IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


සිසු නායක පන්සිල් ගනිද්දී කනේ පහරක්

පාසල් සිසුවකුගේ කනට ගැසූ බව කියන කඩවත පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි.

නියෝජ්‍ය විදුහල්පතිගේ පහර කෑමට ලක්වූ බව කියන එම පාසලේ 11 ශ්‍රේණියේ සිසුවා රාගම රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඔහුගේ කනේ  ලේ ගැලීමක් සිදු වී ඇතැයි රෝහල් ආරංචි කියයි.

උදෑසන පාසල ඇරැඹිමේ සීනුව නාද කළ පසු පන්ති කාමරයේදී දී සිසුන් පන්සිල් ගත් බවත්, ඒ අතරතුර පාසල් ශිෂ්‍ය නායකයකු පැමිණ එහි පන්ති නායකයා වන පහරකෑ සිසුවාගෙන් පන්ති පිරිසිදු කිරීම් නියමිත පරිදි සිදුකළා දැයි විමසූ බවත්, සිසුවා වැඳගෙනම එය නිසි පරිදි කළ බව පැවසූ බවත් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන්වේ.

ශිෂ්‍ය නායකයා ගිය පසු නියෝජ්‍ය විදුහල්පති පැමිණ කිසිවක් නොවිමසා පන්ති නායකයාගේ වම් කනට ගැසු බවත්, දකුණු කනට පහරක් එල්ල කරද්දී හිස පසෙකට ගැනීම නිසා ඉන් බේරුණු බවත් පැමිණිල්ලේ දැක්වේ.

නියෝජ්‍ය විදුහල්පති මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විදුහල්පති සමන් ජයකොඩිආරච්චි පැවසුවේ  පාසල පැත්තෙන් කීමට කිසිවක් නැති බවයි.

කඩවත පොලිසිය පරීක්ෂණ කරයි.

 



අදහස් (0)

සිසු නායක පන්සිල් ගනිද්දී කනේ පහරක්

ප්‍රසංග Wednesday, 15 January 2014 12:25 AM

ඔය නියෝජ්‍ය විදුහල්පති කියන එක්කෙනාගේ කන් දෙකම පලන්න වටින්නෙ (අ)

:       0       0

මාලක Tuesday, 14 January 2014 12:08 PM

වරදට දඩුවමක් දෙන්න බැරි කාලයක් මේක (දී)

:       0       0

සිතුම් Monday, 13 January 2014 07:39 PM

මානව හිමිකම් වල ප්‍රථිඵල තමයි මේ.(නදී)

:       0       0

සෙලනිකස් Tuesday, 14 January 2014 12:54 PM

විදේශයකට යවා හෝ මේ දරුවාගේ කන සුවපත් කරලා, ඒ වියදම් මේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ වැටුපෙන්, දීමන්වලින් හා ඒවා මදි නම් තියෙන වත්කම් විකුණලා හෝ පියවන්න ඕනේ. (දී)

:       0       0

පාරා Monday, 13 January 2014 07:55 PM

කෝ අද කාලේ එකල වේවැල, ඒකත් හමස් පෙටිටියේද? නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති කමට සුදුසු නැත.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 13 January 2014 08:03 PM

එයාගේ ගෙදර ප්‍රශ්නයක් වගේ.(නදී)

:       0       0

රොහාන් Tuesday, 14 January 2014 01:15 PM

වැටුනේ කුරුම්බෑට්ටියක් උනත් කියන්නේ පොල් වල්ලම වැටුනා කියලනේ ගුරු සිසු සම්බන්දතාවය දැන් දැන් ගොඩක් ඈත්වෙලා (දී)

:       0       0

සමන්ත Monday, 13 January 2014 08:17 PM

දෙන්නනෙ තිබුනෙ හැරෙන තැපෑලෙන් ආපහු එකක්.(නදී)

:       0       0

රෝයි Monday, 13 January 2014 08:23 PM

නියෝජ්‍ය විදුහල්පතිටත් දඩුවම් කරන්න ඕනේ.(නදී)

:       0       0

සෝමදාස Monday, 13 January 2014 08:24 PM

නැති ප්‍රශ්ණ ඇති කර අධ්‍යාපනය අවුල් කරණ මෙවැනි අයට සමාවක් දිය හැකිද?. (නදී)

:       0       0

අිබලන්තොට ධම්මිකා Monday, 13 January 2014 08:29 PM

ඒ සිසුවා වැරදිකරුද නිවරදිකරුද නොසොයා දඩුවම් දීම අනුමතත කළ නොහැක. නමුත් වරදක් කළත් මෙහෙම දඩුවම් දීම කිරීම වැරදියි. වේවැල් කෝටු නාරං සියඹලා අතූ.(නදී)

:       0       0

ලාංකිකා Monday, 13 January 2014 09:04 PM

මේ නියොජ්‍ය විදුහල්පති වහාම අස්කරන්න ඕනා. එයා පාසලක සාමාන්‍ය දඬුවම් ක්‍රම නොදන්නවා නම් විදුහල්පති තියා ගුරුවරයකුටවත් සුදුසු නැහැ.(නදී)

:       0       0

සිසිර Monday, 13 January 2014 09:08 PM

කන පැලෙන්න ගහපු අයට කෝ කිසිම සංගමයක් සද්ද නැහැ.(නදී)

:       0       0

කාලිංග Tuesday, 14 January 2014 02:05 PM

කෝ ඔය ලොකුවට කතා කරන ගුරු සංගම් (දී)

:       0       0

ෂෙරිෆ් Monday, 13 January 2014 09:19 PM

මේ වගේ නියෝජ්‍ය විදුහල්පතිවරු තමයි බජාර් එකේදී කොල්ලොන්ගෙන් ගුටි කන්නේ. ඊට පස්සේ කියනවා නාඳුනන පිරිසක් පහර දුන්නා ඒ අයව අත්අඩංගුවට ගන්නතුරු අපි පාසැල වහනවා කියලා. (නදී)

:       0       0

සෙනෙවි Monday, 13 January 2014 09:26 PM

ඔන්න මේ අයට හමුදා පට්ටම් දීපුවැයි ප්‍රතිඵල.(නදී)

:       0       0

අමිල කටුණායක Monday, 13 January 2014 09:34 PM

කිසිදු ආබාධයක් නොවී ඉක්මනින් සුවය ලැබේවා(දිල්)

:       0       0

පියල් Wednesday, 15 January 2014 08:58 AM

මිනිස්සු හදා ගන්න බැරිතරමට කුරිරු වෙලා (දී)

:       0       0

උපුල් Monday, 13 January 2014 10:06 PM

ඔය නියෝජ්‍ය විදුහල්පතිතුමාට කව්රුහරි පිටට වත් තට්ටු කලා නම් බලාගන්න තිබුණා අපේ සංගම්වල අයගේ තිබෙන අධ්‍යාපනය සඳහා ඇති කැපවීම. (නදී)

:       0       0

ලන්කාසිරි Tuesday, 14 January 2014 03:27 PM

මෙවැනි තර්ජනාත්මක ස්ථානයක් නම් පාසැල, කුඩා දරුවන් නිදහසේ අකුරු කරන්නේ කොහොමද? කිසිම ගුරුවරයෙකුට දරුවෙකුට ගහන්න අයිතියක් නැහැ. මෙම විදුහල්පතිට දැඩි දඩුවම් දී රස්සාවෙන් සදහටම පහ කල යුතුයි (දී)

:       0       0

මාෂි Monday, 13 January 2014 10:32 PM

මේ සංවර්දන වැඩසටහන් කරන්න ඕනේ ගුරුවරුන්ට. විනය හා ඉවසීම බිංදුවයි. ගුරුවරු මෙහෙම නම් ළමුන් ගැන කවර කතාද?  දඩුවම් කරන විදිහ හා ප්‍රමාණය පිළිබද මාසික හෝ පාඨමාලාවක් ලබාදෙන්න පත්වීම් බාරගන්න කලින්.(නදී)

:       0       0

සෑම් Monday, 13 January 2014 10:41 PM

සිසුවා වරදක් කර තිබ්බා උවත් මෙවන් ලොකු දඩුවම් දිය යුතු නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 14 January 2014 03:59 PM

අධ්‍යයාපනය බාරව ඉන්න මිනිසුන්ගේ මානසිකයට ගැලපෙන විධියට තමයි පාසල් විනයත් පවත්වා ගෙන යන්නේ. ඒ කියන්නේ ශිෂ්‍යයා ළඟ නොවෙයි විනය නැත්තේ සිසුන් පාලනය කරන්න හදන අය ළඟ. මේ සියලුම වින්නැහි මානසික ව්‍යාධීන් නිසා ඇතිවෙන දේවල්. වැඩි කල් නොගොහිල්ල ශිෂ්‍යයෝ විදුහල්පති වරුන්ගේ කන් පලාවි.(නදී)

:       0       0

කාන්ති ජයසිංහ Tuesday, 14 January 2014 01:51 AM

ඒ නම් ගුරු යකෙක්. මෙහෙමත් දරුව්න්ට දඩුවම් කරනවද? (නදී)

:       0       0

සරත් පර්ත් Tuesday, 14 January 2014 04:08 AM

නියෝජ්‍ය විදුහල්පති ළඟදීම මනෝ වෛද්‍යවරයකු වෙත යැවිය යුතුයි (දිල්)

:       0       0

ජෟ ශිරාණි Tuesday, 14 January 2014 07:14 PM

මට පාසලේදී විදුහල්පති කණට ගැහැව්වා. හේතුව තමයි. විවේකය සදහා බෙල්එක ගහපු හැටියේ මම පන්තියෙන් නැගිටල එලියට යන්න සූදානම් වීම. මම යන්න හැදුවේ බාලාංශය පන්තියේ හිටපු මගේ මල්ලි පාසල ඇරිල තනිව යන්න බැරි නිසා එයාව මගේ පන්තියට එක්ක එන්න. ඇයි කලබලෙන් යන්න හදන්නේ කියල අහන්නේ නැතිව මගේ කණට ගැහුවා ඒ විදුදහල් පති. මම ඒ වෙනකොට හයේ පන්තියේ. මට අදත් ඒ විදුහල්පති එක්ක තරහක් තියෙනවා.(නදී)

:       0       0

කාලින්ග Tuesday, 14 January 2014 06:27 AM

සමස්ත අධ්‍යාපන පද්දතිය විනාශ මුකයට යවන්න එපා මෙවන් වැඩ කරලා (දී)

:       0       0

සිතුමිණ Tuesday, 14 January 2014 06:27 AM

ලංකාවේ මානව හිමිකම් සම්භන්දව ලෝකේම බලන් ඉන්න වෙලාවක මෙහෙම දේවල් කිරීම නුවනට හුරුද (දී)

:       0       0

චාමික Tuesday, 14 January 2014 06:42 AM

මේ සම්බන්දයෙන් ගුරු සංගම් නිහඬ වීම අනුමත නොකරමු. ළමයෙකුට දඩුවම් කලහැකි ආකාරය පැහැදිලිව කියා තිබෙනවා චක්‍රලේඛනයේ. මානසික ස්ථාවර බව අඩු, කෝපයට පත්වී තමන් කරන දේ තමනුත් නොදන්නා මේවගේ ගුරුවරුන් ගේ සේවය අත්හිටුව, මානසික තත්වය ගැන පරීක්ෂා කර, නැවත පුහුණුවක් ලබා දී පරිවාස කාලයක් යටතේ නැවත සේවය එක්කිරීම සුදුසුයි යෝජනා කරමි. ඒසේ නොවුනොත්, මෙවැනි ගුරුවරුන්ගේ හේතු විරහිතව හිංසනයට ලක්වන සිසුන් සමාජ ගත වුවිට, ඔවුන් මීට වඩා බරපතල සමාජගැටළු ඇතිකරන බව සමීක්ෂණ පෙන්වා දී තිබේ. (දී)

:       0       0

සෙලාන්සියුස් Tuesday, 14 January 2014 07:59 PM

මාලක , මහින්ද : වැරැද්දක් කලා කියල කන පලලා හරි යනවා ද ? (නදී)

:       0       0

විරාජ් Tuesday, 14 January 2014 07:34 AM

එහෙම ගහන්න ගුරුවරුන්ට බැහැ, අයිතියක් නැහැ (දී)

:       0       0

අල්විස් Tuesday, 14 January 2014 08:20 AM

ළමයෙකුට නං ඔය සෙල්ලන් දැම්මේ මෙයා චන්ඩියෙක් නොවෙයි. කොල්ලගේ පියාට ගහන්ට කිමුකෝ බලන්ට. (දී)

:       0       0

මහින්ද Tuesday, 14 January 2014 08:34 AM

ඉස්සරත් ගුරුවරු ළමයින්ට ගැහුවා, මීටත් වඩා හයියෙන් කෝ මානව හිමිකම්, ගුරුවරු ළමයින්ට ගහන්නේ ඒ ළමයින්ගේ වැරදි වලට ඒ ළමයින් ඒවා පාඩමකට ගන්න ඕනේ (දී)

:       0       0

මාලක Tuesday, 14 January 2014 08:34 AM

මේවා අපිට නොපෙනෙන විශාල සමාජ ප්‍රශ්න (දී)

:       0       0

මහේෂ් Tuesday, 14 January 2014 08:34 AM

ඉස්සර තිබ්බ ගුරු ගොල සුහදත්වය දැන් නැහැ. ගුරුවරුන්ව ආමිකාරයො කරවනකොට ආමි මානසිකත්වය ගහනවා. ගුරුවරුන්ට ළමුන්ව පෙන්නේ තමන්ගෙ යටතේ ඉන්න සෙබලෙක් වගේ. (දී)

:       0       0

සෝමදාස Tuesday, 14 January 2014 09:46 PM

ලොක්කව බේරගන්න සොක්කො දැන් දත කනව ඇති. (නදී)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:07 AM

ගුරුවර ගුරුවරයින්ට ගෙවල් වල ප්‍රශ්න ඒ වාඩුව පාසලේ ළමයින්ගෙන් පිරිමහගන්නවා.(දී)

:       0       0

කපොති Tuesday, 14 January 2014 09:18 AM

කෝ සංගම් කෝ ශිෂ්‍ය ව්‍යාපාර (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 15 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 79 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 516 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 686 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 60 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


බදුල්ල සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 75 0

ජනාධිපතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ 73%ක් අද (21) ජන්ද ප්‍රකාශ කර ඇතැයි බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිළධාරි පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14605 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 197 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site