IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිසුවාට පහර දුන්නාදැයි සොයන්න 10කගෙන් ප්‍රකාශ ගනී

කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට  පාසල් සිසුවකු සහ එක්දරු පියකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවාගෙන පහර දුන්නේදැයි සොයා බැලීමට පොලිස්පති නියමෙන් පැවැත්වෙන  විමර්ශණයේ දී සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු පිරිසක් අද  (12) දස දෙනකුගෙන්  පමණ ප්‍රකාශ ලබා ගත්හ.

එම පාසල් සිසුවා සහ කැළුම් අත්තනායක නම් එක්දරු පියා පොලිසියේ රඳවාගෙන සිටි බව කියන දින කිහිපයේ පොලිස් සිර මැදිරියේ රඳවා තැබූ  සැකකරුවෝ ද ඊයේ (12) ප්‍රකාශ ලබා දුන් පිරිසට අයත් වෙති.

එම පිරිස දිවුලපිටිය පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවත්, තවත් පිරිසක් කැඳවීමට නියමිත බවත් පොලිස් ආරංචි කියයි.

පාසල් සිසුවා සහ එක්දරු පියාගෙන් ද, පාසල් සිසුවාගේ මිතුරන් ඇතුළු පිරිසකගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පාසල් සිසුවා අත්අඩංගුවට ගනිද්දී නිවසේ තිබිය දී ගෙන ගියැයි කියන භාණ්ඩ නැවත ලබානුදුන්නැයි කියන සිද්ධිය ගැන ද විමර්ශනයක් පැවැත්වෙයි.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මසිරි මුණසිංහ සහ ගම්පහ සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරු විමර්ශන පවත්වති.

 



අදහස් (0)

සිසුවාට පහර දුන්නාදැයි සොයන්න 10කගෙන් ප්‍රකාශ ගනී

මනෝරි Tuesday, 13 October 2015 06:18 AM

නදී ඒක තමයි අපටත් ප්‍රශ්නේ. පොලිසියේ ඉන්නේ සාමාන්‍ය ජනතාවගේ නෑදෑයෝ ද කියල. අවස්ථාව අාවහම පොලිසියට විරුද්ද වෙන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. (ස)

:       0       0

කිත්සිරි Monday, 12 October 2015 08:00 PM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

මනෝරි Tuesday, 13 October 2015 06:21 AM

පොලිස් අත් අඩංගුවේ හිටපු සැකකරුවෙක් කවදාවත් පොලිසියට පක්ෂව සාක්කි දෙන්නේ නැහැ. ඒගැන බයවෙන්න එපා . අඟුලාන පොලිසියේදී වෙච්ච දේ මතකනේ. නදීටත් එක්ක මේ කියන්නේ. (ස)

:       0       0

බණ්ඩාර Monday, 12 October 2015 11:42 PM

නීතිපතිගේ සිට අධිකරණ වෛද්‍ය නිලධාරීන් ,පොලිසිය ඇතුළු අනෙකුත් සියළු නිලධාරීන් සාධාරණ වියයුතුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 01:38 AM

වරදකට පොලිස් කූඩුවට ගිය කෙනෙක් බලන්නේ පොලිසිය හොඳින් තියාගෙන නඩුවෙන් ගැළවෙන්න මිසක් පොලිසියට විරුද්ධව ගතු කේළම් කියන්න නොවෙයි නේද? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 13 October 2015 02:40 AM

පහරදීම නොමිනිස් ක්‍රියාවක්. සැකකරුවකුගෙන් සත්‍යය හෙළිකර ගැනීම අපහසු කාර්යක් බව ඇත්තයි. එහෙත් පුහුණු නිලධාරියකුට එය අපහසු නැහැ. වෙසෙසින් පාසල් සිසුවකුගෙන් සත්‍ය හෙළිකර ගැනීමට පහරදීමක් අවශ්‍යම නැහැ. (නි)

:       0       0

ජයන්ත Tuesday, 13 October 2015 02:42 AM

සාධාරණයක් වෙයි කියා මිනිස්සු අතර විශ්වාසයක් නැහැ දැන්නම් (නි)

:       0       0

පාලිත ජයසුන්දර Tuesday, 13 October 2015 03:21 AM

මෙයට ස්වාධීන කමිටුවක් පත් කළයුතුයි. (නි)

:       0       0

සේපාලි Tuesday, 13 October 2015 03:28 AM

බලන් ඉන්න පොලිසියෙන් සාධරණේ ඉටු කරයිද කියල. එහෙම වුනේ කවද්ද? හැමදාම මිනිසුන්ට වුනේ අසාදාරනයක්. (ස)

:       0       0

නවරත්න Tuesday, 13 October 2015 03:37 AM

සීසීටීවී නැත්ද බලන්න? (ස)

:       0       0

මනෝරි Tuesday, 13 October 2015 03:48 AM

කිසිම මනුස්සයෙක් පොලිසියට පක්ෂව නම් සාක්කි දෙන්නේ නැහැ. හැමතිස්සෙම පොලිසියෙන් කරන්නේ අහිංසක මිනිසුන් තළන පෙළන එකනේ. අවස්ථාව ආ ගමන් මිනිස්සු ඒකට 'රිටර්න්' එක දෙනවා (නි)

:       0       0

ඉන්දික Tuesday, 13 October 2015 04:01 AM

අජිත් කරුණාරත්න, ඔයාවත් පොලිසියට අරන් ගිහිල්ල තඩි බෑවානම් ඔහොම කියන්නේ නැහැ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 13 October 2015 04:02 AM

රටේ මහජන මුදල් රුපියල් කෝටි 14000 ක් හොරා කාල ඩුබායි රටේ මශ්රෙක් බැංකුවේ තැන්පත් කරපු පට්ට හොරුන්ටත් ඔය විදිහට සලකනවද? (බ)

:       0       0

සංජය Tuesday, 13 October 2015 04:27 AM

ඉන්දික, අජිත් කරුණාරත්න කියන්නේ ඇත්ත .. පොලිස් කුඩුවේ හිටපු අපරාධ වලට සැක කරුවන් ගෙන් පොලිසියට විරුද්ධව සාක්ෂි දෙන එකට බලපෑම් කරන්න පොලිසියට පුළුවන් .. වෛද්‍ය වාර්තා පදනම් කර ගත්තම මදිද ? (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 13 October 2015 04:32 AM

සුපුරුදු ලෙස ගුරු සංගමේ කළ දුටු කළ වල ඉහිනවා..අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ. සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරිනම් මුළු පොලිස් දෙපර්තුමේන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුණා නම් ඉවරයි.මේ සිසුවා අත් අඩංගුවට පත් වුණේ සැක පිට. මෙපමණ අහල පහළ මිනිස්සු සිටියදී ඔහු අත් අඩංගුවට පත් වුණේ ඔහුගේ චර්යාවේ වැරැද්දකට ..(ම)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 13 October 2015 08:59 AM

සුපුරුදු ලෙස ගුරු සංගමේ කල දුටු කල වල ඉහිනවා..අපරාධකරුවෙක් එකවර අත් අඩංගුවට ගන්න පොලිසියට දිවැස් නැහැ.සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න බැරිනම් මුළු පොලිස් දෙපර්තුමෙන්තුවම මේ මානව හිමිකම් සංවිධාන වලට සියල්ල කර ගන්න දීල පැත්තකට වුනානම් ඉවරයි.මේ සිසුව අත් අඩංගුවට පත් වුනේ සැක පිට. මෙපමණ අහල පහල මිනිස්සු සිටියදී ඔහු අත් අඩංගුවට පත් වුනේ ඔහුගේ චර්යාවේ වැරැද්දකට ..ඔහු ජිවත් වුනු අකාරයේ ඔහු ගිය ගමන් මගේ වැරැද්දකට..ඒක තේරුම් අරන් ඔහුට අද නිවැරදි ගමන් මග තෝර ගන්න අවස්තාව ලැබිල තියෙනවා.. ඒ ගැන සතුටු වෙලා තම ගමන් මග නිවැරදි කර ගන්නවා මිසක් මේ ගුරු සංගම් වල මානව හිමිකම් සංවිධාන වල පටු අවශ්‍යතා ඉටු කර දෙන්න බිලි වෙන එක නෙමෙයි මේ සිසුවාගෙන් විය යුත්තේ..අත් අඩංගුවට ගන්න සැක කරුවෙක්ගෙන් සුරතල් කරලා ප්‍රකාශ ගන්න බැහැ..යම් සීමාවකට යටත් වෙලා බලපෑමක් කරන්න වෙනවා අනිවාර්යයෙන්.සීමාව ඉක්මවා ගිය වගක්නම් අපිට මෙයාලව දැක්කම පෙන්නේ නැහැ..මන් හිතන්නේ ඉදිරියේදී අපේ රටේ අපරාධ දරුණු ලෙස වර්ධනය වේවි..මේ යන විදියට සියලු පොලිස් නිළධාරීන් තම ඇග බේරා ගැනීම මිසක් අපරාධ මර්දනයක් ගැන නොසිතාවී.ඔවුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි. යහපාලනය ඉදිරියේදී මේ රට අපරාධකරුවන්ගෙන් පිරුණු පාතාලය රජවුණු ගෙදරට පැනල ගැණු දරුවෝ ඇදන් ගිහින් දුෂණය කරලා මරණ තත්වයට පත් වුනු අපරාධකරුවන්ගේ සැක බිය නැතිවුණු විසාලාවක් කරන බවනම් අපිට සක් සුදක් සේ පැහැදිලියි. (ස)

:       0       0

නදී Tuesday, 13 October 2015 04:49 AM

පොලිසියෙන් ඔය කියන තරමටම අසාධාරනයක් වෙනවනං අපේ රටට පොලිසියක් ඕනේ නෑ නේද මනෝරි. එක දවසකට අපේ රටෙන් පොලිසිය අයින් කරොත් මහජනතාවට සාධාරණය ඉටුවෙන හැටි බලාගන්ඩ තිබුණා. මහජනතාව කොහොමද පොලිසියට රිටර්න් දෙන්නේ පොලිසියේ ඉන්නෙත් මහජනතාවගේම සහෝදර සහෝදරියෝ මව්වරු පියවරු තමයි. නැතුව පිටසක්වලින් අපු අය නෙමෙයි. (ස)

:       0       0

දුල්මි Tuesday, 13 October 2015 05:06 AM

දැන් මේකෙන් ගොඩයන්නේ කළු කබා මහත්තුරු ටික තමයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 13 October 2015 05:18 AM

රටේ මහජන මුදල් රුපියල් කෝටි 14000 ක් හොරා කාල තැන්පත්කලා කියල මේ තරම් සාක්ෂි තියෙද්දිත් අඩුම වසයෙන් පොලිසියට ගෙනල්ල බලු කුඩුවේ දාල ,ගහල ප්‍රශ්න කලාද?නිතිය කාටත් පොදු වෙන්න ඕනේ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 13 October 2015 05:21 AM

මේ තරුණයා මොනවා වුණත් ටිකක් වාසනාවන්තයි.ඔය සිද්ධිය ජනවාරි 8 වෙනිදාට පෙර සිද්ධ වුණා නම් මේ වෙනකොට මොනවා වෙයිද? (නි)

:       0       0

කේ. පුඤ්ඤසෝම Monday, 12 October 2015 03:39 PM

හොරාගෙ හත්මුතු පරම්පරාවෙන් පේන ඇසීම (අ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 October 2015 04:11 PM

සිසුවාට පොලිසියේ කාමරය තුළ ඉන්න කම්මැලි නිසා ව්‍යායාමයක් ලෙස ඔහු ඔහුටම ගහගත්තා විය හැකියි. (අ)

:       0       0

අධිකාරි Monday, 12 October 2015 04:10 PM

මේ හැමෝම එල්ලන්න ඕනේ (අ)

:       0       0

රූපවතී Monday, 12 October 2015 05:04 PM

ඒ අසරණ දරුවාට කළ අපහාසයට සුදුසු වන්දියකුත් ගෙවන්න නියම කරන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

පෙරේරා Monday, 12 October 2015 05:35 PM

ලංකාවේ පොලිසිය බොහොම නීතිගරුක වැදගත් පිරිසකගෙන් සමන්විත පොලිසියක්. අත්අඩංගුවට ගන්න කිසි කෙනෙකුට කිසිම හානියක් වෙන ආකාරයකින් ඒ අය කටයුතු කරන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 0 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 967 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2765 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 444 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 169 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 195 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14621 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 40 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site