IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සංහිදියාවට අතීත සිදුවීම් බාධාවක් කර නොගත යුතුයි

අතීත සිදුවීම් පාඩමක් කරගනිමින් සිංහල දෙමළ වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනගා ගැනීම වෙනුවෙන් සියලු දෙනා එකමුතු විය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) රාත්‍රීයේ පැවැසීය. 
 
පසුගිය කාලය පුරාවටම රට විවිධ අර්බුද මුහුණ දුන් බවත් අතීත සිදුවීම් බාධාවක් කර නොගනිමින් සංහිඳියා ක්‍රියාවලියට යා යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි දි කීය.
 
බම්බලපිටිය ඕසෝ හෝටලයේ පැවැති යාපනය හාර්ට්ලි විශ්ව විද්‍යාලයේ වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසී්‍ය.
 
“ රටේ විවිධ ජාතීන් ආගම් අතර ගැටුම් ඇතිවුණා. එල්.ටී.ටී.ඊය උතුරේ හා දකුණේ නායකයන් ඝාතනය කළා. ත්‍රස්තවාදය නිසා මූල්‍ය අර්බුද, පවුල් අර්බුද ආදී අර්බුද රැසක් රට තුළ නිර්මාණය වුණා.  හමුදාවට සටන් කරන්න තිබුණා. සිවිල් වැසියන් ඝාතනය වුණා. එහෙත් ඒ දේවල් සියල්ල අතීත කරුණුයි. කවුද පහර දෙන්නේ කවුද ඝාතනය වෙන්නේ, කාගේ ජීවිත ද අවදානමේ තියෙන්නේ කියලා හොයාගන්න බැරි කාලයක් අපට තිබුණා. . සිංහල මාධ්‍යයෙන් මේ ගැන ලියැවෙනවා. දෙමළ මාධ්‍යයෙන් මේ දේවල් ලියැවෙනවා. ඒ කිසිවක් අන්තවාදී හෝ ජාතිවාදී නොවිය යුතුයි. අපි සියල්ල මතක තබාගෙන අපි සංහිඳියාව ඇති කරගනිමින් ඉදිරියට යා යුතුයි.  අතීතයේ ඇති වූ තුවාල අපි සුව කරගත යුතුයි. අපි බෙදී වෙන්වෙනවා වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යාතවක් ගොඩනගා ගත යුතුයි. අතීත ක්‍රියාවක් බාධාවක් කර නොගනිමින් සංහිඳියාව ඇති කරගනිමින් අපි ඉදිරියට ගමන් කළ යුතුයි. අලුත් ශ්‍රී ලංකාවක් බිහිකළ යුතුයි. 
 
ඡායාරූප ඉෂංත සුනිමල්
 
RPRESME-0729-01 RPRESME-0729-02



අදහස් (0)

සංහිදියාවට අතීත සිදුවීම් බාධාවක් කර නොගත යුතුයි

ජනහිත Friday, 29 July 2016 07:35 PM

එත් මහ ජාතියට හැමදාම ගුටි කන්න බැහැ. සංහිදියාව කියන්නේ ප්‍රදේශයක් වෙන්කරලා දෙන එකද? (ම)

:       0       0

බමුණු Friday, 29 July 2016 09:39 PM

නමුත් අලුතින් සිදුවෙන ඒවා සංහිදියාවට බාධාවක් වෙනවා.. විග්නේස්වරන් මොරගහකන්දේ වතුර වල අයිතිවාසිකම් ඉල්ලීම සහ එසේ ඉල්ලීමට දක්වන හේතුව සංහිදියාවට විශාල බාධාවක් වෙනවා (බ)

:       0       0

ශෂික Saturday, 30 July 2016 01:09 AM

හ්ම්..හ්ම්.. අර ඔලු පැලුම් කාපු කැම්පස් කොල්ලත් මේක හොදට හිතට ගන්න ඕන.(රේ).

:       0       0

අසිරි Saturday, 30 July 2016 01:51 AM

බම්බු සංහිඳියාව

:       0       0

ජනහිත Saturday, 30 July 2016 03:13 AM

මොනවත් බාධාවක් කරන්න ඕනේනෑ. ඔය යන විධියට ගියාම ඕන කරන ඒව ලැබෙයි (අ)

:       0       0

ජි නන්දන Saturday, 30 July 2016 11:04 AM

ඔබතුමා ඔය ටික කියන්න ඔනා ඉංග්‍රිසි බාසාවෙන් එක්සත් ජාතින්ගේ සැසිවාරයකදි සිංහල අපි ඕක දන්නවා(රේ)

:       0       0

බන්දුල. Saturday, 30 July 2016 11:36 AM

මෙහෙ සංහිදියාව බේරෙනවා. උතුරේ අපේ ළමුන්ගේ ඔලු පලනවා. දකුණේ හැම එකගේම නැටුම් නටනවා. උතුරෙන් ගුටිකන එකද සංහිදියාව කියන්නේ.(රේ)

:       0       0

ජයරත්න Saturday, 30 July 2016 05:52 AM

සිංහල දෙමල මුස්ලිම් වෙනුවට ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගූ විට ලෝකය පුරාම ව්‍යාප්තව සිටිනා මහා ජාතීන් දෙකක් වූ දෙමළ සහ මුස්ලිම් ජාතීන් දෙකෙහි අනන්‍යතාවන් එලෙසම පවතීවි.(ම)

:       0       0

සමන්ත Saturday, 30 July 2016 06:13 AM

ඔය කියන සංහිදියාව රකින්න ඕනෑ සිංහල මිනිස්සු විතරද කියන එකයි ප්‍රශ්නය. සටන් විරාම, සංහිඳියාව කියන වචන වලට පිටිපස්සේ ඉඳලා කාවද මේ රවට්ටන්න හදන්නේ? (නි)

:       0       0

ඇසළ Saturday, 30 July 2016 06:18 AM

ඕවා කියන්න ඕනෑ උතුරේ සම්බන්දන්ටයි, විග්නේශ්වරන්ලාටයි ගෝලයෝ ටිකටයි. සිංහලයාට ඕක කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

නිරාජ් Saturday, 30 July 2016 07:12 AM

කරන දේවල් බලාගෙන ඉන්න බැරි කුහකයොත් ඉන්නවා. අප්පච්චි නැහැනේ නේද? අනේ පව්! (නි)

:       0       0

ටිකිරි Saturday, 30 July 2016 07:25 AM

බයවෙන්න එපා. අපිට ඔය මොකුත් මතක නැහැ (නි)

:       0       0

නිහාල් පත්මසිරි Saturday, 30 July 2016 07:41 AM

අතීත සිදුවීම් දෙස බලා කළයුත්තේ සිංහල ජාතියේ අනාගතය රැකීමයි. (නි)

:       0       0

අසාද් Saturday, 30 July 2016 07:51 AM

මේ රටේ ලක්ෂ 58ක් ජනතාවට ඕනෑ අායෙත් යුද්ධයක්ද? ඒ උදවිය සංහිදියාව එකමුතුබව ශ්‍රී ලාංකිත්වය යන වචන වලටත් කැමති නැහැ වගෙයි. එක පවුලක් වෙනුවෙන් මේ රට තුළ නැවත යුද්ධයක් හරි ඇති කිරීමට මේ දේශප්‍රේමින් පසුබට වෙන්නේ නැහැ. එ්ක රටේ අවාසනාව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 897 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2016 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 662 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 369 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 944 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1526 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site