IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සිසුවා තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වා ගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නමින් ව්‍යාජ ලෙස වට්ස්ඇප් ගිණුම් දෙකක් සකස් කර නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන පවසා රූමත්  ලාබාල  තරුණියන්ගේ නිරුවත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගත්  පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි

අත්අඩංගුවට ගත් එම සැකකරු මෙවර උසස් පෙළ හදාරන 19 හැවිරිදි සිසුවෙකි.

සැකකරු එලෙස උපක්‍රමශීලීව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ගෙන්වා ගෙන තිබූ රූමත්  ලාබාල තරුණියන් ගේ නිරුවත් ඡායාරූප 15 ආසන්න සංඛ්‍යාවක්   සැකකරු පරිහරණය කරන ලද පරිගණකය තුළ ගබඩා කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.     

මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු ප්‍රසිද්ධ නිරූපිකාවන් දෙදෙනකුගේ නම් භාවිතා කර ව්‍යාජ ලෙස සකස් කරන ලද වට්ස්ඇප් ගිණුමක් හරහා ප්‍රසිද්ධ ආයතන වල නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා වලට කැමති රූමත් ලාබාල තරුණියන්ට අවස්ථාව ලබා දිය හැකි බව ප්‍රසිද්ධ කර ඒ සඳහා කැමති තරුණියන් කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව එම තරුණියන්ගේ නිරුවත් ඡායාරූප  උපක්‍රමශීලීව ලබාගන්නා බවට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් හරහා තොරතුරක් ලැබුණ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු ඒ සෑම තරුණියක් සමග ම සම්බන්ධ වී ඇත්තේ කෙටි පණිවිඩ හරහා බව පොලිසිය කියයි. 

 



අදහස් (2)

සිසුවා තරුණියන් රවටා නිරුවත් ෆොටෝ ගෙන්වා ගෙන

රතුගම Wednesday, 17 May 2023 06:36 AM

නිරූපණය කරන්න ගන්නවා කිව්වොත් කෙල්ලන්ට වෙන මොකුත්ම සොයන්නෙ නැහැ ඇත්තටම දුරකථන වලට ටෲකෝලර් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේහෙම එවුන් සොයන්න පුළුවන් එහෙම තොරතුරු ගන්න බැරිනම් ඉතින් නොරැවටී කලින්ම මගහරින්න පුළුවන්

:       0       14

කිරිපුතා Wednesday, 17 May 2023 09:31 AM

මොවුන්ට දඬුවමක් නම් අපේ රටේ ළඳ බොළඳ අර පොත්වල නෑ. දස දෙසම දැකිය හැක්කේ පිරිහීම.හොඳ නායකයෙක් පේන තෙක් මානෙක නෑ.ගුරුවරුන් ජෝෂප් ගෙ පස්සේ වැටිලා.විශ්ව විද්‍යාල වල⁣ට පැනගත්ත ළමයින් සත්තු වගේ හැසිරෙන්නෙ.කෙහෙන් හරි ගුණධර්ම හැදෙන්න ඕන.

:       4       15

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 30 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 195 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 107 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 189 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 477 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 520 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 481 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 438 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site