ජාතික අයෝමය ශූරයෙකු වන සිසිලසිරි සෝමපාලගේ තරග තහනම වසර 5ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය තීරණය කර තිබේ. වසර 2010 දී ජාතික අයෝමය ශූරයාට තේරුණු සෝමපාලගේ තරග තහනම ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි පසුගිය පෙබරවාරි 1 වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගත් බව කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතා ”ලංකාදීප”යට පැවැසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල කුමාර මහතා පැවසුවේ එම ක‍්‍රීඩකයාට එරෙහිව වසර 5කට පනවා තිබූ තරග තහනම එකී කාලසීමාවට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට පියවර ගත් බවයි. වසර 2010 බහරේන් රාජ්‍යයේ දී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ අනුදැනුමෙන් තොරව සහභාගි වීමේ චෝදනාව මත වසර 2010 නොවැම්බර් 27 වැනිදා සිට 2015 නොවැම්බර් 27 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කායවර්ධන සම්මේලනයේ විනය කමිටුව විසින් ඔහුට මෙම තරග තහනම පනවන ලදී. කෙසේ වුවත් සෝමපාල පැවසුවේ පසුගිය පෙබරවාරි 11 වැනිදා පැවැති 2011 වසර සඳහා වන ජාතික කායවර්ධන තරගාවලියට පුහුණු කටයුතු අතපසුවීම නිසා තමන් සහභාගි නොවූ බවයි.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසිලසිරිගේ තරග තහනම වසර 5 කට අත්හිටුවයි