IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස්

1997 පෙබරවාරි 11 වැනි දා කුරුවිට දී හිටපු මන්ත්‍රී නාලන්ද එල්ලාවල සහ ඇමැති ඩිලාන් පෙරේරාගේ රියදුරකු වෙඩි තබා ඝාතනය කිරීම, තවත් පිරිසකට බරපතල තුවාල සිදුකිරීම, අයුතු ජනරාශිය ඇතුළු චෝදනා එල්ලවී සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා අද නියෝග කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේ වසර ගණනාවක් ලඝු නොවන නඩු විභාගය පැවැති අතර නීතිපති විසින් සුසන්ත පුංචි නිලමේ , හිටපු නියෝජ්‍ය ඇමැති මහින්ද රත්නතිලක ඇතුළු පස් දෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේ නඩු පැවැරිණි.

නඩු විභාගය අතරතුර මහින්ද රත්නතිලක මිය ගියේය.

හත්මාසයක පමණ කාලයක දී පැමිණිල්ලේ සාක්කි අවසන් කැරිණි.

පැමිණිල්ල මගින් විත්තිකරුවනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොකළ හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය විත්තිය නොකැඳවාම විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥවරු  ඉල්ලා සිටියහ.

ඒ අනුව දෙවැනි, තුන්වැනි හා සිව්වැනි විත්තිකරුවනට එරෙහිව ප්‍රමාණවත් සාක්කි නොමැති හෙයින් පෙර නඩු දිනයකදී නිදහස් කරනු ලැබූහ.

නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාට එරෙහි චෝදනා පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව අද නඩුව කැඳවු අවස්ථාවේ මහාධිකරණ විනිසුරු තීරණය කළේ පුංචි නිලමේ මහතාට එරෙහිව ද පැමිණිල්ල මගින් ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව විත්තියේ සාක්කි නොකැඳවාම පුංචිනිලමේ මහතා නිදොස්කොට නිදහස් කැරිණි.

අපරාධය සිදුවන අවස්ථාවේ පුංචිනිලමේ හා මහින්ද රත්නතිලක එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෝ වූහ.

 

 



අදහස් (0)

සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස්

විරාජ් කාලිංග Wednesday, 18 December 2013 11:24 AM

එතකොට මිනි මැරුමක් උනේම නැද්ද එදා එතන. එල්ලාවල මහත්තයා මැරුනේ ඉබේමද?  (නදී)

:       0       0

අනුෂ්ක එරංග Wednesday, 18 December 2013 11:37 AM

තමන් ඉදිරිපිට තමන්ගේ හොදම යහළුවාව මරණකොට පෙනුනේ නැද්ද ඇමති තුමනි. සාක්කියක් දීමට කටක් නොඇරියේ ඇයි ඔබ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 11:38 AM

අපරාධකරුවන්ට වෙලාව ආ විට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා.(නදී)

:       0       0

උපාලි Wednesday, 18 December 2013 11:43 AM

අනේ නඩුව මෙච්චර ඉක්මනට ඉවර වුනාද? තවම 2013 නේ. විත්තියත් කැඳෙව්වා නම් තව ටිකක් කල් අපට බලා ඉන්න තිබුණ.(දිල්)

:       0       0

තුෂා Wednesday, 18 December 2013 11:52 AM

නාලන්ද ඒල්ලාවල තම විසින්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන කිව්වත් කරන්න දෙයක් නෑ(දිල්)

:       0       0

කැළුම් Wednesday, 18 December 2013 12:06 PM

දැන් මැරිච්ච අය නැවත ඉපදිලා පත්තර වලින් මේ නඩුව ගැන කියවනවත් ඇති. ඒක නිසා නඩුව ඉවර කරපු එක හොඳයි.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Wednesday, 18 December 2013 12:12 PM

ඕක අපි දන්නවා.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 18 December 2013 12:57 PM

මට අද වගේ මතකයි එක් ඇමති කෙනෙක් රූපවාහිනියට ඇවිල්ලා කෑ ගගහ කිව්වා එයාගේ යාළුවව එයාගේ ඇස් ඉස්සරහ වෙඩි තියලා මැරුවා කියලා. එතකොට ඒ සාක්කි වලට මොකද උනේ? (නදී)

:       0       0

ලක්ෂමන් Wednesday, 18 December 2013 01:01 PM

සුභම සුභ අනාගතයක්.(නදී)

:       0       0

මොහාන් Wednesday, 18 December 2013 01:05 PM

ජයවේවා! සත්‍ය ජයගනී. ඔය ත්‍රීමාවිතන මිනී මැරුමත් වෙන කාගේද වැඩක්. අපේ රටට දළදා හිමි සරණයි, මගේ දැයට දළදා හිමි පිහිටයි.(නදී)

:       0       0

චන්දන ධර්මසිරි - ඇමරිකාව Wednesday, 18 December 2013 01:39 PM

දෙනෝදාහක් ඉදිරිපිට වෙඩි තියලත් සාක්කි නැතිළු? (නදී)

:       0       0

දීප්ති Wednesday, 18 December 2013 02:06 PM

මේ වගේ දේවල් වලට පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Wednesday, 18 December 2013 02:09 PM

වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (නදී)

:       0       0

ලාල් කැන්ඩි Wednesday, 18 December 2013 02:56 PM

සාමාන්‍ය කෙනෙක් උනානම් කොළ නැති ගහේ තමා (දිල්)

:       0       0

සේසානායක Wednesday, 18 December 2013 03:02 PM

මීට කලින් මේ තීන්දුව බලාපොරොත්තු වුණේ.ඇයි මෙතෙක් ප්‍රමාද?(දිල්)

:       0       0

ෂෙරිෆ් Wednesday, 18 December 2013 03:14 PM

පුංචි නිලමේගේ නම් කියවෙන කොට මට මතක් වුනා ත්‍රිමා විතාරන සහෝදරයාව.(නදී)

:       0       0

අශාන් Wednesday, 18 December 2013 03:42 PM

දඩුවම් නියම වෙලාවට ලැබෙයි.(දිල්)

:       0       0

රනිල් Wednesday, 18 December 2013 03:50 PM

නාලන්ද එල්ලාවල කියන්නේ ලොකු ගමනක් යන්න ආපු කෙනෙක්. නමුත් මහ පාරේ මරලා දැම්මා. කව්රු කලත් නීතියෙන් නිදහස් වුනත් කරපු අයට හෘද සාක්ෂියෙන් නම් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ. ජීවිත කාලයම විඳවන්න වෙනවා.(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Wednesday, 18 December 2013 05:02 PM

තමන්ටම වෙඩි තියාගෙනද? කේ අපේ එකට හිටපු අර යාලුවා.(නදී)

:       0       0

සෙනෙවි Wednesday, 18 December 2013 06:13 PM

නමුත් හෘද සාක්ෂියෙන් නිදහස් වෙන්න හැකි වෙයිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 53 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 314 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 51 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 404 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 336 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 846 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site