එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පරාජය වීමට හේතු මොනවාද යන්න ගැන දේශපාලනයෙන් විශ‍්‍රාම යන දිනක ප‍්‍රකාශයක් කරන බවත් එම දිනය වැඩි ඈතක නොවිය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ උප සභාපති සහ තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
හැම තීන්දුවක්ම ගත්තේ පක්‍ෂ නායකත්වයේ කැමැත්ත මත ගත් බව කී හිටපු මහ ලේකම් ඒ නිසා මැතිවරණ 10ක් ජයගැනීමට මෙන්ම පසුගිය මැතිවරණයේදීක් ආසන 95ක් දිනා ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය.
කිසිවක් නොදන්නා ශ්‍රී.ල.නි.ප යේ නොවන සන්ධානයේ වෙනත් පාර්ශව පිරිසක් තමන්ට නඟන චෝදනා නිවැරදි කරන්නට තමා කටයුතු කළා නම් ඒ පිරිස්වලට ගැටලූ ඇතිවිය හැකිව තිබූ බවද කී සුසිල් ප්‍රේමජයන්ත මහතා නොදන්නා දෙවල් ගැන ප‍්‍රසිද්ධියේ කතා නොකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සිය ධුරයේ වැඩභාරගැනීමේ උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ සන්ධානය පිහිටවූ අවස්ථාවේ හිටපු ජනපතිනිය එහි සභාපති ධූරයට යෝජනා කළේ තමන් වුවත් එය තමාට නොලැබුණු බවය.
තමාට සුදුසුකම් තිබුණත් තනතුරු නොලැබෙන අවාසනාවක් තිබෙන බවද ඔහු සිනාසෙමින් කීවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසුයේ සන්ධානයේ සියලූ පාර්ශව ඒකරාශී කරගෙන පෙරට ගොස් ඊ ළඟ මහ මැතිවරණයේදී සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම තම අරමුණ බවයි.
ශ්‍රී.ල.නි.ප මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සන්ධාන මන්ත‍්‍රීවරු කිසිවෙක් නොවූහ.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුසිල් රහසක් කියා ළඟදීම යන්න යයි?
සදුන් Wednesday, 16 March 2016 11:54 AM
පසුගිය ජනාධිපතිවරණයට ලංගම බස් අරගෙන තාම ගෙවල නැහැල්ලු. මේවත් ;පිළිවෙලක් කරන්න. මහා ලේකම් විදිහට ඒක යුතුකමක්. (බ)
නිහාල් Wednesday, 16 March 2016 12:02 PM
එ්ක හොඳයි.මොකද දැන් ඇත්ත කිව්වොත් හෙටම විශ්‍රාම ගන්න වෙනවා.(බ)
ක්‍රිෂාන් විතාන Wednesday, 16 March 2016 12:05 PM
ඇයි නැත්තේ ඒකාබද්ද විපක්ෂේ මන්ත්‍රීවරු, ඔතන දෙන්නෙක්ම ඉන්නවනේ මනුෂ නානායක්කාර හා මහින්ද යාපා අබේවර්ධන ඉන්නේ (බ)
අබරන් Thursday, 17 March 2016 02:58 AM
ඩෙංගු වැළඳීම නිසා අහිමිවූ ජීවිත වලට වගකියන්නේ කවුද? මදුරු කොයිල් ප්‍රශ්නය අපිට මතකයි. හරි නම් ඒ සුදුසුකම් වලට සිංහල රජකාලේ දඬුවම් දෙන්න වටින්නේ. එ්ත් ලංකාවේ ඒ වෙනුවට ඇමතිකම් ලැබෙන්නේ. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ? (නි)
චමින්ද Thursday, 17 March 2016 02:51 AM
අයියෝ යන්න එපා. අපේ මහජන නියෝජිතයෝ මෙහෙම කියනවා අහන්නත් ආසයි (නි)
චතුරි Wednesday, 16 March 2016 12:47 PM
බිත්තරය රකින කිකිළි වගේ ඕක රත්කරකර ඉන්න එපා එලියට. දමන්න මෙලහකටත් කුකුලෝ ටික ලෑස්ති වෙලා ඉන්නේ බෙරිහන් දීලා කෑගහන්න කනක් ඇහිලා ඉන්නදෙන එකක් නැහැ කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තවම බලා (කෞ)
රොහාන් දයාදර Wednesday, 16 March 2016 12:49 PM
යන්න කලින්,ඔයාගේ කාලයේ සිදුවුණ දුෂණ ,වංචා පිළිබඳව පරීක්ෂණ කරන්න...ඊට පසුව තීරණය කරන්න ..යන්නේ ගෙදරද නැතිනම් වෙන තැනකට ද කියලා(කෞ)
සුසන්ත Wednesday, 16 March 2016 12:42 PM
කොහොමත් ඊළඟ චන්දෙන් ගෙදර යන්න වේවි - මේ සැරෙත් යන්තම් නුලෙන්නේ බේරුනේ. (කෞ)
රජින්ද Wednesday, 16 March 2016 12:44 PM
මේ කට්ටියත් එක්ක ජීවිතේ කවමදාකවත් සන්ධාන ආණ්ඩුවක් බලයට නොඑන බව සක්සුදක් සේ පැහැදිලියි. (ර)
අධිකාරී Thursday, 17 March 2016 03:13 AM
ලොකු උදවුවක්. කියලාවත් කරගන්න බැරි දෙයක්නේ. ඉක්මනට යන තරමට හොඳයි (නි)
සඳරුවන් Thursday, 17 March 2016 03:17 AM
විශ්‍රාම යන එක හොඳයි. නැත්තම් ලබන ඡන්දෙදි ජනතාව කොහොමත් ගෙදර යවනවා (නි)
කුරුවිට සුනිල් Wednesday, 16 March 2016 01:12 PM
චතුරි, මෙයාල සේරමටික අනේ අපට විහිලු කළා. (ර)
දුමින්ද Thursday, 17 March 2016 03:35 AM
අනේ මන්දා දැන් සන්ධානය කියන්නේ ශ්‍රී ලංකා පක්ෂයේ එක කොටසකට කියන තවත් නමක්ද කියලා (නි)
සෙනරත් Thursday, 17 March 2016 03:41 AM
අද මේ තත්වයට රට පත්කිරීමට ඔයාලත් ලොකු වැඩ කොටසක් කළා. එසේ නොකළා නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ටිකට අද මෙහෙම වෙන්නේ නැහැ (නි)
විමල් Thursday, 17 March 2016 03:46 AM
ඔය කියන්න යන්නේ අර බාල තෙල් ගැන මොකක්හරි රහසක් වෙන්න බැරිද? (නි)
ස්ටැන්ලි කුලරත්න Wednesday, 16 March 2016 02:01 PM
විශ්‍රාම යන්න දෙයක් නැහැ දැනටමත් ගියා වගේ තමයි. (ර)
ජෙහාන් Thursday, 17 March 2016 04:04 AM
ජනාධිපතිවරණ ජන්ද කටයුතුවලින් රජයට අය විය යුතු මුදල් ගෙන හැමෝම බොලේ පාස් කරනවා. මේක මෙහෙම වෙන්න බැහැ. කව්රුහරි එකේ වගකීම ගන්න ඕන. කරුණාකරලා මේ ගැන පරීක්ෂණයක් තියල ජනතාවට කියන්න. (බ)
අරවින්ද Wednesday, 16 March 2016 02:25 PM
සන්ධානේ ජාතික ලැයිස්තුව මහ දවල් කොල්ල කන්න දුන්නෙත් නායකත්ව භක්තිය හින්දද? (බ)
අජිත් ප්‍රනාන්දු Thursday, 17 March 2016 04:20 AM
ඕක ඔබතුමා කියන්න අවශ්‍ය නෑ. හැමෝම දන්නවා. ඔබතුමාලගේ ආණ්ඩුව මිනිසුන්ව දණ ගැස්සුවා. ගස් බැන්දා, විදේශිකයන්ව දූෂණය කළා. අගවිනිසුරු ගෙදර යැව්වා. ප්‍රධාන හේතු මේවා. වෙන බයිලා අවශ්‍යය නැහැ. මේක යහ පාලනයටත් පොදු බව දැනගත්තොත් හොදයි (බ)
මහින්ද සෞදි Thursday, 17 March 2016 04:36 AM
වර්තමාන රජයට මුක්කු ගහපු නිදහස් පාක්ෂිකයෝ ගැන මහජනතාව හොඳට දැනුවත්,නිසා මොකුත් නොකියාම ගියොත් ඔබට හොඳයි (බ)
නිම්මි Wednesday, 16 March 2016 02:55 PM
කොහොමත් අපි ආපහු මෙයාට ඡන්දෙ දෙන්නේ නැහැ . ලබන සැරේ ගෙදර ඉන්න එක හොඳයි (බ)
ප්‍රසාද් Thursday, 17 March 2016 05:01 AM
කොහොමත් හුගාක් අයට විශ්‍රාම යන්න හිතිලා. මොකද මේ අය දේශපාලනයට එන්න ප්‍රධාන හේතුව රහසක් නෙවෙයි. අමාරුවෙන් මීයක් කඩන්නේ මොකද නිකන් අත ලෙව කකා ඉන්න නම් .ඉතින් මේ ක්‍රමය එකතුවෙලා ආණ්ඩු පෙරලලා හරි වෙනස් කරන්න ඕනේ , නැත්නම් ඉතින් විශ්‍රාම යන්න ඕනේ. ඒකාබද්ධ විපක්ෂය එක්ක ඔය හුගාක් අය එකතු වෙන හේතුව මිනිස්සු තේරුම් ගන්න ඕනේ. (බ)
කරුණාරත්න Thursday, 17 March 2016 05:39 AM
ඕක ඉතින් මොකටද ඔච්චර අගය කරන්නේ? දැන්ම කිවුවා නම් ඉවරනේ (නි)
සංදීප Wednesday, 16 March 2016 04:38 PM
ජනතා ඡන්දයෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ආ ඔක්කොම අයත් යන්න ඕනෑ නේද? (නි)
සේනක Wednesday, 16 March 2016 04:50 PM
දැනට ළකුණු කපාගනිමින් සිටින දේශපාලුවන් අතර ළකුණු මට්ටම අතින් ඉහළින් සිටින චරිතයක් ලෙස මට හඳුන්වන්න පුලුවන්. (නි)
හුසේන් Thursday, 17 March 2016 05:56 AM
දැන් කියන්න බැරි මොකද? පරණ අවතාර වලට තාම බයද? කෙසේවෙතත්, තවදුරටත් ඔබතුමාලා වගේ අය පත්කරගන්න තරම් පාට පක්ෂ බේද නැති අපේ වටිනා ලාංකිකයෝ මෝඩවෙන්නේ නැහැ කියන එකයි මගේ හැඟීම. (නි)
දිලිප් Thursday, 17 March 2016 06:06 AM
කඩුවෙල අපිනම් ඔබතුමාව දකින්නේවත් නැහැ.(බ)
සුකිරි Thursday, 17 March 2016 05:58 AM
යන්න කලින් පුතෙක් මලයෙක්, නෑදෑයෙක් එහෙම ගෙනත් අත ඇරලා නෙවේද යන්නේ. පරම්පරා හත අටකට හම්බකරගන්ට ඇතිනේ...(බ)
විශ්ව Wednesday, 16 March 2016 05:53 PM
පහුගිය ජනාධිපතිවරණයේදී කළ ප්‍රචාරක දැන්වීම් වලට ලොකු මුදල් හිඟයක් තියෙනවා කියල අප මාධ්‍ය වලින් දැක්කා. මේවා ගෙවලා දාන්නේ කොහොමද කියලා අපිට කියන්න. (නි)
වාස් Thursday, 17 March 2016 06:16 AM
පිටිපස්සේ ඉන්නේ ඔක්කොම වැරදිකරපු ටිකනේ, අම්පාරේ නගර සබාවේ සභාපති ඉන්නවනේ (බ)
නිම්මි Wednesday, 16 March 2016 06:16 PM
සදුන්, ඔයා හරියට හරි. ජනාධිපතිවරනේදී මේ වගේ ණයට වැඩ කරගෙන ගෙවිය යුතු මහජන මුදල් විශාල වශයෙන් විවිධ ආයතන වලට තියෙන නිසා මැතිවරණෙට ඉදිරිපත් වූ මහින්ද මහත්තයත්, පක්ෂයේ ප්‍රචාරක කටයුතු කළ පිරිසත් එකට එකතුවෙලා මාධ්‍ය හමුවක් තියන්න. අපිට කියන්න කොහොමද මේ මුදල් ගෙවන්නේ කියලා (නි)
සේරම් පැරිස් Wednesday, 16 March 2016 07:07 PM
බලාපොරොත්තු ඔක්කොම සුනුවිසුනු වුණා ලොක්කගේ වපැරදීම නිසා. දැන්වත් දේශපාලනයෙන් ඉවත්වීම ලොකු නම්බුවක් (නි)
නිමල් රාජපක්ෂ Wednesday, 16 March 2016 08:27 PM
ඔබතුමා යනවා නම් කට පියාගෙන යන්න. මොකද අපි දන්නවා ඒ කාලේ කරපු දේවල් (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 16 March 2016 08:31 PM
ඕවා ඉතින් කියන්න තිබුනේ ඡන්ද පරාදවුණ කාල වලදීමනේ. දැන් ඉතින් ඔය දේවල් වලින් කාටද වැඩක් වෙන්නේ? සුසිල් ප්‍රේමජයන්ත මහතා කියන විදියට එයාට විරුද්ධව චෝදනා නඟන අයට "හොඳ දෙකක්" කියලා පිළිතුරු දුන්නා නම් මීටවඩා හොඳ නැද්ද? දේවාල වලට ගිහින් ර පොල් ටිකක්වත් ගහන්න අමතක වුණාද? මොකද ඒ අය ආරක්ෂා කරන්න ගියේ? (නි)
චන්දන Wednesday, 16 March 2016 08:40 PM
මහලේකම් විදියට කොන්ද කෙළින් තියාගෙන හිටියා නම්, නායකත්වය ඇහුවා නම් අදටත් ඔබ ආණ්ඩු කරනවා. (නි)
ප්‍රබෝද Wednesday, 16 March 2016 08:40 PM
ආ! ඒ කාලේ කෙනෙක් කිවුවා නේද සංවර්ධනය වෙනවා නම් පොඩ්ඩක් දුෂණයක් වුණොත් මොකද කියලා. අපිට තාම ඒවා හොඳට මතකයි. ඊළඟ ඡන්දෙදි අපි නිදහස් පක්ෂය ගැන බලාගන්නම්කො (නි)
දීපාල් රෝෂ් Thursday, 17 March 2016 07:26 AM
මහජනයා විශ්‍රාම යවන්න කලින් කැමැත්තෙන් විශ්‍රාම යාම තමා වඩා සුදුසු. (අ)
ටිකිරි Wednesday, 16 March 2016 09:39 PM
ඔන්න ඕක දැන්මම කියලා දාන්න. රහස් හිතේ තියාගෙන ඉන්නත් අමාරුනේ (නි)
ගෝමස් Wednesday, 16 March 2016 10:42 PM
සුසිල් මහත්තයාට අමතකවෙලා ඡන්දෙට මුදල් වියදම් කළ හැටි. කවුද මහත්තයෝ දැන් ඕවා ගෙවන්නේ? (නි)
පරාක්‍රම Thursday, 17 March 2016 12:37 AM
හෙටම විශ්‍රාම ගන්න. එතකොට පහසුයිනේ. (නි)
සත්‍යපාල Thursday, 17 March 2016 12:38 AM
ආණ්ඩුව මේ අනාගනිමින් යන විදිහට ආණ්ඩුව එක්ක ඉන්න කිසිම දේශපාලුවෙකුට ජනතාව ඉදිරියට යන්නට නොහැකි වෙන නිසා ඔවුන්ගේ දේශපාලන අනාගතයට ආයුබෝවන් කියන්නට වෙනවා. (නි)
ඇසළ Thursday, 17 March 2016 12:48 AM
බලමුකෝ. ඔය එක ඡායාරූපයක ඉන්න කට්ටියකට මීළඟ ඡන්දෙදි ඇපවත් ලැබෙන්නේ නැතිවෙයි (නි)