IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සිසු දන්සලට තණකොළ දුන් උප ගුරු සොයයි

වෙසක් උත්සව වෙනුවෙන් පාසල් ළමයින් සංවිධානය කළ වෙසක් කලාපයක බත් දන්සලකට එකතු කළ භාණ්ඩ අතර තණකොල මිටියක් තබා දුන් කොළඹ පාසලක සහකාර විදුහල්පතිවරයකු ගැන පරීක්ෂණයක් පවත්වන්නැයි අදි සිසුවෝ ද ගුරුවරු ද ඉල්ලති.

මේ විද්‍යාලයයේ මෙවර වෙසක් කලාපය වෙනුවෙන් බීම, අයිස්ක්‍රීම්, කඩල හා බත් දන්සල් පැවැත්විණි.

විද්‍යාලයයේ එක් එක් අංශ එක්ව බීම, අයිස් ක්‍රීම් හා කඩල දන්සල් පැවැත්වූ අතර බත් දන්සල පැවැත්වීම ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි.

ළමයිගේ දෙමාපියන් විසින් එවනු ලැබූ විවිධ භාණ්ඩ එකතු කර පාර්සල් කළේ සහකාර විදුහල්පතිවරයකු විසිනි. මේ සහකාර විදුහල්පතිවරයා ඒ භාණ්ඩ ඇසිරූ පෙට්ටියට තණකොල මිටියක් කපා පාර්සල් කර දමා ඇති බවත්, අවසාන මොහොත එම භාණ්ඩ විදුහල්පතිගේ අතින් ආදී ශිෂ්‍ය සංගමයට දෙන අවස්ථාවේ ඒ බව හෙළිවූ බවත් විදුහල් ආරංචි කියයි.

ආදිශිෂ්‍ය සංගමයේ නිලධාරීන්ට එම පාර්සල් ලබා දීමට පෙර විදුහල්පති විසින් අදිශිෂ්‍යයන් ද ඉදිරිපිටදීම එම පෙට්ටිය විවර කර ලැබූ බවත්, ඒ සමග  එහි තිබූ තණකොල පාර්සලය හමුවූ බවත්, එම සිදුවීමෙන් විදුහල්පති ඇතුළු සියලු දෙනා බලවත් අපහසුතාවකට පත් වූ බවත් කියති.

හිටපු විදුහල්පතිගේ යම් යම් අයතා ක්‍රියාවන්ට ද සම්බන්ධ බව කියන මේ සහකාර විදුහල්පති ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි විද්‍යාලයීය අභ්‍යන්තර පාර්ශව ඉල්ලති.



අදහස් (0)

සිසු දන්සලට තණකොළ දුන් උප ගුරු සොයයි

දිසානායක Thursday, 30 May 2013 01:49 PM

නිලා, රනා මොකක්ද ඒ නැහැදිච්චි කතාවේ තේරුම. එතකොට අරයා කරලා තියෙන්නේ ගුරුවරයෙකුට කැප දෙයක්ද?එයාට වැඩිය ඔයාලනේ කුලප්පු වෙලා තියෙන්නේ (නි)

:       0       0

අමිල මදනායක Thursday, 30 May 2013 01:48 PM

මේ දවස් වල අපිට නම් තණකොල වරදින්නෙම නැහැ (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 30 May 2013 01:52 PM

වර්තමානයේ ගුරුවරුන්ගෙන් දරුවන් නොමිලේ බලාපොරොත්තු විය යුත්තේ තණකොළ පමණක්ම වේ. (නි)

:       0       0

ශාන්ත Thursday, 30 May 2013 01:52 PM

වහාම සොයා බලා වැරදිකරුවන්ට ප්‍රසිද්ධියේ තණකොළ කවන්න ඕනෑ (නි)

:       0       0

චන්දි Thursday, 30 May 2013 02:32 PM

නිලානි රනා ,මේ අහන්න ඔය කියන අන් නැති ගොනෙක් නේද මේ අසීලාචාර වැඩේ කරලා තියෙන්නේ, දීපු කෙනාට ළමයි ඉදිරියේම කවන්න ඕන (අ)

:       0       0

සුජාන් Thursday, 30 May 2013 02:54 PM

ඔය වගේ දෙයක් නිකන්ම කරන්නේ නැනේ. ආදී ශිෂ්‍ය සංගමයේත් ඇති තණකොළ කවන්න ඕන විදියේ වැඩ කරන අය. එයාලට සුදුසු තණකොළ කියල අඟවන්න තමයි එහෙම කරන්න ඇත්තේ. උප ගුරුවරයටම බැණ බැණ ඉඳල හරියයිද? (ස)

:       0       0

චන්ද්‍රා Thursday, 30 May 2013 03:48 PM

ගුරුවරයාගේ විෂමාචාර ක්‍රියාව සඳහා පරීක්ෂණයක් කර ඔප්පු වුවහොත් දැඩි දඬුවම් දීම, අනාගත දරු පරපුර සඳහා කරන මෙහෙවරක් වේ. (ස)

:       0       0

රසාක් Thursday, 30 May 2013 04:03 PM

මෙයාගේ විශ්‍රාම යන දවසේ තෑග්ගට දෙන්න මේකම. (නි)

:       0       0

සේනක Thursday, 30 May 2013 12:45 PM

එයා කන්න ආසම, එයාගේ ගෙදර අය කන දෙය තමයි එයා දන් දුන්නේ. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ? (ස)

:       0       0

විජේසිංහ Thursday, 30 May 2013 01:08 PM

එයාටම කවන්න තිබුනේ. (ස)

:       0       0

දයා අලහකෝන් Thursday, 30 May 2013 01:08 PM

මතු ආත්මයක අනිවාර්යෙන් ම එයා කන්නේ මේවයි. (ස)

:       0       0

ඉසාම් Thursday, 30 May 2013 01:08 PM

අම්මප මේ ගුරුවරුද රටට යන කල ගැන හිතාගන්න පුළුවන්.(ස)

:       0       0

නිසල් Thursday, 30 May 2013 01:09 PM

"ආදි ශිෂ්‍ය සංගමය මගින් ඉටු කිරීමට සංවිධායකයෝ තීරණය කර ඒ සඳහා විද්‍යාලයයේ හය සහ හත ශ්‍රේණිවල සිසුන්ගේ දායකත්වය ද ලබා ගැනීමට කටයුතු කර තිබිණි" පුදුම වැඩක්නෙ මේක, කොහොමද එහෙම තීරන ගන්නෙ? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 30 May 2013 01:08 PM

මේක දීල තියෙන්නෙ ආදි ශිෂ්‍යයන්ට කෑමටද දන්නෙ නැහැනේ. මොකද එයාල තමා ලොකු ඉස්කෝලවල කිසිදෙයක් පිලිවෙලට කරගන්න දෙන්නෙ නැත්තෙ (නි)

:       0       0

චතූ Thursday, 30 May 2013 01:25 PM

එයා කන දේ එයා දෙන්න ඇති අනිත් අයත් කන්නේ ඒවා කියලා හිතලා (නි)

:       0       0

නිලානි රනා Thursday, 30 May 2013 01:23 PM

මේ දවස්වල බෞද්ධයයි කියාගන්නා සම හරක් අන්දෙකක් නැත්නම් තණකොළ ටිකක් දැක්කහම බොහොම කුලප්පුවෙනවා. (අ)

:       0       0

රුසිරු Thursday, 30 May 2013 06:15 PM

චතුල, හැමෝටම එහෙම බනින්න එපා. සමහර ඉස්කෝල පවත්වාගන යන්නේ ආදී ශිෂ්‍යයෝ තමයි. ආණ්ඩුවෙන් කරන්නේ ගුරුවරුන්ට පඩි ගෙවන එකයි, පෙළපොත් දෙන එකයි වගේ ඒවා. ආදී ශිෂ්‍යයෝ ගොඩකට තමන්ගේ පාසල කියන හැගීම තියනවා ගුරුවරුන්ටත් වැඩිය.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 638 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 907 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1991 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4269 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2232 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site