IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිසු ලෙඩට හේතුව මායා රෝගය

ගම්පොළ මහනුවර සහ වැලිගෙපොල පාසල් හතරක ළමුන් සිය ගණනක් හිටි හැටියේ ලෙඩ වීමට හේතුව සමූහ මායා රෝගය නමැති හිස්ටීරියා තත්ත්වය (Mass hysteria) විය හැකියැයි මනෝ වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත් සමග අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා කියා සිටියේ සිසුවියන් කිහිප දෙනකුට ඇතිවූ ආසාත්මිකතාවක් ඔවුන් ඇසුරු කරන හා එය දකින සිසුවියන් විසින් තමන්ට ද ඇතැයි සිතීම සාමාන්‍ය දෙයක් බවයි. එලෙස වෙනත් අයකුට ඇතිවන රෝගී තත්ත්වයක් සමූහ වශයෙන් විශාල පිරිසක් විසින් තමන්ට ද ආදේශ කැර ගැනීම සමූහ මායා රෝගය ලෙස හැඳින්වේ. වෛද්‍ය රූමි පවසන්නේ මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන් බවයි. එවැනි අවස්ථා විදේශ රටවල විශාල වශයෙන් වාර්තා වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් පිළිබඳ පුවත් වාර්තා කියවන හා ඒවා අසන්නට ලැබෙන අය ද එයට සමාන පරිසර තත්ත්වයන්හිදී තමන් ද එවැනි රෝගයකට ගොදුරු වූ බව සිතන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි. සමූහ මායා රෝගයේදී පරිසරයේ වෙනස්වීම් පවා තමන්ට ඇතැයි සිතන රෝගී තත්ත්වයට ආදේශකැර ගැනීමට ඔවුන් පෙළඹෙන බව ද දෙමාපියන් විසින් මෙවැනි අවස්ථාවලදී කරන පෙළඹවීම් ද සමූහ මායා රෝගයට ගොදුරුවීමට හේතුවක් වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. සමූහ මායා රෝගයේ ප්‍රධානතම ලක්ෂණයක් වන ගැහැණු ළමුන් වැඩිපුර ගොදුරුවීම මෙම අවස්ථාවේදී දක්නට ලැබෙන බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි. පාසල් දරුවන් මෙලෙස හදිසියේ රෝගාතුර වීමට කෘමියකු හෝ විෂ වායුවක් හේතුවන්නේනම් පාසල් ළමුන් පමණක් නොව වැඩිහිටියන් සහ පාසල් ගුරුවරු පවා රෝගාතුර විය යුතු බව ද ඔහු පවසයි. කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන වැඩිදුර පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව ද  එය කල්පවතින රෝගී තත්ත්වයක් නොවන බව ද පවසන වෛද්‍යවරයා කියා සිටින්නේ සමූහ මායා රෝගය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරීමෙන් එය මගහරවා ගතයුතු බවයි.



අදහස් (0)

සිසු ලෙඩට හේතුව මායා රෝගය

මනුජ Friday, 16 November 2012 09:39 PM

දැන් අඩු මායා රෝග විතරයි. (නි)

:       0       0

පෙරේරා Friday, 16 November 2012 10:05 PM

ළමයි 1000කට එකපාරටම එකම විදිහටම මෙහෙම වෙන්නේ කොහොමද? (නි)

:       0       0

හිල්මි Sunday, 18 November 2012 04:03 AM

මේකත් ලෙඩක් තමයි. හැබැයි මට දොස්තර මහත්තයාගේ අදහස් එක්ක නම් එකග වෙන්න බැහැ. (නි)

:       0       0

පාලිත Friday, 16 November 2012 10:50 PM

රෝගය හරියටම හොයාගෙන නැත්නම් මේක මායා රෝගයමයි කියලා කියන්න බැහැනේ.නේද? (නි)

:       0       0

නසාර් Friday, 16 November 2012 10:57 PM

මේ ලෝකයම එක්තරා මායාවක් තමයි. (නි)

:       0       0

චමින්ද Sunday, 18 November 2012 05:41 AM

මම දන්න විදියට මායා රෝගය තියෙන්නේ කාන්තාවන්ට... (නි)

:       0       0

චාමිකර Sunday, 18 November 2012 07:47 AM

සමහරවිට දොස්තරලා හරි වෙන්න පුලුවන්. ඒත් ලංකාවේ අපිට එච්චර මානසික දුර්වලතාවයක් නැහැ. (නි)

:       0       0

දිනේෂ් Friday, 16 November 2012 11:47 PM

මේක පාර්ලිමේන්තුවට පතුරවන්න බැරිද? (නි)

:       0       0

පද්මි Saturday, 17 November 2012 12:09 AM

ආ.. ඔය හොයාගෙන තියෙන්නේ හේතුව. (නි)

:       0       0

සෙනරත් Saturday, 17 November 2012 01:58 AM

වෛද්‍ය රූබන් කියන්නේ ඇත්ත.. ගාල්ලේ හොද නම ගිය වෛද්‍යවරයෙක්.. ඇලෝසියස් විදුහුලේ අපේ පන්තියෙ එකට උගත් ළමයෙක් මේ රූබන් මහතා ඔහුගේ පියත් මේ විදුහලේම නමගිය ගුරුවරයෙක්..!(නු)

:       0       0

නිර්මලා Saturday, 17 November 2012 06:25 AM

මොකක් උනත් අපේ ළමයි මේකෙන් බේරා ගන්න

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 17 November 2012 06:09 AM

සමූහ මායා රෝගය නම් ඉතින් අපේ රටේ ඡන්දදායක වැඩිහිටි පුරවැසියන් බොහොමයකටත් තියෙනවානේ. ඒකේ එක රෝග ලක්ෂණයක් තමයි හැබෑ ලෝකේ මොන තරම් භයානක තත්වයක් එළඹෙමින් පැවතුණත් කාපට් පාරවල්, කොන්ක්‍රීට් ගොඩවල්, විදෙස් කුමන්ත්‍රණ භීතිය, ආගම් වාදය, දෙමළා පැරදවීමේ තෘප්තිය, පපුවට ගසාගැනීම වැනි දේ වලින් මායා ලෝකයකට පිවිසීම. එහෙම වුණහම සමූහයක් වශයෙන් බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව නැතිව ගිහින් මායාවේ පැටලිලා ඉන්න පුරුදු වෙනවා. (නි)

:       0       0

මධුෂානි Saturday, 17 November 2012 08:15 AM

පාසල් 4ටම එකම ලෙඩක්ද එතකොට? (නි)

:       0       0

පෙරේරා Saturday, 17 November 2012 08:27 AM

ලෝකේ තියෙන හැම ප්‍රශ්නයම මනෝ ඇසින් දැකීම වැරදියි. (නි)

:       0       0

ජයදේව Saturday, 17 November 2012 08:46 AM

දන්නා කියන කෙනෙක් යමක් කිවුවහම ඒක තමන්ගේ දැනුමේ ප්‍රමාණයෙන් තේරුම්ගන්න බලන්න. (නි)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 17 November 2012 07:31 PM

එදා විශාලා නුවර දි හේතුවුනෙත් ඔය ලෙඩේමද?(නු)

:       0       0

ඩැරල් ෂිෆා Saturday, 17 November 2012 07:20 PM

මට හැගී යන්නේ මනෝ විද්‍යාවරයා ගෙනියන්නෙත් මායාවක්..!(නු)

:       0       0

සජී Saturday, 17 November 2012 10:05 AM

අනේ මටත් මේ රෝගයද දන්නේ නෑ ..මගේ ඇඟත් කසනවා වගේ (ස)

:       0       0

රාජා Saturday, 17 November 2012 10:51 AM

මට පෙනෙන්න මේව අහන අපිටයි මායා රෝගය. (ස)

:       0       0

සුභා Sunday, 18 November 2012 12:21 PM

මොකද්ද ඒ රෝගය

:       0       0

චතූ Friday, 16 November 2012 04:58 PM

කුප්ප - මේනියා - රෝගය කියන්නෙත් මේකටම තමා

:       0       0

පද්මි Saturday, 17 November 2012 11:09 AM

පාර්ලිමේන්තුවෙත් මේ වගේ සමූහ මායා රෝග තියෙනවා (ස)

:       0       0

ෂ්‍යාමා Friday, 16 November 2012 05:19 PM

එතකොට නුගවෙල විදුහලේ පිරිමි ළමයි ලෙඩ වුණේ කොහොමද ? (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 16 November 2012 06:01 PM

මෙම අදහසට මම 100% ක් ම එකඟ වෙනවා කැසීම වගේ දෙයක් සාමාන්‍යන් ළඟ ඉන්න කෙනාට නිකන්ම බෝවෙනවා. එයක බෝවීමක්ම නෙමෙයි. තමන්ම මනසින් එය වැළද ගැනීමක්. (නි)

:       0       0

සදුන් Friday, 16 November 2012 06:11 PM

පලු දාන්නේ , වවමේ දාන්නේ මායාවටද ?? (ස)

:       0       0

භක්ති Saturday, 17 November 2012 12:01 PM

සමරහවිට මේක මායා රෝගය නොවෙන්නත් බොහෝදුරට ඉඩකඩ තියෙනවා. ඉක්මණින් සොයාගෙන ප්‍රතිකාර නොකළොත් අවදානමකට මුහුණ දෙන්න වෙයි. (නි)

:       0       0

ජයන්ත Saturday, 17 November 2012 11:49 AM

මෙහෙම නිගමනයකට එන්නට වෛද්‍යතුමා කළ පරීක්ෂණ මොනවාදැයි දැනගන්න අපි කැමතියි. (නි)

:       0       0

ලංකා Friday, 16 November 2012 06:38 PM

හොද පැහැදිලි කිරීමක්. (නි)

:       0       0

පනාගොඩ Friday, 16 November 2012 06:43 PM

මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

පුලස්ති රාජපක්ෂ Saturday, 17 November 2012 12:44 PM

දොස්තර මහත්තයා ගැන මට සැකයක් තියෙනවා.. එකක් මතක තියාගන්න. ලංකාවෙ ළමයි එතරම් දුර්වල මානසික තත්ත්වයක නැහැ.. මේ සිදුවීම මානසික රෝගයක් බවට ප්‍රසද්ධියේ කීම ළමයින්ට අපහාසයක්.. දොස්තර මහත්තයා පිටරට ඉගෙනගත්ත කෙනෙක් වගේ..!(නු)

:       0       0

අජිත් Friday, 16 November 2012 07:09 PM

මම හිතුවෙ මේ රෝගයත් අර ලෝක විනාශය වෙනවා කියපු මායාවරුන් එවපු ලෙඩක් කියලා.. මොනවා කිව්වත් මේ ලෙඩේ සනීප උනේ රෝහලෙන් බෙහෙත් දුන්නට පස්සේයි..!(නු)

:       0       0

වෝල්ටර් Saturday, 17 November 2012 09:51 PM

බටහිර විද්‍යාවටත්, බටහිර වෛද්‍ය විද්‍යාවටත් වටහාගන්න බැරි බොහෝ දේ මේ ලෝකේ සහ විශ්‍වයේ තියෙනවා. අඩුගානේ භූමිකම්පා අනාවැකියක් හරියට කියන්න මේ විද්‍යාවට බැහැ. මේ රෝගය ගැන කවර කතාද? අඩුගාණේ ඒ අවට වායුගෝලයේ වායු සංයුතිය පරික්ෂා කළාද ? (නි)

:       0       0

ප්‍රගීත් Friday, 16 November 2012 07:23 PM

ස්තූතියි වෛද්‍යතුමනි. (නි)

:       0       0

තාරක Friday, 16 November 2012 07:26 PM

මේ ලෙඩේ ගැන මම ඇහුවෙත් අදයි. (නි)

:       0       0

නුවන් Saturday, 17 November 2012 11:02 PM

මායා රෝග යලිත් හැදෙයිද?

:       0       0

රුමන්ත Saturday, 17 November 2012 11:02 PM

කව්ද මේවට වග කියන්නේ?

:       0       0

බෙන්සකි ආසිරි රණසිංහ Friday, 16 November 2012 08:07 PM

අනේ මන්දා සිසින්ට කොහොම උනත් මානසික රෝග වෛද්‍යවරයාටනම් මානසික රෝගයක් වගේ මට පේන්නේ.. මොකද මෙම වෛද්‍යවරයා පැහැදිළි මනෝ විද්‍යාත්මක සාක්කියක් මෙතනදි නොදක්වමින් කෙලින්ම දරුවන්ට හිස්ටීරියා කියා පවසා ඇති නිසයි.. මනෝවිද්‍යාවරයෙක් ප්‍රකාශ නිකුත් කිරීමේදී මෙයට වඩා සැළකිලිමත් විය යුතුයි..!(නු)

:       0       0

ලසන්ත Saturday, 17 November 2012 02:09 PM

අමිතු ලෙඩක්

:       0       0

ලාල් Saturday, 17 November 2012 02:18 PM

මොකද්ද ඒ

:       0       0

පෙරේරා Friday, 16 November 2012 08:46 PM

මම හිතන විදියට මේක හිස්ටීරියා නම් වෙන්න බැහැ. (නි)

:       0       0

දනුෂ්ක Friday, 16 November 2012 09:16 PM

අදමයි ඇහුවේ

:       0       0

හරිස්චන්ද්‍ර Friday, 16 November 2012 09:02 PM

මනෝවිද්‍යාඥයින්ටත් පිස්සු හැදෙනවා මේව නිසා (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 17 November 2012 03:46 PM

අනේ බොරු කියන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 65 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 577 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 556 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 273 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 793 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site