IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සුසිල් ග්‍රහලෝකාගාරය බලන්න යයි

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් දියුණුතම රටවල් හා සම්බන්ධ වී එම රටවල සහයෝගයද ලබාගෙන ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය නවීනතම තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට පියවර ගන්නා බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

නවීන තාක්ෂණික ක‍්‍රම භාවිතයට ගනිමින් නැරඹීමට පැමිණෙන පිරිසට විශ්වීය කරුණු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීමට කටයුතු කරන බවත් ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

1965 වසරේ පවත්වන ලද කර්මාන්ත ප‍්‍රදර්ශනයේ එක් විශේෂාංගයක් ලෙස අරම්භ කරන ලද ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය අඩ සියවසක් සපුරමින් දැවැන්ත ඉදිරිගමනක නිරත වී සිටන අතර අද වන විට ලෝකයේ ඇති අනෙකුත් ග‍්‍රහලෝකාගාර මෙන් නවීන තාක්ෂණය භාවිත කරමින්, ඩිජිටල් තාක්ෂණය මඟින් ගෝලීය දර්ශන නැරඹීමේ අවස්ථාව මෙරට මහජනතාවට ලබාදීමට ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයට හැකිවීම සාඩම්බර කරුණක් බවත් පාසල් දරු දැරියන් ඇතුළු නරඹන්නන්ට නවීන උපකරණ භාවිත කරමින් සෞරග‍්‍රහ මණ්ඩලය, ග‍්‍රහලෝක හා තාරකා පිළිබඳ විශ්ව දැනුම ලබාදීම සඳහා විද්වත් කාර්ය මණ්ඩලයක සේවය සමග ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරය ජාත්‍යන්තර මට්ටමට වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.

එම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍යාංශ ලේකම් ආර්. විජයලෙච්චමී, අතිරේක ලේකම් අනුරාධා ඉලේපෙරුම, අමාත්‍යාංශ සැළසුම් අධ්‍යක්ෂ හිමාලි අතාවුදගේ, ශ‍්‍රී ලංකා ග‍්‍රහලෝකාගාරයේ සහකාර අධ්‍යක්ෂ කේ.පී.කේ. කෝරලගම ඇතුළු මහත්ම මහත්මීන්ද අමාත්‍යාංශ නිලධාරීන්ද රැසක්ද සහභාගී විය.

12019779_10207955624834859_20159301357197113813280556_n 12046566_10207955624874860_20159304919312243092855133_n 12096122_10207955624754857_59256201593009292676605952_n



අදහස් (0)

සුසිල් ග්‍රහලෝකාගාරය බලන්න යයි

ධර්ම ජයවික්‍රම Thursday, 01 October 2015 06:18 AM

නිල්පාට කොලපාට කන්නාඩි ගලවන්න. අපේ දරුවන්ගේ විද්‍යාත්මක ඥානය දියුණු කරන්න ලෝකයත් එක්ක බද්ධ වෙමු. (බ)

:       0       0

විජිත් Wednesday, 30 September 2015 12:53 PM

දැන් මේකත් කන්න වගෙයි.... රටේ පාලකයිනි, ඔබ අකමැත්තෙන් පියාගෙන සිටින දෙනෙත් දැන්වත් විවර කරන්න කාලයයි මේ..(හේ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 September 2015 12:59 PM

මේ දවස්වල මැති තුමාට පෙන තරුයි ග්‍රහාලෝකේ තරුයි සමානද කියලා අහනවා ! (හේ)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 06:26 AM

පරිසරය මේ විදියට වැනසුනොත් යන්න වෙන ග්‍රහලොවක් සොයන්න වේවි (නි)

:       0       0

ජෝයි Wednesday, 30 September 2015 01:03 PM

දැන් නම් තරු පේනවා නේද ?(හේ)

:       0       0

උපේක Thursday, 01 October 2015 06:27 AM

ඉර හඳ තරු සේ ඔබ අපිට විශ්වාසයි (නි)

:       0       0

අශෝකා Thursday, 01 October 2015 08:18 AM

ටයි කොඔට් එකට බැස්සා එහෙනම් (අ)

:       0       0

කරුණාරත්න Wednesday, 30 September 2015 06:15 PM

හොඳයි හොඳයි (නි)

:       0       0

සමන් Wednesday, 30 September 2015 06:24 PM

ඔබතුමා ග්‍රහලෝකාගාරයට ගිහිල්ලා බලන තරු අපිට දැනටමත් පෙනිලයි තියෙන්නේ ඇමතිතුමෝ (නි)

:       0       0

විජේතුංග Wednesday, 30 September 2015 07:12 PM

කවුරුත් අවධානය යොමු නොකරන පැත්තක් (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 30 September 2015 07:16 PM

දැන්ද ඔබතුමාලා ග්‍රහලෝකාගාරය බලන්න ගියේ? මම නම් ඕක බැලුවේ මීට අවුරුදු තිහකටත් කලින් (නි)

:       0       0

වසන්ජය Wednesday, 30 September 2015 09:04 PM

ලාල් මහතා කියන දේ හරි අවිද්‍යාත්මිකයි (නි)

:       0       0

අජිත් ගමගේ Wednesday, 30 September 2015 09:44 PM

හරිම දුකයි ග්‍රහලෝකාගාරේ පුටුවල තත්ත්වය ගැන නම්. උඩ බලාගෙන ඉන්නකොට බෙල්ල රිදෙනවා. (නි)

:       0       0

ඔමිල Wednesday, 30 September 2015 11:10 PM

මේක වැඩිදියුණු කරන්න හිතපු එක හොඳයි (නි)

:       0       0

සුධාර Thursday, 01 October 2015 12:05 AM

ඇමතිතුමා මීටකලින් මේක බලලා තිබුණද දන්නෙ නැහැ (නි)

:       0       0

ජයාත් Thursday, 01 October 2015 12:13 AM

සමහරුන්ට නම් තරු පෙනිලා හිටියේ. ඒත් යන්තම් වැඩේ ගොඩ ! (නි)

:       0       0

නිල්මිණි Thursday, 01 October 2015 01:43 AM

කවුරු මොනවා කිවුවත් මෙතුමා කරන සේවය අගය කරන්න වටිනවා (නි)

:       0       0

කැටවල Thursday, 01 October 2015 01:47 AM

ෂා නියමයිනේ! (නි)

:       0       0

සඳරුවන් Thursday, 01 October 2015 02:06 AM

හොඳයි. ඊළඟ ඡන්දෙ වෙද්දී වෙන ග්‍රහලෝකයකුත් හොයාගන්න පුළුවන්වෙයි අපිට (නි)

:       0       0

නිහාල් Thursday, 01 October 2015 02:43 AM

අපිට තරු පෙන්නන්න නම් එපා ඔන්න හො‍ඳේ! (නි)

:       0       0

චමිල Thursday, 01 October 2015 02:45 AM

තරුණ තරුණියෝ උනන්දු කළොත් ග්‍රහලෝකාගාරයට හොඳ ලාබයක් ලැබේවි (නි)

:       0       0

කැප්පෙටිපොල Thursday, 01 October 2015 04:25 AM

මෙයා කිසිම අමාත්‍යංශයක් හරියට කෙරුවද? ගිය ආණ්ඩුවේදී බාල පෙට්‍රෝල් ගෙනල්ල අහිංසක ජනතාව අමාරුවේ දාල ඩොලර් මිලියන ගණන් සාකුවේ දාගත්ත කියල චෝදනා ලැබුවා. රටේ යහපාලනයක් ඇති කරන්න නම් රටට අපරාද කරන අය හිරේ දැමිය යුතුයි. (ස)

:       0       0

ධම්ම Wednesday, 30 September 2015 11:12 AM

ඇමතිතුමා අහන්නේ ලෝකය රවුම්ද කියලා නේද? (ස)

:       0       0

බණ්ඩා Wednesday, 30 September 2015 11:35 AM

ගියාට බලලා වැඩක් නෑ.දියුණුවට මොකක් හරි දෙයක් කරන්න.(හේ)

:       0       0

අංගොඩ ලාල් Thursday, 01 October 2015 05:14 AM

වසන්ජය උන්නැහේ විද්‍යාත්මක කියන වචනයේ තේරුම නොදැනීම ගැන කණගාටුයි. මේ කියන ඇමතිතුමා මීට කලින් ඛනිජ තෙල් පිලිබඳ ඇමැතිවෙලා හිටපු කාලේ වුනේ මොකද කියලත් දන්නේ නැතිනම් කාගෙන් හරි අහල දැනගන්න කියලත් මම කියනවා . (ස)

:       0       0

කුමාර් Wednesday, 30 September 2015 12:19 PM

මෙයාලත් අපිට තරු පෙන්නයිද දන්නේ නෑ.(හේ)

:       0       0

රුචිර Wednesday, 30 September 2015 12:31 PM

කට්ටියට දැන් තමයි තරු පේන්නේ.(හේ)

:       0       0

රහීම් Wednesday, 30 September 2015 12:32 PM

ඇමතිතුමා අහනවා අමාත්‍යංශයේ ප්‍රශ්නයක් ආවොත් ග්‍රහලෝකෙට යන්න පුළුවන්ද කියලා.(හේ)

:       0       0

කපිල Wednesday, 30 September 2015 12:38 PM

මේ අවස්ථාව හොද අවස්ථාවක්.(හේ)

:       0       0

ලාල් Wednesday, 30 September 2015 12:49 PM

විද්‍යාත්මක ආකාරයට ඇමතිකම් බෙදදෙනවා කිව්වට විද්‍යා සහ තාක්ෂණ වගේ ඇමතිකමක් ඒ විෂයන් ගැන නොදන්නා එහෙත් නීතිය ගැන දන්නා කෙනෙකුට දීම කොයිතරම් විද්‍යාත්මකද කියලා අපි බලාගෙන ඉඳිමු .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 334 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 315 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 430 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 923 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 405 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 15 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site