IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සුසිල්ගේ අණට ප්‍රසන්න අනී

ශී‍්‍ර.ල.නි.ප මහජන නියෝජිතයින්ට වෙනත් පක්ෂ සංවිධානය කරන රැස්වීම් වලට සහභාගී වීම තහනම් කළද, සිය පෞද්ගලික මතය මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම තහනම් කළද මහනුවර රැස්වීමට ශී‍්‍ර ල.නී.ප. පාක්ෂිකයන් සහභාගී වීම වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා කියයි.

නුගේගොඩ රැස්වීමට ආ පිරිසට වඩා වැඩි පිරිසක් මහනුවර රැස්වීමට එනු ඇතැයි ද ඔහු පවසයි. පක්ෂයක් යනු බෝඞ් ලෑල්ලක් නොවන බව පෙන්වා දෙන රණතුංග මහතා පක්ෂය රැක ගැනීමට නම් පාක්ෂීකයන්ගේ මතයට ඉඩ ලබා දීමට පක්ෂ නායකයන් කටයුතු කළ යුතු යැයි ද පසයි.  තනතුරු හා වරප‍්‍රසාද වෙනුවෙන් ප‍්‍රතිපත්ති පාවාදෙන පුද්ගලයින්ගෙන් පක්ෂ නායකත්වය ආරක්ෂා විය යුතු බව පවසන රණතුංග මහතා එ.ජා.පය පරාජය කිරීමේ සටනේ නායකත්වය නොගෙන එවැනි රැස්වීම් වලට සිය මහජන නියෝජිතයින් සහභාගී වීම  වැලැක්වීමට ගනු ලබන පියවර පාක්ෂිකයන්ගේ ප‍්‍රසාදයට හේතු නොවන බවද පෙන්වා දෙයි.

කුමන තත්වයන් යටතේ වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති බවට පත් කිරීමේ  සටන අත් නොහරින බවත් රණතුංග මහතා අවධාරණය කරයි.



අදහස් (0)

සුසිල්ගේ අණට ප්‍රසන්න අනී

දිසා Thursday, 05 March 2015 05:50 AM

මුළු මහත් ලෝකයක් දිනු සහෝදරයෙක් ඉන්න පවුලක සිතුම් පැතුම් වල හැටි (නදී)

:       0       0

අරම්පත් - කුරුණෑගල Thursday, 05 March 2015 05:58 AM

නියම සිංහල නායකයෙක්. අප ඔබ සමගයි ඔබට ජයවේවා.! (ර)

:       0       0

දයා Thursday, 05 March 2015 06:01 AM

ප්‍රසන්න ඔබ නියමයි, ඔබගේ මානව අයිතිවාසිකම් කඩ කරන්න හදන්නේ. (ර)

:       0       0

ඉන්දික Thursday, 05 March 2015 06:06 AM

වසන්ත, චෝදනා කාට කරන්න බැරිද.? එත් ඒවා ඔප්පු කරන්න ඕන. කෝ මෙච්චර කාලයකට මොනවද ඔප්පු කලේ.? (ර)

:       0       0

ඩි.ජේ. Thursday, 05 March 2015 06:07 AM

මහින්ද මහත්තයටත් මේක හොඳම වෙලාවක් කල්්‍යාන මිත්‍රයෝ අඳුනගන්න! පේනවනේ? මෙන්න නියම මිනිස්සු! (ර)

:       0       0

පද්මිණි Thursday, 05 March 2015 06:07 AM

මොකද මේ මිනිස්සු මුළු ජිවිත කාලෙම එක නායකයෙක් ඉල්ලගෙන අඬ වැටෙන්නේ. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 05 March 2015 07:35 AM

හරියට හරි ප්‍රසන්න මහත්තයා නියම කතාව පක්ෂය යනු ''බෝඩ් ලෑල්ලක් නොවනබව '' ශ්‍රී ලංකා කාරයෝ හැටියට මේ ගොල්ලෝ සතුටු වෙන්න ඕන දහිරිය දෙන්න ඕන ඒ කරන වැඩේට අකුල් හෙලන්නේ නැතිව. (ර)

:       0       0

නිශාන්ත Friday, 06 March 2015 12:19 AM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

නන්දසේන Friday, 06 March 2015 12:19 AM

හොඳයි හොඳයි, අපි බලමුකෝ.... (නි)

:       0       0

බණ්ඩා Thursday, 05 March 2015 07:45 AM

හරියටම හරි ඔබතුමා. රනිල් සැමදා අපගේ අගමැති. (ර)

:       0       0

වින්සන්ට් Thursday, 05 March 2015 07:52 AM

ජාතිවාදී බෝඩ් එකයි, වංචාව, දුෂණ යයි එක්කමද ශ්‍රී රීලංකා නිදහස් පක්ෂය ඉදිරියට යා යුත්තේ? දේශපාලන අනාථයන් වීමට සිටින සමහර සුළු පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මග පෙන්වන්නන් විය යුතුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, ප්‍රතිපත්තිමය දේශපාලනයක් මිස ජනතාව අන්ධයන් සේ සලකා කටයුතු කරන ස්වරූපයක් ජනතාව අපේක්ෂා කරන්නේ නැත.(නදී)

:       0       0

ගමගේ Thursday, 05 March 2015 08:12 AM

ඔය කාගෙ කාගෙත් විස්තර අපි දන්නවා (නි)

:       0       0

මංගල විජේන්ද්‍ර Wednesday, 04 March 2015 02:36 PM

නියමයි ප්‍රසන්න (නදී)

:       0       0

අමානි Wednesday, 04 March 2015 03:02 PM

නිදහසක් නැති නිදහස් පක්ෂය පොල් ගාන්නද? (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 05 March 2015 08:39 AM

වින්සන්ට් මහත්තයෝ, නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඒ ප්‍රශ්නය බලාගනීවි.ඔයා ලක්ෂ 58 නැති 62 ගොඩේ කෙනෙක් නම් ඒ පැත්ත බලාගන්න (නි)

:       0       0

සංජීව Thursday, 05 March 2015 08:42 AM

එක එක ගැට වලට අසුවුන ශ්‍රී.ල.නි.ප. බලලෝභින් පක්ෂය පාවා දෙද්දී ඔබ වගේ නියම කොන්ද පණ ඇති අපේ මිනිසකු සිටීම අපට ආඩම්බරයකි. අපි ඔබ සමගයි. (නදී)

:       0       0

සාෆ්රාස් Wednesday, 04 March 2015 03:52 PM

නියමයි මහ ඇමතිතුමනි (නදී)

:       0       0

කසුන් Wednesday, 04 March 2015 03:53 PM

නියමයි (නදී)

:       0       0

උදය Wednesday, 04 March 2015 04:17 PM

ඔබ කවදා හෝ දවසක රටටම නායකයා වනවා. (ස)

:       0       0

දර්ශන Wednesday, 04 March 2015 04:23 PM

කොන්ද පණ ඇති ඔබට මාගේ ප්‍රණාමය. (ස)

:       0       0

සුරේෂ්. Wednesday, 04 March 2015 04:26 PM

මහ ඇමති තුමනි කලින් ආණ්ඩුව තියද්දි පාක්ෂිකයන්ට අසාදාරනයක් උනේම නැද්ද? (ස)

:       0       0

කුමාර Thursday, 05 March 2015 09:34 AM

ජයවේවා! නියමයි (නි)

:       0       0

කුමාර Thursday, 05 March 2015 09:41 AM

පද්මිණි,ඒ තමයි අවුරුදු 30 පස්සේ ආ හොඳම ජනාධිපති. (නි)

:       0       0

වීරවංශ Thursday, 05 March 2015 09:42 AM

එන්න එන්න. දැන් හොඳ වෙලාව (නි)

:       0       0

ප්‍රභාත් ලියනගේ Thursday, 05 March 2015 09:46 AM

මෛත්‍රීට මිනිස්සු ඡන්දෙ දුන්නේ ශ්‍රීලනිපයේ නායකයා වෙන්න නොවේ. එයා වෙනත් සන්ධානයකින් ඉල්ලුවේ. දිනුවට පස්සේ එයා පක්ෂය අල්ලාගත්තා. එයාට සහයට අපේ හිටපු ටික දෙනෙක් පැන්නා. මුළු ශ්‍රිලනිපයම දැන් උඩුයටිකුරු වෙලා. කොහොමහරි ප්‍රගතිශීලින් ටික දෙනෙක් එකතුවෙලා සිදුවෙලා තිබෙන මෙම ඓතිහාසික වරද නිවැරදි කරන්න උත්සාහ ගන්න හදන වෙලාව මේක. නිකන් බොරු තර්ජන දාලා මේ උත්සාහය වලක්වන්න හැදුවොත් ස්ථිර වශයෙන්ම පක්ෂය කැඩිලා කුජීත වෙලා යනවා. ප්‍රසන්න රණතුංග විශිෂ්ටයෙක්. පක්ෂයේ බලය අල්ලාගෙන ඉන්න ලොක්කොන්ට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබලාට මිලක් නැත. තමුන්ලා ජනතාව ඉදිරියේ මාර්කට් කල නොහැක. පාක්ෂිකයන් ලෙස ඔය අණදීම් අපි තුට්ටුවකට මායිම් කරන්නේ නැත. . ප්‍රසන්න රණතුංග මහ ඇමතිතුමනි ඔබේ දුරදර්ශිභාවයට අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 05 March 2015 09:46 AM

ප්‍රසන්න රණතුංග මහ ඇමතිතුමනි, ඔබේ දුරදර්ශීභාවයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

පිවිතුරු Wednesday, 04 March 2015 05:06 PM

6 වෙනිදා රැස්වීමට යාම තහනම් කරලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ගමන නතරකරන්න බැරි බව 6 වෙනිදාටම වැටහේවි. තමන් තම කැමැත්ත දුන් නායකයාගේ පුනරාගමනය බලාපොරොත්තුවන එක කොහොමද නතර කරන්නේ? හෙට අනිද්දා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් මහින්ද මහතා වටා රොද බැඳගනීවි. (නි)

:       0       0

සුරංග Wednesday, 04 March 2015 05:10 PM

අතිවිශිෂ්ටයි සර්! (නි)

:       0       0

ලංකා Wednesday, 04 March 2015 05:11 PM

ඔබතුමාට අපගේ ප්‍රණාමය ප්‍රසන්න රණතුංග මැතිතුමනි (නි)

:       0       0

ඉන්දික කුමාරි රත්නායක Wednesday, 04 March 2015 05:17 PM

ජයවේවා!! ඔබ වැනි අය රටට ආඩම්බරයක්. (නි)

:       0       0

මාපා Wednesday, 04 March 2015 05:40 PM

ප්‍රසන්න මැතිඳුන්ට ජයවේවා! (නි)

:       0       0

බණ්ඩා Thursday, 05 March 2015 10:04 AM

පක්ෂයේ විනයක් කියල එකක් තියෙනවා. ඒකට ගරුකරන්න බැරි නම් පක්ෂයෙන් ඉවත්වෙලා කොන්ද කෙළින් තියාගෙන ඉදිරි වැඩ කළොත් වඩාත් සුදුසුයි (නි)

:       0       0

රොෂේන් Wednesday, 04 March 2015 06:01 PM

ජය වේවා! (නි)

:       0       0

පිවිතුරු Thursday, 05 March 2015 10:08 AM

නිදහස් පක්ෂ පාක්ෂිකයින් ඒ ප්‍රශ්නය බලාගනීවි (නි)

:       0       0

අස්ලාම් Wednesday, 04 March 2015 06:36 PM

හඬ වගේම වැඩත් තියෙන්න ඕනෑ (නි)

:       0       0

ජගත් Wednesday, 04 March 2015 07:43 PM

මෙන්න කොන්ද පණ ඇති නියම මිනිස්සු. අපි ඔබ සමඟයි. (නි)

:       0       0

සමන්ත Thursday, 05 March 2015 12:05 PM

මහින්ද මහත්තයා බලයේ ඉන්නකොට කඩේ ගිය අයට නැති කැක්කුමක් ඇයි දැන් මේ සමහරුන්ට ඇතිවෙලා තියෙන්නේ. (නි)

:       0       0

සමන් Thursday, 05 March 2015 12:08 PM

අවංක, නිදහස්මත දරන, හොරු නොවන සුසිල් ප්‍රේමජයන්ත වගේ පිරිසිදු අයත් ඉන්න බව මේ රටේ මිනිස්සු දැනගන්නට ඕනෑ (නි)

:       0       0

වසන්ත ඉතාලිය Thursday, 05 March 2015 12:45 AM

හිටපු ජනපති ත්‍රස්තවාදය නැතිකළ බව ඇත්ත. එහෙත් අධිවේග හදලා මුදල් නාස්තිකළා කියනවා. සුදුවෑන් ත්‍රස්තවාදය, කුඩු ජාවාරම් ආරක්ෂා කළා. අරලියගහ දන්සැල් වලට කොතෙක් වියදම් කළාද? වාහන කොතෙක් පරිහරණය කළාද? තව අපි නොදන්නා කොතෙක් ඇද්ද? එහෙව් කෙනෙක්ද නැවත අගමැති කරන්න හදන්නේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 05 March 2015 12:46 AM

ප්‍රසන්න මහතා කෙළින් කතාකරන පුද්ගලයෙක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 05 March 2015 12:16 PM

ඉදිරි ඡන්දෙකදී මෙයාලා ගැනත් මිනිස්සු බලාගනීවි අපුරුවට (නි)

:       0       0

දිලානි Thursday, 05 March 2015 01:47 AM

කෙළින් කතාකරන, කොන්ද පණ ඇති නියම නායකයෙක්.තනතුරු හා වරප‍්‍රසාද වෙනුවෙන් නිදහස් පක්ෂය පාවාදෙන නායකයන්ට නියම කණේ පහරක් ඔබතුමා එල්ලකළේ. නියමයි මහ ඇමතිතුමනි (නි)

:       0       0

මුසාඩ් Thursday, 05 March 2015 02:57 AM

ෆයිල් පරණවෙලාද දැන්? (නි)

:       0       0

රුවන් Thursday, 05 March 2015 03:15 AM

ඔබ පක්ෂයේ නායකත්වයට වුවද සුදුසු බව පෙනෙනවා (නි)

:       0       0

සුමල් Thursday, 05 March 2015 03:09 PM

රතුපස්වල සිද්ධිය වෙද්දී කොහෙද මේ අය හිටියෙ?දන්නෙ නැති නිසයි ඇහුවෙ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. (නි)

:       0       0

සුනිල් සේනානායක Thursday, 05 March 2015 04:12 PM

අපි ඔබ සමගයි (බ)

:       0       0

හින්නිමහත්තයා Thursday, 05 March 2015 04:40 AM

ඔබ නිවැරදියි. පොදුවේ රටවැසියාගේ ගෞරවාචාරය ඔබට හිමිවෙනවා. (ර)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 04:59 AM

පිවිතුරු, මිනිස්සු වඩා කැමති 2005දි දිනනකොට හිටිය මහින්දට (නදී)

:       0       0

සුසන්ත Thursday, 05 March 2015 05:09 AM

කොන්ඳ පන ඇති නියම නායකයෙක්. ඔබට අපගේ ප්‍රනාමය. (ර)

:       0       0

සමීර Thursday, 05 March 2015 05:13 AM

ගම්පහ අපි ඔබ සමගයි. ආදරණිය නායකයා නැවතත් අපි අගමැති පුටුවට ගේනවා. ප්‍රස්සන්න රණතුංග ඔබට අපි අදරෙයි. (ර)

:       0       0

ගයාන් Thursday, 05 March 2015 05:14 AM

අපි ඔබ සමගයි ජය වේවා ! (ර)

:       0       0

ගැමුණු Thursday, 05 March 2015 05:17 AM

රණතුංගල කවදත් කෙලින් වැඩ කරන මිනිස්සු. රටට වටිනවා. (නදී)

:       0       0

ජානක Thursday, 05 March 2015 05:21 AM

මෙතන තියෙන අදහස් ටිකවත් බැලුවොත් හැදෙන්න පුලුවන් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 38 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 432 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 240 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 352 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1095 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2884 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site