(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සහකාර පොලිස් අධිකාරීවරුන්ට උසස්වීම් පිරිනැමීමේදී යම් නිලධාරියකුට අසාධාරණයක්වී ඇත්නම් ඒ අයට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
පොලිස් ගැසට් පත්‍රයේ (2018) සඳහන් පොලිස් ස්ථානවල ශ්‍රේණි අනුව පොලිස් නිලධාරීන්ට ලකුණු ලබාදී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම ශ්‍රේණි වෙනස්වී ඇති බවට පසුව නිකුත් කෙරුණු ගැසට් පත්‍රවල සඳහන්වී ඇත්නම් ඒ අයට අදාල ශ්‍රේණියේ ලකුණු ලබාදී ඇතැයිද ඔහු කීවේය.
වැඩිවූ පුරප්පාඩු සඳහා නැවත අයදුම්පත් කැඳවීමට පියවර ගත් බවත් මුලින්ම අයදුම්පත් කැඳවූයේ පුරප්පාඩු හැට තුනක් සඳහා පමණක් බවත් ඔහු පැවසුවේය.
ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි පුරප්පාඩු සංඛ්‍යාව 230දක්වා ඉහළ නැංවූ බව පැවසූ වීරසේකර මහතා සැක උපදවන කිසිදු දෙයක් මෙතන සිදුවී නැතැයිද ප්‍රකාශ කළේය.
වසර ගණනාවකට පසු මෙ පමණ පිරිසකට උසස් උසස්වීම් ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බවද ඔහු පැවසුවේය.
මෙම කටයුත්තේදී යම් නිලධාරියෙකුට අසාධාරණයක්වී ඇති නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් අභියාචනයක් යොමු කළ හැකි බවත් ඒ අයට සාධාරණය ඉටු කිරීමට තමා ඇප කැපවී සිටින බවත් ඇමැතිවරයා පැවැසීය.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහකාර පොලිස් අධිකාරීවරුන්ට සාධාරණය ඉටු කරනවා