IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සුසානයේ ගැබ්බර ඉත්තෑවියත් මරලා

මොරොන්තුඩුව මාවල සොහොන් බිමේ සිටි ඉත්තෑවකු හා ඉත්තෑවියක මරා මස් කළ බව කියන දඩයක්කරුවන් දෙදෙනෛකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සතුන් දෙදෙනා මරණ බයේ තම ගුලේ ඈතටම ගොස් සිටිය දී එළියට ඇද මරා ඇතැයි ද ඉත්තෑවිය පිටවුන් පැවීමට ඇති බව ද කියති.

DSC05385 DSC05388 DSC05407(1) vlcsnap-2016-06-28-11h14m29s42 vlcsnap-2016-06-28-11h14m47s221 vlcsnap-2016-06-28-11h15m47s52



අදහස් (0)

සුසානයේ ගැබ්බර ඉත්තෑවියත් මරලා

රොමේෂ් Wednesday, 29 June 2016 04:55 AM

සාමයි, රොෂාන් දෙන්නම අදහස් ලියන්න කලින් තේරුම්ගන්න මොකක්ද ලියන්නේ කියලයි, මොකටද ලියන්නේ කියලයි. හැඟීම් වලින් මුසපත් වෙන්නේ නැතුව (නි)

:       0       0

රාජුන් Wednesday, 29 June 2016 05:01 AM

මොවුන් කළ දේ වැරදියි, මනුෂ්‍යත්වයේ නාමයෙන්. මම ලංකාවේ මස් කඩේක දැක්කා මස් කරපු එළදෙනෙකුගේ තන බුරුල්ලෙන් කිරි ගලනවා. හරියට වේදනා දෙන දසුනක්. එ්ත් එතනට ආපු මිනිස්සු ඒ සතාගේ මස් අරන් ගියා, අර කිරි දිහා බල බලා. මම එදා ඉඳලා මස් කන්නේ නැහැ. අපේ බුද්ධාගමේ රටට වැඩිය ක්‍රිස්තියානි බහුතරය වෙසෙන ඕස්ට්‍රේලියාව සත්තු දිහා අනුකම්පාවෙන් බලනවා. මේ ළඟදි ඕස්ට්‍රේලියාවෙන් පන පිටින් ඉන්දුනීසියාවට අරින ගවයින් මරන්නේ දස වද දීල කියලා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව දැනගත්තා. එවෙලේම ගවයින් ඉන්දුනීසියාවට යවන එක තාවකාලිකව නැවැත්තුවා, තත්වය දියුණු කර ඉන්දුනීසියානු රජයෙන් සහතිකයක් ලැබෙනතෙක්. (නි)

:       0       0

විකුම් Tuesday, 28 June 2016 07:32 AM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

නන්ද Tuesday, 28 June 2016 08:11 AM

මේ වගේ විලිලජ්ජා නැති අපරාධ කරන්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා. මෙහෙම අයට අමුතු දඬුවමක් ඕනෑ නැහැ. ස්වභාව ධර්මය විසින්ම ඒ ටික කරනවා ඒකාන්තයි. (නි)

:       0       0

සමන් Tuesday, 28 June 2016 08:25 AM

පැයකින් ඇප දීලා එවාවිද බලමු. සතුන්ට කන්න බොන්න දීලා හදාගත් අයව හිරේ දාන වැඩ තමා අපේ රටේ වෙන්නේ (නි)

:       0       0

රොමේෂ් Wednesday, 29 June 2016 05:51 AM

යම් දෙයක් වැරදියි හෝ නිවැරදියි හෝ කියල දෙන්නේ ආගම/ ධර්මය විසින්. ඒ ඉගෙනගත්තු වැරදි දෙයට වැරදියි කියන්න හෝ වරද දැක දැක නොදැක්කසේ ඉන්න උගන්වන්නේ සමාජය විසින්. මේ වැරැද්ද කළේ මුස්ලිම් දෙන්නෙක්නම් අද මීට වඩා ගොඩක් අය අදහස් යොමුකරයි. මේ ක්‍රියාව පට්ට පතුරු ගහයි. ඒ නිසා හැමදෙයටම ආගම පටලවගන්න එපා. වෙනස් විය යුත්තේ සමාජ ක්‍රමයයි. (බ)

:       0       0

අතුල Tuesday, 28 June 2016 02:26 PM

මේවාට මරණීය දඬුවම දෙන්න ඕන , මේවා මිනිස්සු කරන දේවල් නොවේ මේවගේ අමානුෂික උන්ගෙන් සමාජයට වෙන්න තියෙන විපත් ඉතා භයානකයි ඊට කලින් මරලම දාන්න ඕන (බ)

:       0       0

වරුණ Tuesday, 28 June 2016 08:50 AM

අපේ මිනිස්සු මෙහෙම කරුම කරන නිසා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ (නි)

:       0       0

අරවින්ද Tuesday, 28 June 2016 08:57 AM

මගේ ඇස් දෙකට කඳුලක් ඉනුවා (නි)

:       0       0

රොමේෂ් Tuesday, 28 June 2016 02:30 PM

ඉත්තෑවා, වනජීවී සංරක්ෂණ පනත යටතේ ආරක්‍ෂිත සත්වයෙක් නෙමෙයි. ඒ නිසා මොවුනට නීතියෙන් ලොකු දඬුවමක් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් මරණ බයේ ගුල ඇතුලටම රිංගලා උන්න ගැබ්බර සතෙකුව මාරුවට සොබාදහමෙන් ලොකු දඬුවමක් ලැබෙයි.(හේ)

:       0       0

බලගෙදර Tuesday, 28 June 2016 09:13 AM

මෙවන් මිනිසුන් රටට බරකි (නි)

:       0       0

දිසානායක Thursday, 30 June 2016 06:08 AM

අපිට හරිම දුකයි ඒත් පොලිසියට නම් හරිම සතුටින් හිනාවෙන්න පුළුවන් (බ)

:       0       0

ඉම්රාන් Tuesday, 28 June 2016 06:40 PM

මොනතරම් ම්ලේච්ඡ මිනිසුන්ද? (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 28 June 2016 06:48 PM

දෙවියනේ, ගැබ්බර සතෙක් මරන්න තරම් දරුණු සිතක්? (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 28 June 2016 08:39 PM

මේ දෙන්නාගේ හම ගළවලා, ඇඟේ ලුණුයි මිරිසුයි ගාලා අව්වේ තියන්න ඕනෑ. (නි)

:       0       0

කපිල Tuesday, 28 June 2016 10:17 AM

හේමන්ත, ඔයත් කරලා තියෙන්නේ ලොකු වරදක්. වැරැද්ද දැකලා එය වසන්කිරිම. (ර)

:       0       0

සාමා Tuesday, 28 June 2016 11:17 PM

රොමේෂ්, මෙතන බලන්න ඕනෑ සතා ආරක්ෂිතද නැද්ද කියලා නොවේ. අහිංසක සතෙක් මරාගෙන කන්න අපිට තිබෙන උවමනාව. මිනිස්සු තිරිසන් ගතිගුණ වලින් පිරිලා කියලා මේ දේවලින් හොඳින්ම පෙනෙනවා. නමට බුදුදහම අදහනවා. ඒ වුණාට අහිංසක සතෙකුට උගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ (නි)

:       0       0

ශාන් Wednesday, 29 June 2016 12:50 AM

හරිම කණගාටුයි උදේ පාන්දරම මේ වගේ එකක් කියවන්න ලැබුන එක ගැන. මේවා කරපු අය පව්කරගත්තා වගේම මෙහෙම දුක්ඛිත මරණයක් හිමිවෙන්න සතුන් දෙදෙනාත් පව් කරලා තියෙන්න ඇති. අපිට දුත හිතෙන්නේ අපේ සිත් මෘදු නිසායි. සසර බියකරුයි කියන්නෙ නිකන් නෙමෙයිනේ. (නි)

:       0       0

රොෂාන් Wednesday, 29 June 2016 01:39 AM

රොමේෂ්, පනත් වලින් ආරක්ෂා කරන්න ඕනෑ නැහැ. සෑම සත්වයෙකුටම ජීවත්වීමේ අයිතිය තියෙනවා. කොහොම නමුත් මෙයාලට නීතියෙන් දඬුවම් ලැබුනේ නැත්තන් වැඩක් නැහැ. නීතියෙන් කෙසේවෙතත් වෙන දඬුවමක් හරි ලැබෙනවා (නි)

:       0       0

අතුල Tuesday, 28 June 2016 10:58 AM

කියන බණ බොහෝය, අසනා අය බොහෝය, රකිනා කෙනෙකු ගම හතකත් නැති සේය" කියලා අමරදේව මහතාගේ ගීතයක් තියෙනවා, මෙහෙමත් අපරාද, මේවා මොනතරම් අමානුෂික දේවල්ද ? කොයිතරම් අසරණ වෙන්න ඇතිද එම අහිංසක සතුන්. (ර)

:       0       0

උදාර Wednesday, 29 June 2016 01:53 AM

මේ අහිංසක සත්තු මොනතරම් වේදනාවක් උසුලන්න ඇද්ද? (නි)

:       0       0

හේමන්ත Wednesday, 29 June 2016 02:08 AM

කපිල, මට තේරෙන්නේ නැහැ ඔයා මොකක්ද කියන්නේ කියලා. මම කළ වැරැද්ද මොකක්ද? ඒ පළාතේ අය වැරදි කරනවා කියලා කලින් මිනිස්සු දැනුවත් කළේ නැහැ කියන එකද? කොහොමද මම එ්ක කරන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 29 June 2016 08:41 AM

දුකයි මෙවැනි පුවත් බලද්දී. මේ පොෙළා් තලයේ ජිවත්වන හැම සත්වයෙක්ම මරණයට බියයි.(ම)

:       0       0

බුවනෙක Thursday, 30 June 2016 04:48 PM

https://www.facebook.com/madusanka.jayasekara.1/photos?source_ref=pb_friends පොඩ්ඩක් බලන්න මේකේ ඉන්න මස් වැද්දන්ට මොනවාහරි කරන්න පුළුවන්ද කියලා (නි)

:       0       0

ලියනගේ Thursday, 30 June 2016 05:26 PM

ලොකුවට කුකුළු ගොවිපලවල් කරන අයත් එහෙනම් කරන්නේ මොනතරම් පාපයක්ද? (නි)

:       0       0

උපාලි Tuesday, 28 June 2016 11:20 AM

අනේ පවු අහිංසක සත්තු දෙන්නා! මෙහෙමත් නූගත් මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවනේ? (නි)

:       0       0

සිසිර කුමාර Tuesday, 28 June 2016 11:57 AM

මෙහෙමත් කාලකන්නි පව්කාර මිනිස්සු (බ)

:       0       0

ඩිල්ෂාන් Tuesday, 28 June 2016 12:04 PM

මෙවැනි අය හිරේ දමා වසර 20ක් තියනවනම් හොඳයි. හොඳ පොලු සංග්‍රහයකුත් දීල. (බ)

:       0       0

අජිත් - රියාද් Tuesday, 28 June 2016 06:31 AM

මෙහෙමත් පව්කාරයො! පළදෙයි ඉතින් කවදාහරි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 28 June 2016 06:31 AM

මේක නම් ඔය පළාතේ මිනිසුන්ට තිබෙන ලෙඩක්. අපේ ගමේ පන්සලේ වතු වැඩට ඔය පළාතේම අවුරුදු 60 ක විතර මනුස්සයෙක් අාවා. වත්ත පහළ මිනිහා හොරෙන්ම උගුල් අටවලා ලොකු ඉත්තෑවකු අල්ලලා වත්තේම මස් කරලා. එ්ක ඒ මිනිහගේ අවසාන ජොබ් එක. එදාම මිනිහා ඔය කියන ගමටම පිටත්කළා. (නි)

:       0       0

බණ්ඩා Tuesday, 28 June 2016 12:19 PM

පව්කාර ගල් මුසලයෝ දෙන්නෙක් (බ)

:       0       0

නුවන් ධම්මික ලියනාරච්චි. Thursday, 30 June 2016 09:05 AM

ඔබටත් මටත් මිහිතලය තුල ජිවත්වීමට අයිතිය ඇත්තාසේම සතා සිව්පාවන්ටත් තුරු ලතා වලටත් මේ මිහිපිට අයිතිය එකසේම ඇත.මන්ද මේ සැවොම ස්භාවදහමේ අංගයන් වන බැවිනි.(හේ)

:       0       0

චන්න Tuesday, 28 June 2016 06:51 AM

මෙහෙම දේවල් කරන අයට හොඳ දඬුවමක් දෙන්න, අායෙත් මේ වගේ දේවල් නොකරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 182 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 301 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 153 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 413 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1049 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 1383 1

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 361 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site