IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සීසී 1500 ට වැඩි වාහන ගණන් යයි

සිලින්ඩර ධාරිතාව 1500 ට වඩා වැඩි වාහන මත මේ දක්වා ක්‍රියාත්මක කෙරුණු ඒකක බද්දේ අගය ඉහළ දැමීම නිසා එම වාහන වල මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒකක බද්දේ අගය රුපියල් ලක්ෂ 260 ක සිට රුපියල් ලක්ෂ 300 දක්වා ඉහළ ගොස් තිබීම හමුවේ ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක මත පැනවෙන බද්ද රුපියල් ලක්ෂ 33 සිට රුපියල් ලක්ෂ 77 දක්වා ඉහළ ගොස් තිබීම නිසා මෙරට ජනතාව ජපන් වාහන ආනයනයෙන් වැළකීමේ ඉඩක් ඇතැයි ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ ප්‍රධානී ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.

සිලින්ඩර ධාරිතාව ඝණ සෙන්ටිමීටර 1500 ට වඩා අඩු එන්ජින් සහිත කුඩා පරිමානයේ මෝටර් රථ වන ටොයෝටා විට්ස්, ටොයෝටා පැසෝ, හොන්ඩා ෂට්ල් (හයිබ්‍රිඩ්), හොන්ඩා ෆිට්, හොන්ඩා ඉන්සයිට්,  සුසූකි හස්ලර්, සුසූකි වැගන් ආර් (හයිබ්‍රිඩ්) ආදියේ මිල පහතට ගොස් ඇත.

‘‘මෑත ඉතිහාසයේ වැඩිම වාහන බදු වැඩිවුනු අවස්ථාව තමයි මේක.පසුගිය සති තුනේදී අවම මට්ටමක පවත්වාගැනුණු නිපැයුම් බද්දත් ඉහළ දමා තිබෙනවා.‘‘ මෙරෙන්චිගේ මහතා වැඩිදුරටත් කීය.

 

විදුලි බලයෙන් ජවගැන්වෙන මෝටර් රථ වල මිල ඒවායේ විදුලි කෝෂ ධාරිතාව අනුව ඉහළට යනු ඇත.එසේවුවත් විදුලි කෝෂ ධාරිතාව කිලෝවොට් 100 ක් වන මෝටර් රථ මත පනවා තිබූ රේගු බද්ද පහත දමා තිබේ.ඒ අනුව නිසාන් ලීෆ් වර්ගයේ විදුලි මෝටර් රථයක් මත පනවා තිබූ රැපියල් ලක්ෂ 29 ක් වූ රේගු බද්ද මේ අනුව රුපියල් ලක්ෂ 17 ක් දක්වා පහත දමා ඇත.

ලොරි,බස්,වෑන් ආදිය මත පනවා තිබූ බදු වල වෙනසක් සිදුව නොමැත.

‘‘මේ තත්ත්වය දිගටම පැවතුණහොත් සිලින්ඩර් ධාරිතාව 1000 ට වඩා අඩු මෝටර් රථ විතරක් රටට ඒවි.1000 - 1500 අතර ධාරිතාවයේ මෝටර් රථ ආනයනය සියයට 85 කින් විතර පහත බහීවි.‘‘ මෙරෙන්චිගේ මහතා පැවසීය.

පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු අතිවිශේෂ ගැසට් නියෝගයකට අනුව ඒකක බද්දෙහි අගය ඉහළ දමා ඇති නිසා සිලින්ඩර් ධාරිතාව 1600 ට වඩා වැඩි මෝටර් රථවල මිල ඉතා ඉහළට යනු ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා කීය.නිසාන් එක්ස් ට්‍රේල් වර්ගයේ රථයක් මත මේ දක්වා පනවා තිබූ රුපියල් ලක්ෂ 40 ක් වූ බදු මුදල , බදු සංශෝධනය හමුවේ රුපියල් ලක්ෂ 80 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එය දෙගුණයක වැඩිවීමක් බවත් ඔහු පෙන්වාදේ.

රුපියල් ලක්ෂ 38 ක් වන මැස්ඩා ඇක්සෙලා වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 ක් දක්වා ඉහළට යනු ඇත.

ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ 50 කින් ඉහළ ගොස් තිබෙන අතර ලෑන්ඩ් කෘෘසර් 202 වර්ගයේ රථයක මිල රුපියල් ලක්ෂ 100 කින් ඉහළ ගොස් ඇත.

‘‘මේක අස්වාභාවික වැඩිවීමක්.ඒ වගේම කෙටි කාලයක් ඇතුළත මේ වගේ දෙතුන් සැරේට වාහන මිල සංශෝධනය කරන එකත් සාධාරණ නැහැ.‘‘  සරත්චන්ද්‍ර මහතා පැවසීය.

Toyotan

Hondan

MMCn

Nissann

Mazdan

 

Restn



අදහස් (0)

සීසී 1500 ට වැඩි වාහන ගණන් යයි

දුමින්ද Monday, 30 May 2016 05:45 AM

බදු වැඩිකිරීමෙන් රජයට අපේක්ෂිත ආදායම ලැබෙන්නේ මිනිස්සු වාහන මිලදී ගත්තොත් විතරයි.මිනිස්සුන්ට දරන්න බැරි ගානට මිල වැඩි වුණාම මිනිස්සු වාහන ගන්න එක නවත්තපුවම අන්තිමට පාඩුව රජයට.හොදම විසදුම කාල පරාසයක් නියම කර පැරණි වාහන ඉවත් කර නවීන වාහන පාරට දැමීමයි (ම)

:       0       0

පුමුදු Monday, 30 May 2016 05:49 AM

අනේ පව් මේ ආණ්ඩුව කොච්චර කාලයක් තියේද දන්නේ නෑ නේද? මෙහෙම යන කොට (ම)

:       0       0

කුමාර මෙන්ඩිස් Monday, 30 May 2016 06:12 AM

කොහොමත් ලංකාවෙන් වාහනයක් ගන්න සල්ලි වලින් අපි ඉන්න රටේ (ප්‍රංසය) වාහන 5ක් විතර ගන්න පුළුවන්. (ම)

:       0       0

බණ්ඩා Monday, 30 May 2016 06:25 AM

මේක හොඳ දෙයක් පොඩි මිනිහාට පොඩි වාහනයක් ගන්න අවස්ථාව දීලා තියෙනවා .....(ම)

:       0       0

සම්පත් Sunday, 29 May 2016 11:45 AM

හොඳ තීරණයක් (ම)

:       0       0

කෝලිත Sunday, 29 May 2016 11:51 AM

දැන් ලංකාවේ සමහර අය ආණ්ඩුවට බනී. හැබැයි එයාල ඉඳල තියෙන්නේ අධි සුඛෝපභෝගී වාහන ගන්න. ඒත් විදුලි කාර් සහ පොඩි වාහනවල අඩුවීම එයාලට පේන්නේ නැහැ.(ම)

:       0       0

සිරිමලි Sunday, 29 May 2016 12:10 PM

මේ බදු වැඩිවීම හොඳයි - විදුලි වාහන මිල පහලට, සීසි 1500 අඩු වාහන වල මිලත් පහලට ..පොඩි වාහන පාවිචිචි කරනවානම් කටත් හොඳයි .තදබදයත් අඩුවේවි ඉන්ධන පාවිච්චිය අඩුවේවි,(ම)

:       0       0

නිරා Monday, 30 May 2016 07:13 AM

වාහන වල බදු වැඩි කරලා පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කලොත් තමා නියම ආර්ථික වාසිය මෙරටට ලැබෙන්නේ..(ම)

:       0       0

ධම්ම Monday, 30 May 2016 07:18 AM

ලොකු අයට ලොකු කාර් පොඩි අයට පොඩි කාර්. එහෙම තමයි ඇමතිතුමෙක් කියන්නේ. (ම)

:       0       0

සෙනරත් බණ්ඩාර Sunday, 29 May 2016 01:31 PM

පුදුම ආණ්ඩුවක් තමයි අද කාලේ සාමාන්‍ය මිනිහාට වාහනයක යන්න තියෙන ආසව අත් හැර ගන්න වෙලා මෙහෙම බදු ගැහැවුවාම (ම)

:       0       0

නුවන් Sunday, 29 May 2016 01:51 PM

ඉන්දියන් මල ජරාව ට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ, මැති ඇමැතිවරුන්ටත් නිකන්ම පර්මිට් ලැබෙනවා, ලෝකෙට ණයවෙලා ගෙදර සේරටම යන්න හැකි කල්පවතින ආරක්ෂාකාරී ජපන් වහනයක් ගන්න හිටි මිනිහ ඉවරෙටම ඉවරයි (ම)

:       0       0

කසුන් ධර්මවංශ Sunday, 29 May 2016 02:40 PM

ඉන්දියන් මෝටර් රථ වලට මොකද වෙන්නේ? (ම)

:       0       0

උද්දික Monday, 30 May 2016 07:49 AM

පොඩි වාහනයක් ගත්තට දුර දුවන්න බැහැනේ. ආරක්ෂාව අඩුයි. පිට රටවල් වල පොඩි වාහන තියෙන්නේ නගරයේ දුවන්න. අඩුගානේ මධ්‍යම ප්‍රමානෙය් වාහන ඒ කියන්නේ එන්ජින් ධාරිතාව 1500 සිට 2000 දක්වා අඩු කරන්න. ඕන කෙනෙක්ට තමන් කැමති වාහනයක් මිලදී ගැනීමේ අයිතියක් තියෙනවා. හරිනම් කරන්න ඕන වාහන මිලදී ගැනීමේදී බදු නැති කරලා, අවුරුද්දෙන් අවුරුද්ද අදායම් බද්ද ගන්න එක ප්‍රතිශතයක් විදියට වැඩි කරන එක. එතකොට පැරණි වාහන මාර්ගයෙන් ඉවත් වෙනවා. අලුත් වාහන මාර්ගයට එනවා. (රේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 May 2016 07:57 AM

ලෝකයේ දරුණුම ගනයේ කම්බා හොරු ඉදිරියේ නිවට, නියාලු,බියගුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන මේ අය ,අසරණ මිනිසුන් ඉදිරියේ කොන්ද කෙලින් තියන් තීන්දු තීරණ ගන්නවා.ඒ ගැන අපගේ උපහාරය.අපිට තිබුන අමාරුව දැන් හොදටම සනීපයි.(අ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 May 2016 07:56 AM

අවරුදු 6-8ක් මැදපෙරදිග දුක් විඳලා මදැයි අපිත් පරණ කාර් එක විකුණලා අලුතින් කාර් එකක් ගන්න සිහින මැව්වා..(අ)

:       0       0

ජර්මනි Sunday, 29 May 2016 04:00 PM

මෙවැනි අසාමාන්‍ය ලෙස බදු වැඩි කළ හේතුව අභ්‍යන්තරයේ සැඟවුණු රහසක් ඇති බව නම් මට හැගී යනවා. මෙයින් විශාල වාසියක් අත්වන්නේ ඊළඟට රජයේ මැති ඇමැතිවරුන්ට බදු නිදහස්ව ලැබෙන ලැබෙන වාහන බලපත්‍ර වලට අඩුම ගනනේ රුපියල් ලක්ෂ 150ක තවත් වැඩියෙන් ලැබීමයි. (ම)

:       0       0

විපුල Sunday, 29 May 2016 05:06 PM

තව අවුරුදු තුනක් ඉවසන්න වෙනවා (ම)

:       0       0

රන්ජිත් Sunday, 29 May 2016 06:08 PM

අධික ලවණ සහිත මුහුදකින් වට උණු දුපතක් වන ශ්‍රී ලංකාව වගේ රටකට ගැල පෙන්නේ යුරෝපීය තාක්ෂණයෙන් නිෂ්පාදිත වාහන ජපන් වාහන ලවණ ගතියට ඔරොත්තු දීම අඩුයි ඒක නිසා කෙටිකලකින් විනාස වෙනවා (ම)

:       0       0

ධනුෂ්ක Monday, 30 May 2016 10:19 AM

පොදු ප්‍රවාහන සේවා තවත් පුළුල් කළා නම් හොඳයි. අපි වගේ පොඩි රටකට දරන්න බැරි තරම් වාහන පුරවගෙන කරදරේ වැටෙන්න ඕනේ නෑ (බ)

:       0       0

උපුල් ගලප්පත්ති Monday, 30 May 2016 05:06 AM

වාහනයක් ගන්න තුන් හිතකවත් තිබුණෙ නැති එවුන් තමයි වාහන ගණන් ගියාම වැඩියෙන්ම කෑ ගහන්නෙ...(ම)

:       0       0

අංගොඩ ලාල් Monday, 30 May 2016 05:13 AM

කරන කියන හැම දෙයකින්ම පෙනෙන දේ තමයි ආණ්ඩුවට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හෝ බදු ආදායම් වැඩි කර ගැනීම ගැන කිසිම අවබෝධයක් , නිවැරදි ප්‍රතිපත්තියක් , වැඩපිළිවෙලක් නැතිකම . උසස් තත්වයේ ජපන් වාහන ආනයනය නැවත්වීම හෝ අඩුවීම හරහා රජයට අහිමිවෙන බදු මුදල් ගැන කිසිම සැලකීමක් කරලා නැහැ . ආණ්ඩුව මේ නොකියා කියන්නේ බාල වර්ගයේ වාහන ආනයනය කරන්න කියලයි (බ)

:       0       0

ගයාන් Monday, 30 May 2016 05:17 AM

මේක ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුමක් විය හැකියි. මොකද වැඩිහරියක් ඉන්දීය වාහන 1000සීසී වලට වඩා අඩුයි. අඩු ගණනේ රටේ ජාතික ගමනාගමන පහසුකම් හරියට හදලා ආණ්ඩුව මේක කළානම් කමක් නෑ. (බ)

:       0       0

රොහාන් Monday, 30 May 2016 05:21 AM

මම නම මෙය දකින්නේ සුබවාදී විදියට අද රටේ කිසිම පාරක යන්න බැහැ එ්තරමට වාහන වෙනද විනාඩි 10 ගිය තැනට අද යන්න අඩුම ගානේ විනාඩි 30 වත් යනවා ත්‍රී රෝද වල මිල වැඩිවීම වඩාත් හොද දෙයක් පාරවල් අවහිර කරන තරමක් කරන්නේ අය සහ යතුරුපැදි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 282 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 231 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 502 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 341 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 922 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 364 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 332 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site