IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සිසුවෙකුට කොසු මිටෙන් ගැසූ විදුහල්පති පොලිසියේ

පාසැල් සිසුවෙකුට අතින් පයින් හා කොසු මිටෙන් ගැසී යැයි සැකපිට ගම්පහ පාසැලක විදුහල්පතිවරයෙකු මින් මද වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විදුහල්පතිගෙන් පහර කෑ සිසුවා ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.



අදහස් (42)

සිසුවෙකුට කොසු මිටෙන් ගැසූ විදුහල්පති පොලිසියේ

ලංකාසිරි Sunday, 12 May 2013 10:49 PM

කොසු මිටකින් පහර කෑ තැනැත්තෙකු රෝහල් ගත වීම නිවැරදියි. අස්ථි බිඳීමක් සිදුවීමට ඉඩකඩ ඇත. දරුවනට දෙන මෙවැනි දඬුවම් කිසිසේත් අනුමත කළ නොහැකියි. දරුවාගේ විනය කෙසේ වෙතත් ගුරුවරුන්ගේ විනය ගැන මුලින්ම සොයාබැලිය යුතුයි (නි)

:       1       10

සුජා Saturday, 11 May 2013 07:08 PM

අබුද්දස්සකාලේ ලබුත් තිත්තලුනේ. ඔය විදුහල්පති මොන්ටිසොරිවත් ගිහින්ද බලන්න.(නදී) .

:       0       0

සුජා Saturday, 11 May 2013 07:13 PM

ලොකු මහත්තය ලබන 2014 වසරේ 20/20 ට ඉදිරිපත් වෙන්න පුහුණු වෙනවා ඇති (නි)

:       0       0

පද්මිණී Sunday, 12 May 2013 01:26 PM

කොහු මිටේ ඇදේ අරින්න මෙහෙම කලා කියල මෙයා බේරෙයි. අද නඩු අහල තීන්දු දෙන්නේ ඒ විදියටනේ.(නදී)

:       0       0

හේරත් Saturday, 11 May 2013 08:21 PM

ලොකු සර්ට තද වෙලා. මිටයි කොස්සයි ලමයයි බිමයි පැටලිලා. ඊළඟ ප්‍රාදේශිය සභාවට යන්න කොරෝනල් පට්ටම පුහුණු අභයාසක් වෙන්ටැති නේද මාමේ. රෝහල් යන එක සාලි මාමාගෙන් දැන ගන්ට ඇති.(නදී)

:       0       0

චරිත Sunday, 12 May 2013 01:51 PM

ඉතින් මේ ප්‍රින්සිපල්ටත් කර්නල් කමක් ඕනවෙලා වෙන්න ඇති.(නදී)

:       0       1

සදුන් Saturday, 11 May 2013 08:36 PM

මෙයාට ගෙදරදී නෝනා සලකන්නේ කොස්සෙන්.(නදී)

:       0       1

සේරම් පැරිස් Saturday, 11 May 2013 08:41 PM

ලොක්ක පොඩි උන්ට ගහල පුරුදු වෙනවා . කරාටේ පන්තියක් කරන්න. එහෙම නෙමේ නම් අද ලොක්කගේ හාමිනේ' කොස්සෙන් ගහල ලොක්කට එකත් එක්ක ගෙදරින් එලවල ඇති. ලොක්ක මල පැනල ගෙදරින් ඇවිත්.(නදී)

:       0       0

නෙතුමි Saturday, 11 May 2013 08:43 PM

මොන දේට උනත් දඩුවම් දෙන වෙලාවක් තියෙනවනේ. අතීතයේ කෙසේ වෙතත් ඒ කාලේ දඩුවම් අද කාලෙට විදින්න පාසල් ළමුන් කැමති නැහැ. විදුහල්පතිවරයෙක් දැනගන්න ඕනා තම ගෞරවය තියාගෙන ඉන්න.(නදී)

:       0       0

ගාමිණී-සිරි Saturday, 11 May 2013 08:52 PM

අපේ අප්පච්චිලා , අත්තලා, මුත්තලා ,කිරි අත්තලා , පාසැල් අධයාපනය ලැබූ කාලේ ගෝලයින්ට දඬුවම් කලේ කොහු මිටෙන් නෙවේ වේවැල් කෝටු නාරන් සියඹලා අතු. කිතුල් පොලු, ඉරටු, වැල් කහම්බිලිය අතු වැනි දේ වලින්. අපචාර ක්‍රියාවක් නොවන නිසා කොලු පැංචා වරදක් කලා නම් විදුහල්පති නිවරදියි.(නදී) !

:       0       1

කුමාර Saturday, 11 May 2013 09:03 PM

කෝ කවුරුවත් පෞද්ගලික රෝහලකට ඇතුළත් වෙලා නඩුවක් ෆයිල් කරන්නෙ නැද්ද එත‍කොට?

:       0       0

කුරුවිට Saturday, 11 May 2013 09:08 PM

ගාමිණී සිරි, අනේද කියන්නේ. (නදී)

:       0       0

අජිත් Sunday, 12 May 2013 02:43 PM

දිල්කි, මම ගුරුවරයෙක්, වරදක් කරලා අහුවෙන්න එපා. පිට කෝටු මස් කරනවා. (නදී)

:       0       1

ජයසේන Saturday, 11 May 2013 09:24 PM

සියලුම ගුරුවරුන් සරත් විජේසුරිය මහත්තයාගේ ‘දරුවන්ට ගහන්න එපා‘ කියන පොත කියවීම අනිවාර්ය කිරීමට බලදාරීන්ට බලකරමු.(නදී)

:       0       0

කුමාර Saturday, 11 May 2013 09:30 PM

ගාම්ණි ඔයත් හොඳ ඒ ගල් යුගේටම තමයි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 11 May 2013 09:33 PM

දේශපාලන විද්‍යා පාඩමක කොටසක් වෙන්ඩ ඇති.(නදී)

:       0       0

අමිල Saturday, 11 May 2013 09:37 PM

මෙයාට හොද වෙලාවට මෝල් ගහක් වගේ එකක් හමිබ නොවුනේ.(නදී)

:       0       0

සෙන්සා Monday, 13 May 2013 08:00 AM

දඩුවම් නොකර හදන ළමයත් හැදිගාල හදන්නෙ නැති හොද්දත් සවුත්තු වෙනවා කියලා පැරණි කතාවක් තියනවා. එම නිසා දඩුවම හොදයි. නමුත් දඩුවම් කරන කෙනාට සුදුසුකමක් තියෙන්න ඕනෑ ඒකට.අද කාලේ ගුරුවරු බොහොමයක්ම ආදර්ශවත් නැහැ. (නි)

:       0       1

රංජනී Saturday, 11 May 2013 09:56 PM

විදුහල්පතිකම අරගෙන තියෙන්නේ පන්දමට හරි පගාවට හරි වෙන්න ඇති. උගත් කෙනක් ඔය වගේ ජරා වැඩ කරන්නේ නැහැ.(නදී)

:       0       0

ධරිතා Saturday, 11 May 2013 10:09 PM

අද සෙනසුරාදානේ. සෙනසුරාදා මොනවා කරනවද මෙයාලා ඉස්කෝලේ.(නදී)

:       0       0

මුතුකුඩ Saturday, 11 May 2013 10:24 PM

අපේ වාර්ථාකාර මාමලාටත් හෝ ගාලා වැඩ මේ දවස්වල (නි)

:       0       0

කිර්ති Saturday, 11 May 2013 10:51 PM

නැහැදිච්ච කොලුවෝ පාසලෙන් හැදුනේ නැත්නම් අනාගත පරපුරට විනයක් නැති වෙනවා. විදුහල්පතිවරයා පෞද්ගලික තරහක් නැත්නම් අනිවාර්යෙන් නිදහස් කළ යුතුයි (නි)

:       0       0

පැතුම් Saturday, 11 May 2013 11:10 PM

ගම්පහ මොකක්ද ඉස්කෝලේ? නම සඳහන් කරන්න දැනගැනීම පිණිස. අපිත් ගම්පහ තමයි. (නි)

:       0       0

ලලිත් Sunday, 12 May 2013 01:53 AM

දඬුවමක් කළාට වරදක් නැහැ. ඒත් කොහුමිටෙන් බල්ලෙකුටවත් ගහන්න එපා කියලා අපේ මුතුන් මිත්තෝ කියලා තියෙන්නේ කහනවට නෙමෙයිනේ ගුරුතුමනි. වේවැලක් නැද්ද ඉස්කොලේ? (නි)

:       0       0

උපාලි Sunday, 12 May 2013 02:07 AM

විදුහල්පති ගාමිණි සිරිගේ යුගේ මිනිහෙක් වෙන්න ඕනෑ. ගහෙන් බහින ගමන් වලිගෙට අහුවෙලා කැඩුන කෝටුවක් කියලා හිතන්න ඇති කොහු මිට. නැත්නම් කොහුමිටකයි පොල් ඉරටුවකයි වෙනස තේරෙන්න ඕනෑ. (නි)

:       0       0

පුෂ්පා Sunday, 12 May 2013 05:02 AM

දරුවන්ට දඬුවම් දීම සහ එහි සීමාවන් ගැන දියුණු ලෝකය නොයෙක් වාද විවාද වල යෙදෙනවා. ඒ වගේම මෙම විෂය ගැන ලියවුන නොයෙක් පොත පත, විමර්ශන සහ පර්යේෂණ එලි දැක්වීම් තියෙනවා. බොහෝ දෙනෙක් අවිවාදයෙන් යුතුව පිළිගන්නා එක් කරුණක් තියෙනවා. එනම් දරුවෙකුට දඬුවම් දීමේදි එය සීමාවන් අභිබවා නොයා යුතු අතර දඬුවම් දරුවා යහ මගට යොමුකිරීමේ පවිත්‍ර චේතනාවෙන් කළ යුතු බවයි. පලිගැනිමක් නොවිය යුතුයි. අනිත් ප්‍රධානම කරුණ වෙන්නේ තමා දඬුවම් විඳින්නේ කුමන වරදක් සඳහාද යන්නත්, එම වරද නිවැරදි හෝ වලක්වා ගත හැකි විධි ගැන දරුවා දැනුවත් කිරීමයි. (නි)

:       0       0

දිල්කි Sunday, 12 May 2013 06:51 AM

සමහර අදහස් දාපු අය ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැද්ද කොහෙද?ගුරුවරු යක්කු වෙලා හොයන්නේ බලන්නේ නැතිව ලමයින්ට ගහන ඒවා දැකලා නැද්ද?වරදට දඩුවම් කළ යුතුයි.ඒ වෛරයෙන් නොවෙයි.බැරි වෙලාවත් මන්නයක් ,කඩුවක් අහු වුණා නම් තමා වැඩේ (නි)

:       0       0

රාජු Sunday, 12 May 2013 07:08 AM

හොඳට හොයල බලන්න මේක ටූ ඉන් වන් කොස්සක්ද කියලා. වේවැල අගට කොහු බැඳලා කොස්සක් හැදුවොත් ඒකෙන් අතුගාන්නත් පුළුවන්, කොල්ලන්ට කෙල්ලන්ට තලන්නත් පුළුවන්. කාලීන හොයාගැනීමක්! (නි)

:       0       0

නිම්නදී Sunday, 12 May 2013 07:21 AM

ඉහලින් දෙන වැරදි ආදර්ශ මේවා. තමුන් කරන වැරදි වහ ගන්නත් රෝහල් ගත වෙන්න පුලුවන් රටක් මේක. මේ දරුවගේ දෙමව්පියනුත් දරුවාගේ හරි වැරැද්ද පිලිගන්නේ මේ ක්‍රමයට නම් අනාගත පරපුරට දෙවියන්ගේ පිහිටයි. (නි)

:       0       0

මහින්ද Sunday, 12 May 2013 07:38 AM

මමත් ගුරුවරයෙක්. සමහර දරුවෝ ඉන්නවා හදන්න බැහැ ගහන්න ඕනෑ. රස්සාව නැති වුණත් ගහලා හදන එක අපේ යුතුකමක්. නීතියට බයේ නොගහා හදන දඩබ්බරයෝ රටට කරදරයක් (නි)

:       0       1

මහින්ද Sunday, 12 May 2013 08:12 AM

245 තිලමුට්ටි ජාතකය කියවන්න.(නදී)

:       0       0

විරාජ් Sunday, 12 May 2013 08:25 AM

ගුරුවරයාගේ චේතනාව හොද නම් ඔහුව වහාම නිදහස් කරන්න. දැන් ඉන්න ළමයිත් දේශපාලකයෝ වගේ. නැහැදිච්ච කමට හැදිලා බොරුවටත් එක්ක රෝහල් ගත වෙනවා. ගුරුවරුන්ට දඩුවම් දීමේ ඉඩකඩ ඇහිරීම තමයි මේ දැනට සිදුවන අපරාද වලට මුලික හේතුවත්. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපන්න තියන්න එපා.(නදී)

:       0       0

රියාල් Sunday, 12 May 2013 09:11 AM

මමත් පෞද්ගලික පාසැලන සේවය කළා. සමහර ළමයි කරන දේවල් වලට ගහන්න නෙමෙයි හම ගහන්න වටිනවා. ළමයිට ගහන්නේ නැතිව දඩුවම් කළ හැකි ක්‍රම තියෙනවා. විදුහල්පතිගේ මේ ක්‍රියාව අනුමත කළ නොහැක. මෙසේ ප්‍රසිද්ධව ගුරුවරුන්ට දඩුවමි දීමෙන් ළමයා තුළ ගුරුවරයාට ඇති ගෞරවය නැති වෙනවා.(නදී)

:       0       0

රනිල් Sunday, 12 May 2013 07:36 PM

මෙය සමිපුර්ණ චරිත ඝාතනයක් නොහොත් පුද්ගලික පලිගැනීමක්.(නදී)

:       0       0

රණවීර Monday, 13 May 2013 10:50 AM

දැන් ළමයි නෙමෙයි ඉන්නේ ගුරු දෙගුරු දන්නේ නැති හරක්. අපි ඉස්සර හොඳට ගුටි කාලා ඉගෙන ගත්තේ. නොගහ හදන දරුවයි හැඳි නොගා හදන කිරි හොද්දියි එක වගේ තමයි (නි)

:       0       0

දයා අලහකෝන් Sunday, 12 May 2013 09:37 AM

මේ ගුරුතුමා සමහර විට ළමයව අපයෝජනය කරන්න හදලා විරුද්ධ වෙලා වත්ද? (නදී)

:       0       0

යාපා Thursday, 18 August 2016 09:30 AM

අනේ දෙවියනේ මෙහෙමත් විදුහල්පතිවරු! (නි)

:       0       0

බණ්ඩාර නුවර Sunday, 12 May 2013 08:16 PM

මමත් නුවර ගුරුවරයෙක්. දැන් කාලේ කොල්ලෝ ගංජා කුඩු වගේ ඒවා අරගෙන සතුටු වෙනවා.උන්ට ගහපුවම දේශපාලකයන්ගේ පිහිටෙන් අපිටම වින කරනවා. ඒත් මම නම් දිගටම ගහනවා (නි)

:       0       1

අජිත් Sunday, 12 May 2013 10:56 AM

මම පළමුවෙන් ඉගෙන ගත්තේ කළු ගඟ අසබඩ පාසලකයි. ඒකාලේ එම පාසලේ විදුහල්පති තුමා ඉහල පන්තියක පිරිමි ළමයකුට පාසලේ වේදිකාව උඩ තියාගෙන කොසු මිටක් කැඩෙනතුරු පහර දුන්නා. ඒකට පස්සේ ගුටි කාපු ළමයාගේ ගමේ මිනිස්සු 1000 ක් විතර විදුහල්පතිතුමාට පහර දෙන්න පාසලට ආවා . පස්සේ ගමේ වැදගත් පිරිසක් මැදිහත් වී සමාදාන කළා . මේ සිද්ධියට මුල් උනේ විදුහල්පතිතුමාගේ දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමයි. කොහොම හරි ඊට පස්සේ අර පිරිමි ළමයා ආයේ පාසල් ආවේ නැහැ. (නදී)

:       0       0

උපාලි Sunday, 12 May 2013 11:17 AM

ළමයාට ගහපු එක හොඳයි කියල අනුමත කරමින් මෙතන අදහස් දාල තියෙන කට්ටිය කරුණාකරලා හිතට එකඟව කියනවද ඒ ගොල්ලන්ගේ දරුවෙකුට නම් කොහුමිටි පාර වැදුනේ ඔය දාපු අදහස් එහෙමම දානවද කියල. මම අහන්නේ දඬුවම් කිරීමක් ගැන නෙමෙයි කොහුමිටි පාර ගැනයි, හරි? (නදී)

:       0       0

මිනෝලි Sunday, 12 May 2013 11:27 AM

පේරාදෙණිය පැත්තේ පිරිවෙනක ඉන්න විදුහල්පති කෙනෙකුත් ඔයවගේ තිරිසන් විදියට හැසිරෙන කෙනෙක්. මේ ගැන කව්රුවත් පැමිණිලි කරන්නේ නැහැ. මේක ගැනත් සොයා බලන්න. විදුහල්පති තනතුරට මේ පැවිද්දා සුදුසුද කියා සොයා බලන්න.ඔබ සියලු දෙනාගේම අවධානය යොමුවේවා... (නි)

:       0       0

S.J'Sunday, 25 March 2018 06:49 AM

මෙහෙම ගුරුවරු ගැන අපිට ලජ්ජයි. රටේ නීතියක් තියනවා නේද??

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 56 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 466 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 244 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 356 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1111 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2898 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site