IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සංස්කෘතික රාජ්‍ය ඇමැති සීගිරියට කේබල් කාර් ඉල්ලයි

කාලය හා ශ්‍රමයද ඉතිරිකර ගත හැකි පරිදි සීගිරියට කේබල් ක්‍රමයක් ඇති කරන්නැයි මධ්‍යම සංස්කෘතික අරමුදලට යෝජනා කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා සීගිරියේදී අද (29) කීවේය.

‘බොහෝ දෙනකුට අද සීගිරිය නගින්න අමාරුයි. ඒ නිසා දියුණු රටවල කේබල් කාර් තිබෙනවා. සීගිරියටත් එය සුදුසුයි. සීගිරියේ කැටපත් පවුරේ මෑතදී කොණ්ඩ කටුවකින් පෙම්වතාගේ නම ලියූ තරුණිය කර ඇත්තේ නොදැනුවත්කම නිසා ඇයට නියම කළ සිර දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලීමක්ද කළේය. මේ වගේ දේවල් කොලු කාලේ සිද්ධ වෙනවා. පෙම්වතා පෙම්වතියගේ නම ගස් ගල්වල ලියනවා. සීගිරි කැටපත් පවුරේ ඇත්තේ මොනවාදැයි අපට කියවා ගන්න බැහැ. ඒවා කුරුටු ගී. පොත්පත්වලින් තමයි අපට ඒවා තේරුම් ගන්න වෙන්නේ. මඩකලපු තරුණිය කැටපත් පවුරේ මොකක්ද ලිව්වේ එහි බරපතලකම දැනගෙන නොවේ. ඒ නිසා ඇයට සමාව දිය යුතුයි.

 

 



අදහස් (0)

සංස්කෘතික රාජ්‍ය ඇමැති සීගිරියට කේබල් කාර් ඉල්ලයි

අනුෂ Sunday, 29 March 2015 06:16 AM

සීගිරියට කේබල් කාර් ඉල්ලන සංස්කෘතික රාජ්‍ය ඇමැතිට සංස්කෘතියක් තියෙනවද කියල මුලින් බලන්න ඕන. (ම)

:       0       0

රුපවති Sunday, 29 March 2015 06:18 AM

වැදගත් අවස්ථාවක්..හොද අදහසක් ..? ජපානයෙන් ඇනවුම් කරන්න, ශක්තිය සහ විශ්වාසනීය නිපැවුම්කරුවන්. මහජන මුදල් කවුරු කලත් හොරාකෑම නවත්වන්න ජගතෙක් නැහැ, ගසාකාවත් කමක් නැහැ සේවයක් වෙලා ....(ම)

:       0       0

රුපවති Sunday, 29 March 2015 06:21 AM

මෝඩකමට ලොකු ලොකු ඈයෝ, දෙකක් තුනක් තම වරන්ඩා එකේ ඉදන් වත්ත වටේට සිරි නරබන්න යන්නත් හයි කරගනීවිද දන්නේ නැහැ ..? (ම)

:       0       0

ඇසළ Sunday, 29 March 2015 06:48 AM

කාශ්‍යප රජතුමා හිටිය නම් මේක දැන ගත්ත හැටියේ වහ කාලා මැරෙනවා. පූරා විද්‍යා වටිනා කම තියෙන්නේ කේබල් කර් එකේ ගිහිල්ල බලන එක නෙමෙයි ඇත්ත ඒ සැටියෙන් බලා ගැනීමට අමාරුවෙන් රජකාලේ විදියට ගිහින් බලන එකෙන්. කොහොමත් ජයවර්ධන පුරේ ඉන්න කට්ටියට උඩට නගින්න බැහැ බඩවල් එක්ක ජරාව කාල ඉදිමිලා තියෙන්නේ (බ)

:       0       0

රුවන් සම්පත් Sunday, 29 March 2015 06:57 AM

යන්න බැරි අය නොගිහින් හිටියනම් ඉවරනේ (දිල්)

:       0       0

සොපී Monday, 30 March 2015 02:02 AM

පරිසරයට හානියක් නොවන අයුරින් මේ ක්‍රමය ක්‍රියාත්මක කළා නම් හරි අපුරුයිනේ. (නි)

:       0       0

මිලාන් Sunday, 29 March 2015 08:24 AM

මරු මොලයක්නේ මේ ඇමතිතුමාට තියෙන්නේ. කෙලින්ම උඩට නගිනවා මිසක් අර මග දිගට තියෙන ගුහාවන්, කැටපත් පවුර වගේ දේවල් බලන්න එපාද? (බ)

:       0       0

විජය Sunday, 29 March 2015 08:42 AM

ලංකාවේ කවදාවත් අලුත් දෙයක් ගැන හිතන්නේ නැහැ. කේබල් කාර් හොද අදහසක.(ම)

:       0       0

සිල්වා Sunday, 29 March 2015 08:56 AM

මම හිතන්නෙත් මේක හොද අදහසක් වයසක අයට නැරඹීමට අවස්ථාව ලබා දෙනවා මේ තුලින් ඒ වගේම කාලය ගොඩක් ඉතිරි වෙනවා සමහර විදේශිකයන් රටට එන්නේ සතියෙන් දෙකෙන් රටම නරඹලා යන්න සිගිරියටම දවසක් වැය කරාම ඔහුන්ට කාලය මදි වෙනවා හොද අදහසක් මේ කේබල් ක්‍රමය මධ්‍යයම කදුකරයේ සුන්දර ස්ථානවල සවිකරන්න පුළුවන් ඒ තුලින් සංචරක ව්‍යාපරයට වෙනසක් කරන්න පුළුවන්.(හේ)

:       0       0

ධම්ම Sunday, 29 March 2015 09:38 AM

කේබල් කාර් කෙසේ වෙතත් සිංහ කට ළඟ සිට ඉහලට යන්න ලිෆ්ට් එකක් දැම්මා නම් හොඳයි.(හේ)

:       0       0

ලංකා Sunday, 29 March 2015 09:43 AM

කේබල් කාර් දාන්න ඕන තැන් ඕන තරම් මේ රටේ තියෙනවා හැබැයි සීගිරියේ පිහිටීම සහ අතරමගදී බලන්න තිබෙන දේවල් ගැන හිතුවාම මෙතනටනම් කේබල් කාර් හරියන්නේ නැහැනේද. අනික ඒවගේ පද්ධතියක් සවිකිරීම සඳහා සීගිරි ගලට සහ අවට පරිසරයට මොන විදිහේ වෙනස්කම් කරන්න වේවිද. ඇමති වුනත් කතාකරන්න කලින් කාරණා හොයලා බලලා කතා කරන්න ඕනනේ.(හේ)

:       0       0

බණ්ඩා Sunday, 29 March 2015 10:30 AM

බොහෝ විදේශිකයෝ කැමතියි කේබල් කාර් වලින් ගමන් කරන්න .ඒ නිසා කේබල් කාර් දැම්මම කැමති අය කාර් එකේ යාවි අනෙක් අය පයින් යාවි ඒක තමන්ගේ කැමැත්ත (බ)

:       0       0

අබේරත්න -ටෝකියෝ Monday, 30 March 2015 04:55 PM

මෙයා සීගිරියට කේබල් ඉල්ලනවා . වෙන වැඩ නැතුවද කරන්න. ජපානයේ උසම කන්ද වන ෆුජි කන්ද නගින්නේ කේබල් කාර් වලින් නොවේ .(ම)

:       0       0

තාරක Sunday, 29 March 2015 12:26 PM

කවුද මෙහෙම ඇමැති කම් දුන්නේ ඇඩෙනවා තනි ඇහැට (බ)

:       0       0

පැතුම් Sunday, 29 March 2015 01:56 PM

ලෝක උරුමයක් වන සීගිරියට ඉහලින් කේබල් කාර් සහ කේබල් පෙනෙන විට අර ලස්සන තවදුරටත් රැකෙයිද ? පහසුව පමණක් සිතා වැඩ කරන්න බැහැ.( දෙමල තරුණිය ගැනත් හරිම අනුකම්පාව?මොකද ඒකට හේතුව? චන්දෙ නෙමෙයි නේද ඇමතිතුමා?) (ස)

:       0       0

වසන්ත Sunday, 29 March 2015 04:30 PM

කැටපත් පවුර කුරුටුගාපු තරුණියට මාර අනුකම්පාවක් නේ .. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 123 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 91 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 100 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 490 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1003 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1071 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 808 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site