IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සහකරුවන් අතර සැකය රෝගයක්

(මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය රෝහණ කෑරගල)

සැකය සහ ඊර්ෂ්‍යාව මානව සංහතිය බිහි වූ දා සිට පැවතෙන්නකි. පුහුදුන් කිසිවකුත් සැකයෙන් හා ඊර්ෂ්‍යාවෙන් තොර නොවේ. එහෙත් එය පවුල් සංස්ථාව තුළට කඩා වැදුන කළ මහත් කලබගෑනියක් කරයි. දෙමාපියන් දෙපසට කර දරුවන් අනාථ කිරීමට එය සමත්ය. බොහෝ සැමියන් හා බිරියන් එකිනෙකා කෙරෙහි කොතරම් සැක කළද, ඊර්ෂ්‍යාවෙන් යුතු වුවද ඒවා පරයා ආදරය ඉස්මතු කොට තම කුටුම්භය පවත්වා ගැනීමට වෙර දරති. එහෙත් ඊර්ෂ්‍යාව ව්‍යාධියක් වන තරමට දරුණු වූ විට ඔහු හෝ ඇය තම සහකාරිය හෝ සහකරුවා පිළිබඳ දරුණු ලෙස අවිශ්වාස කිරීමට පටන් ගනියි. එය වෛද්‍ය විද්‍යාවේ Morbid Jealousy, Delusional jealousy හෝ Othello syndrome ලෙස හැඳින්වේ.

ඔතලෝ සින්ඩ්‍රෝමය යනු කුමක්ද ?

ඔතෙලෝ සින්ඩ්‍රෝම් (ඔතෙලෝ සහ සාධකය) යනු තම සහකරු හෝ සහකාරිය අවිශ්වාසී බවට දැඩි අසාමාන්‍ය විශ්වාසයක එල්බගෙන සිටීමයි. මෙම රෝගයේදී රෝගියා තුළින් පෙන්නුම් කරන එකම රෝග ලක්ෂණයත් මෙය විය හැකිය.

එයට ඔතෙලෝ සින්ඩ්‍රෝම් යන නම ලැබුනේ කොහොමද?

ඔතෙලෝ යනු ක‍්‍රි.ව.1603 දී පමණ, යුරෝපයේ මහා ගත්කරු විලියම් ශේක්ෂ්පියර් විසින් රචිත ඛේදාන්ත නාට්‍යයකි. නාට්‍යය අවසානයේ තම බිරිඳගේ අනියම් හැසිරීමක් ගැන සැක කොට ඔතෙලෝ විසින් ඇයව මරා දමන අතර ඇගේ සේවිකාව තම ස්වාමි පුරුෂයා විසින් කළ කපටි ක‍්‍රියාවක් ඊට හේතු වූ බව දැනගනියි. තම බිරිඳට  රහස අසු වූ බව දැනගත් ෂ්ටද විසින් තම බිරිඳ මරා දමයි. අවසානයේ ඔතෙලෝ තම බිරිඳගේ අහිංසක භාවය වටහාගන්නා අතර ඔහුද සියවිදිහානි කරගනී. වෛද්‍ය විද්‍යාව හා සෞන්දර්ය අතර ඇති ලෙන්ගතු භාවය නිසාම මේ නාටකීය චරිත අරභයා ඔතෙලෝ රෝගයට එම නම ලැබෙන්නට ඇත.

සමහර විශේෂඥයන්, නාට්‍යයේ ඔතෙලෝ චරිතය තම බිරිඳ පිළිබඳ මිථ්‍යා විශ්වාසයක නොසිටි බවත්, එහෙත් ඔහුව ඔහුගේ සේවිකාවගේ සැමියා විසින් නොමඟ යවා තිබූ බැවින් මේ විපත සිදුවූ බවත් පවසමින් රෝගය සඳහා මෙම නම නොගැලපෙන බවට ද තර්ක නගමින් සිටී.

එහි රෝග ලක්ෂණ මොනවාද?

සහකරුවා හෝ සහකාරිය ගේ විශ්වාසනීයත්වය පිළිබඳ අසාමාන්‍ය ලෙස සැකකිරීම හා එම සැකයන් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කිරීමත් අධික ලෙස තම සහකරුවා, සහකාරිය කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පසුවීමත් මෙහි ප‍්‍රමුඛ ලක්ෂණයයි.

තම සහකාරිය , සහකාරිය සැක කිරීම, ඔහුට හෝ ඇයට ඊර්ෂ්‍යා කිරීම, නිවස තුළ වාද විවාද, අඩ දබර ඇති කර ගැනීම ප‍්‍රධාන ලක්ෂණය වුවද මෙම රෝගීන් නිවසින් බැහැර පරිසරයේදී එනම් ඔහුගේ හෝ ඇයගේ රාජකාරී ස්ථානයේදී අතිශයින් සාමාන්‍ය ජීවිතයක් ගත කරයි.

තම සහකරුවා, සහකාරිය හට අනියම් සම්බන්ධතාවයක් ඇතැයි යන මතයේ දැඩිව එල්බ සිටින රෝගියා ඒ පිළිබඳ සාක්ෂි සෙවීමට උත්සුක වේ. සහකරුවා, සහකාරිය ගේ ජංගම දුරකථන, දිනපොත්, ලිපිගොනු ආදිය අවුස්සා බලා සැක ඇති තැන් සිහියේ තබාගනී. එම තොරතුරු මත ගැටුම් ඇතිකරගනී. අපවාද, අවලාද නැගීමත් දෝෂාරෝපණය කිරීමත් සුලභ සිදුවීම් බවට පත්වේ. සහකරුවා/ කාරියගේ කටයුතු වලට බාධා කිරීම් ඔහුගේ, ඇයගේ ගමන් බිමන් සීමා කිරීම, දුරකථන ඇමතුම් ගැනීමට බාධා කිරීම ආදී නිදහස සීමා කිරීම් නිරතුරුව සිදුවේ.

අනියම් සම්බන්ධතා පිළිබඳ නගන අවලාද නිවසට පමණක් සීමා නොවේ. රෝගියාගේ දෙමාපියන්, මිතුරු මිතුරියන් සහ සොයුරු සොයුරියන් හට තම සහකරුවා, සහකාරිය ගේ අනියම් සම්බන්ධතාවයන් පිළිබඳ හැඟුම්බර විස්තර ලබාදේ. සත්‍ය නොවූවත් මේ තොරතුරු විශ්වාස කිරීමට ඔවුන්ද පෙළඹෙන අතර සහකරුවාට හෝ සහකාරියට ඔවුන්ගෙන්ද දෝෂාරෝපණ එල්ල වේ.

සහකරුගේ, සහකාරියගේ ලිංගික හැසිරීම් පිළිබඳ රෝගියාගේ අවධානය දැඩිවන අතර ඒ පිළිබඳ සොයාබැලීම් වැඩිකරයි. නිදි යහන පිළිවලට සකසා ඒ මත යම් කුඩා සළකුණක් තබා නිවසින් පිටවන රෝගියා යම් හෙයකින් නැවත පැමිණෙන විට පළමු සළකුණ වෙනස් වී තිබුනහොත් සහකරු හෝ සහකාරිය සමඟ ගැටුම් ඇතිකරගනී. සහකරුවා/ සහකාරිය ගේ යට ඇඳුම් ද රෝගියාගේ දැඩි පරීක්ෂාවට ලක්වේ.

තම සහකරු/කාරිය පිළිබඳ විමසිල්ලෙන් සිටීම සඳහා තමාට හිතවත් කණ්ඩායමකට භාරදීම ද සිදුවනු ඇත. සහකරු/කාරිය පිළිබඳ පමණක් නොව අනියම් සබඳතාවය අතැයි සිතන තුන්වන පාර්ශ්වය කෙරෙහි ද සොයාබැලීමට පිරිස් යොදවන අවස්ථා ඇත.  

මෙම රෝගයෙන් පෙළෙන්නන් අධික වශයෙන් දරුණු හැසිරීම් රටාවක් පෙන්වයි. බැණවැදීම්, දෝෂාරෝපණ, පහරදීම් සහ කළාතුරකින් සිදුවන මිනී මැරීම් දක්වා එය විසල් පරාසයක විහිදේ. රෝගියා සියදිවි නසා ගැනීමට පෙළඹෙන අවස්ථා ද විරල නොවේ.

මේ තත්ත්වය වඩාත් බහුල කාන්තාවන් අතරද ?

සත්‍යනම් එය එසේ නොවන බවයි. මෙම තත්ත්වය වඩා බහුල පිරිමින් අතරයි. එහෙත් පුරුෂයෙකුට මෙය වැළඳුන විට රෝගයේ යථා ස්වරූපයට වඩා ඔහුගේ දරුණුකම සමාජයට ප‍්‍රදර්ශනය වන බැවින් එය හුදු ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයක් පමණක් ලෙස ඒත්තු යන්නට තිබෙන ඉඩ වැඩි බව පෙනේ.

මෙවැන්නක් ඇතිවීමට හේතු මොනවාද?

ඔතෙලෝ සින්ඩ්‍රෝමය යනු තම සහකරු, කාරිය පිළිබඳ අවිශ්වාස කිරීම එකම රෝග ලක්ෂණය ලෙස දැක්වෙන රෝගයකි. එහෙත් මෙම රෝග ලක්ෂණය තවත් එක් රෝග ලක්ෂණයක් සේ දැකිය හැකි තවත් රෝග කිහිපයක් වේ. ඒ අතර විශාදය හා භින්නෝන්මාදය ප‍්‍රධාන වේ.

ලාංකික සමාජයේ පුරුෂයන් අතර බහුලව මෙම රෝගයට ලක්වන්නේ මත්පැනට ලොල් වූවන්ය. මත්පැන් නිසා බහුතරයක් පිරිමි ව්‍යාධිජනක ඊර්ෂ්‍යාවෙන් පෙළේ. ඒ හේතුව නිසාම ගෘහස්ථ හිංසනයද බහුලව සිදුවේ. අවසානයේ ඛේදජනකම ඉරණමට ගොදුරුවන්නෝ දරුවන්ය. ඔවුහු ශාරීරික හා මානසික වදහිංසාවකට ලක්වෙති. ඉච්ඡා භංගත්වයෙන්, කාංසාවෙන් හා විශාදයෙන් පෙළෙන දරුවෝ මේ පවුල් තුළ බහුලය. බීමත් වූ පියා ද්වේෂයෙන් තම බිරිඳව සැක කරමින් දෝෂාරෝපණය කරන දෑ තම පාසල් මිතුරන් හා ගුරුවරුන් ගේ දෙසවන් වලට වැකුණු පසු පාසල් යාම ප‍්‍රතික්ෂේප කරන දරුවකු අපට මෑතකදී හමුවිය.

මේ සඳහා ප‍්‍රතිකාර මොනවාද?

රෝගියාත් ඔහුගේ, ඇයගේ පාර්ශ්වකරුත් සමඟ සාකච්ඡා කිරීමත්, රෝගය නිවැරදිව හඳුනා ගැනීමත් අත්‍යවශ්‍යය. වෙනත් මානසික රෝග තත්ත්වයන් තිබේදැයි දැනගැනීමත්, ශාරීරික රෝග වලින් පෙලෙන්නේදැයි දැන ගැනීමත් අවශ්‍ය වේ. සියදිවි නසා ගැනීමේ අවදානම, මිනීමැරීමට හෝ සහකරු/කාරියට පහරදීම් පිළිබඳ තොරතුරු හා තෙවන පාර්ශ්වයකට හානි කිරීම් පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතුය. දරුවන්ට ඇතිවන අනතුරු හා අවධානම පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමක් වේ නම් ඊට නිසි ප‍්‍රතිකාර කළ යුතුය. දෙදෙනා සමඟත් පෞද්ගලිකවත් සාකච්ඡා කිරීමත්, වෛද්‍ය ප‍්‍රතිකාර ආරම්භ කිරීමත් කළ යුතුය. වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම සඳහා රෝගියා රෝහල් ගත කිරීම අවශ්‍ය වනු ඇත. ඥාතීන් සහ මිතුරන් හටද ප‍්‍රතිකාර කිරීමේදී වැඩි වැඩ කොටසක් පැවරේ.

මේ සියලු දෑ අසමත් වූ කල්හි දෙදෙනා දෙපසට කිරීම එකම විසඳුම වනු ඇත.

 



අදහස් (0)

සහකරුවන් අතර සැකය රෝගයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 791 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1797 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2272 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5688 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1696 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6243 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site