IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සිසුවා දුම්රියේ හැපී බේරේ

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු අද උදෑසන 11 ට පමණ මාතර බලා ගිය දුම්රියක ගැටී තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.

ධර්මාශෝක විද්‍යාලයයේ 11  වැනි ශ්‍රේණියේ යූ.ඩබ්ලිව්.සුරාන් සංදීප නම් දරුවා මෙසේ අනතුරට ලක් විය.

අනතුර සිදු වූ අවස්ථාවේ ඔහු මිය ගිය බව එහි සිටි පිරිස් සිතුවත් බස් රියදුරකු වූ එල් එච් ගාමිණී ද සිල්වා මහතා මේ අනතුර පිළිබඳව රෝහලට දන්වා  දරුවා ඉක්මනින් රෝහල කරා රැගෙන යෑම නිසා දරුවාගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්යය මණ්ඩලයට හැකි විය.

dee1 dee2 dee3

 

 



අදහස් (0)

සිසුවා දුම්රියේ හැපී බේරේ

සුරන් Monday, 13 July 2015 11:10 AM

මම තමයි ඔය කෝච්චියට හැපුනේ .මම දැන් හොදින් ඉන්නවා .මාවබෙර ගත්ත අයට පින් .මාව රෝහලට ගෙනියපු අයට ගොඩක් පින් .මන් දැන් පාසල් යනවා .මට සුවය ලැබෙන්න කියල පාර්ථනා කරපු ඔයාල හැමෝටම පින්. (බ)

:       0       0

ප්‍රභාත් Tuesday, 12 August 2014 08:22 PM

මේ දරුවාට ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

අකිල මෙන්ඩිස් Thursday, 14 August 2014 04:16 AM

ඔබට ඉක්මන් සුවය (නදී)

:       0       0

ඉරේෂා Friday, 15 August 2014 06:38 PM

අනේ පුතේ, ඔයාට ඉක්මනට සුවය ලැබේවා! (නි)

:       0       0

අමන්දි Monday, 18 August 2014 05:20 AM

ඔබට ඉක්මන් සුව පතමි (නි)

:       0       0

දමින්ද Friday, 15 August 2014 07:37 PM

කෝච්චියට අහුවෙලා මෙහෙමවත් බේරුන එක නම් ලොකු පිනක්. නමුත් අනාගතයට බලපාන්න ගත්තම තමා ප්‍රශ්න වෙන්නේ. අනෙක දැනෙන කම්පනය ............... (නි)

:       0       0

අන්තෝනි Wednesday, 13 August 2014 02:21 PM

ගේට්ටු වහලා රේල් පාර හරහා පොඩි මගී පාලමක් සාදා දෙන්න. (නි)

:       0       0

ප්‍රසාත් Friday, 15 August 2014 10:56 AM

පව් අහිංසක දරුවා. ගාමිණී ඔබේ උතුම් මනුස්සකමට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

සංජය Tuesday, 12 August 2014 12:20 PM

උඩ බලන් ගිහින් (නදී)

:       0       0

නීළ් Tuesday, 12 August 2014 12:23 PM

මේ දවස්වල අම්බලන්ගොඩ පැත්තේ කොල්ලන්ට අපලෛ වගේ කොහේ ගියත් මොනවා කරත් පරිස්සම ගැන හිතන්න මල්ලියේ (නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 12 August 2014 12:39 PM

ගාමිණී සිල්වා මහත්මයාට දරැදුක වාවා ගන්න බැරිවෙන්න ඇති. ඔහුටත් මේ වගේ ළමයි ඇති.නියම පියෙක් ගාමිණී මහත්මයා . මගේ ආචාරය. (අ)

:       0       0

සාරසී Wednesday, 13 August 2014 02:48 AM

රේල් පාරේ යන්නේ ඇයි? තහනම් කරලනේ තියෙන්නේ. සමහර වෙලාවලට දුම්රිය එනවා ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. (නි)

:       0       0

චරිත් Wednesday, 13 August 2014 03:47 PM

ඔබට ඉක්මන් සුව සහෝදරයා.....! (නි)

:       0       0

ක්‍රිශානි Sunday, 17 August 2014 05:15 AM

ඔයාට ඉක්මනට සුවය පතමි (දී)

:       0       0

සඳරු Wednesday, 13 August 2014 03:14 AM

ලංකාවේ මොන දේ කළත් මිනිස්සු ආරක්ෂක ක්‍රම අනුගමනය කරන්නේ නැහැ. වැඩි ප්‍රමාණයක් අනතුරු වෙන්න මේක හේතුවක් (නි)

:       0       0

මැක්ෂි -කටාර් Tuesday, 12 August 2014 01:14 PM

අම්බලන්ගොඩ ළමයින්‍ට අපලයක්වත්ද ?(අ)

:       0       0

සදුන් Friday, 15 August 2014 04:57 AM

පව් අප්පා (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 13 August 2014 03:25 AM

දුම්රිය මාර්ගයේ මිනිසුන්ට ගමන් කිරීම තහනම් කියලා කොච්චරක් නාම පුවරු දාලා තියෙනවද ? ඉන්නේ කොහෙද කියලත්, යන්නේ කොහෙද කියලත් සමහරුන්ට අමතකයි. මෙලෝ සිහියක් නැහැ. ප්‍රදර්ශනය කරන හැම අවවාදයක්ම අපේ යහපත සහ ආරක්ෂාව සඳහායි. ඒවා නොසළකා හැර ඇයි අපි නිකන් අපරාදේ අපේ ජිවිත විසිකරන්නේ? (නි)

:       0       0

කමල් Wednesday, 13 August 2014 09:56 AM

මේක හොඳ පාඩමක්. අනතුරක් සිදුවූ විට හැකි ඉක්මනින් ආරක්ෂාකාරීව රෝහල වෙත ගෙනයාමට කටයුතු කළ යුතුයි. ඉතිරිය වෛද්‍යවරුන්ට බාර දෙමු (නි)

:       0       0

දයානි Wednesday, 13 August 2014 10:13 AM

වරදක් සිද්ධවෙන්න ඇසිපිය ගහන පමාවක් ඇති (නි)

:       0       0

නුවන් Wednesday, 13 August 2014 10:25 AM

ඇසුරු කළ යුතු නියම මිතුරන් ටිකක් සමග තමා ගිහින් තියෙන්නේ එකනේ පිට මහත්මයෙක් එනතුරු රෝහලටවත් ගෙනියන්න බැරි වුණේ.(දිල්)

:       0       0

මේනක Tuesday, 12 August 2014 02:22 PM

ජංගම දුරකතනය කනේ ගහගෙන ගියාවද්ද? ඉක්මන් සුව පතමි (නි)

:       0       0

තරංග Tuesday, 12 August 2014 02:33 PM

සංජය දැක්කද උඩ බලන් යනවා..කටතිබුන පලියට නිකන් බේගල් අතාරින්න එපා සංජය..(අ)

:       0       0

සජී Tuesday, 12 August 2014 02:33 PM

මොකක්ද සිදු උනේ කියලා පැහැදිලිවම වීඩියෝවේ තියනවා.. ජංගම දුරකතනයි, උඩබලන් ගියාදැයි කියලා ළමයාට අපහාසකරනවා.(අ)

:       0       0

උෂාන් Tuesday, 12 August 2014 02:44 PM

නීල් මහත්තයාගේ කතාව ඇත්ත මේ දවස් වල අම්බලන්ගොඩ කොල්ලොන්ට අපලයි. එදා අර උසස් පෙළ ළමයට පිහියෙන් අැනපු තැනම තමා අද මේ ළමයත් ට්‍රි‍ෙන් එකට හැපුනේ.(අ)

:       0       0

ස්නයිපර් මල්ලි Thursday, 14 August 2014 02:53 PM

සුරන් මල්ලි ඔයාට තෙරුවන් සරණයි! ඉක්මනින්ම සුවපත්වෙලා අපි අතරට එන්න! (දී)

:       0       0

කුමාරි Tuesday, 12 August 2014 02:59 PM

එතන අනාරක්ෂිත විදියට හැමෝම පාර පනින තැනක් කියන්නේ. වගකිව යුත්තන් මේ ගැන සොයා බලන්න.බරපතල තුවාල වගෙයි දරුවට.ඉක්මන් නිරෝගී සුව පතනවා! (අ)

:       0       0

ප්‍රියානි Friday, 15 August 2014 06:59 AM

තුණුරුවන් සරණින් ඉක්මනින් සුවය පතමි. - ප්‍රියානි නැන්දා (නදී)

:       0       0

රොෂාන් Tuesday, 12 August 2014 04:31 PM

මටත් මේ වයසේ දරුවන්.ඉන්නවා (නි)

:       0       0

මංජුල Thursday, 14 August 2014 12:52 AM

ඔබට ඉක්මන් සුව ......! (නි)

:       0       0

මහසෙන් Tuesday, 12 August 2014 04:52 PM

අම්බලන්ගොඩ වැඩිපුරම ඉන්නේ මිනිසත්බව අගයන උදවිය.එක්වරක් අපිගිය දිරාපත් වූ වාහනේ කැඩුනා.කීපදෙනක් ඇවිල්ලා අපට උදව් කළා. අපි ගැන මොකුත් ඒ අය දැන හිටියේ නැහැ. ජීවිතේ මුල්වරට ගාලු ගිය ගමනක්!.ඒ විතරක් නොවේ අපි හතර දෙනෙකුට රාත්‍රී කෑම පවා දුන්නා. හිත හොඳ මිනිස්සු. (නි)

:       0       0

විහඟ Friday, 15 August 2014 08:03 AM

මෙතන හරිම අනාරක්ෂිත තැනක්. මෙම මාරු කපොල්ල වසා දමන ලෙස මා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 16 August 2014 08:29 PM

සංජය වාගේ කට කැඩිච්ච කතා කියන අය දුම්රිය මාර්ගයේ යන්නේ බලාගෙන !! (නි)

:       0       0

අශේන් දී සොයිසා Thursday, 14 August 2014 09:39 AM

ඉක්මනට සුව වෙන්න මල්ලි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 195 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1105 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3848 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2931 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3390 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1487 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site