IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සුසන්තිකාට උපදේශක තනතුරක්

ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම හා පුහුණු කිරීම පිළිබඳ උපදේශක තනතුරක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර ඇත.

2000 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැති ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 200 කාන්තා ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් සුසන්තිකාට පසුව එහි රිදී පදක්කම හිමි විය. ඒ රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ඇය කෑගල්ලෙන් මහ මැතිවරණයට ද ඉදිරිපත් වූ නමුත් පාර්ලිමේන්තුවේ අසුනක් දිනා ගැනීමට අසමත් වූවාය. 



අදහස් (0)

සුසන්තිකාට උපදේශක තනතුරක්

නිමල් Monday, 15 August 2016 02:40 AM

ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපිට හිතෙන විදිහට කට තමා ටිකක් හොඳ නැත්තෙ (නි)

:       0       0

රොකී‍ Monday, 15 August 2016 03:19 AM

බලමුකෝ එයාගෙනුත් උපදෙස් අරගෙන! (නි)

:       0       0

දසුන් Monday, 15 August 2016 03:16 AM

උසස් තැනක් දුන්නාට කමක් නැහැ. නමුත් ස්වාධීනව, රට ගැන හිතලා දැන්වත් වැඩ කරන්න. (නි)

:       0       0

රිකී Monday, 15 August 2016 03:21 AM

මේ ක්‍රීඩා වෙනුවෙන් වියදම් කරන සල්ලි වලින් සත පහක පොරෝජනයක් රටට නැහැ. කවපෙත්ත්, යගුලිය, කඩුලු පැනීම, හෙල්ල විසි කිරීම වගේ ක්‍රීඩා ආදී ග්‍රීකයන් අගය කලේ යුද්ධ කටයුතු වලදී ඒවා ප්‍රයෝජනවත් වන නිසයි. අද ඔය යකඩ ගුලිය විසි කරලා මොන කප් ගැහුවත් එවැනි ක්‍රීඩකයින්ගෙන් ලැබෙන පලේ මොකද්ද, රටකට? නිලධාරීන්ගේ මගෝඩි වැඩවලට සපෝර්ට් දෙන්න ක්‍රීඩකයන් තෝරා ගන්න එකයි කොරන්නේ. ටිකක් හිතලා බලන්න. අපි,මේ මහජනයා නිකම් සුදු අලි ටිකක් නඩත්තු කරනවා! (හේ)

:       0       0

සෙනරත් Monday, 15 August 2016 03:31 AM

හොද වැඩක් . සුසන්තිකා ඔබෙගේ හැකියාවෙන් යමක් කරවී කියල අපි බලාපොරොත්තු වෙනවා. (හේ)

:       0       0

රාමන් Monday, 15 August 2016 03:40 AM

මේ දේ තමයි කළ යුත්තේ.(හේ)

:       0       0

ඇසළ Monday, 15 August 2016 03:48 AM

දැන් මේ දේවත් හරියට කරගෙන ඉන්න බලන්න.(හේ)

:       0       0

අජිත් Monday, 15 August 2016 04:16 AM

සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි. ස්වාධීනව, රට ගැන හිතලා වැඩ කරන්න. සුබ පැතුම්! (නි)

:       0       0

කිත්සිරි Monday, 15 August 2016 04:22 AM

මෙතුමියගේ දක්ෂකම් ගැනනම් විවාදයක් නැහැ. එ්ත් මේ වගේ තනතුරකට අවශ්‍ය ඉවසීම හා සුදුසුකම් ඇයට තියනවද කියලා සැකයි. ඇයව යොදාගත යුත්තේ ක්‍රීඩක පුහුණුකිරීම් වලටයි. (නි)

:       0       0

වික්ටර් Monday, 15 August 2016 04:48 AM

කාලයකට පස්සේ අහන්න ලැබුනු හොඳ ආරංචියක් (නි)

:       0       0

ප්‍රදීප් Monday, 15 August 2016 04:50 AM

මේ මහත්මයා අපරාදේ දේශපාලනයට අාවේ. උගත්කමයි නම්බුවයි තියාගෙන පැත්තකට වෙලා වෙන දේ දිහා බලාගෙන ඉන්න තිබුනේ. දැන් ලංකාවට ලොකු වෙනසක් ඕනෑ. කොලපාට නිල්පාට දැන් කෑවා ඇති. රතු පාටටත් අවස්ථාවක් දෙන්න. (නි)

:       0       0

ආරච්චි Monday, 15 August 2016 05:01 AM

මේ ලියන්නේ ඔලිම්පික් රූපවාහිනියෙන් බලන ගමන්. මම තාම දැක්කේ නැහැ අපේ රටෙන් කවුරුවත් ඉන්නවා. ඇත්තටම කණගාටු හිතෙනවා ඒ ගැන. අපි දුප්පත් නිසා ක්‍රීඩාවට වෙන්කරන්න මුදල් නැතුව ඇති. මම දැක්කා අද වොලිබෝල් ක්‍රීඩාව. ඒ කාලේ හිටියා හොඳ දක්ෂයෝ. අදත් ඇති. මේවගේ ඒවායින් තමයි රට ගැන ලෝකයට දැන්විය හැක්කේ. (නි)

:       0       0

කිත්සිරි Monday, 15 August 2016 05:30 AM

ක්‍රීඩාවන් ජාත්‍යන්තර මට්ටමින් සාර්ථක ප්‍රතිපල නොලැබීමට එකම කාරණය තමයි ශ්‍රී ලංකාවේ සටන්කාමි ක්‍රීඩා පාලක මණ්ඩල. ඇතුලේ තියෙන ගැටුම් සහ දූෂණ නිසා ක්‍රීඩකයින්ට ඉදිරියට ඒමට ඉතා අපහසුයි. එක කලක් සුසන්තිකාට පවා ක්‍රීඩා අමාත්‍යාංශය සමග බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනා. තුන්වැනි ලෝකයේ රටවල මෙවැනි තත්වයන් සුලභව දැක ගන්න පුළුවන්. (බ)

:       0       0

නිශ්ශංක Monday, 15 August 2016 05:34 AM

මෙයා පහුගිය කාලේ ජනාධිපති තුමාට කියපුව අපිට මතකයි.මොනවා වුණත් හොද දෙයක් මේ ආණ්ඩුවෙන් කළේ (බ)

:       0       0

සමන් Monday, 15 August 2016 05:31 AM

ඔයා ගොඩක් දක්ෂ කෙනෙක් පෞද්ගලික ජීවිතයත් හොදින් ගතකරන්න තෙරුවන් සරණයි (බ)

:       0       0

නාලක Monday, 15 August 2016 05:48 AM

ආරච්චි, ලංකාවේ ඔලිම්පික් කමිටුව කියලා එකක් තියනවා. පිටරට යාම තමයි ප්‍රධාන අපේක්ෂාව. 1948 ඩන්කන් වයිට්ට පසු සුසන්තිකා 2000දි එනතුරු මොනවද මෙයාලා කළේ? 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් වර්ජනය කළා. ලංකාවේ රෝසා ගන්න හිටි පදක්කම වැළැක්වුවා. පසුවෙලා හරි මෙහෙම තීරණයක් ගත් එක හොඳයි. සුසන්තිකාට අවශ්‍ය බලය ලබාදෙන්න. (නි)

:       0       0

නාලක Monday, 15 August 2016 05:55 AM

රට දියුණු කරලා ඉන්න. මුලින් නිලධාරීන් හදන්න. ක්‍රීඩකයන්ට හරියට ඇඳුමක්වත් නැතුව ක්‍රීඩකයන් 9කුත් නිලධාරීන් 40කුත් යනවා රටේ සල්ලි වලින්. සිංගප්පුරුව ලෝකඩ පදක්කම් දෙකට පසු රිදී පදක්කම් 2ක් දිනුවේ 2012දි. රන් පදක්කමක් දිනුවේ 2016. අපේ රට කොතරම් දුර යායුතුද? සුසන්තිකා පසුවෙලා හරි මෙලෙස යොදාගැනීම හොඳයි. දැනුම මීළඟ පරපුරට දෙන්නේ නැතුව මේ ගමන යන්න බැහැ. (නි)

:       0       0

අනුරාධ Monday, 15 August 2016 06:24 AM

සාපෙළ සහ උපෙළ සමත් නොවුනොත් ජීවිතේ ඉවර නිසා දරුවෝ ක්‍රීඩාව අතහරිනවා. ක්‍රීඩාවට දක්ෂ ළමයාට රජයේ අනුග්‍රහය දීලා, රැකියාව ක්‍රීඩාව කළොත් අද ,තව අවුරුදු 18 වත් රන් පදක් කමක් ගනී. (බ)

:       0       0

අශෝක ‍ Sunday, 14 August 2016 04:30 PM

සුසන්තිකා, ඔබ වගේ තවත් දක්ෂ එක් ක්‍රීඩිකාවක් හෝ අප මව්බිමෙන් නැවත බිහිකර දෙන්න. ඔබට සුබ පතනවා. (නි)

:       0       0

ඉමාක් Sunday, 14 August 2016 04:30 PM

මෙතුමියගෙන් රටට වැඩක් ගන්න ඇයි මෙච්චර ප්‍රමාද වුණේ? (නි)

:       0       0

සිරිවංශ Sunday, 14 August 2016 04:43 PM

ඔව්. ඇත්තටම මෙය හොඳ තනතුරක් (නි)

:       0       0

සුපුන් Monday, 15 August 2016 07:33 AM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 14 August 2016 05:28 PM

මෙපමනකල් මොකද කළේ? දැන් ඔලිම්පික් වලට කට්ටිය යවලා ඉවරනේ (නි)

:       0       0

පූජානි Monday, 15 August 2016 07:58 AM

සුබ අනාගතයක් සුසන්තිකා! (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 14 August 2016 05:57 PM

සුසන්තිකා පදක්කමක් ගෙනාවට පස්සේ ආයෙත් කාටවත් බැරිවුණා. ලංකාවේ මිනිස්සු එයාට ගරු කරනවා මදි. රටට ගන්න පුළුවන් සේවය ඇගෙන් ලබාගැනීම වටිනවා. දේශපාලනය නම් අපට වැඩක් නැහැ. (නි)

:       0       0

නිහාල් Sunday, 14 August 2016 05:56 PM

සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි (නි)

:       0       0

විජේසුන්දර Sunday, 14 August 2016 11:02 PM

ඉතා හොඳයි. සුබ පැතුම්! (නි)

:       0       0

ටිකිරි Monday, 15 August 2016 12:05 AM

හදිසියේම සුසන්තිකාව මතක්වුණේ මේ මෑතකදිනේ. මීට කලින්නේ ඕක දෙන්න තිබුණේ. ලෝකේ කිසිම රටකින් ක්‍රීඩා ඇමති ගියේ නැහැ ඔලිම්පික් වලට. එ්ත් අපේ අය ගියා. ඒ ගියෙත් මහජන මුදලින් නේද? (නි)

:       0       0

සමන්ති Monday, 15 August 2016 12:15 AM

මෙය හොඳ තෝරාගැනීමක් (නි)

:       0       0

ශ්‍රද්ධා Monday, 15 August 2016 01:59 AM

ඉදිරියටම යන්න. ඔබට සුබ ගමන්! (නි)

:       0       0

සුන්දරලිංගම් Monday, 15 August 2016 02:37 AM

මෙතුමියට මීටත් වඩා උසස් තැනක් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 934 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 809 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 445 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 305 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1196 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 998 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site