IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක්

සුජිත් හේවාජුලිගේ 

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ අලුත් සැසිවාරය පටන් ගන්නා දිනය සටහන් වුවත් වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත.

මේ නිසා සැසිවාරය පටන් ගන්නා වේලාව සටහන් කර අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීපයට පැවැසීය.

ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තු නව සැසිවාරය පටන් ගැනීමට නියම්තව ඇත්තේ මැයි මස 8 වැනිදාය.



අදහස් (20)

සැසිය කල් දාන ගැසට්ටුවේ හිලක්

බන්ඩා Tuesday, 17 April 2018 08:39 PM

ඕක ඔය තරම් හිතන්න දෙයක් නෙමේ, පාසැල් වල නිවාඩු දීලා, පාසැල පටන් ගන්න දිනය කිවුවහම ලමයි දන්නවා සිරිත් පරිදි පාසල පටන් ගන්න වේලාව, ඒ වගේ පාර්ලිමේන්තුවත් පටන් ගන්න වේලාවක් ඇති නේ, ඒ වෙලාවට පටන්ගන්න තියන්නේ..

:       2       1

rocky Wednesday, 18 April 2018 01:03 AM

උපදේශකයෝ නම් කෙළවරක් නැහැ. ඒත් මේ ටිකවත් හරියට කරගන්න බැරි අයද ඕවා බාර අරන් ඉන්නේ? අන්තීම අකාර්යක්ෂම පිරිසක්.

:       0       3

Sapumal. Wednesday, 18 April 2018 02:52 AM

ජනාධිපතිවරයාත්, ඔහුගේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලවල කිසිම අයෙකු මේ බව නොදැන සිටීමෙන්ම ඔවුන්ගේ නොහැකියාව සහ අනවබෝධය ප්‍රදර්ශනය කළ වටිනා අවස්ථාවක් බවට මෙය ඉතිහාසයට එක්වනු නොඅනුමානය. තවත් වසර දෙකකදී පමණ මේ රටේ ජනතාව තම වරද නිවැරදි කරගනු ඇත.

:       0       11

Saman k Wednesday, 18 April 2018 03:04 AM

මෙපමණ කලක් ජනාධිපති කරපු හැම වැඩකම හිලක් තිබ්බ එකේ ඕක අපිට නම් අමුතු දෙයක් නෙවෙයි.

:       0       10

KANDEPOLA Wednesday, 18 April 2018 03:15 AM

පේලි 4ක් හරියට ලියාගන්න බැරි මිනිස්සුනේ රටක් කරවන්නේ..

:       0       3

Thilina Wednesday, 18 April 2018 03:31 AM

අනේ! අනේ!! අනේ!!! සුද්ද අපිට දීලා ගිය පරිපාලනයට මොකද වුනේ! ගැසට් පත්‍රයක් වත් හරියට ගහ ගන්න බැරිනම්...

:       0       3

Rasi Wednesday, 18 April 2018 03:58 AM

මහා පුච්චානම් නම් කාරයින් ආණ්ඩුවේ හිටියට, කිසිම වැඩක් හරියට කරගන්න දන්නේ නැහැ. ඕක වගේම තමයි, හැම එකේම හිලක්. ගේන ව්‍යවස්ථාවත් ඔය වගේ තමයි. දැක්කනේ පළාත් පාලන පනතට වෙච්ච දේ. 19 ගේනවා. අගමැති අයින් කරන විදිහක් නැහැ. තමන් හදපු දුම්කොළ පනතට වෙච්ච දේ දන්නේ නැහැ කිව්ව කෙනානේ...

:       0       24

සතයපාල Wednesday, 18 April 2018 04:29 AM

කැමති වෙලාවක රැස්වෙන්න පුළුවන් වෙන්න තමයි ඔය විදියට ගැසට් එක ගහලා තියෙන්නේ... කොහොමටත් කට්ටිය තමන්ගේ වැඩ කරනගෙන වෙලාව තිබුණොත්නේ ඕකට එන්නේ...

:       0       3

Pradeep Wednesday, 18 April 2018 05:27 AM

මොන වැඩේද මෙයා හරියට කළේ? හැම එකක්ම අනාගත්තා මිසක්...

:       0       56

Bamunuarachchi Wednesday, 18 April 2018 05:30 AM

ගැසට් නිවේදනයක් පළකර ගන්න බැරි මේ ආණ්ඩුව තව මොනවද හරියට රටට කරන්නේ? මහා බැංකුවට හදපු හිලෙන් බිලියන ගණනක් එළියට ගිහිල්ලා හොරකම කරපු අයත් එළියට ගියා... ඉතුරු වුනේ හිල් හදන එවුන්ම තමයි.

:       57       16

Pohottu Bamunaa.Wednesday, 18 April 2018 10:18 AM

මේක ජනාධිපතිගේත්, කාර්ය මණ්ඩලයේත් වරදක් බව පෙන්නේ නැතිද? කොයි වෙලාවෙත් තියෙන්නේ රනිල් භීතිකාව සහ බැඳුම්කරේ. බැඳුම්කරේ වංචාව වැරදි බව ඇත්ත. ඒත් එ්කේ පාඩුවටත් වඩා මුදල් දේපළ තහනම් කර තිබෙන බවවත් මේ මොන්ටිසෝරි බබා දන්නේ නැතිද? තමන්ගේ නායකයයි, හැත්ත බුරුත්තයි කරපු හොරකම්වල මුදල් එහෙමවත් ගන්න පුළුවන් වෙලා තියෙනවාද? තමන් නිරුවත්ව වීදුරු ගෙයක ඉඳගෙන අනුන්ගේ නිරුවතට ගල් ගහන කොට තමන්ගේ නිරුවත පේන බව දන්නේ නැතිද? තමන්ගේ හොරකම් වහගෙන අනුන්ගේ හොරකම් වලට දඬුවම් ඉල්ලනවා. මෙහෙමත් මොලේ ඇද මිනිස්සු...

:       2       122

BamunuarachchiWednesday, 18 April 2018 05:38 PM

ඒ මිනිසුන්ගේ දේපළ තහනම් කලාට අපිට වැඩිකළ පොලී අඩුවන්නේ නැතිබව, අර්ථසාදක මුදල් වලට වුන පාඩුව, රුපියලේ අගය අඩුවීම නැතිවෙන්නේ නැතිබව ඔයා දන්නේ නැද්ද? භාන්ඩාගාරයට උනපාඩුව සමහරවිට අයකර ගනී නමුත් ජනතාවට උන පාඩුව මිලියන ගණන විදේශීය සුරැකුම්පත් ආපසු ගැනීමෙන් රටට වුන පාඩුව ඔබ කියන දේපල තහනමෙන් කවර් වෙන්නේ නැතිබව තේරුම් ගන්න කල්යාවි. අර්ථ සාස්ත්රයත් ටිකක් හෝ දැනගෙන ඉන්න වාද කරනවානම්

:       0       0

BamunuarachchiWednesday, 18 April 2018 05:42 PM

කාගෙන් වුනාද කියන එක ඇතුලේ අයගේ ප්‍රශ්නයක්. නමුත් ජනතාවට රජයේ නොසැලකිල්ල නිසා වුන වැරද්දක් එහෙම නේද මහත්මයා

:       0       0

Pohottu Bamunaa.Thursday, 19 April 2018 03:02 AM

එතකොට ඔයාගේ ලොක්කයි හැත්තෑ බුරුත්තයි රටම හොරාකාපු විදිහ බැලුවාම බඳුම්කරෙන් ජනතාවට වෙච්ච පාඩුව පුංචියි නේද?

:       0       0

Hafeel Wednesday, 18 April 2018 07:00 AM

මේ ආණ්ඩුවේ හැම තැනම හිල් තමයි. දැන් පළාත් පාලන ඡන්ද ඉවර වෙල මාස දෙකටත් වැඩියි. නමුත් කඩු ප්‍රහාරවල් හෝ දැඩි තීන්දුවල් හෝ පේන්න නං නැහැ. කඩු ප්‍රහාර, දැඩි තීන්දු කොහොම වුනත්, ඊළඟ කැබිනෙට් සංශෝධනයේදී ආයිත් රවී කරුණානායක ඇමතිවෙනවා වගේ ආරංචියි. මෙහම ගියොත් 2020 ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් තරඟ කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනක් හරි පහසුවෙන් දිනනවා.

:       30       71

sena Wednesday, 18 April 2018 09:12 AM

අපේ ජනාධිපතිතුමාට මොකුත් බැහැ...

:       0       61

රවින් Wednesday, 18 April 2018 10:12 AM

ඉහළ තැන් වල ඉන්න පුටු රත්කරන්නන්ගේ වැඩ කිඩ තමා මේ. නුසුදුස්සෝ හැම තැනම. පන්දම අල්ලනවා පුටුවට යනවා... හරියට වැඩක් කරගන්න බැහැ. කොහෙද පුටුවට යන්න තල්ලුව දාන්නේ අට පාස් උදවියනේ....

:       0       3

සඳුන් Wednesday, 18 April 2018 10:21 AM

ඔස්ටින් කේම්බ්‍රිජ් එකේ කාලෙ හරි වගේ. දැන් හොඳට දුවන හයිබ්‍රිඩ් එකක්වත් හොයා ගන්න එක ඇඟට සනීපයි.

:       0       4

de silva Wednesday, 18 April 2018 01:21 PM

ඔස්ටින්ට ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ ඇපල් මල්ලක් අරන් ලෙඩ්ඩු බලන්න ගියා. දැන් ජනාධිපති ලේකම් වුණාම ගැසට් එකේ වෙලාව අමතක වෙලා. හෛබ්රිඩ් ආණ්ඩුවේ වැඩවලට කේම් බ්‍රිජ්වලට දැන් අමතර කොටස් නැත.. ඕවා හොඳ කටුගෙටයි..

:       0       0

[email protected] Wednesday, 18 April 2018 02:03 PM

මධ්‍යම රාත්‍රියෙන් රාත්‍රී 12ට නම් අදාළ දින විවෘත වෙලාව සඳහන් කිරීම අනිවාර්යයි. අනික් කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව යන්නන්ට 70 වන ව්‍යවස්ථාවෙන් සඳහන් වීමත් බරපතල කාරණයක්.. 70 වන ව්‍යවස්ථාව කොහෙද තියෙන්නේ? හිටන් හුටන් සහ මැන්ටල්ලා එක්ක වැඩ කරනකොට ඔහොම තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 175 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1322 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 599 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 1077 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 702 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 327 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2048 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site