IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි : පහරදුන් අයට වරදී

කොළඹ වෝඩ් පෙදෙසේ  විශ්විවද්‍යාල කොමිසම ඉදිරියේ විරෝධය පෑමට ගිය සිසුනට පහරදීමෙන් පොලිසිය එම සිසුන්ගේ මානව හිමිකම් කඩකළ බවත් පහරකෑමට ලක්වූ සිසුනට වන්දි ගෙවිය යුතු බවත් පහරදුන් පොලිස් නිලධරයින්ට එරෙහිව නීති මගින් ක්‍රියා කළ යුතු බවත් මානව හිමිකම් කොමිසම අද තීරණය කළේය.

පොලිස් බැටන් ප්‍රහාරයට ලක්වූ සජිනි සන්දීපනී කුමාරසිංහ ශිෂ්‍යාවට රුපියල් 25000 ක වන්දියක්ද,නුවන් ප්‍රදීප් කුමාර,අයේෂ් රත්නසූරිය,සුපුන් නිශාන්,ෂාතිමා හනීනා හුසේන්,සඳුනි චන්ද්‍රසිරි,බුද්ධි උක්වත්ත,නිලූකා නයනා හා ජීවා රූපසිංහට රුපියල් 15000 බැගින් ගෙවිය යුතු බවත් කොමිසම තීන්දු කළේය.

පසුගිය ඔක්තෝබර් 29 වැනිදා උද්ඝෝෂණය කළ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලා සිසුනට පහරදීම පිළිඹදව කොමිසම මෙම පරීක්ෂණය පැවැත්වීය.පොලිස්පති ඇතුළු 12 දෙනෙක් වගඋත්තකරුවෝ වූහ.

මෙම පහරදීමෙන් පසු පොලිසිය කියා සිටියේ දුවද්දී බිම වැටුණු ශිෂ්‍යාවන් නැගිට සිටුවීමට පොලිසය උදව් කළ බවයි.

ජාතික බලය සංවිධානය හා ලහිරු වීරසේකර පැමිණිල්ල ඉදිරිපත් කළේය.

සිසුන්ගේ අයිතිවාසිකම් කඩවන අයුරින් කටයුතු කර ඇති නිලධාරීන් කවුරුන්ද යන්න හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට 2016.03.01 ට පෙර මානව හිමිකම් කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කිරීමටත් නිර්දේශ කෙරිණ.

වර්තමානයට ගැලපෙන ආකාරයට නීති විරෝධී මහජන රැස්වීම් පාලනය කිරීමට හා කැරලි මර්දනය කිරීමට සුදුසු ක්‍රමවේදයක්ද එදිනට සකස් කර ඉදිරිපත් කරන ලෙස නියම කෙරිණ.

ආචාර්ය දීපිකා උඩගම (සභාපතිනිය),සාලිය පීරිස්,අම්බිකා සත්කුණනාදන්,හමීඩ් ගසාලි හුසේන්,ආචාර්ය යූ.විදානපතිරණ යන කොමසාරිස්වරු මේ තීන්දුව ප්‍රකාශයට පත්කළහ.

මේ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව පහතින් ලබාගත හැකිය.

https://drive.google.com/file/d/0BzKsV1L1Xz8nSHJxdl8xZ1cyUlU/view?usp=sharing

 

limg1

ඡායාරූප ලහිරු හර්ෂණ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි : පහරදුන් අයට වරදී

කිත්සිරි Friday, 04 December 2015 03:20 PM

තීන්දුව ගැන සතුටුයි (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 04 December 2015 03:16 PM

මින් පසුවවත් සිසුන්ගේ හෝ රජයේ සේවකයින්ගේ උද්ඝෝෂණ නිසිලෙස වැළැක්වීමට රජය පියවර ගත යුතුයි (නි)

:       0       0

ඈෂ්ලි Saturday, 05 December 2015 12:34 PM

බෙහෙත් ගන්න්නත් මදි. ලෝක වන්දියක් නේ දීල තියෙන්නේ? (ස)

:       0       0

චන්න බුවනක Saturday, 05 December 2015 02:14 PM

යම් කෙනෙක් උද්ඝෝෂණයක් කරන්නේ යමක් ලබාගන්න. ඒ සඳහා රජය ගතයුත්තේ යහපත් පියවරය. නැතුව පහරදීම නොවේ. (නි)

:       0       0

හසිත් Friday, 04 December 2015 09:42 PM

ඒ වගේම තමයි උසස් අධ්‍යාපන සිසුන් තේරුම්ගන්න ඕනෑ තමන්ගෙන් රටට යම් යුතුකමක් ඉටුවෙන්න තිබෙන බව. රැකියා කරමින් මිනිස්සු බදු ගෙවන්නේ පුළුවන්කමකට නෙමෙයි. මේ අවස්ථාවේ සිදු වූ තදබදයෙන් මහා රෝහලේ සැත්කම් පවා කල්දැමුනා. තමන්ට සියලුම දේවල් ආණ්ඩුව සහ රටේ මිනිස්සු කරලා දෙන්න ඕනෑ කියන පටු ආකල්පයෙන් මිදෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 611 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 710 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 701 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 847 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 933 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 4561 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23425 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23062 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site