IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුව සේවයේ ඩීජී අර්බුදය තවත් මෝදුවේ

සෞඛ්‍ය අමාත්‍යංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කිරීමෙන් මතුවී ඇති අර්බුදය ගැන සාකච්ඡා කිරීමට වෛද්‍ය පරිපාලකයෝ පිරිසක් මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් දිනයක් ඉල්ලා ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරු ද රෝහල් අධ්‍යක්ෂවරු ද ඇතුළු 14 දෙනෙක් එසේ ඉල්ලා ඇත.

මේ ප්‍රශ්නය ගැන රනිල් වික්‍රමසිංහ අගමැති හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ද සමග සාකච්ඡා කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.



අදහස් (0)

සුව සේවයේ ඩීජී අර්බුදය තවත් මෝදුවේ

විපුල Monday, 15 August 2016 03:02 AM

බලනකොට ජනතාවට කොකා පෙන්වන දේශපාලකයන් වැඩි පිරිසක් ඉන්නේ යහපාලනයේනේ. (නි)

:       0       0

දසුන් Monday, 15 August 2016 03:08 AM

මේ සමහරු නම් හිතන්නේ එයාලා රටේ මුල් පුටු වලටත් වඩා ඉහළයි කියලා. (නි)

:       0       0

නිමල් Monday, 15 August 2016 03:09 AM

සමහරුන්ට ලැබෙන දේවල් තව මදි ඇති. (නි)

:       0       0

ලුම්බිණි Monday, 15 August 2016 03:34 AM

සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන කටයුතු කරන වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ අය ඇත්තටම අයින් කළ යුතුයි. මේ අය රෝහල් වලට යැවිය යුතුයි. ඒත් ඒක කරන්න බැහැ මොන ඇමති කෙනෙකුට වත්. මීට කලින් එය උත්සාහ කල හැම ඇමති කෙනෙක්ම පැරදුනා. (හේ)

:       0       0

ලසන්ත Monday, 15 August 2016 03:47 AM

මාගේ වසර 16ක රාජ්‍ය සේවයේ මූල්‍ය විනය, අධීක්ෂණය හා පාලනය දුර්වලම ආයතන දුටුවේ සුව සේවාව තුලයි. හදිසි අවශ්‍යතාව, රෝගී ජීවිත, තාක්ෂණික කාරණා ආදී නොයෙක් දෑට මුවාවී සිදුකරන නාස්තිය, අකාර්‍යක්ෂමතාව, අක්‍රමිකතා, වංචා හා නොසලකාහැරීම් වලට වගකිවයුත්තෙක් නැත. ඒවා නිවැරදි කිරීමක් හෝ එවැන්නකට උත්සහයක් හෝ නොදරයි. ආයතන ප්‍රධානීන් රජයේ විගණන ගණනකට නොගනී. ප්‍රශ්ණ පැනනගින විට ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් කෙසේ හෝ බේරාගනී. නැතහොත් පහත් තැනකින් වතුර ගලායමට සලසයි. (හේ)

:       0       0

ඩිලාන් ද සිල්වා Monday, 15 August 2016 04:23 AM

රංග, විගණකාධිපති ඉන්නේ විගණනයට මිසක් මුළ්‍ය පරිපාලනයට නෙමෙයි. ආයතනයක මුල්‍ය පරිපාලනයට ඒ පිළිබඳ අධ්‍යාපනයක් හා පළපුරුද්දක් ඇති වෘත්තිකයයෙකු පත්කළ යුතුයි. මෙම වෘත්තිය මාෆියාව රාජ්‍ය අංශයේ බොහෝ තැන්වල තියෙනවා. යම් විෂයක් ප්‍රගුණ කරලා එන ඒ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවිණයාට තැන නොදි තමන්ගේ කෙනෙක්ව ඒකට දාන මේ වෘත්තිය මාෆියාව පාතාල මාෆියාවටත් වඩා රටේ දියුණුවට අහිතකර ලෙස බලපානවා. (නි)

:       0       0

ලලීන්ද්‍ර Monday, 15 August 2016 04:47 AM

දොස්තර මාෆියාවට බය නොවී අදාළ තනතුරට සුදුසුකම් සහිත ගණකාධිකාරීවරයෙකු පත්කිරීමට බලධාරීන්ට කොන්දක් තිබේ යැයි අප විශ්වාස කරනවා. එසේ නොවුණොත් දොස්තරලා වෙනම උසාවියකුයි, පොලීසියකුයි, පාසලකුයි ඉල්ලන්නත් ඉඩ තියෙනවා. මේ උද්දච්චකමට පාඩමක් ඉගැන්වීම ඉක්මනින්ම කළයුතුයි. (නි)

:       0       0

නිහාල් ක්‍රිස්ටි Monday, 15 August 2016 04:46 AM

රට ණයබරින් ගොඩගැනීමට නම් හැකිතරම් වියදම් අඩුකළ යුතුය. මහජන මුදල් කාදමන අලුත් තනතුරු ඇතිනොකළ යුතුය. (නි)

:       0       0

දුසාරා Sunday, 14 August 2016 12:17 PM

කුමාර, ඒ අය නැතිව දේසපාලුවන්ට පැවැත්මක් නෑ (බ)

:       0       0

සරත් Sunday, 14 August 2016 12:23 PM

ඒකාධිපති ක්‍රමය බිඳ වැටෙනවාට අකමැති වෙන්න එපා (බ)

:       0       0

දුමින්ද Monday, 15 August 2016 05:13 AM

නිල ගාය රථ ගාය රට වැටෙනවා හෙට අපායට (බ)

:       0       0

ඩිලාන් ද සිල්වා Sunday, 14 August 2016 12:53 PM

අර්බුදයේ සැබැ ස්වරුපය වෘත්තිය මාෆියාවද?දැනට පරිපාලනයේ සිටින්නේ වෙද්‍යවරුන් වන නිසා මුල්‍ය අංශය සදහා වෙනත් වෘත්තිකයෙකු පත් කිරිම හේතුවෙන්ද මොවුන් මේ විරෝධය මතු කරන්නේ? (බ)

:       0       0

සේනක Sunday, 14 August 2016 02:08 PM

එකම ආයතනයක ප්‍රධානීන් 2 ක් ඉන්න ලෝකෙ වෙනත් ආයතන එකක් හරි තියනවද? (ර)

:       0       0

ධම්ම Sunday, 14 August 2016 02:16 PM

දැනට ඉන්න ජනරාල්ට උසස්වීමක් දෙන්න. (ර)

:       0       0

අරවින්ද Sunday, 14 August 2016 04:27 PM

මුල්‍ය කළමණාකරනයට වෙද්‍යවරුන්ට නිසි පුහුණුවක් නැත්නම් ඒ සඳහා ගණකාධිකාරිවරයෙක් පත්කිරීමේ කිසිම වරදක් නැහැ. මේ ප්‍රශ්නයට මුල, මේ වෛද්‍යවරු තමන්ගේ හණමිටි අදහස් වෙනස් නොකිරීමයි. තවද, දැනට ඉන්න ජනරාල්ට උසස්වීමක් දීමෙන් ඔහුගේ මුල්ල්‍ය කළමනාකාරීත්ව ගැන දැනුම වැඩිවෙයි කියා සිතන්නට බැහැ. (නි)

:       0       0

රංග Sunday, 14 August 2016 06:42 PM

අධ්‍යක්ෂ ජනරාල්ලා දෙන්නෙක් ඉන්න බැහැ. මූල්‍ය ප්‍රශ්න තියෙනවා නම් විගණකාධිපති ඉන්නවා. (නි)

:       0       0

රාධා Monday, 15 August 2016 12:11 AM

තව කෙනෙක් පත්කළොත් උසස්වීම් වැඩිවෙන බව නොතේරෙන එකනේ පුදුමය (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 14 August 2016 10:43 AM

මොන ආණ්ඩුව ආවත් හෙන්චයියලාට නිසි තැන දෙන්න ඕනෑනේ. (බ)

:       0       0

කුමාර Monday, 15 August 2016 01:59 AM

ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 15 August 2016 01:59 AM

දැන් තියෙන්නේ පවුල්වාදයද ඉක්මවා ගිය, ජතාවට කොකා පෙන්වන යහපාලන වාදයක්නේ. මැතිවරණට පෙර ජනතාවට පැවසු දේවල් වැඩිම කොටසක් අමතක කරලා දැන් කරන වැඩ සාධාරණිකරණය කිරීමට කතා කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 528 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 649 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 364 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 254 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1059 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 897 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site