අය ඔන්න එනෝ..