IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සහන මල්ලේ ගැසට් පත්‍රය අද

වැට් බද්දෙන් නිදහස් කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ගැසට් නිවේදනය අද (14) නිකුත් කිරීමට සියල්ලල සූදානම් යැයි කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුද්දීන් කියයි.

මේ අනුව සීනි කිලෝව රුපියල් 95ක් වේ. තිරිඟු පිටි රුපියල් 87, රතු පරිප්පු රුපියල් 169, හාල්මැස්සන් (තායිලන්ත) රුපියල් 495, හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410, රට හාල්මැස්සන් රුපියල් 260, මුං ඇට රුපියල් 220, හම සහිත කුකුළු මස් කිලෝව රුපියල් 410, හම රහිත කුකුළු මස් රුපියල් රුපියල් 495, අර්තාපල් (රට) රුපියල් 120, ලොකු ලූනු රුපියල් 70, වියළි මිරිස් රුපියල් 395. ග්‍රීන් පීස් රුපියල් 260, ටින් මාළු ග්‍රෑම් 400 රුපියල් 140, ග්‍රෑම් 150 රුපියල් 70, යොදය සහිත කිරිපිටි (ආනයනය කළ) කිලෝව රුපියල් 810, කිරි පිටි (දේශීය) රුපියල් 735, කට්ට කරවල රුපියල් 1100, සාලයා කරවල රුපියල් 425, උම්බලකඩ රුපියල් 1500, සස්ටජන් රුපියල් 1500

ගැසට් නිවේදනයට අනුව මෙම ද්‍රව්‍ය පාලන මිලට වඩා වැඩියෙන් විකිණීම සපුරා තහනම්ය.

 

 

 



අදහස් (0)

සහන මල්ලේ ගැසට් පත්‍රය අද

අතුරා Thursday, 14 July 2016 07:16 AM

මහින්දගේ කාලේ තමයි බඩු අඩුකරලා ඡන්ද තිබ්බේ. සමහරු දාන අදහස් දැක්කහම පෙනෙන්නේ ඔවුන් තවම ඉන්නේ රාජපක්ෂ පාලනය කාලේ කියලා. (නි)

:       0       0

සලීම් Thursday, 14 July 2016 04:57 PM

මේ තරම් පාරිභෝගිකයා මෝඩයෝ කියලා හිතලද පාලන මිලක් නියම කළේ? සීනි සදහා දැනට අයකරන රුපියල් 30 බද්ද ඉවත් කළොත් පමණයි මිල අඩු කළහැක්කේ. පරිප්පු සහ හාල්මැස්සෝ වර්ග කීපයක් තිබෙනවා. මිල පාලනය නිසා මිලෙන් අඩු බාල වර්ග පමණක් අළෙවි කරයි. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 14 July 2016 07:19 AM

අපි මෙතෙක් කල් සම සහිත කුකුල් මස් කිලෝ එක ගත්තේ රු.380 ට. දැන් පාලන මිලෙන් කිලෝ එක රු. 410 ට තමයි ගන්න වෙන්නේ. (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 14 July 2016 07:20 AM

පැහැදිලි නියාමනයක් හා ඒ සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණයක් නැතුව පාලන මිල පනවන එක විහිළුවක් වගේම රැවටීමක්. (ම)

:       0       0

අරවින්ද Thursday, 14 July 2016 05:30 PM

ගැසට් ‍එකේ නම් තියෙයි. කඩේ තමයි නැත්තේ (නි)

:       0       0

රජිත් මංජුල Thursday, 14 July 2016 06:20 PM

මිනිස්සු ශරීර සෞඛ්‍යයට අහිතකර කෑම කන්නේ මෙන්න මේ මිල පාලනය නිසා තමයි. ඊටපස්සේ මේ වගේ දෙතුන් ගුණයක් බේත් වලට වියදම් කරනවා. ව්‍යාපාරිකයෝ අඩුවට පෝර ගිල්ලනවා. මිනිසුන්ට ඊටපස්සේ ලෝකේ නැති ලෙඩ (නි)

:       0       0

සමන් Thursday, 14 July 2016 07:40 AM

අයියෝ ඇයි මේ සහන මිළ කියලා කුකුල් මස් මිල ඉහල දැම්මේ.දැනට අපි ගන්නේ 365 ට. (බ)

:       0       0

තිලක් Thursday, 14 July 2016 07:55 AM

පළමුව රටේ ජීවත්වෙන ලොකු පොඩි සැමටම එක සේ ක්‍රියාත්මක වෙන නීතියක් හදන්න. ඉන්පස්සේ ඔය කියන සහන දෙන්න. (නි)

:       0       0

දුමින්ද Thursday, 14 July 2016 07:52 AM

දින 100දිත් අපි ගැසට්කළ මුදලින් කෑවා බිව්වා සිහිනයෙන් (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 July 2016 07:54 AM

හාල්මැස්සන් (ඩුබායි) රුපියල් 410. මෙහෙ කිලෝ එකක් වෙන්නේ දිරාම් 7 යි. ඒ කියන්නේ රුපියල් 275 යි. වැඩියෙන් ගෙවන රුපියල්135 මොනවද? (නි)

:       0       0

රොෂාන් Thursday, 14 July 2016 09:12 PM

සුසන්තලා ඒ කාලේ එහෙම කාපු හින්දා තමයි මේ කාලේ අපිට මෙහෙම වුණේ. ඒ කාපු පෙරේතකම තාම ඇරිලා නැහැ වගෙයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 14 July 2016 07:55 AM

රටේම සියලුම කඩවලට එකම මිලක් දෙන්න බැරිනම් මොකටද? (නි)

:       0       0

හේරත් Thursday, 14 July 2016 07:56 AM

මේ කොච්චර කිවුවත් මේ ගාණට වෙළඳපොළේ ගන්න බැහැ (නි)

:       0       0

සෑම් Thursday, 14 July 2016 08:04 AM

අනේ අපොයි මේවායේ ගණන් ?? මම පොඩි කාලේ කඩේ (සමුපකාරේ ) ගිහින් සත හැත්තෑ දෙකට සීනි රාත්තලකුත් සත විසි අටකට මයිසුර් පරිප්පු හුන්ඩුවකුත් ගෙනාපු හැටි හොඳට මතකයි (ම)

:       0       0

නවරත්න Thursday, 14 July 2016 08:21 AM

අපේ අයට නිකන් දුන්නත් සන්තෝෂ කරන්න බැහැ (නි)

:       0       0

රන්දික Thursday, 14 July 2016 09:15 AM

මේ බඩුවල පාලන මිල දැන් තියෙන ගානට වැඩිනේ (හේ)

:       0       0

රසුන් Thursday, 14 July 2016 09:25 AM

උම්බලකඩ සහ ග්‍රීන් පීස් අත්‍යවශය ආහාරයක් කියලා මම අද දන්නේ (හේ)

:       0       0

ජයරත්න Thursday, 14 July 2016 09:25 AM

කිරිපිටි, ටින් මාලු වගේ දේවල් වලට මිල නියම කලත් මෙහි වැඩියෙන්ම සදහන් වන කරවල වල මිල පාලනයක් කල හැකිද? එකම වර්ගයේ කරවල වුනත් ඒවායේ සොබාවය අනුව මිල වෙනස් වෙනවා. (හේ)

:       0       0

භද්‍රානි Thursday, 14 July 2016 09:48 AM

මහ බැංකු බැඳුම්කර වංචාව හැර විශාල විවේචනයක් මේ රජයට නැහැ. මීට කාලෙකට ඉහත පාරිභෝගික භාණ්ඩ රාශියක මිල පහත දැමු බව ගොඩක් අයට අමතක වෙලානේ. අපේ රටේ වෙළෙන්දෝ හරිම කපටියි. රජයෙන් භාණ්ඩ මිල අඩු කළොත් ඒ අය මිල අඩු කරන්නේ නැහැ. මිල වැඩි කළොත් රජය වැඩිකළාට වඩා දෙතුන් ගුණයකින් වැඩිකරනවා. ඒ නිසා භාණ්ඩ කීපයකට හෝ රජය විසින් පාලන මිලක් නියම කිරීම කාලෝචිත ක්‍රියාවක්. (නි)

:       0       0

සුජීව Thursday, 14 July 2016 10:00 AM

මේවා අතීසාරයට අමුඩ ගහනවා වගේ වැඩ. කලිනුත් සමහර භාණ්ඩ වලට මිල පාලනයක් කියලා එකක් තිබුනා. පහුවෙනකොට ඒවා කැලේ. අනික රනිල්ගේ ලිබරල්වාදී ක්‍රමයට මිල පාලනය ගැළපෙන්නේ නැහැ. (නි)

:       0       0

සුසන්ත Thursday, 14 July 2016 10:24 AM

ඇත්තම කිව්වොත් ඒ කාලේ මීට වඩා හොදට කාල බීල හිටිය විතරක් නෙවෙයි, රටේ සීග්‍ර සංවර්ධනය ගැන හිතේ සතුටිනුත් හිටියා (ම)

:       0       0

ජෙරමි Friday, 15 July 2016 12:22 AM

සුසන්ත, එහෙනම් ඔයත් අරගොල්ලෝ වගේ හොරෙන් කන්න ඇති. අපිට නම් ඒ කාලෙට වැඩිය මේ කාලේ හොඳයි (නි)

:       0       0

පෙරේරා Thursday, 14 July 2016 10:57 AM

හැමදේම මිල 15% කින් වැඩිකරලා බඩු ටිකක මිල අඩු කළාම හරිද? එතෙකොට අපි මේවා විතරද කන්න ඕනෑ? (නි)

:       0       0

රංචාගොඩ Friday, 15 July 2016 01:34 AM

ජෙරමි, සුසන්ත කියලා තියෙන්නේ රටේ බහුතර ජනතාවට දැනෙන විදිහ මිසක් ඔහෙලා වගේ ඡන්දෙ දීලා ලැජ්ජාව වහගන්න විකාර කියවිල්ලක් නෙමෙයි! (නි)

:       0       0

රොමේෂ් Thursday, 14 July 2016 11:12 AM

සුසන්ත, ඒ කාලේ කිව්වේ සිංහල රජ කාලේද? (නි)

:       0       0

ලක්ෂි Thursday, 14 July 2016 11:25 AM

හොඳම දේ කිව්වෙ නුවරඑළියේ වසන්ත (නි)

:       0       0

විපුල Friday, 15 July 2016 03:04 AM

දැන් තියෙන මිලට වඩා පාලන මිලේ වැඩිවීමක් තියෙන නිසා වෙළෙන්දෝ පාලන මිලට බඩු ටික විකුණයි. මේ පක්ෂ දෙකම කළේ, කරන්නෙත් සාමාන්‍ය ජනතාව රැවටීම පමණි. (නි)

:       0       0

රුවන් Friday, 15 July 2016 03:01 AM

මේ කාලේ හොඳයි කියලා කාලෙකින් මාත් ඇහුවේ ජෙරමි. (නි)

:       0       0

රාමා Friday, 15 July 2016 03:06 AM

මෙවැනි පාලන මිලක් වෙන කිසිම ආණ්ඩුවක දමා නැත. එයට හේතුව පවතින මිලට වඩා අඩුවෙන් මිල දැමීම සාමාන්‍ය වුවත් සමහර භාණ්ඩ පවතින මිලට වඩා වැඩි මිලක් යොදා ඇත (නි)

:       0       0

ඉමේෂ් Thursday, 14 July 2016 05:49 AM

දැන් මේ ගානට වැඩිය විකුණනවා නම් අපි මොකද කරන්න ඕනෑ? නොගෙන බඩගින්නේ ඉන්න එකද? (නි)

:       0       0

නුවන් Friday, 15 July 2016 03:36 AM

මෙතන තියෙන සමහර ඒවා මේ මිලට වඩා දැනට කඩේ අඩුයි මෙකෙන් ඒවයෙ මිල ටිකක් වැඩිවෙලා. (ර)

:       0       0

ටී. සිල්වා Thursday, 14 July 2016 05:55 AM

ඡන්දයක්වත් තියන්නද මේ සූදානම් වෙන්නේ (නි)

:       0       0

බන්දුල Thursday, 14 July 2016 05:59 AM

කී දවසකටද දන්නේ නැහැ, ඔය ගානට වැඩිය විකු‍ණුවොත් මොකද කරන්නේ? (නි)

:       0       0

නිශ්ශංක Thursday, 14 July 2016 12:41 PM

දැනුත් කුකුළු මස් හම රහිත කිලෝ එකක් 400 ට 420 ට ගන්න පුළුවන්නේ (නි)

:       0       0

ජයරත්න Thursday, 14 July 2016 12:41 PM

මේ රටේ මිනිස්සු බත් කන්නෙ නැද්ද? (නි)

:       0       0

පියුමි Thursday, 14 July 2016 06:12 AM

මේ බඩු ලංකාවේ කොහෙන් ගත්තත් මිල එකක් වේවිද? මේවා බොරු වැඩ (නි)

:       0       0

චන්දන Thursday, 14 July 2016 01:59 PM

අනේ මන්දා! මට නම් මේ මිල ගණන් වල පොඩි අවුලක් වගේ පේනවා. සමහර බඩුවල පවතින මිලත් එක්ක සසඳා බලනවිට (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 14 July 2016 06:19 AM

මේක සහනයක් නෙමෙයි. අසහනයක්. (නි)

:       0       0

ප්‍රියංකර Thursday, 14 July 2016 02:14 PM

සස්ටජන් අතවශ්‍ය භාණ්ඩයක්ද? අනික කොහොමටත් මේක රු.1300.00 ට අඩුකරලානේ වෙළෙන්දෝ දුන්නේ. දැන් රු. 1500.00 ක් වුණාම හරිද? (නි)

:       0       0

රණවීර Thursday, 14 July 2016 06:30 AM

ඔය යහපාලනේ කපටි වැඩ. ඡන්දයක් තියන්නද සුදානම? (නි)

:       0       0

රුවන් Thursday, 14 July 2016 02:23 PM

මොකක්ද මේ විහිළුව? සමහර බඩු දැන් තියනවටත් වැඩිය වැඩියි. මිනිස්සු ගොනාට අන්දන එක නවත්වන්නේම නැහැ නේද ? (නි)

:       0       0

සිරි Thursday, 14 July 2016 06:36 AM

මෙයාලා මේ නටන නාඩගම මොකක්ද? ඕනෑ ගොනෙකුට යුද්ධ කළ හැකියි වගේ මේකත් සීනි බෝලයක්ද? (නි)

:       0       0

ප්‍රබෝද Thursday, 14 July 2016 02:42 PM

මේක සහන මිලක් නෙමෙයි පාලන මිලක්. කොහොමත් පාලන මිලට කඩේ බඩු නැහැ. අපි ඒ ගානට ඉල්ලුවම ගිහිල්ලා ආණ්ඩුවෙන් ඉල්ලා ගන්න කියනවා. (නි)

:       0       0

ශ්‍රීමාලි Thursday, 14 July 2016 03:40 PM

හෙට උදේට තොග සහ සිල්ලර වෙළෙන්දන් පාරවල් වහලා උද්ඝෝෂණය කරයිද දන්නේ නැහැ මේ ගානට බඩු විකුණන්න බැහැ කියලා. ඒකාබද්ධ කට්ටියත් සහයෝගයට එයිනේ (නි)

:       0       0

ජනහිත Thursday, 14 July 2016 04:04 PM

බඩු ගන්න ගියාම මිනිස්සු පාලන මිල බල බලා ඉන්නේ නැහැ බඩු ටික අරගෙන ගණන කීයද කියලා මුදල ගෙවනවා මිසක්. මිනිසුන්ට සහන සළස්වන්න ක්‍රම ඕනෑතරම් තියනවා ඔය පාලන මිලට වැඩිය. කොහොමටත් බඩු ගන්න ගියාම කඩේ මුදලාලිගේ ගණන් බලන්න වෙනවාමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 733 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 1574 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2321 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 5961 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4083 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38984 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25535 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1052 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site