IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සිසු උද්ඝෝෂණයට කඳුළු ගෑස්

පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ සිට පා ගමනින් කොළඹට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ සිසුන්ගේ පෙළ පාළියට කොල්ලුපිටියේ දී පොලිසියෙන් ජල ප්‍රහාරයක් හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

එක් සිසුවකු ද පොලිස් බාරයට ගත් බව සිසුහු පවසති.

 _7_5845

viber-image_9684IMG_6087 IMG_6093 IMG_6151IMG_6080 IMG_6120



අදහස් (0)

සිසු උද්ඝෝෂණයට කඳුළු ගෑස්

විජේ Thursday, 23 June 2016 10:50 AM

මහා මාර්ග වල පෙළපාලි වහාම තහනම් කල යුතුයි, මෙය මහජනයාට ලොකු පීඩාවක්, මහජනයාගේ වටිනා කාලය නාස්තිවෙනවා, මේ ළමයින්ට නිකම් සියලු දේ ලැබෙන නිසා, කාල ඉන්ට බැරිව පෙළපාලි යනවා, මේ ගැන වහාම රජය සිතිය යුතුයි, මහජනයා විසදුම් ගන්න ඉස්සෙල්ලා. (ර)

:       0       0

චානක Friday, 24 June 2016 12:53 AM

මේ ළමයි ඉගෙනගන්නේ නැතුව විකාර කරනවා. ඉගෙනගන්න ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙත් නැහැ. හරිම කුහක ළමයි ටිකක් (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 23 June 2016 10:54 AM

ඉදිරියට යනවද ආපස්සට යනවද..අදම තීරණය කරන්න..(බ)

:       0       0

සුසිල් Friday, 24 June 2016 01:26 AM

කවදාහරි දවසක මේ නිකම් දෙන දේවල් නවත්වන්න වෙනවා. මොකද නොමිලේ කියලා දෙයක් නැහැ, කවුරුහරි මේවාට ගෙවනවා. සල්ලි අච්චු ගහලා නොවෙයිනෙ මේවා කරන්නෙ. රට ක්‍රමයෙන් දියුණු වෙනකොට නොමිලේ දෙන දේවල් ගන්න ලැජ්ජාවක් ඇතිවෙයි. හැබැයි ඒවාට කාලයක් යයි. වියදම් කළහැකි අයට ගෙවලා ඉගෙනගන්න දෙන්න ඕනෑ (නි)

:       0       0

සුසිල් Friday, 24 June 2016 01:45 AM

එදා පටන් අපේ රටේ ගාස්තු අයකරන පාසල් තිබුනා. කවුරුවත් ඒවා වහන්න කියලා උද්ඝෝෂණ කළේ නැහැනෙ. වියදම් කළහැකි අයගෙ ළමයි ඒවාට යනවා. (නි)

:       0       0

අනුර Friday, 24 June 2016 01:51 AM

විශ්ව දැනුම ලබාගැනීමට හැමෝටම අයිතියක් ඇත. ඔබගේ බර පැන ගෙවන්නේ මේ රටේ ජනතාව. ඇති හැකි පිරිසට මුදල් ගෙවා දැනුම ලබාගත හැක. ලෝකයේ හැම රටකම විෂය දැනුම ලබා ගැනීමට ආයතන ඇත. (නි)

:       0       0

ටෙනිසන් Friday, 24 June 2016 01:52 AM

කිසිම බුරුලක් දෙන්න එපා (නි)

:       0       0

සූරිය Friday, 24 June 2016 02:07 AM

පිටරට ගිහින් විශාල වියදමක් කරලා වෛද්‍ය උපාධිය අරගෙන ලංකාවට විත්, ලංකාවේ රෝහල් වල සේවය කරන්න පුලුවන් නම්, ලංකාවෙදිම ඒ උපාධිය අරගෙන සේවය කිරීමේ වරද මොකක්ද? මේ සිසුන් ඉතාම හොඳින් උනන්දුවෙන් ප්‍රායෝගික පුහුණුව ලබන අයුරු මම දැකලා තියෙන නිසා, අනාගතයේ ඔවුන් ඉතා හොඳ වෛද්‍යවරු වෙන බව මගේ විශ්වාසයයි. (නි)

:       0       0

ශානි Friday, 24 June 2016 02:16 AM

ගිනි නිවන රථ වල වතුර නැහැ. ඒ වුණාට අහිංසක ළමයන්ට ප්‍රහාර එල්ල කරන්න නම් වතුර තියෙනවා. කොහොම කිව්වත් අපි ඉගෙනගත්තෙත් ලංකාවේ සරසවි වලින්. මේවා දකිනකොට දුක හිතෙනවා (නි)

:       0       0

ප්‍රදීප් Friday, 24 June 2016 03:38 AM

කිසිම දෙයක් නිකන් නොදිය යුතුයි. ඉගෙනීමට වියදම්කරන සල්ලි කොටසක් හෝ පසුව අයකරගන්නා ක්‍රමයක් හැදිය යුතුයි. අපි දන්නවා අපේ කාලේ මේවාට නායකත්ව දුන් අය අද කියන කතා. මේවා වෙන්නේ 5% ටත් වැඩිය අඩු කොටසකගේ උවමනාවට. මේගොල්ලෛා් ඇයි අර බිලියන ගානක පරණ බෙහෙත් ගේනවට විරුද්ධව පෙළපාලි යන්නේ නැත්තේ (නි)

:       0       0

සමන් Friday, 24 June 2016 03:41 AM

මේ ළමුන්ට එරෙහිව කතාකරන කී දෙනෙක් ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන තියනවද? මේ රටේ තියන විශ්ව විද්‍යාල වලට ලැබිලා තියන ගොඩක් දේවල් ලැබිලා තියන්නේ මේවගේ දේවල් වලින් මිසක් රටේ ඉන්න බුද්ධිමත් දේශපාලකයන් හොයා බලා දීපු දේවල් නෙමෙයි. (නි)

:       0       0

ඇන්ඩෘෘ Thursday, 23 June 2016 11:56 AM

මට ආරංචි වුණා සයිටම් කට්ටියට උපාධිය දියවූ කියල ඒ අයගේ මව්පියෝ පෙළපාලි යන්නත් සැරසෙනවා කියලා. හැබැයි වැඩිපුර ඒකට උනන්දු මිනී පෙට්ටි සාප්පු කාරයෝලු . (බ)

:       0       0

වීරසේකර Thursday, 23 June 2016 12:00 PM

මොන නාඩගමක්ද මේ ? මේක මහා කරදරයක්නේ...අපි රක්ෂාව කරලා ගෙදර යන්න ඕනා ...කොළඹ නගරයේ මාර්ග අවහිර කිරීම් තහනම් කරන්න...(බ)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 24 June 2016 04:18 AM

මේ ඔක්කොටම මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට ගියා නම් තේරෙයි ඒකේ ගුණාත්මකබව (නි)

:       0       0

පද්මිණි Friday, 24 June 2016 04:30 AM

රූපලාවන්යට පුද්ගලික ඩිප්ලෝමාව දෙනවා වගේ වෙදකමට පුද්ගලික ආයතන පවත්වාගෙන යාම ලංකාව වැනි ප්‍රමිතිය ගැන කිසිම විශ්වාසයක් තබන්නට නොහැකි රටක නොකළයුතු දෙයක්. ප්‍රංශයේවත් පුද්ගලික විශ්ව විද්‍යාල දොස්තරවරු බිහිකිරීමට නොමැත. (නි)

:       0       0

සරසි Thursday, 23 June 2016 12:06 PM

දැන් මේ ගොල්ලෝ විතරද මේ රටේ ඉගෙන ගන්න ඕන. හැමදේම නිකම් ලැබෙනකොට ඒවා කොහොමද ලැබුනේ , සිසුන් හැටියට තමන්ගේ ප්‍රධාන වගකීම මොකද්ද , මේඔක්කොම මතක නැහැ . අඩු ගානේ ශිෂ්‍ය ණය යටතේ වත් ගාස්තු අරගන්න කාලේ ඇවිත්. (බ)

:       0       0

කමල් Thursday, 23 June 2016 12:11 PM

අපේ රට කොහෙටද ගෙනියන්නේ ඇසිය යුතු ප්‍රශ්නයක් පාලකයන්ගෙන් (බ)

:       0       0

තිලක් Thursday, 23 June 2016 12:12 PM

පාලකයන්ගේ නොහැකියාව ලෝකෙට පේනවා සතුටුද දැන් (බ)

:       0       0

සුනිල් Friday, 24 June 2016 04:48 AM

නිදහස් අධ්‍යාපනයේ පිළිගැනීම මුළු ලොවම පිළිගනී. නමුත් පුද්ගලික අධ්‍යාපනයේ ප්‍රමිතිය එහෙම නැති බව ඕනෑම කෙනෙකුට සිතාගන්න පුළුවන්. මුදල අනුව තමා සියල්ල සිදුවන්නේ. ඔය හැම පුද්ගලික එකක්ම හොඳට තිබේ නම් කැම්පස් යන්න ඊළඟ ලකුණු මට්ටම ඒ සඳහා තෝරා ගන්න. (නි)

:       0       0

රුවන් Thursday, 23 June 2016 12:16 PM

මේක පාලකයන්ගේ ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද නොහොඹිනා සිසුවන්ගේ ඔලමොට්ටල වෑඩ මුන් විතරක් ඉගෙන ගත්තාම ඈතිද? ඕක පැහැදිලි ඉරිසියාවනේ අපේ රටේ විතරයි මේ මළ කෝළම් (බ)

:       0       0

සමන්ත Thursday, 23 June 2016 12:22 PM

පාරවල් අවහිර කරන එකටනං කඳුළු ගෑස් නෙවෙයි ගල් ගහලා එලවන්න ඕන. (බ)

:       0       0

සුදේශ් Friday, 24 June 2016 05:03 AM

ප්‍රදීප්, ඔයා වැස්සකටවත් කැම්පස් තියා ඉස්කෝලෙකටවත් ගිහින් තිබෙනවද? (නි)

:       0       0

ශශී Friday, 24 June 2016 05:19 AM

වෛද්‍යය සිසුන් පෞද්ගලික වෛද්‍යය විද්‍යාලයට විරුද්ධ නමුත් ලංකාවේ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වලට විරුද්ධ නොවන්නේ මන්ද? ඔබෙගේ තර්කයට අනුව පෞද්ගලික රෝහල්ද රටේ මහජනතාවට අනතුරුදායක සේවාවක් සැපයීමට පුළුවන්. තවත් කෙනෙකුට ඉගෙනගැනීමට ඇති නිදහස නැතිකිරීමට ඔබට ඇති ආශාව ඉතාමත් පහත් එකක් නොවන්නේද? (නි)

:       0       0

රත්න Thursday, 23 June 2016 12:23 PM

මේ හැම විකාරයක්ම අපේ ලංකාවේ විතරයි .. ලෝකයේ අනිත් රටවල්වල පෙළපාලි වගේ දේවල් මාසයකට පෙර රජයට දෙනුම් දී අවසර ලබා ගත යුතුයි බලන්න හොඳට මොන පුද්ගලයින්ද මෙතන ඉන්නේ කියල .... (බ)

:       0       0

ප්‍රවීන් Thursday, 23 June 2016 12:23 PM

මේකේ තියෙන සමහර කොමෙන්ට්ස් දැක්කම මේගොල්ලන්ගේ හිතන හැටි පේනවා. කැම්පස් අය විතරක් නෙමේ නොමිලේ ඉගෙනගන්නේ. අනික පෙළපාලි පාරේ නැතුව වෙන කොහෙද තියෙන්නේ. ඉල්ලීම් සාධාරණනම් සලකා බැලිය යුතුයි . මතුපිටින් පේන එකම හිතන්න එපා, කාල ඉන්න බැරුව නෙමේ. අනාගතයට නිදහස් අධ්‍යාපනය රැක දෙන්න ඕන. වැරදි තියෙනවා නමුත් නිවැරදි දේ යටපත් නොකළ යුතුයි (බ)

:       0       0

රොමේෂ් Thursday, 23 June 2016 12:30 PM

මොවුන්ගේ අරගලය රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් බව මේ මොහොතේදී ගොඩක් අයට වැටහීමක් නැහැ. ගොඩක් අයට මේක වදයක්, හිරිහැරයක්, නාඩගමක් හෝ විගඩමක්. නමුත් තමන්ගේම දරුවෙක් උසස් අධ්‍යාපනය ලබන කාලෙකදී මොවුන්ව වීරයෝසේ පෙනෙයි. හැමදෙයම නිකන් දෙනවා ඒක නිසා කටවහන් ඉගෙනගනින් කියනවනම් ඒ මෝඩකම නිසා මිසක් වෙන හේතුවක් නිසා නෙමෙයි. .(බ)

:       0       0

කළුආරච්චි Friday, 24 June 2016 05:47 AM

ටෙනිසන් කිසිම බුරුලක් දෙන්න එපාද? (බ)

:       0       0

හසිත් Thursday, 23 June 2016 01:02 PM

මේ උදවිය හිතන්නේ බෝඩිමේ බෙඩ් ශීට් එකේ සිට රටේ මිනිස්සු බදු ගෙවලා සපයන්න ඕන. හැබැයි ඒ මිනිස්සුන්ගේ ළමයින්ට ඉගෙන ගන්න අයිතියක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ හැම අවුරුද්දකම දිස්ත්‍රික් කෝටා වට අහු වෙලා දක්ෂ සිසුන් ට සරසවිය ලකුණකින් දෙකකකින් අහිමි වෙනවා. දැන් ඒළමයින් මේ කුහක සිසුන්ගේ ගෙවල් වල අප්පුලා ආයලාට වැඩ කරන්න එවන්න කියලාද කියන්නේ ? (බ)

:       0       0

ජයනි Thursday, 23 June 2016 01:08 PM

අනේ රොමේෂ් අපේ ළමයින් උගතුන් වෙලා විතරක් වැඩක් නැහැ. ඔයගොල්ලන් වගේ කුහකයන් වුනොත් ගෙදර ඉන්න සහෝදරයා ලකුණක් මදි වුන නිසා පුද්ගලික තැනකින් යමක් ඉගෙන ගන්නවාට කැමති වෙන එකක් නැහැ . ඔයාගේ දරුවෙක් සරසවියට යන්න ලකුණු මදි වුනොත් කුඹුරු කොටන්න යවනවාද නැහැනේ . අතින් කටින් වියදම් කරලා හරි උගන්වන්නේ නැද්ද ? (බ)

:       0       0

සුමුදු Friday, 24 June 2016 05:48 AM

කාටද මේ අධ්‍යාපනය නිදහසේ දෙන්න කියලා කෑගහන්නේ? මහජනතාවට එහෙම එකක් ඕනෑ නැහැ. ඕනෑ නම් ඒ අයනේ කෑගහන්න ඕනෑ. (නි)

:       0       0

ලංකානි Friday, 24 June 2016 05:51 AM

ප්‍රශ්න වලට පාලකයෝ විසඳුම් නොදෙනකොට ජනතාව පාරට බැසිය යුතුය. නැත්නම් පාලකයෝ තමන්ගේ සැප ගැන පමණක් කටයුතු කරයි. රටත් ජනතාවත් ගැන වගකීමක් නැත. තමන්ට සිදුවන හිරිහැර ගැන පමණක් පටු විදිහට නොසිතන්න. (නි)

:       0       0

උපුල් Thursday, 23 June 2016 01:24 PM

සමහර අය පිටරට ඇවිල්ලා ලංකාවට බනින හැටි අපිට හොදට ඇහෙනවා නොමිලේ ඉගෙනන විශ්ව විද්‍යාලවලින් ඉහළටම ගිහින්, අපෝ අායි නමි ලංකාවටනම් යන්නෑ ' මාර විදියට දාඩිය' රස්නෙයි කිය කිය බනිනවා?. සිංගප්පුරැවෙ වගේ කිසිම දෙයක් නොමිලේ නොදි ඉන්න ඕනැ. (බ)

:       0       0

තාබෘෘ සිල්වා Thursday, 23 June 2016 01:21 PM

දුන්නත් උද්ඝෝෂණ නොදුන්නත් උද්ඝෝෂණ මෙම රටට සෙතක් වේවිද (බ)

:       0       0

කේ. පෙරේරා Thursday, 23 June 2016 01:35 PM

මේ වගේ වෛරක්කාරයින්ද අනාගතයේ රටේ වගකීම් බාරගන්න හදන්නේ! (නි)

:       0       0

හේරත් Thursday, 23 June 2016 01:49 PM

මේ තීරයේ වෛද්‍ය සිසුන්ට විරුද්ධව ලියන ගොඩක් දෙනෙක්, මාලඹේ ඉගෙනගන්න කට්ටිය හෝ ඒ අයගේ හිතවත් කට්ටිය වෙන්න ඇති. මමත් නිදහස් අධ්‍යාපනය නිසා ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනගෙන සමත්වුණ පුද්ගලයෙක්. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 24 June 2016 06:02 AM

සුදේශ් මමනම් ඉස්කෝලෙට, කැම්පස් ගියේ ඉගනගන්න, වැස්සට ගියේ කුඩයක් යටට. (බ)

:       0       0

සිල්වා Thursday, 23 June 2016 01:56 PM

පාලකයෝ නිදිද? අපේ දරුවෝ මහපාරේ වැටිලා. මේකද යහපාලනය? (නි)

:       0       0

මඩවල Thursday, 23 June 2016 02:06 PM

මේ අය උපාධිය අරන් ඉවරවුණාට පස්සෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන්නෙ නැත්තෙ මොකද දන්නෙ නැහැ. අනේ අපි නොදන්න අරගල. (නි)

:       0       0

ඉසුරු Thursday, 23 June 2016 02:06 PM

මේ දරුවන් නැත්නම් අද අපිට නිදහස් අධ්‍යාපනයක් නැහැ (නි)

:       0       0

තිස්ස Thursday, 23 June 2016 02:07 PM

කඳුළු ගෑස් වලට තරුණ ආවේගය නවතන්න බැහැ (නි)

:       0       0

සමීර Thursday, 23 June 2016 02:17 PM

විශ්ව විද්‍යාල සිසුන් මේ අරගල කරන්නේ මොකටද කියලා පොඩ්ඩක් හිතන්න. මමත් මීට අවුරුදු විසිපහකට කලින් මේ වගේම රාගම පුද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව පාරට බැස්සා. කඳුළු ගෑස් කෑවා. හිරේ හිටියා. අද ඒ සටන් වල ප්‍රතිඵලයක් විදියට ලැබුණ රාගම පීඨයේ මගේ දරුවෙක් ඉගෙනගන්නවා. (නි)

:       0       0

ලොකුගේ Thursday, 23 June 2016 02:23 PM

දැන්වත් කඩේ යන එක නතර කරලා බලන්න රට කොහෙටද යන්නේ කියලා (නි)

:       0       0

කොටගෙදර Friday, 24 June 2016 06:49 AM

මේ මිනිස්සු පාරට බහින්නේ ප්‍රශ්නයක් තියෙන හින්ද ...... ඒවාට නිසි පිළිතුරු දෙන්න රජයක් විදියට සම්පුර්ණ මැදිහත්වීමක් කරන්න ඕනි ...නැත්තම් මහින්ද මහත්තයට වෙච්ච දේ නෙවෙයි ..මේ ආණ්ඩුවට වෙන්නේ (බ)

:       0       0

චතුරි Thursday, 23 June 2016 02:54 PM

මේ කට්ටිය. පුරුදුවෙලා තියෙන්නේ. පෙළපාලි යන්න. ඉතින්. මේ විශ්ව විද්‍යාල. පෙළ පාලි පවත්වන්න. මහියංගනයෙන්. ඉඩම්. අක්කරයක් ලබාදෙන්න. හැමදාම. එතනට. ගිහින්. කෑගහන්න. කියලා මාධ්‍යකරුවන්. කොහොමත් යනවනේ විස්තර දැන ගන්න (බ)

:       0       0

සුරංග Thursday, 23 June 2016 03:07 PM

නිදහස් අධ්‍යාපනය තියෙන එකම රට ලංකාව නෙමෙයි. හැබැයි නිදහස් අධ්‍යාපනය තියෙන මෝඩයෝ රැලක් බිහිකරන එකම රට ලංකාව. අනිත් කිසිම රටක ඔය දේවල් නෑ.කාගේ හරි උසිගැන්වීමට පාරට බැහැල, අහේතුව හේතුව කරගෙන මෝඩ කම ප්‍රදර්ශනය කරනවා. (බ)

:       0       0

ධම්මි Thursday, 23 June 2016 03:05 PM

මේ පොලිස්කාරයින්ට තමන්ගේම කියල ළමයි නැතුව ඇති (බ)

:       0       0

සුමිත් Thursday, 23 June 2016 03:10 PM

රොමේෂ් තව අවුරුද්දක් දෙකක් යනකොට ඔයාටම වැටහීමක් ඇතිවෙයි. ළිඳේ ඉන්න ගෙම්බා දන්නෙ ළිඳේ ඇතුළත තත්වය විතරයි. (බ)

:       0       0

කමිඳු Thursday, 23 June 2016 03:11 PM

පෞද්ගලික විශ්ව විද්‍යාල තිබිය යුතුයි. හැබැයි ඒලෙවල් අසමත් අයට එම්බීබීඑස් ලබාදීම නැවතිය යුතුයි (බ)

:       0       0

අජිත් - රියාද් Thursday, 23 June 2016 03:48 PM

මේකෙ ප්‍රතිචාර දාපු වැඩිපුර අය එංගලන්තෙ ඉගෙන ගත්ත අය වෙන්න අැති. දුප්පත් මිනිසුන්ට නිදහස් අධ්‍යානය වගේම නිදහස් සෞඛ්‍යය සේවයත් මේ රටේ ඉතරු වෙලා තියෙන්නෙ මේ විධියට එදා විශ්වවිද්‍යාල සිසුන් අරගල කරපු නිසා. (බ)

:       0       0

රවිඳු Thursday, 23 June 2016 03:53 PM

තව හොඳට නාවන්න ඕනා. එතකොට තමයි මොළේ පෑදෙන්නේ? (බ)

:       0       0

සම්පත් Thursday, 23 June 2016 04:02 PM

ඔය ඔක්කොම හරියනවා අර 23 වැනිදා ඉදියට යන්න යූඇන්පී ඇප් එක ඩවුන්ලොර්ඩ් කර ගත්තනම් (බ)

:       0       0

අනුරාධ Thursday, 23 June 2016 04:13 PM

මේ වගේ දේවල් වලට මොනවා ලියන්නදැයි නොතේරේ. මොවුන්ට යම්කිසි විෂයයක් පිළිබඳව දැනුමක් තිබුනාට බුද්ධිමත්භාවයක් නැතිබවයි මේ අයම පෙන්වන්නේ. බංකොලොත් දේශපාලන අතකොලු නොවී ඉක්මනින්ම ඒ අයගේ අධ්‍යාපනය අවසන් කරගත යුත්තේ මෙයට වඩා මේ අයටම පෞද්ගලිකවම ඉතා වැදගත් වෙන තීරු බදු රහිත වාහනයක් ලබාගැනීම ඉක්මන් කරගතයුතු බැවිනි (නි)

:       0       0

රොෂාන් Thursday, 23 June 2016 04:27 PM

අජිත් - රියාද්, අධ්‍යාපනය ලබද්දී දුප්පත්ද, පොහොසත්ද, ඉගෙනගෙන තියන රට කොහෙද කියන එක නෙමෙයි වැදගත්. දුප්පත් රටක් වෙලත් මෙතෙක් පැවති සෑම රජයක්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදුන්නා. ඒ ටිකත් මදිවෙලා උද්දච්චකම ඉහට ගහලා දැන් මේ අය රටේ ජනතාවට පිළලයක් වෙලයි තියෙන්නේ. (නි)

:       0       0

ජගත් Thursday, 23 June 2016 04:30 PM

මේ ළමයි මේ කරන්නේ ඉගෙනගන්නා කාලයේ නොකළයුතු වැඩ (නි)

:       0       0

සංජීව Thursday, 23 June 2016 04:38 PM

තනිකර ඊර්ෂ්‍යාව. තව එකෙක් ගොඩ යනකොට ඇහේ කටු අනිනවා වගේ (නි)

:       0       0

හේමචන්ද්‍ර Sunday, 03 July 2016 03:26 PM

ඔය පුද්ගලික විශ්ව විද්‍යාලවලට එරෙහි වෙන අය පුද්ගලික පාසල් වලින් ඉගෙන ගන්න ළමුන්ට උසස් අධ්‍යාපනය ලබන්න රජයේ විශ්ව විද්‍යාල වලට ගන්න කියල උද්ඝෝෂණය කරනවද මොකද ඒ ළමුන් පුද්ගලික පාසල් ගියේ රජයේ පාසලක් නැති වුන නිසා (බ)

:       0       0

සාමා Thursday, 23 June 2016 05:42 PM

වැරැද්ද නිදහස් අධ්‍යාපනය නෙමෙයි. හැමෝම කැමති උසස් අධයාපනය ලබන්න. හොඳ රැකියාවක් කරන්න. වරද විශ්ව විද්‍යාල පාලක මඩුල්ල. ඔවුන් ළමයින්ට සංවේදී වියයුතුයි. (නි)

:       0       0

රොෂාන් Thursday, 23 June 2016 06:07 PM

අජිත්, ඔයා වැඩකරන රටේ වැඩ කොහොමද? (නි)

:       0       0

රජිත් Thursday, 23 June 2016 06:33 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිකරලා ඒ මඟින් හොඳ උගත් දොස්තරලා බිහිකරලා සදලුතලේ ඉන්න දොස්තරලා බිමට තල්ලු කරලා දාන්න ඕනෑ. එතකොට තේරෙයි තමන් කවුද කියලා. ලංකාව තමයි අහංකාර, මාන්නෙන් ඉදිමුණු දොස්තරලා යැයි කියාගත් මිනිස්සු කොට්ඨාශයක් ඉන්න එකම රට (නි)

:       0       0

චතුරි Thursday, 23 June 2016 06:40 PM

තමන්ගේ ළමයෙක් සරසවි ගිය දවසට තේරෙයි කාට කාටත්. මේ ළමයි අද පාරට බහින්නේ ඒ ළමයි වෙනුවෙන් නෙමෙයි (නි)

:       0       0

හිමාල් Thursday, 23 June 2016 08:26 PM

ඔය වෙන මොකුත් නෙමෙයි, පැහැදිලි ඊර්ෂ්‍යාව (නි)

:       0       0

රොමේෂ් Thursday, 23 June 2016 08:48 PM

මේ ප්‍රශ්නයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නෙමෙයි. රජයේ විශ්ව විද්‍යාල වලට ගන්න ප්‍රමාණය සාධනීයව වැඩි කළයුතුයි. එතකොට තමයි නියම උගතුන් බිහිවෙන්නේ. පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා අවම සුදුසුකම් රජයේ විශ්ව විද්‍යාල සදහා වන අවම සුදුසුකම්ම සහ විභාග ක්‍රමය, රජයේ විභාග දෙපාර්තමේන්තුව විසින් අධීක්ෂණය වන අයුරින් සකස් වන්නේ නම් කාටත් අසාධාරණයක් නොවේ. (නි)

:       0       0

රත්නායක Thursday, 23 June 2016 08:50 PM

මේවාට හැමදාම ඉඩදෙන්න බැහැ. පෙළපාලි දැන්වත් නවත්වන්න. රටට විනාශයක් මේක (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 23 June 2016 10:32 PM

රොමේෂ්, රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් අරගල කරන්න මොවුන්ට තිබෙන එකම දේ ඊර්ෂ්‍යාව. (නි)

:       0       0

බන්දුල Thursday, 23 June 2016 10:41 PM

අජිත් - රියාද්, සල්ලි තිබෙන මිනිස්සු සල්ල දීලා ඉගෙනගත්තම කොහොමද නිදහස් අධ්‍යාපනය නැතිවෙන්නේ? එදා විශ්ව විද්‍යාල සිසුන් කරපු අරගලයක් නැහැ නිදහස් අධ්‍යානය ලබාදෙන්න. එදා විශ්ව විද්‍යාල වලට ගියේ වැදගත් ළමයි. එම ළමයින්ට සමාජයේ පිළිගැනීමක් තිබුනා. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 23 June 2016 10:44 PM

ධම්මි, ඒගොල්ලන්ටත් ඉන්නවා, අපටත් ඉන්නවා. නමුත් අපි ළමයි හදන්නේ නහැ ලෝකයටත් අපිටත් කරදරයක් වෙන්න (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 23 June 2016 10:56 PM

අර අරගෙන යන හාදයව ඇතුළට ගෙනිහිල්ලා හොඳට සළකන්න කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

ලහිරු Thursday, 23 June 2016 10:44 AM

රාජ්‍ය විශ්ව විද්‍යාල වලට අමතරව, නිසි ප්‍රමිතියක් ඇතුව පවත්වන පෞද්ගලික විශ්ව විද්‍යාල ද තිබිය යුතුය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට වැසි
2024 ඔක්තෝබර් මස 04 33 0

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 2125 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 1088 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 957 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 738 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 2503 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38821 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site