IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සාහිත්‍ය සම්මාන ලැබුවෝ

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවයේදී හොදම නව කතාවට හිමි සම්මානය සුමුදු නිරාගි සෙනෙවිරත්න විසින් රචනා කළ ‘දූල්වල අලංකාරේ’ කෘතියට හිමිවිය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී  අද (8) පස්වරුවේ පැවති අතර එහිදී මෙම සම්මානය ඇයට හිමිවිය.

මෙහිදී හො`දම කෙටි කතා සංග‍්‍රහය ලෙස සම්මාන හිමි වූයේ අනුරසිරි හෙට්ටිගේ මහතාගේ ‘දිමියා’ කෙටි කතා සංග‍්‍රහයටය.

හො`දම ස්වතන්ත‍්‍ර කාව්‍ය සංග‍්‍රහයට හිමි රාජ්‍ය සම්මානය මහාචාර්ය දර්ශන රත්නායක මහතා විසින් රචනා කළ ‘නැණ සිළුමිණ නම් උමන්දානන්දය’  කෘතියට හිමි වූූ අතර හො`දම ගීත සංග‍්‍රහයට හිමි රාජ්‍ය සම්මානය හිමිවූයේ මහාචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා විසින් රචනා කළ ‘සිංහලයෙකු වී ඉපදීමෙන්’ ගීත සංග‍්‍රහයට හිමිවිය.

හො`දම පරිවර්තන නවකතාවට හිමි රාජ්‍ය සම්මානය සුමිත‍්‍රා රාහුබද්ධ මහත්මියගේ ‘මම ඔබ සොයමි’ කෘතියට හිමිවිය.

ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘සාහිත්‍යරත්න’ සම්මානයෙන්ද මෙවර ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනෙකු පිදුම් ලැබූහ.

සිංහල සාහිත්‍ය ෙක්‍ෂ්ත‍්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගයා පණ්ඩිත සිරි තිලකරත්න මහතාත්, ඉංග‍්‍රීසි සාහිත්‍ය ෙක්‍ෂ්ත‍්‍රය වෙනුවෙන් මහාචාර්ය මර්ලින් පීරිස් මහතාත් දෙමළ සාහිත්‍ය ෙක්‍ෂ්ත‍්‍රය වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගයා ආචාර්ය එස්. ජෙබනේෂන් රදගුරුතුමනු මෙවර ‘සාහිත්‍යරත්න’ සම්මානය ලැබූහ.

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හො`දම ස්වතන්ත‍්‍ර නාට්‍ය කෘතිය ලෙස සම්මාන ලැබූවේ පියල් කාරියවසම් මහතා විසින් රචනා කළ ‘මට එරෙහිව මම’ කෘතිය වන අතර හො`දම ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථය ලෙස ආචාර්ය හි`දගල ඥාණධාර හිමියන් රචනා කළ ‘දකුණු ඉන්දියාවේ ථෙරවාදී බුදුදහමේ ව්‍යාප්තිය කෘතියට සහ මහාචාර්ය එම්.එම්.ජේ මාරසිංහ මහතා රචනා කළ ‘ප‍්‍රත්‍යක්‍ෂය සහ විශ්වාසය කෘතියට සම සම්මාන ලැබිණි.

උපාලි ලීලාරත්න මහතා පරිවර්තනය කළ ‘කැදලි බි`දී ගිය පසු’ කෘතියට හා චන්දන මෙන්ඩිස් මහතා පරිවර්තනය කළ ‘මුදු හද ඇති ළ`ද’ කෘතියට හො`දම පරිවර්තිත කෙටිකතා ලෙස රාජ්‍ය සම්මාන හිමිවූ අතර හො`දම යොවුන් සාහිත්‍ය කෘතිය ලෙස සම්මාන ලැබූයේ සෝමලතා වෛද්‍යරත්න මහත්මිය විසින් රචනා කළ ‘මේ නිවාඩු කාලයයි’ කෘතියයි.

හො`දම ළමා සාහිත්‍ය කෘතිය පළමු කාණ්ඩය යටතේ තනුජා එන් අයගම රචනා කළ ‘ඉර එළිය’ කෘතියත්, දෙවන කාණ්ඩය යටතේ චන්ද්‍රිකා අඹේපිටිය මහත්මිය රචනා කළ ‘ සුමුදුමලී’ කෘතියත් රාජ්‍ය  සම්මාන ලැබූ අතර හො`දම ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධය ලෙස දමිත් නිපුණජිත් රචනා කළ ‘කාලාවකාශයේ සිරකරුවා’ කෘතිය රාජ්‍ය සම්මාන ලැබීය.

මහාචාර්ය වෝල්ටර් මාරසිංහ මහතාගේ ‘ස්වප්නවාසවදත්ත’ හො`දම පරිවර්තිත නාට්‍ය කෘතිය ලෙස රාජ්‍ය සම්මාන දිනාගත්තේය.

හො`දම පරිවර්තික  විවිධ විෂය ලෙස බ‍්‍රයිස් රයන්ගේ කාස්ට් ඉන් මොඩර්න් සිලෝන්’ නැමති කෘතිය ‘සිංහල සමාජයේ කුල ක‍්‍රමය’ නමින් පරිපර්තනය කළ චන්ද්‍ර ශ්‍රී රණසිංහ මහතාට සම්මාන හිමිවිය.

විවිධ විෂයක ග‍්‍රන්ථ (විද්‍යා හා සමාජ විද්‍යා විමර්ශන* කෘතිය ස`දහා හිමි සම්මානය මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් විසින් රචනා කළ ‘බුදු සමය සහ අපරාධ විද්‍යාව’ කෘතියටත්, විවිධ විෂයක ස්වතන්ත‍්‍ර ග‍්‍රන්ථ (මානව ශාස්ත‍්‍ර* අංශයේ හො`දම කෘතිය ලෙස මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතා රචනා කළ ‘ ප‍්‍රත්‍යවේක්‍ෂණ ලිපි’ කෘතියටත්,  විවිධ විෂයක ග‍්‍රන්ථ (කලා ශිල්ප හා අධ්‍යයනය* අංශයේ හො`දම කෘතිය ලෙස මංගල සේනානායක මහතා රචනා කළ ‘ශ්‍රී ලාංකේය විකල්ප නාට්‍ය කලාවේ ප‍්‍රවණතා’ කෘතියටත් මෙහිදී රාජ්‍ය සම්මාන හිමිවිය.

වසරේ වැඩිම පොත් ප‍්‍රමාණයක් ප‍්‍රකාශනය කළ ප‍්‍රකාශන ආයතනය ලෙස මෙවරත් එස්. ගොඩගේ සහ සමාගමට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවිය.

මීට අමතරව පසුගිය වසරේ දෙමළ සහ ඉංග‍්‍රීසි මාධ්‍යයන්ගෙන් පළ වූ විශිෂ්ඨතම නවකතාව, කෙටිකතා සංග‍්‍රහය, පද්‍ය සංග‍්‍රහය, ගී පදමාලා සංග‍්‍රහය, නාට්‍ය කෘති, යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, විද්‍යා ප‍්‍රබන්ධ කෘති, විවිධ විෂය, ශාස්ත‍්‍රීය හා පර්යේෂණ කෘති ස`දහා ද මෙහිදී සම්මාන පිරිනැමිණි.

හො`දම පිටකවර නිර්මාණය ස`දහා ලැබෙන රාජ්‍ය සම්මානය සීතා කුමාරිහාමි රචනා කළ ‘වක්ගිරි පව්ව’ කෘතියේ කවරය නිර්මාණය කළ සමන් ඉන්දික ලොකුකළුගේ මහතාට හිමිවූ අතර හො`දම පිටුසැකසුම ස`දහා සම්මාන හිමිවූයේ මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා රචනා කළ ‘රෙපටයර්’ ඉංග‍්‍රීසි ග‍්‍රන්ථයේ පිටු සැකසුම සකස් කළ කසුන් ප‍්‍රදීප් බෙනරගම මහතාටය.

ප‍්‍රවීණ සාහිත්‍යවේදීන්ගේ ලිපි ඇතුළත් ‘සාහිත්‍ය’ ස`ගරාවේ විශේෂ කලාපය ද මෙහිදී එළිදැක්වේ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, අමාත්‍යාංශ ලේකම් ඞී. ස්වර්ණපාල, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු, රාජ්‍ය සාහිත්‍ය උපදේශන මණ්ඩලයේ සභාපති ජයසුමන දිසානායක යන මහත්ම මහත්මීන්ද සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායක, සම්මානිත මහාචාර්ය කේ.එන්. ඕ ධර්මදාස යන මහත්වරුන් ඇතුළු විද්වතුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය එක්ව මෙය සංවිධානය කර තිබිණි.

DSC_2119 DSC_2144 DSC_2164 DSC_2182

 



අදහස් (0)

සාහිත්‍ය සම්මාන ලැබුවෝ

අබේරත්න Friday, 09 September 2016 02:31 AM

පාලිත අයියේ ඔයාට දැන් සනීපද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 9 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 612 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1233 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2847 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3215 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 375 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site