IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිසුවාගේ දේහය වැලිවේරියට

රතුපස්වල ළිං ජල ප්‍රශ්නය සම්බන්ධයෙන් වැලිවේරියේ පැවති උද්ඝෝෂණයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය උඩුගම්පොල ශාන්ත පීතර විද්‍යාලයයේ රවිෂාන් පෙරේරා (18)  සිසුවගේ දේහය පෙරවරු 10.50ට පමණ  වැලිවේරිය බණ්ඩාරවත්තේ නිවසට ගෙන ආවේය.

වාහනයකින් ගෙන ආ දේහය නිවස තුළට ගෙන ගියේ රවිශාන්ගේ මිතුරන් විසිනි.

වැලිවේරිය මීසම භාර ලක්ප්‍රිය නෝනිස් පියතුමා ඇතුළු කතෝලික පියවරු සිව් දෙනෙක් යාඥා කරමින් ආගමික වතාවත් සිදු කළහ.

රවිශාන් ගේ පාසැල් මිතුරන්, ගුරුවරුන්  ඇතුළු විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටි අතර  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතාද  පැමින රවිශාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. .

බදාදා (7) සවස  හතරට වැලිවේරිය රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.

 



අදහස් (0)

සිසුවාගේ දේහය වැලිවේරියට

මාගරී Tuesday, 06 August 2013 10:00 AM

එල්.ටි ටි යුද්ධය දිනුවහම ඒක දිනුවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා යැයි කියපු කට්ටියම තමා මේ කියන්නේ හමුදාව වැරදි වෙඩක් කළහම ඒකේ වගකීම රජයේය කියලා. (නි)

:       0       0

පැහැසර Monday, 05 August 2013 07:11 PM

ඇයි මේ දරුවාගේ මුණ ෆොටෝ අරගන නැත්තේ ? මේ ටිකට වග කියන්න ඕන අයගේ දරුවන්ටත් මේ ටිකම වෙලා මේ ඇවිලෙන ගින්දර ඔහුන්ටත් ඇවිලේවා (දී).

:       0       0

කුමාර Monday, 05 August 2013 07:15 PM

නිරායුධ අහිංසක දරුවන් වෙඩිතබා මරණ අයෙක් රණ විරුවෙක් වෙන්නේ කෙසේද?

:       0       0

පැහැසර Monday, 05 August 2013 07:16 PM

අර බන්දුල පෙරේරා කියන කෙනා කියල තිබුන " මිනි දුන්න විකුණගන කන්න කියල " දැන් මුකුත් නොකිය සද්ද වහල ඉන්නවා. පේනවා නේද බන්දුල පෙරේරා තමුන් කඩේ යන්නේ දෙෂප්‍රමින් ට නෙවෙයි කියල.

:       0       0

නිල Tuesday, 06 August 2013 10:34 AM

මේ වතුර වල්වල පී.එච්. අගය දැන් කිලෝ මීටර් 15 ක විතර ප්‍රදේශයක අඩු වෙලා. මේ දේ නැවත හරි යන්න අවරුදු 10වත් යන්න ඕනෑලු. (නි)

:       0       0

රාහුල Monday, 05 August 2013 03:13 PM

මෙවැනි දුක් ලක්මවට දෙනු එපා. (නි)

:       0       0

සුරා Tuesday, 06 August 2013 10:57 AM

අනේ මේ... බන්දුල පෙරේරා, ඔයා කාට ආවැඩුවත් අපිට කමක් නැහැ. සිද්ධ වුණු දේ දන්නේ නැත්නම් නිකන් ඉන්න. රවිෂාන්ට වෙඩි තිබ්බේ උද්ඝෝෂණයට ගිහිල්ල ඉදිද්දි නෙමෙයි. (නි)

:       0       0

නිශාර්ඩ් Monday, 05 August 2013 03:16 PM

අහිංසක සහ වටිනා මිනිස් ජීවිත වල වටිනාකම මුදල් සහ බලය හමුව්ය් තුට්ටුවකටවත මායිම් කරන්නෙ නැති අයට හොඳක් නම් සිද්ද වෙන්නෙ නැහැ. මේ අපරාද වලට ඔවුන්ට වන්දි කවදාහරි මහජනයා ඉදිරියේම ගෙවන්න සිද්ද වෙයි (නි)

:       0       0

පරාස Monday, 05 August 2013 03:18 PM

මේ අය වෙඩි තියල තියෙන්නේ පාසල් ළමුන්වම තෝරලා වගේනේ. (නි)

:       0       0

රෝහණ Monday, 05 August 2013 07:40 PM

පැහැසර ඔයා හරියටම හරි. ඔය බන්දුල පෙරේරා කියන කෙනා ආණ්ඩුවට කඩේ යන කෙනෙක්

:       0       0

රෝහිණී Tuesday, 06 August 2013 11:13 AM

මේවා කළ අයට වැඩි දවසක් යන්න කලින් ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා! (නි)

:       0       0

ලුම්බිණි Monday, 05 August 2013 03:24 PM

කෝ අපේ වගකිවයුත්තෝ? (නි)

:       0       0

සුනෙත් Monday, 05 August 2013 03:28 PM

ඔබට නිවන් සුව ලැබේවා ප්‍රිය සොයුර!අනේ දේශපාලුවනි, මේ කොල්ලවත් තමන්ගේ දේශපාලනේට පටලාගෙන වාසි ගන්න හදන්න එපා. (නි)

:       0       0

ශෆික් Tuesday, 06 August 2013 11:23 AM

පුදුම වේදනාවක් දැන්නේනේ මේවා දකිනකොට. මේ දෙමව්පියෝ කොහොම ඉවසන්නද මේ දුක. රටේ ජනතාව අවදියෙන් හා බුද්දීමත්ව සිටිය යුතු කාලයක්

:       0       0

චමී Tuesday, 06 August 2013 11:37 AM

බන්දුල මිනිස්සු කියන ,ඉල්ලන මේ හෙන වදිනවා ඒ නිසා වහගෙන ඉන්න

:       0       0

සෙල්වම් Tuesday, 06 August 2013 11:39 AM

එදා අපේ දුක අද ඔයාලට දැනෙනවද

:       0       0

බන්දුල Monday, 05 August 2013 08:27 PM

මේකට වග කියන්න ඕනෑ මේ මිනිස්සු කුලප්පු කළ අය මිසක් ආණ්ඩුව නොවේ. හමුදාව සහ පොලීසිය මෙතැනදී ඉතා ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කළ නිසා තමයි මේ සිද්ධිය මෙතනින් හරි නතර කර ගන්න ලැබුනේ. මේ කඩාකප්පල්කාරීන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 August 2013 08:30 PM

පැහැසර මහත්තයෝ, අන්න විකුණනවා බෝක්කු තාප්ප වහගෙන රට පුරාම.මේ මරණෙට වගකියන්න ඕනෑ හමුදාව නෙමෙයි කියලා මම අදත් කියනවා. සාමකාමීව කළ යුතු උද්ගෝෂණයක්, තව දහස් ගණනකට පීඩා දෙන විදියට ප්‍රධාන පාරවල් විතරක් නොව අතුරු මාර්ගත් හරස් කරලා ප්‍රහාරයකට සුදානමෙන්ම ගල්මුල් වැලි බෝතල් පැට්‍රල් බෝම්බ කල් තියා රැස් කරලා මේ කොලු වයසේ බරක් පතලක් නොදන්නා අයව උසි ගන්නලා පාරට දාපු හමුදාවට ගහන්න පොළඹවපු මිනිස්සු ටික, මේක සංවිදානය කරපු අය තමයි මේ මරණ වලට වග කියන්න ඕනෑ.ඒ දේවල් ඒ විදියට නොවුනා නම් මේ ජීවිත තුනම තාම අපි අතර.. (නි)

:       0       0

හාරූන් අන්සාර් Monday, 05 August 2013 08:32 PM

හිස අත් නගා දිවුරා නුබේ දෙන මත්තේ ලේ වල පලිය මතු යම් දින ගත යුත්තේ නඩු සහ බඩු දැනට ඇත්තේ එක පැත්තේ පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 05 August 2013 08:35 PM

අර දිසානායක කියන කෙනා‍ගේ පුදුම තරහක්නේ තියෙන්නේ පාරවල් පාවිච්චි කරන මිනිස්සු ගැන. (නි)

:       0       0

විජේසිංහ Monday, 05 August 2013 03:48 PM

හරක් මරනවට කෑ ගහන උදවිය සද්ද නතුවේ ඉන්නේ මොකද

:       0       0

විජේසිංහ Monday, 05 August 2013 03:52 PM

පුතේ නුබ සබැ වීරෙයෙක්. මගේ ඇහැට කදුළුත් එනවා. විභාගේ හන්දා නුබ කොච්චර නිදි මරන්න ඇතිද . නුබේ දෙමාපියන් කොච්චර හීන මවන්න ඇතිද .. නුබට නිවන් සුව. (දී)

:       0       0

ඉන්දික.-නාපොලි Monday, 05 August 2013 08:54 PM

අචිනිගේ අදහස සමස්ත හමුදාවටම කළු පැල්ලමක් වැනිය. දැන් වීරෝධාර රණ විරුවන් ජනතාවට පිළුකුල් සහගත වෙලාද . (නි)

:       0       0

ජයසේන Monday, 05 August 2013 08:57 PM

අපරාධ කළවුන්ට හොදක් නම් නොවේවා! (නි)

:       0       0

නිලන්ත Monday, 05 August 2013 03:54 PM

ඇයි ගෙදරට ගෙනාවේ....මරපු උන්ට කන්න දෙන්න තිබ්බේ

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 06 August 2013 12:30 PM

බන්දුල පෙරේරා , මේ කරපු අපරාදෙට අනිවාර්යයෙන්ම දඬුවම් එනවා ඉක්ක්මනටම කරපු හෙමොටම , එකෙන් කොටසක් ඔයත් බලාපොරොතු වෙන්න මේකට වචනෙන් හරි උදවු කලානම් උඩ ඉන්නවා කෙනෙක් බලාගෙන , පුංචි පුතේ මේ වගේ දුර්ජන මිනිස්සු ඉන්න රටකනම් කවදාවත් ඉපදෙන්න එපා , ඔයාට නිවන් සුව

:       0       0

සනත් Monday, 05 August 2013 09:11 PM

සිරි ලංකාව මානව හිමිකම් ඇති රටක් කියලා අපට පිළිගත හැකිද? (නි)

:       0       0

ජොනතන් Monday, 05 August 2013 03:57 PM

කෝ අර සේනාව නැද්ද මේ දරුවා නැති උනාට කතා කරන්න

:       0       0

බුද්ධි Monday, 05 August 2013 03:59 PM

කවුද මේ අපරාධවලට වග කියන්නේ

:       0       0

සෙනෙවි Monday, 05 August 2013 09:42 PM

බන්දුල පෙරේරා කියන්නේ ආයතන හිමිකරුගේ නෑදෑයෙක්ද? (නි)

:       0       0

උදාර Tuesday, 06 August 2013 01:04 PM

පුතේ නුබට නිවන් සුව

:       0       0

සිංහලය Monday, 05 August 2013 04:10 PM

හරක් මස් කඩ වහල . මිනි මස් කඩ අරින්දයි හදන්නේ .

:       0       0

මෝ Monday, 05 August 2013 04:11 PM

ජොනතන් ඒ කට්ටිය හරක් මැරුනොත් තමයි. මිනිස්සු මරුන නිසයි ඒ කට්ටිය නිශ්ශබ්ධ

:       0       0

අචිනි Monday, 05 August 2013 04:20 PM

කමුදාව කල මේ කල නින්දිත අදම ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා

:       0       0

සපුමල් Monday, 05 August 2013 04:24 PM

පාලකයිනි මොකෝ කට වහගෙන. මේ මරෙල එන්නේ සතෙක් නොවෙයි මේක තමා ආසියාවේ අස්චරිය.

:       0       0

මිත්‍ර Monday, 05 August 2013 10:42 PM

ඇයි මෙහෙම කළේ? කන්න බත් ටිකක්, බොන්න වතුර ටිකක් ඉල්ලන එක ත්‍රස්තවාදී ක්‍රියාවක්ද? (නි)

:       0       0

ජෝන් Monday, 05 August 2013 04:26 PM

දෙවියොම බලා ගන්න මේ වෙච්ච වැඩේ

:       0       0

චන්දි Monday, 05 August 2013 10:52 PM

ඔබට නිවන් පුර රුවන් දොරටු විවර ''වේවා''! (නි)

:       0       0

ගජමන් Tuesday, 06 August 2013 01:35 PM

කෝ අර හරක් වෙනුවෙන් හඩ නගන කට්ටිය ?

:       0       0

චානි Monday, 05 August 2013 04:34 PM

ශ්‍රී ලංකාවේ ජීවත් විය හැක්කේ හරකුන්ට පමණි. මිනිසුන්ට ජීවත්විය නොහැක. මෙවන් තරුණයන් මර දමන්නේ එම නිසයි

:       0       0

විජේසිංහ Monday, 05 August 2013 04:39 PM

මම රාජ්‍ය නොවන සංවිධානයක් හොයනවා සංවිධානයක් ආරම්භ කරන්න. හැබය් අපිට විරුද්ද මිනි මරනවට විතරයි හරක් මරනවාට නොවෙයි

:       0       0

ජගත් Tuesday, 06 August 2013 12:01 AM

මල්ලී, ඔබට මෝක්ෂ සුව අත්වේවා! ලෝකයක් දකීන්නට හිටපු ඔබ? (නි)

:       0       0

සත්‍යා Tuesday, 06 August 2013 12:12 AM

සහෝදරයා, ඔබට මෝක්ෂ සුවය! දෙව් මව් තුරුලේ සැතපේවා! (නි)

:       0       0

නන්ද Monday, 05 August 2013 04:46 PM

අනේ පුතේ, නිවන් දකිනා ජාති දක්වා මේ වගේ ඔලමොට්ටල දේශපාලුවන් ඉන්න, ඒ අයට උපදෙස් දෙන මෝඩ උපදේශකයන් ඉන්න රටක යලි ඉපදෙන්න එපා.. (දී)

:       0       0

ඉන්දික. නාපොලි Tuesday, 06 August 2013 12:31 AM

ජාතින් අතර බේදය සහ ආගම්වාදය නමැති විෂබීජය පැළයක් බවට පත්වී හමාරය .ඔබට මෝක්ෂ සුව පතන්නෙමු (නි)

:       0       0

දීපාල් Monday, 05 August 2013 04:51 PM

ලංකාවත් අෆ්රිකානු රටවලට දෙවෙනි නැහැ. අපේ මිනිස්සුන්ට සතියෙන් ඔක්කොම අමතක වෙනවා කියලා ප්‍රභාකරන් කිවුවේ එයත් ඒක දන්නා හින්දා. ඊලග ජන්දෙටත් හරියටම කතිරේ ගහයි. (නි)

:       0       0

සංක Monday, 05 August 2013 04:53 PM

අහිංසක ළමයෙක්. නැවත ලංකාවෙ උපදින්න එපා (නි)

:       0       0

කුමා Monday, 05 August 2013 04:59 PM

මල්ලි, ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

සමන්ත Monday, 05 August 2013 05:08 PM

විභාගය කට ළග තියාගෙන ඇයි මෙහෙම උද්ඝෝෂණ වලට ගියේ? (නි)

:       0       0

සීතා Tuesday, 06 August 2013 05:39 AM

සමහරුන්ට මෙය තවත් එක ජිවිතයක් විතරයි. ඒත් ඒ අම්මට ලෝකයක් එයාගේ පුතා. අනේ මෙහෙමත් අපරාද. අපරාදේ තරුණ ජිවිතයක්! (නි)

:       0       0

ගිරිහාගම Monday, 05 August 2013 05:28 PM

නැවත මධ්‍යස්ථ ජනතාව මෙම පාලකයන්ට කතිරය ගසයි නම් මෙම රටෙහි බහුතර ජනයාට බුද්ධියක් නැති බව පැහැදිලිය. ලිවීම සහ කියවීමට හැකිවීම බුද්ධිය නොවේ. ඇත්තෙන්ම මානව හිමිකම් යන්න අපට සිහිනයකි. (නි)

:       0       0

ලසන්ත Tuesday, 06 August 2013 06:45 AM

තවමත් ලේ පිපාසය සිදුනේ නැද්ද? ඔහොම යමු (නි)

:       0       0

හේමන්ත Monday, 05 August 2013 05:41 PM

මොකද මේ දැන් අහිංසක ඉස්කෝලෙ යන දරුවන්ටම වෙඩි වදින්නේ? හමුදාව මීට වඩා විචාර බුද්ධියකින් කටයුතු කළා නම් මේ අහිංසක ජීවිත මේ අයුරින් විනාශ වන්නේ නැත.මේ තරම් ඒ දරුවන් ලොකු මහත්කොට ඔවුන්ගේ අනාගතය ගැන බලාපොරොත්තු තැබූ දෙමවුපියන්ට අත්වූ දුක කිසිවෙකුටත් නොවේවා . (නි)

:       0       0

මාධව Monday, 05 August 2013 05:41 PM

අහිංසක ළමයෙක් වනචරයින්ගේ ගොදුරක් උනා

:       0       0

පැහැසර Tuesday, 06 August 2013 07:04 AM

බන්දුලගේ දැනුමේ තරම තේරුම් ගන්න දාලා තිබෙන ටිකම ඇති. උද්ඝෝෂණ කියන ඒවා ගම ඇතුලේ , ගේ ඇතුලේ , කරලා ආණ්ඩුවකට දන්වන්න බැහැ. මේ ලෝකේ කොහෙවත් එහෙම වෙලා නැහැ. අනික මේ දේවල් පිටිපස්සේ වෙන කව්රු හරි හිටියා නම් ආණ්ඩුව මේ වෙනකම් සද්ද නොකර ඉදියි කියලා හිතන කෙනා බත් කන කනෙක් වන්න බැහැ. හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදි කියා ගන්නත් බැරි අය එක්ක කතා කරන එකත් බොරු වැඩක්. (නි)

:       0       0

අ‍ශෝක Monday, 05 August 2013 05:42 PM

කව්ද මේ අපරාද වලට වග කියන්න ඕනෑ? පුතේ ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

නිමල ලතා Monday, 05 August 2013 05:43 PM

ඇත්ත වශයෙන්ම හරකුන් වෙනුවෙන් කෑ ගසන, සිංහලකම වෙනුවෙන් කෑගසන සංවිදාන වලට තවම ඇහැරිලා නැද්ද. පුතුනි ඔබට මෝක්ෂ සුව අත්වේව.නැවත උත්පතියක ලබන්නේ නම් දේසපාලන වහලුන් නොසිටින රටක උපදිව.

:       0       0

කළ්‍යාණි Tuesday, 06 August 2013 07:19 AM

සාමදානයේ සැතපේවා! (නි)

:       0       0

දිසානායක Monday, 05 August 2013 05:54 PM

ගව ඝාතනය හෙලාදකින කාඩ්බෝඩ් අවිහින්සාවදියෝ අහිංසක දරුවන් මරා දමන මිනීමරුවන්ට සුදු හුණු ගානවා..ආත්මාර්ථකාමී බල ලෝභී සවිධාන වල සබැ නිරුවත මේ වෙලාවේ මුළු රටටම ප්‍රදර්ශනය වෙනවා .

:       0       0

දිසානායක Monday, 05 August 2013 05:54 PM

ගව ඝාතනය හෙලාදකින කාඩ්බෝඩ් අවිහින්සාවදියෝ අහිංසක දරුවන් මරා දමන මිනීමරුවන්ට සුදු හුණු ගානවා..ආත්මාර්ථකාමී බල ලෝභී සවිධාන වල සබැ නිරුවත මේ වෙලාවේ මුළු රටටම ප්‍රදර්ශනය වෙනවා .

:       0       0

වජිර Monday, 05 August 2013 05:55 PM

මේවා කල අයට හෙන ගහනවා වැඩි දවසක් යන්න කලින්

:       0       0

දර්ශන Tuesday, 06 August 2013 08:09 AM

මල්ලී, ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කවී Tuesday, 06 August 2013 08:23 AM

මේක කාගේ වැඩක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 05 August 2013 06:13 PM

අනිවාර්යෙන්ම මේවාට වුදව් කල,මරන්න වුපදෙස් දුන්නු සියලු දෙනාටම හෙන හතක්ම ගහනවාමයි

:       0       0

තිලක් ඩුබායි Monday, 05 August 2013 06:15 PM

"ශ්‍රී ලංකාවේ ජීවත් විය හැක්කේ හරකුන්ට පමණි. මිනිසුන්ට ජීවත්විය නොහැක".

:       0       0

තිලක් Monday, 05 August 2013 06:15 PM

දේශපාලකයෝ මොකුත් උනේ නැහැ වගේ ඉන්නවා මතක තියා ගන්න අද ජාතියේ මළගම

:       0       0

තිලිනි Monday, 05 August 2013 06:19 PM

මේ මිනිස්සුන්ගේ දුක කරපු අයට කවදා හෝ උහුලන්න වෙනවා

:       0       0

ප්‍රදීපා Monday, 05 August 2013 06:22 PM

ඇස් දෙකට කඳුළු පිරෙනවා අම්මා කෙනෙක් විදිහට. එක දරුවෙක් ඊයේ පස් යටකලා, අද තව දරුවෙක්ගේ දේහය දකිනවා. වැඩක් නැහැ මේ වගේ ගින්දරක් දෙමවුපියන්ට දීලා. පුතේ ඔබ දෙවු මවු තුරුලේ සැතපේවා....!!!!!!

:       0       0

ප්‍රිය Monday, 05 August 2013 06:23 PM

මොකක්ද ලංකාවට වෙන්න යන්නේ මේකද ලංකාවේ ආශ්චර්ය, අසරනයන්ව මරා දාන එකද අලුත් සෙල්ලම, කට කියන්නද, අනේ ඇයි අම්මලට දුක් දෙන්නේ නුබලාටත් අම්මල ඉන්නවා නේද අම්ම කෙනෙක් කොහොමද මේ දුක ඉවසන්නේ, පව් කාරයෝ සුනාමි අවේ නිකන් නෙවෙයි

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 06 August 2013 08:57 AM

බන්දුල පෙරේරා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා. එයා කියන දේවල් ගණන් ගන්න එපා. එයාට වෙන වැඩක් නැහැ.ඕක තමයි රාජකාරිය. (නි)

:       0       0

බන්දුල පෙරෙරා Tuesday, 06 August 2013 04:35 PM

මේ දරුවන්ව කුලප්පු කරලා පාරට දක්කපු යට හොදක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් මේ ළමයාගේ මිනිය විකුනන්න හදන ඔය පිට රටවල් වල ඉදල හීන දැක දැක මේ ලියන නරුමයන්ට .තමන්ගේ නොවන මතය ඉවසන්න බැරුව හෙන ඉල්ලන එවුන්ද මේ සුන්දරත්වයක් කතා කරන්නේ.. (දී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 05 August 2013 06:36 PM

මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ. පුදුම කලකිරීමක් ඇති වෙන්නේ මේවා දැක්කම. පුතා ඔබට නිවන් සුව !

:       0       0

වාසනා Tuesday, 06 August 2013 09:10 AM

අනේ මොකක්ද මේ ගැටුම කියන්නේ ? (නි)

:       0       0

දසුනි Monday, 05 August 2013 06:37 PM

මේ ත්‍රස්තවාදීන් නොවේ.

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 August 2013 04:41 PM

සුර ඉතින් දන්නවම් නම් කියන්නකො කවුද එතකොට උද්ගොෂනෙට ගියේ මැරුණු ගුටි කාපු ඔක්කොම අහින්සකයෝනම්,..අපි ගිහිල්ලද හමුදාවට ගැහුවේ,,පාරවල් හරස් කලේ,.කටුනායකදී මලේ හලාවතදී මලේ ඔක්කොම අහිංසකයෝ..මෙතන මැරිලා තියෙන්නෙත් අහිංසකයෝ..ඔයත් හරියට චන්දෙ පරද වෙච්ච විපක්සෙ කියන කතා වගේ කතානේ කියන්නේ..

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 06 August 2013 04:49 PM

දනුෂ්ක මහත්තයම කියන්නකෝ එහෙනම් කාටද දාන්න ඕන කියල..අපි ඊලග පාර පෝලිමේ ගිහින් දෙන්නම්..එතකන් ටිකක් පාරවල් හරස් නොකර ඉන්න..ඔයාට ඕන කට්ටිය ආවට පස්සේ ඔය පාරවල් ඔක්කොම ඔයාලට ඕන විදියට උද්ගොෂනවලට බදු දෙවි. එතකොට පාරවල් වල උයාගෙන කාගෙන ඉන්න බැරියැ ..එතකම් අපිට පාරක නිදහසේ යන්න දෙන්න.

:       0       0

ධනුෂ්ක Tuesday, 06 August 2013 09:43 AM

මේවා ගේ දුෂණ , වංචා , මිනිමරු වැඩ වගේම ජාතිවාදය අවුස්සන්නේ කව්ද කියලා මිනිස්සු හොඳටම දැනගෙනත් පුදුමේ කියනේ ඊළඟ පාරටත් ඡන්දෙ දෙන එකනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 505 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1234 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 255 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 498 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 392 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 644 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36783 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site