IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සීසීටීවී කොළඹ සරසවියට

කොළඹ හැව්ලොක් පිළේ  රග්බි ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සීටීටීවී ආරක්ෂක කැමරා දර්ශන ගැන දින 14කින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයයට අද නියෝග කළේය.

එම දර්ශන සහිත සංයුක්ත තැටි හතරක් විශ්ව විද්‍යාලයයට යොමු කරන බවත්, සිද්ධියට අදාළ වාහනය වැනි වාහනයක් එහාට මෙහාට යන ආකාරය එම දර්ශනවල සටහන්වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම දර්ශනය සම්බන්ධයෙන් විදේශ විශේෂඥ යන්ගේ සහාය අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබා දෙන බව ද මහේස්ත්‍රාත් කීවේය. මෙම පරීක්ෂණ සඳහා නිලධාරීන් මදිකමක් ඇත්නම් අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් සපයා ගන්නැයි දැනුම් දුන්නේය.

මුල් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අවුරුදු දෙක හමාරක් තිස්සේ ප්‍රමාද වීම ප්‍රශ්න සහගත යැයි මහේස්ත්‍රාත් තාජුදීන්ගේ ශරීරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි වෛද්‍ය සභාවට නියෝග කළේය.

තාජුදීන්ගේ අස්ථි අධිශීතකරණයේ තබන ලෙස සුළු සේවකයන් දෙදෙනකුට කීවේයැයි හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා දන්වා තිබූ අතර තමන්ට එලෙස දැනුම්දීමක් නොකළ බව සුළු සේවකයෝ දන්වා තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කලින් විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එම නිලධාරීන් සත්‍ය තොරතුරු වසන් කර ඇත්දැයි සොයා බලන ලෙස නියෝග කළේය.

මේ අනතුර රිය අනතුරකින් සිදු නොවූවක් බව පෙනී යන බවත් සියලු වාර්තා පරීක්ෂා කර ඊළඟ දිනයේ නියෝග නිකුත් කරන බවත් මහේස්ත්‍රාත් කීවේය.

ජනවාරි හත් වැනි දාට නඩුව කල් තැබිණි.



අදහස් (0)

සීසීටීවී කොළඹ සරසවියට

තිලක්-ඩුබායි Thursday, 10 December 2015 05:15 PM

නීතියෙන් නැතිවුණත් සොබාදහමින් හෝ දැඩි දඬුවම් ලැබේවි. එතෙක් අපි ඉවසලා ඉන්නවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 10 December 2015 05:16 PM

අපරාධකරුවන් රටින් පනිනතුරු පරීක්ෂණ කර කර නම් ඉන්න එපා (නි)

:       0       0

දහම් Thursday, 10 December 2015 06:24 AM

එතකොට කලින් පොලිස් පරීක්ෂණවලදී එකට බීපු යාළුවො දීල තියෙන්නේ බොරු සාක්කිද? (බ)

:       0       0

කල්ප Thursday, 10 December 2015 06:41 AM

කව්රු කළත් දඩුවම් කරන්න ඕනේ. (බ)

:       0       0

මනෝජ් Thursday, 10 December 2015 06:43 AM

ඔක්කොටම කලින් ඉස්සරවෙලා පරීක්ෂණ කරපු අය අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න ඕනේ. (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 10 December 2015 07:05 AM

මට හිතෙන විදිහට මේ පරීක්ෂණ සම්බන්ධයෙන් වැරදි සාක්ෂි ඉදිරිපත් කරන්න ඉහළින් තිබ්බ කාගේ හරි ලොකු බලපෑමක් මුලිකව හේතුවෙන්න ඇති.(ම)

:       0       0

නිමල් Thursday, 10 December 2015 07:17 AM

කොහොමහරි වැරදි කර ඇති අයට දඬුවම් දෙමු. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 10 December 2015 07:28 AM

මාස එකොළහක් ගත වෙලා ගියා ඇවන්ගාර්ඩ්. තජුදින් හැර වෙන කිසිවක් නැ. දැන් මේ දෙකම අපේ රටේ කෝකටත් තෛලය වෙලා. (ර)

:       0       0

ජයවීර Thursday, 10 December 2015 07:26 AM

රටට අගනා ක්‍රීඩකයෙක් සාහසිකයන් විසින් අහිම් කළේය. (ර)

:       0       0

සමන් Thursday, 10 December 2015 07:41 AM

බලමුකෝ මොකද වෙන්නේ කියලා. (ර)

:       0       0

ගායනා නෙත්මි Thursday, 10 December 2015 07:41 AM

මේවට උත්තර ලියල වැඩක් නෑ. මොකද ලියන්න ගත්තොත් සැරටම කොමන්ට් ලියවෙනවා. (ර)

:       0       0

දුමින්ද Thursday, 10 December 2015 07:55 AM

අතීතය පමණක් රටකට ඇතිද.? (ර)

:       0       0

සමීර Thursday, 10 December 2015 08:30 AM

කිංග්ස්ලි, රටේ සහ ජනතාවගේ සුබ සිද්ධියට අදාළව මහා වැඩ ගොඩක් කෙරීගෙන යනවා. ඒවා පසුගිය කාලේ වගේ සංදර්ශනවලින් පෙන්නන්න ඕනි නැහැ. රටේ පටිපාටි සියල්ල සමාන්තරව සිදුවිය යුතුයි. බහුතර ජනතාව නිහඬව හිටියට ඔවුන් ඒ බව තේරුම් අරන් තියෙන්නේ. (බ)

:       0       0

පාඨලී Thursday, 10 December 2015 09:27 AM

සමීර පොඩ්ඩක් කියන්නකෝ බලන්න මොනවද රටේ කෙරීගෙන යන්නේ කියල . කොටි නිදහස් වෙනවා හමුදාව හිරගෙට යවනවා. බහුතර නෙවෙයි අතිමහත් බහුතරයක් තේරුම් අරගෙන තියනවා කරගත්තු විනාශය ගැනනම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 605 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4032 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2511 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 241 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1309 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1430 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27637 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site