IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සුව සේවකයන්ට ආචාරධර්ම

‍රජයේ රෝහල්හි සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායක වරුන්ට සහ උපස්ධායක වරුන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන්ගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් වි‍ශාල වශයෙන් මහජන පැමිණිලි ලැබෙමින් තිබෙන බැවින් රෝහල්හි ප්‍රධාන හෙද නිලධාරීන් යොදා ගනිමින් සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබාදිමට ද අමාත්‍යාංශය සැළසුම් කැර තිබේ. සෞඛ්‍ය අමාතයාංශයේ අධ්‍යාපන පුහුණු පර්යේෂණ ඒකකය මෙය ඉටුකරයි.



අදහස් (0)

සුව සේවකයන්ට ආචාරධර්ම

ලුම්බිණි Wednesday, 26 June 2013 10:54 AM

මේක දොස්තරලටත් අවශ්‍යයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 26 June 2013 10:58 AM

හොද වැඩක්. ලගකදී මම ඉස්පිරිටලෙටකට මගේ ලෙඩෙක් එක්ක ගියාම හැම තැනටම ට්‍රොලිය තල්ලු කලේ මම. සේවකයෝ ඔක්කොම නිකන් අයිස් ගහ ගහා ඉන්නවා. මම ආසාවෙන් කළ නමුත් විය යුත්තේ එය නොවන බව සිතමි. (නි)

:       0       0

නීල් Wednesday, 26 June 2013 10:59 AM

පගා නොගන්න උගන්නනවා නම් ඒකත් ලොකුදෙයක්. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 26 June 2013 11:05 AM

කියන්න දෙයක් නැහැ. ඔය සෞඛ්‍ය කාර්ය සහයකලා, උපස්තායකලා නම් හරිම නරක කිසිම ආචාර ධර්මයක් නැති පිරිසක්. 99% කම, එයාල දන්නේ කයිවාරු ගහලා දවස ගෙවලා අසරණ වෙලා එන මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන්න විතරයි. ආචාරධර්ම හදුන්වලා දීලා ඒවා ක්‍රියාත්මක වෙනවාදැයි කියලත් බැලුවොත් හොදයි (නි)

:       0       0

රුවන් Wednesday, 26 June 2013 03:05 PM

එතකොට දොස්තරලා නස්ලා පොඩ්ඩ ඇත්නම් ස්ට්‍රියික් කරන්නේ හොඳ ආචාරධර්ම තියන නිසාද දොස්තරලා ලෙඩවුන කාන්තාවන් දුෂණය කරන්නේ ගැබිණි මාතාවන්ගේ රහස් ස්ථාන බොරුවට පරික්ෂා කරන්නේ කාන්තාවන් දුෂනයකරලා මරන්නේ හොරෙන් වඳසැත්කම් කරන්නේ හොඳ ආචාරධර්ම තියන නිසාද ?(නදී)

:       0       0

උපාලි Wednesday, 26 June 2013 11:22 AM

සමස්ත රාජ්‍ය සේවයටම ව්‍යාප්ත කලයුතු දෙයක්. හැබැයි, පසු විපරමක් සහ ආචාර ධර්ම පිළිපදින්නන් දිරිමත් කිරීමේත් ආචාර ධර්ම කඩන්නවුන්ට දඬුවම් දීමේත් කිසියම් ක්‍රමයක් සහිතව. (නදී)

:       0       0

අමිල Wednesday, 26 June 2013 11:29 AM

කරුණාකරලා අධ්‍යාපනයට 6% සහ සුවසේවයට 6% බැගින් වෙන්කරන්න ජාතික අදායමෙන්. මේ දෙක නගා සිටුවීම තමා රටේ අනාගතයට බලපාන්නේ. අපි සිතාසිටින නිදහස් අධ්‍යාපනය අපි තුලික් ගිලිහි යන කලක සුවසේවා ගැන කවරනම් කතාද ? (නි)

:       0       0

ඔෂාන් Wednesday, 26 June 2013 11:37 AM

මේවා සුළු සේවකයන්ට නොව දොස්තරලාට ලබාදිය යුතුයි (නි)

:       0       0

චාමික Wednesday, 26 June 2013 11:53 AM

ඕකත් අර සේනාවටම බාර දෙන්න. එයාල ලග හොද ආචාර ධර්ම තියෙනවා හැමෝටම ඉගෙන ගන්න. (නදී)

:       0       0

සෙන්සා Thursday, 27 June 2013 08:36 AM

ආචාරධර්ම දන්න අය බොහෝ අතලොස්සයි ඉන්නෙ.උගන්නන එකත් අමාරුයි.ආදර්ශමත් ගුරුවරයෙක් හොයන එකත් අමාරුයි.නියම නායකයෙක් ප්‍රධානියෙක් හොයන්න බැරි කාලයක්. ඔක්කොම දේශපාලනයට යට වෙලා. නන්නත්තාර වෙලා. (නි)

:       0       0

සුදත් Wednesday, 26 June 2013 04:24 PM

සියලුමදෙන කරන්න යන වැඩේ ගැන සුබවාදීව සිතමුද ? අසුබවාදී අදහස් ටිකක් අඩුකරමු. රටේ දියුණුවට එයත් හේතුවක් වෙනවා. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 26 June 2013 12:53 PM

ප්‍රසන්න හරි. (අ)

:       0       0

අස්මිත් Thursday, 27 June 2013 10:27 AM

ජනමාධ්‍යයට කලින් රජයේ සේවකයන්ටයි මහජනතාවටයි සේවය කරන ආචාර ධර්ම උගැන්විය යුත්තේ.(නදී)

:       0       0

මිනිපේ Thursday, 27 June 2013 02:23 AM

ඔය ඉස්ප්රිතාලවල කටු කන අය තමයි පාලනය කරන්නේ.(නදී)

:       0       0

අමිලා Wednesday, 26 June 2013 02:28 PM

අපි කාටත් ආචාර්ය ධර්ම අවශ්‍යයි (දී)

:       0       0

අපොන්සු Wednesday, 26 June 2013 10:49 AM

මේක ඒක එල්ලේම මහජන මුදල් නාස්තිකරන බොරු වැඩක් වෙනවා හඳුන්වා දෙන ආචාරධර්ම පද්ධතිය පිළිපදිනවද කියලා හොයලා බලන්න ක්‍රමයක් හදන්නේ නැතිව සහ ඒක කඩන අයට විරුද්දව කටයුතු කරන්න බැරිනම්. ඇරත් රටේ 70% වැඩියේ ඉන්නේ බෞධයෝ නම් සැබැවින්ම බෞද්ධ පිළිවෙත් කරනවා නම් ආචාර ධර්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැනේ. ලෝකේ ජීවත් වෙන හැටි , සාර ධර්ම කියල දෙන්න ඕන වෙන්නේ සදාචාරයක් සංස්කෘතියක් නැති වනචාරින්ට නේද?(නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 26 June 2013 10:50 AM

ඒ කියන්නේ දොස්තරලා හෙදියෝ සහ අනිත් කාර්ය මණ්ඩලය හොඳයි කියලද? පොඩි අයට තමා සේරම. උපස්ථායකයෝ ගවුම් කලිසම් අඳිනවාටත් ඉහල නිලධාරී විරුද්ධ වුනානේ.ලොක්කන්ගේ අයථා ක්‍රියා වලට විරුද්ධව කිසිම පියවරක් නැහැ. ලෙඩ්ඩු මැරෙන්නේ අතපය කපන්න වෙන්නේ උපස්ථායකයන්ගේ වරදින් කියල තව ටික දිනකින් කියයි. (නි)

:       0       0

චමිල Wednesday, 26 June 2013 02:44 PM

එතකොට අර මන්නෙන් බෙල්ල කපලා නිදිපෙති බොන දොස්තරලට පුහුණුවක් දෙන්නේ නැද්ද ? ඉස්පිරිතාලෙට ගියාම තේරෙනවා පාරේ බල්ලෝ වෙලා උපදින්න, අතපය නැති වෙලා උපදින්න, අංගවිකල වෙලා උපදින්න තව කොච්ච්චර නිලදාරියෝ පෝලිමේ ඉන්නවද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 401 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 464 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 144 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1431 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1084 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 423 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site