IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ස්විස් පොලිසිය කොටි හිතවාදීන් පන්නයි

ස්විට්සර්ලන්ත සුරිච් බුලක් නගර ශාලාවේ අද (09) ඇරඹුණු තුන් දින වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශන භූමිය ඉදිරිපිට කොටි හිතවාදීන් පවත් වන්නට ගිය උද්ඝෝෂණය ස්විස් පොලිසිය අඩපණ කළේය.

මෙම ප්‍රදර්ශනයට විරෝධය පළ කරමින් කොටි හිතවාදීන් සූදානම් වී ඇත්තේ එම ශාලාවේ ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වීමටයි. පැමිණිල්ලක් ලැබීම නිසා ස්විට්සර්ලන්ත පොලිසිය උද්ඝෝෂකයන්ට නියෝග කර ඇත්තේ ප්‍රදර්ශනය පැවැත්වෙන නගර ශාලාවේ සිට කිලෝමීටරයක් ඈතින් ඔවුන්ගේ උඋද්ඝෝෂණය කළ හැකි බවත් ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය අසල උද්ඝෝෂණය කිරීඹ පොලිසිය විසින් තහනම් කර ඇති අතර ඔවුන් ඒ අසලට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා බව දැනුම් දී ඇත.

මෙම වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශනය සැමට නොමිලේ විවෘත අතර  සුවිස් ජාතිකයන් සහ විදේශිකයන්  විශාල පිරිසක් සහභාගී වනු  ඇතැයි  බලාපොරොත්තු වන බව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන සුරිච් කොස්සියුලර් විදර්ශන මුණසිංහ මහතා කීවේය.

ශ්‍රි ලංකාවේ  වෙසෙන සිංහල - දෙමළ - මුස්ලිම් වැසියන්ගේ ප්‍රධාන ආහාර  ඇතුළු ආහාර  පාවන කුටි  30 ක් සහ ශ්‍රි ලංකාවේ නිපදවන වෙළඳ භාණ්ඩ  කුටි 30 ක් ද මෙහි ඇතුළත් වෙයි.

සංචාරකයන්  අතර  අතිශයින්  ජනප්‍රිය පාරම්පරික උඩරට ජන නැටුම්  සහ ශ්‍රි ලංකාවේ දමිල සංස්කෘතිය විදහා  දක්වන හාරත නැටුම්  සහ නාදස්වරම්  - බෙරවාදන මෙම ප්‍රදර්ශනයට  ඇතුලත් වන අතර, ශ්‍රී  ලංකා පෙර  අපරදිග සංගීත කණ්ඩායම්  කීපයක් මෙම උත්සවයට සහභාගී වන්නට  නියමිතය.



අදහස් (0)

ස්විස් පොලිසිය කොටි හිතවාදීන් පන්නයි

නාමල් - නිව් යෝර්ක් Friday, 09 September 2016 02:11 PM

ඔය උද්ඝෝෂණ කොයි කාලෙත් තිබුනා.. රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි පිටරට ඕවා වැඩිපුරම තිබුනේ . උදය, සුමිත්‍රා තමන්ගේ මැදමුලන වීරයා ඉවරවෙච්ච නිසා හිතේ අමාරුවට අතීතය අමතක වෙලා (අ)

:       0       0

නිපුන් Friday, 09 September 2016 02:18 PM

සුමිත්‍රා ඇස ඇරිච්ච නිසා තමා අපි හොර පවුල 2015 ජනවාරියේදී පැන්නුවේ (අ)

:       0       0

ජයරත්න Friday, 09 September 2016 02:21 PM

නාරද,මේ උද්ඝෝෂණය කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවත් නෙමෙයි. ලංකාවේ දෙමළ ජනයාත් නෙමෙයි. කිහිප දෙනෙක් උද්ගොෂණය කිරීම සහජීවනයට බාධාවකුත් නෙමෙයි. අපිට පේන හැටියට නම් සිංහල හා දෙමළ ජාතිවාදීන් දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත. (බ)

:       0       0

ජනහිත Friday, 09 September 2016 02:44 PM

උන් හිතනවා ඇති ලෝකේ හැම රටක්ම උන්ගේ කියල. ලෝක නායකයෝ උන් තැන තිබ්බේ නැත්නම් අනාගතයේ ලෝකයේ රටවල් වලට කරදරයක් වෙන එක වළක්වන්න බැහැ. මහින්ද උන් තැන තිබ්බ නිසා අපි සැනසිල්ලේ උන්නා. දැන් ආයෙත් පහුරු ගානවා. මම කරුණාවෙන් ලෝක ජනතාවට ආරාධනය කරනවා උන් පාලනය කරන්න එකතු වෙන්න කියල. (බ)

:       0       0

විකුම් රංගන Friday, 09 September 2016 03:19 PM

ඔව් ඔව් අපිට ඕනා ඔය සහජීවනය නෙමේ, යුද්ධයයි. එකට එකතුවී සහජීවනයෙන් ජීවත් වෙනවට වඩා වෙන්වී යුද්ධ කර වැනසෙන්න තියනවා නම් එක තමා අපේ සතුට හා සම්පත. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 September 2016 03:20 PM

දෙමල ඩයස්පෝරාවට දැන් තියෙන තැන මේ සංසිද්ධියෙන්ම පේනවනේ , හැමදාමත් බොරුව කරන්න බැහැ . බටහිරයෝ දැන් දන්නවා රටේ අවුලක් නැහැ කියල , කිලෝමීටරයක් ඈතින් උද්ඝෝෂණ කළාම කාට බලන්නද කාට ඇහෙන්නද ?එසැන බලන කට්ටියනම් හරියට කලබල වෙලා වගෙයි හරියට කොරහේ කිඹුල්ලු දැක්ක ගානට (බ)

:       0       0

කරුණාපාල Friday, 09 September 2016 04:12 PM

ඔය බටහිර රටවල වීසා අලුත් කරගන්න බැරි ප්‍රශ්න වලට මැදිවෙලා ඉන්න දෙමළ විතරක් නෙමෙයි, සිංහල ඩයස්පෝරාවත් මඟබලාගෙන ඉන්නේ නැවත ලංකාවේ යුද්ධයක් ඇතිවෙලා ඒ අයගේ වීසා වැඩේ ගොඩ දාගන්න. සමහරවිට ලංකාවේ පරාජිත දේශපලකයින්ව බලයට ගෙනෙන්න පෙරුම් පුරන අයටත් මේවා මහා ලොකුවට පේනවා ඇති. (නි)

:       0       0

පුෂ්පකුමාර Friday, 09 September 2016 04:12 PM

සුමිත්‍රා බස්නායක ඇස්දෙක අරගෙන දවල් හීන දකිමින් සුව නින්දක ඉන්න කෙනෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ. අනේ පව් ! (නි)

:       0       0

චන්න බුවනක Friday, 09 September 2016 04:40 PM

කව්රු කොහොම කිවුවත් හිටපු නායකයා නිසයි බයක් නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්. ඒ දවස්වල හැමතැනම මාර්ග බාධක. පුපුරන බෝම්බ. (නි)

:       0       0

රොෂාන් Friday, 09 September 2016 04:46 PM

කැලේ කොටියෙකුට කිවිසුමත් ගියත් සිංහ වෙස් ගත් නරි ටික හූ කියමින් පන බයේ දුවනවාලු. නියම සිංහයින්ට නම්, කොටිවත්, නරිවත් ගානක් නැතිලු. (නි)

:       0       0

හේවා Friday, 09 September 2016 05:47 PM

නාමල්, ඔහෙට තමා අතීතය අමතක. ඔහේ නිව්යෝර්ක් තියා උගන්ඩාවේ හිටියත් ලංකාවට ගියාම නිදහසේ පාරේ බැහැලා යන්නේ එතුමා රට කොටින්ගෙන් බේරා ගත් නිසා නොවේද (නි)

:       0       0

අසේල Friday, 09 September 2016 06:20 PM

නාමල්, ඔබලාට දිට්ට ධම්ම වේදනීය පළදෙන්නට ඉඩ තියෙනවා, කෙළෙහිගුණ නොදන්නා නිසා (නි)

:       0       0

හේමන්ත Friday, 09 September 2016 06:52 PM

ගොඩක් දෙනෙකුට අතීතය අමතක වී ඇති බව නම් පෙනෙනවා. සිංහල ජාතියේ අවාසනාව. (නි)

:       0       0

සෝමා Friday, 09 September 2016 08:09 PM

දෙමළ ඊළඟ ලෝක යුද්ධය පටන්ගන්න හැදුවේ ලංකාවෙන්. වාසනාවට මහින්ද සහ සෝනියා ඒක නැවැත්තුවා. නැවත බලාපොරොත්තුවන්න මැලේසියාවෙන්, නොර්වේ වලින්, කැනඩාවෙන්. කල්පනාකාරීවන්න (නි)

:       0       0

විජේ Friday, 09 September 2016 09:43 PM

විකුම් වගේ විනාශකාරී මානසිකත්වයක් තියෙන මිනිස්සු මානසික රෝහලකට යවන්න වේවි. මේ වගේ අය නිසා තමා ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට කරදර (නි)

:       0       0

ලක්සිරි Friday, 09 September 2016 10:15 PM

අනුන්ගෙන් කාල බීලා යැපෙන අයට නම්, යුද්ධයක් නැවත එන එක හොඳයි. (නි)

:       0       0

ෆ්‍රෑන්ක් මාටින් Friday, 09 September 2016 10:34 PM

මහින්දට එන්න කියමුද? වෙන කරන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

ටෙනිසන් Friday, 09 September 2016 11:34 PM

යහපාලනය නැද්ද එහේ?

:       0       0

දිමුත් Saturday, 10 September 2016 01:04 AM

එහේ එළවන අයට මෙහේ නම් ලයිසන් දෙනවා. (නි)

:       0       0

සමරේ Saturday, 10 September 2016 01:13 AM

ආණ්ඩුවට තියෙන බටහිර හිතවත්කම් නිසා තමයි ඔය උද්ඝෝෂණකාරයන්ට තහනම දාලා තියෙන්නේ කියලයි අපි නම් හිතන්නේ. ඕක පැවැත්වෙන්න ඇරියොත් වාසිය කාටද කියලා තේරෙනවනේ (නි)

:       0       0

ජනහිත Saturday, 10 September 2016 01:57 AM

ඔව් නාමල්, මැදමූලන වීරයා එදත් වීරයා අදත් වීරයා තමයි අපිට (නි)

:       0       0

එ. සුජීව Friday, 09 September 2016 09:05 AM

ලංකාව හා සම්බන්ද ඕනෑම කාරණයකට විරෝදය පලකරලා කඩාකප්පල් කරන එක දෙමල ඩයස්පෝරාවේ ජීවනෝපාය මාර්ගය වෙලා තියෙන්නේ.මේ උත්සාහය පරාජය කල යුතුයි. (ර)

:       0       0

නාරද නිවහල් Friday, 09 September 2016 09:43 AM

ජාත්‍යන්තරේ දිනුවා කිව්වේ ඔන්න ජාතික සහජීවනය දොරේ ගලනවා බොලව් (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 09 September 2016 10:05 AM

හෙට අනිද්දා වෙනකොට ලංකාවෙත් ඔය වගේ උද්ඝෝෂණයක් නොතිබුනොත් තමයි පුදුමේ. කාට, කාටත් එතකොට ඇස් ඇරේවි. (ර)

:       0       0

අතුල Saturday, 10 September 2016 03:20 AM

මීටකලින් තිබුණ උද්ඝෝෂණ වලට බටහිර රටවලින් මෙහෙම තහංචි දැම්මේ නැහැනේ

:       0       0

ගාමිණි Saturday, 10 September 2016 03:32 AM

සුමිත්‍රා, ඇස ඇරුණු නිසා තමා අපි හොර පවුල 2015 ජනවාරියේදී පැන්නුවේ (නි)

:       0       0

නන්දිමිත්‍ර Saturday, 10 September 2016 05:12 AM

ජනහිත, මැදමූලනේ වීරයාට උණ ගැනිලා ඇති දැන් දුමින්දට වෙච්ච වැඩේ දැකලා. තවටිකයි ඔහොම කකුලෙන් අදින්නේ. (නි)

:       0       0

රුවන් Saturday, 10 September 2016 05:25 AM

දෙමළ ඩයස්පෝරාව විරුද්ධ මහින්ද රාජපක්ෂට නොව සිංහල බෞද්ධයින්ටයි. එය මෙහෙයවන කණ්ඩායමේ අභිමතාර්ථය කුමක්ද කියා සොයා බැලුවොත් සිතාගන්න පුළුවන් වෙයි මේ සදාකාලික විරෝධය කොහෙන්ද එන්නේ කියලා. අපේ ලංකාවේ අයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. (නි)

:       0       0

උදය රත්නායක Friday, 09 September 2016 11:20 AM

මලයාසියාවේදී හිටපු ජනාධිපති තුමාට විරෝධතා කරනකොට හිනා උන මිනිස්සුන්ට තේරේවි බරපතල කම ළඟදීම. (ර)

:       0       0

සේනක-ඉතාලිය Saturday, 10 September 2016 05:44 AM

නාමල්, ඔයාට හිතෙට අමාරු රටේ ත්‍රස්තවාදය නැතිකරපු නිසාද? ඔයගොල්ලො අැමරිකාවට වෙලා ඩොලර්වලට යටවෙලා අපේ රට ජාතියට පහත් විදියට කථා කරන්න එපා. අද අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල මිනිසුන් ජිවත්වෙන්නෙ අපි අවුරුදු ගාණකට කලින් ජීවත්වුණ විදියට (නි)

:       0       0

විජිත Saturday, 10 September 2016 06:03 AM

නාමල් වගේ අය තවත් අපේ රටේ ඉන්නවනේ? (නි)

:       0       0

සත්‍යයා Friday, 09 September 2016 12:29 PM

දෙමළ ඩයස්පෝරාව විරුද්ධ මහින්ද රාජපක්ෂට නොව සිංහල බෞද්ධයින්ටයි. එය මෙහෙයවන කණ්ඩායමේ අභිමතාර්ථය කුමක්ද කියා සොයා බැලුවොත් සිතා ගන්න පුළුවන් වෙයි මේ සදාකාලික විරෝධය කොහෙන්ද එන්නේ කියලා. අපේ ලංකාවේ අයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. (නි)

:       0       0

ලලිත් සෞදි Friday, 09 September 2016 12:54 PM

නාරදටයි මේ කියන්නේ. ජාත්‍යන්තරයයි කොටි හිතවාදිනුයි කියන්නේ දෙකක් කියලා නොතේරෙන්න තරම් අඳබාලයින් වෙන්න එපා. කොටි උද්ඝෝෂණයයි සහජිවනෙයි අතර සම්බන්ධය මොකද්ද කියනවද (නි)

:       0       0

හේවා Friday, 09 September 2016 01:04 PM

නිදාසිටි කොටි දැන් දැන් අවදිවේගෙන එනවා (නි)

:       0       0

ධම්ම Friday, 09 September 2016 01:47 PM

මෙහෙත් ඕවා නැතුවා නොවෙයි. යාපනේ විශ්ව විද්‍යාලයේ උඩරට නැට්ටුවෝ ගුටිකෑවා. හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කියලා මේ ඊයේ පෙරේදා උද්ඝෝෂණයක් තිබුනා. වැඩිදුර ලියන්න බැහැ සංහිඳියාව පලුදුවෙන නිසා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 34 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 382 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 229 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 792 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 324 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 51 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site