IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සහන් රන්වල - තුසිත් නිරෝෂන් : එක වගේ දෙන්නෙක්

2016-09-14-ent-19

“ජන සංගීතයෙන් ජනප්‍රිය වෙනවා කියන අදහස තිබ්බොත් එක ප්‍රශ්නයක්"

සහන් රන්වල

 


“මුල් කාලේ ජන සංගීතය මාකට් කර ගත්තේ ජනප්‍රිය වෙන්න"

තුසිත් නිරෝෂන්

 

ජන සංගීතය සමාජ ගත කිරීම සඳහා වර්තමානය වනවිට රන්වල බළකාය නිතර වෙහෙස මහන්සිවෙයි. මේ වනවිට එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ සහන් රන්වලය.

ජන සංගීතය පාදක කර ගනිමින් සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමද විවිධ නිර්මාණ සිදු කළේය. එම කණ්ඩායමේ මූලිකයා ලෙස කටයුතු කරන්නේ තුසිත් නිරෝෂන්ය.

තාක්ෂණය, මාකටින් හා ජනප්‍රියත්වය ගැන ජන සංගීතය ඇසුරින් කතා කිරීමට මෙවර අප හා සම්මුඛ වන්නේ ඔවුන් දෙදෙනාය.

 

සහන් රන්වල

2016-09-14-ent-20සංගීතයෙ පුළුල් විෂය පරාසයක් තියෙනවා. හරියට ආහාර වගේ, හැම ජාතියෙන්ම තියෙනවා. හැම ආහාරයක්ම කන්න කැමති වුණත්, ඒ අතර අප කල්පනා කළ යුතු දෙයක් තිබෙනවා. ඒ හැම රටක්ම තමන්ට අනන්‍යවූ දෙයක් කරනවා. ආහාර ගැනම කතා කළොත් ඒ රටවලට ආවේණික ආහාර වගේම සුවඳ පවා තියෙනවා. හැඩයක් තියෙනවා, කලස් තියෙනවා. සංගීතයත් ඒ වගේමයි. ඉන්දියාව කිව්වම මතක් වෙන හඬ නෙමෙයි, ජපානය කිව්වාම මතක් වෙන්නේ. ජපානය කිව්වම මතක් වෙන හඬ නෙමෙයි බටහිර රටවල් කිව්වම අපිට මතක් වෙන්නේ. ඒ හඬම නෙමෙයි ආරාබි කිව්වම මතක් වෙන්නේ. ඒ හැම එකකටම අනන්‍යයතාවයක් තියෙනවා. ජන සංගීතය කියන්නේ අපේ හඬ, අපේ අනන්‍යතාවය, අපේ රිද්මය.

ලෝකය එක්ක ගනුදෙනු කරද්දී ජාතික කොඩිය ගෙන යනවා. ඒ අප ගෙන යා යුතු සංකේතයයි. අපි ජන සංගීතය ගැන කතා කරන කොට අපි අදහස් කරන්නෙ නැහැ මේ රටේ තියෙන්න ඕන ජන සංගීතය විතරයි කියලා. අපි අදහස් කරන්නේ අපිට ජාතික කොඩියක් කියනවා වගේ, අපිට ජාතික සංගීතයක් තිබිය යුතුයි. ඒ ජාතික සංගීතය අපට විදේශ රටවල නාදමාලා පදනම් කරගෙන හදන්න බැහැ. මේ රට තුළ වසර සිය ගණනකට වඩා වර්ධනවූ තාලානුරූපීව ගලාගෙන ආ රිද්මයෙන් ජන සංගීතය නිර්මාණය කළ හැකියි කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත පදනම්ව මකුලොලුව මහත්තයා, සී.ඩී.එස්.ගුණතිලක, බැද්දගේ මහත්තයා කරගෙන ආ වැඩ පිළිවෙළ වර්තමානයට ගෙන ඒම අපේ බළකායේ අරමුණ. මේ ජන ගීතය තුළින් ජාතික සංගීතයක් නිර්මාණය කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ.

ඉස්සර හොඳයි, දැන් හරි නෑ කියන අදහස තුළ මම නැහැ. මම දකින්නෙ මේ වෙනකොට අපේ රටේ ඉතිහාසය ගැන හොයන තරුණ පරම්පරාවක් රටේ ඉන්නවා කියලයි. හැමවිටම මිනිස්සු කියන දෙයක් තමයි ‘“ඒ කාලේ හොඳයි අප්පා... දැන් බලන්න කෝ....* කියන එක. හැමදේකටම එහෙම දෙයක් කියනවා.

එහෙම දෙයක් කියන්නේ අපි තුළ තියෙන කුහකත්වය නිසයි. වර්තමාන පරම්පරාව රටට ආදරේ කරනවා කියන එක පිළිගන්න අපි සූදානම් නෑ. දැන් තරුණ පරම්පරාවට ඉස්සරට වඩා මේ ගැන ගැන ආදරයක්, උනන්දුවක් තියෙනවා. ඒ වගේ අය ලංකාවෙත් ලෝකෙ පුරාත් හමුවෙලා තියෙනවා.

 

තුසිත් නිරෝෂන්

ජන සංගීතයත් එක්ක තාක්ෂණය මිශ්‍ර කරන එක ගැන කතා කරද්දි සහන් අයියේ, අපි මුලින්ම නිර්මාණයක් ආරම්භ කළෙත් ජනසංගීතය පදනම් කරගෙන. "සෙන්ට්‍රිගේඩ්" කියන බෑන්ඩ් එක නිර්මාණය වන අවධියේ ජන සංගීතය ඇසුරින් කිසියම් නිර්මාණයක් කරන්න ඕන කියලා ආසාවක් අපිට තිබුණා. අපේ අවධියෙදි අපට එහෙම දෙයක් ඇසුනෙ භාතිය සන්තුෂ්ගේ "මනුසත් කැලේ" කියන ගීතය. පසුව බටහිර ගීත අහන්න ලැබුණා. ලංකාවෙ තිබෙන බෙර උපයෝගී කරගෙන නිර්මාණයක් කිරීමේ කැමැත්ත පාසල් කාලෙම තිබ්බා. ඒක මගේ ඔළුවේ බොහෝ කාලයක ඉඳන් තිබුණු හීනයක්.

 

සහන් රන්වල

පටිගත කිරීමේදී වාදන භාණ්ඩවල නාදය ඒ ආකාරයෙන්ම පටිගත කිරීමට තමයි අවශ්‍ය වුණේ. තාක්ෂණයත් එක්ක ඒ දේ කරන්න අපි සැලකිලිමත් වුණා. ජන සංගීතය විකෘති නොකර, බැනුම් අහන්නෙ නැතිව නිර්මාණයක් කරන්නෙ කොහොමද කියන එක මගේ ඔළුවෙ තිබුණා.

 

සහන් රන්වල

2016-09-14-ent-21තාක්ෂණය කියන කාරණයෙදි සමහර අය චෝදනා කරනවා. සමහර අය කියනවා අපේ කාලේ රෙකෝඩ් කළේ ගායකයෝ, වාදකයෝ ඔක්කෝම එකට. දැන් එහෙම නැහැ. කියලා කියනවා. ඒක ඇත්ත. එහෙත් එදා බස් ධාවනය වෙන විදිහයි, අද ධාවනය වෙන විදිහයි වෙනස්. ඒ වගේ තාක්ෂණයත් භාවිත කළ යුතුයි. ඒ තාක්ෂණයට වෛර කරන්න හොඳ නෑ. හැබැයි තාක්ෂණයේ වහලුන් බවට පත්ව නිර්මාණාත්මක බව නැති කර ගන්නවා නම්, එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ. තාක්ෂණය නෙමෙයි ප්‍රශ්නය, ඒ තාක්ෂණය යොදා ගන්නේ කොහොමද කියන කාරණාව. අපේ තාත්තගේ උදාහරණයකින් මට කියන්න පුළුවන් මේක. තාත්තාගේ දැනුම, සංගීත ඥානය, පරිණත බව කියන මොකුත් නැතුවයි මම වැඩකරන්නේ.

ඔහුගේ ආභාසය විතරයි මට තියෙන්නේ. මම නිතරම කල්පනා කරන්නේ වැරදීම් වෙන්න පුළුවන්. ඒ වැරදීම් අවම කර ගන්න මම හිතන්නේ තාත්තා මේ වගේ තැනක දී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව. ඔහු තව වසර 100කින් ජය ගීතයට එන්න පුළුවන් ප්‍රශ්නවලටත් උත්තරදීලා තිබ්බා. සමහර අයට තාක්ෂණය යොදා ගත්තම ගීතය විනාශ වෙනවා කියලා ජනතාව ප්‍රශ්න කරනවා. අපි ජන ගීතයට ආදරය කරමින් කරන වැඩක් නම් එයට කරන විනාශය අවම වෙනවා. අපි මේ ජන ගීතයෙන් ජනප්‍රිය වෙනවා කියන අදහස තිබ්බොත් ඒක ප්‍රශ්නයක්. තාත්තා නිතරම කියන්නේ අපේ බෙර නිර්මාණයකට යොදා ගන්න කියලා. ඒක අපේ ආනන්‍යතාවය. සර්පිනාව අපේ නෙමෙයි. තබ්ලා, සර්පිනා, කීබෝඩ් අපේ දේවල් නෙමෙයි. මේ දේවල් භාවිත කරලා කරන නිර්මාණ දේශීය දෙයක් වුණොත් එය සංගීත භාණ්ඩය තියෙන රටට අයිති නෑ. වාදනය කරන ස්වර ප්‍රස්තාර කියන රටටයි අයිති. සංගීතාත්මක තාක්ෂණයක් ලෝකයේ අනිත් දේ වලින් අරගෙන හදාගත්තොත්, ගැටලු නැහැ. තුසිත් උදාහරණයක් කිව්වා. අපි අපේ දේශනවල ජන ගීයෙන් හදපු නිර්මාණ ගැන කතා කරනවා. එහිදී අලුත් පරපුරේ අයගේ නිර්මාණ ගැනත් කතා කරනවා.

හැබැයි මාකටින්වලටත් යොදා ගන්නේ ජන සංගීතය

ඒක එක කාලයක් මාකට් වුණා. ජන සංගීතය විකුණගෙන ඒක මත්තෙම යැපෙනවා කියන එක වැරදියි. බොහෝ කාලයක් මේක මාකට් වෙලා තිබ්බා සහන් අයියේ, මම කියපු කාලේ, ඒ කිව්වේ ජනප්‍රිය වෙන්න මාකට් කරපු කාලේ ගැන. ජන සංගීතයේ මෙලඩි එකක් අරගෙන නිර්මාණ කළා. හිපොප්වලට වුණත් මෙලඩි දානවා. ඒ කාලේ ට්‍රේන්ඩ් එක ජන ගී තැල්ලක් දාගන්න එක. ඒ දවස්වල මාකට් එක ඒක. ඉන් මම මුදල් උපයා ගත්තා කියලා කියන්නෙ නැහැ. මුල් කාලෙ ජන සංගීතය මාකට් කර ගත්තේ ජනප්‍රිය වෙන්න. සහන් අයියා කියයි ඉතුරු ටික මාකට් කර ගත්ත විදිහ.

 

සහන් රන්වල

මෙහෙමයි, අපි උත්සහ කරන්නේ ජන සංගීතය මිනිසුන් අතර ප්‍රචලිත කිරීමට. එය ගෙන යන්න සිදුවෙලා තියෙන්නේ පවතින ප්‍රවාහයන් ඔස්සේ. ඒ ප්‍රවාහයන්වලට අපි මේ දේ නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා. ඒ ප්‍රවාහයත් කොතරම් දුරට අපේ දේවල් භාවිත කරනවද කියන එක හරියට අවබෝධ කරගෙනද කියන ප්‍රශ්නය තිබෙනවා. මාකටින් එහෙම නැත්නම් මේක විකුණනවාද කියලා ඇහුවොත් විකිණීම හොඳ නැති දෙයක් වගේ අදහසක් එන්නෙ. ජන සංගීතය විකුණන් කන්න හොඳ නැහැ. නමුත් අපි දැන් ඉන්නේ භාණ්ඩ හුවමාරු ආර්ථිකයක නෙමෙයි. ජන සංගීතයතය හදාරන, ජන ගායනා කරන ශිල්පීනුත් මේ පාරිභෝගික සමාජයෙන් භාණ්ඩ මිලදී ගත යුතුයි. කඩේකට ගිහින් ඇඳුමක් අරගෙන ඒ මුදලට හරියන්න කවි දෙකක් කියන්නම් කියලා කියන්න බැහැ.

ඒ නිසා ඔවුන් මුදල් උපයන්න ඕන. හැබැයි මුදල් ඉපැයීම සඳහාම ජන සංගීතය භාවිත කිරීම භයානකයි. ජන සංගීතය සමාජ ගත කිරීමේ මෙහෙවරේ ඉන්න අයට වෘත්තීය භාවයක් ඇති විය යුතුයි. සිනමාව තුළ කාම රැල්ල එනවා. ළමා සිනමා රැල්ල එනවා. තව කාලෙක කොමඩි සිනමා රැල්ල. තවත් කාලෙක රජ කතා රැල්ල එනවා. ඒ ඒ කාලෙට චිත්‍රපට හදනවා වගේ මේ කාලෙට ජන ගී කරනවා. තව කාලෙක වෙස්ටන් කරනවා. තවත් කාලෙක ඉන්දියන් කරනවා කියන එක හිතන්නෑ. අපි කරන්නේ ජන සංගීතය සමාජ ගත කිරීම. ඒක ඒ කාලවලට ගැළපෙන ලෙස ජන ගීතයට හානියක් නොකර කොහොමද කරන්නේ කියන එක තමයි හිතන්නේ.

 

තුසිත් නිරෝෂන්

මාකට් කරන්න වෙනවා. මාධ්‍ය උපයෝගි කර ගන්න වෙනවා. සහන් අයිය ජන ගී කොන්සට් එකක් කළත්, අනෙක් අය මාකට් කරන තැන්වල තමයි මාකට් කරන්න වෙන්නේ.

 

සහන් රන්වල

මේ කියන ප්‍රවාහයන් ඔස්සේ තතමයි යන්න වෙන්නෙ.

තුසිත් නිරෝෂන් කවුරු හරි කියන්න පුළුවන් මාකට් කරනවා කියලා. නමුත් ඒක වචනයක් විතරයි. සහන් අයියා උත්සහ කරන්නේ මාකට් එකෙන් සේවයක් කරන්න. ජනප්‍රිය වෙන්න ජන සංගීතය භාවිත කිරීම ගැටලුවක් කියලා සහන් අයියා සඳහන් කළා.

ජන සංගීතය භාවිත කිරීමේදී එහි නාදමාලාවල ගුණය නොනසන්න කටයුතු කළ යුතුයි. ඉන්දියානු සංගීතය ගත්තොත් මෙහි දුර ගමනක් ඇවිත් තිබෙනවා. අපේ සංගීතය තවම එතරම් දුර ඇවිත් නැහැ. එය සමහර දේවල් එක්ක එකතු කිරීමේදී අපි කල්පනාකාරි විය යුතුයි. අපි තවම ළදරු වයසේ ඉන්නේ. ළදරු වයසේදී දෙන කිරිපිටි, තරුණයාට දෙන කිරිපිටියි වෙනස්. ළදරු අවධියේදී ජන සංගීතය පරිස්සමෙන් බලාගත යුතුයි. අනාගත පරම්පරාවට මෙය මීට වඩා භාවිත කළ හැකි වෙයි. අපි ආදරේ කරන දරුවෙක් බලාගන්නවා වගේ බලාගන්න ඕන.

 

තුසිත් කලින් කිව්වා ජන සංගීතය භාවිත කළේ ජනප්‍රිය වෙන්න කියලා. හැදෑරීමක් කරලද ජනප්‍රිය වෙන්න පාවිච්චි කළේ?

2016-09-14-ent-18අපේ මුල් අවධියේ තමයි එය ගොඩක් සිද්ධ වුණේ කියලා මම හිතනවා. මුල් කාලේ ඉරාෂ් මෙය භාවිත කර තිබුණා. මම හිතනවා ඒ නිර්මාණය සාර්ථකයි කියලා. මේක අපේ දෙයක් විදේශ රටකට ගෙනයාම සඳහා කළ එක් උත්සාහයක් විදිහට දකින්න පුළුවන්. %මනුසත් කැලේ^ වගේ නිර්මාණ දකින්න පුළුවන්. සහන් අයියේ මම ජන සංගීතය ගැන දන්නෙ නැහැ, ඉස්කෝලෙදි බොහෝ දුරට සංගීතය හදාරලා තියෙනවා. නමුත් මං මේ ජන සංගීතය භාවිත කරලා ගැටලුවක් ඇති වුණොත්, එය මට වගේම මගේ කණ්ඩායමටත් බලපානවා. මම ඒ නිසා කළේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටිය ධම්මිකා, තුෂාරි කියන අක්කලා දෙන්නගෙන් උපදෙස් ලබාගෙන නිර්මාණය සිදුකළ එක. තව තවත් සංගීත කණ්ඩායම් නිර්මාණය වුණා. ඒ අයත් භාවිත කළේ ජන සංගීතය. මං හිතන්නෑ දැන් ඒක කියනවා කියලා. වාසනාවකට අපේ සංගීත කණ්ඩායමට ජන සංගීතය ආශ්‍රයෙන් කරන නිර්මාණවලට කිසිම චෝදනාවක් එල්ලවෙලා නැහැ.

 

සහන් රන්වල

චිත්‍රපටයක් කරන්න යනවා කියමු. අපි කරන්න යන්නේ කරාටි චිත්‍රපටයක් නම් කරාටි උපදේශකවරයෙක්ගෙන් උපදෙස් ගන්න ඕන. ඒ වගේ ජන සංගීතයෙන් නිර්මාණයක් කරන්න යද්දී දැනුමක්, අත්දැකීමක් තියෙන කෙනෙක් ගෙන් උපදෙස් ගත යුතුයි. තරුණ පරම්පරාවට තුසින් කළේ දේ හොඳ දෙයක්. ඒකියි තුසිත් තාම ඒ ගැන බැනුම් අහන්නේ.

 

තුසිත් නිරෝෂන්

ලංකාවෙ ජන සංගීතය ගැන කතා කරනවා නම්, අංක 1 සහන් අයියගේ නිර්මාණ. අපි ඒවත් අහනවා. රන්වල බළකායේ නිර්මාණයක් කරන්න ඕන නැහැ. මම ඒ තුළින් දෙයක් ගන්නවා. අදහස් ගන්න නව දේවල් දැකලා ඉන්න ඕන.

 

සහන් රන්වල

ජන සංගීතය පාවිච්චි කරන්න ඕන. මේක කෞතුක භාණ්ඩයක් නෙමෙයි, මේ ජන සංගීතය භාවිත විය යුතුයි. මගේ අදහස ලංකාවෙ සැම ශිල්පියෙකුට වගකීමක් තියෙනවා. තමන් ගීත 12ක් 14ක් හදන කොට එක ගීතයක්වත් ජන සංගීතයෙන් නිර්මාණය කරන්න හැම මාධ්‍යකටම වගකීමක් තියෙනවා. පැය 24න් විනාඩි පහක්වත් එවැනි ගීත ප්‍රචාරය කරන්න ඕන. ඉල්ලුමක් තියෙන කොට ජන ගීයෙන් නිර්මාණ කරන්න පෙළඹෙයි. කවුරුත් රියලිටි ඕන කියලා උද්ඝෝෂණය කළේ නැහැ. මිනිස්සු ඉල්ලන දේ කියලා අදහස් කරන්නේ %රේඩින්^ එක ඇත්තම නෙමෙයි. ලංකාවෙ යූටියුබ් එකේ ලක්ෂ තිහකට වඩා බලපු ගීත තියෙන්නෙ දෙක තුනයි. ඒකත් “ලොකු වුණාම වෙන්නේ කවුද^ ඒක මාධ්‍ය‘යේ ප්‍රචාරය වෙන්නෙත් නෑ.

 

තුසිත් නිරෝෂන්

සහන් අයියා, දැන් මාධ්‍යයෙ ඉඩකඩ තියෙනවා. ජන සංගීතය ආරක්ෂාකර ගැනීම වැදගත් කියලා සහන් අයියා කිව්වා. ජන ගී ආශ්‍රිත නිර්මාණ කිව්වම මතක් වෙන්නෙ ගමයි, පන්සලයි, වැවයි දාගැබයි. ගොඩක් අයට හිතන්නේ ඒ සංකල්ප ටික.

 

සහන් රන්වල

කුඹුරයි, වෙලයි, බන්ඩි ගොයමයි තමයි හිතන්නෙ.

 

තුසිත් නිරෝෂන්

රොක්, හිපොප්, මියුසික්වලටත් මේක යොදා ගන්න පුළුවන් නම්, තව විදිහකට ජන සංගීතය මිනිස්සු අතරට යන ක්‍රමයක් වෙයි.

 

සහන් රන්වල

මම විශ්වාස කරන දේ තමයි රන්වල බළකායට ජන සංගීතය මිනිසුන් අතරට ගෙන යනවාට වඩා වැඩි ඉඩක් තුසිත්ලට තියෙනවා. අපිට වඩා වැඩි තරුණ පිරිසක් ඉන්නවා. හැම තරුණ ශිල්පියෙකුටම මේ වැඩේ කරන්න පුළුවන්. සින්දු 10කින් 12කින් එකක් ජන සංගීතය කළ හැකියි. තුසිත්ටත් චෝදනාත්මකව කියනවා මුලින් භාවිත ජන සංගීතය භාවිත කළ තරම්, දැන් වැඩ කරන්නෙ නැහැ කියලා.

 

තුසිත් නිරෝෂන්

මම හිතල තමයි ජන සංගීතයෙන් මිදුණෙ. ජන සංගීතය ආශ්‍රිතව වැඩකරන ලෙස එක තැනකට කොටු කරනවා කියලා මට හිතුණා. ඉදිරියේදි ආනිවාර්යයෙන් ඒ නිර්මාණ කරනවා.

 

සහන් රන්වල

බටහිර සංගීතය හෝ ඉන්දියානු රාගධාරී සංගීතය විෂයක් ලෙස වර්ධනය වී හමාරයි. ජන සංගීතය ඉගෙන ගන්න. සිනමාව ඇමෙරිකාවේ ගිහින් ඉගෙන ගත්තා කියලා ඒ නිර්මාණ කරන්න බැහැ. ඒ රටේ ඥානය අරන් අපේ දේ පෝෂණය කරමු. අපේ ගේ ලස්සන කර ගත්තොත් අපිට නම්බුව. අපි අනුන්ගෙ ගෙවල් කොතරම් අලංකාර කළත් අපිට යන්න වෙනවා. ලංකාවෙ හොඳටම නටන බ්‍රේක් ඩාන්ස් වුණත් විදේශ රටක බ්‍රේක් ඩාන්ස් කරන කෙනා එක්ක බැලුවම පහළ මට්ටමක ඉන්නෙ. අපි කොච්චර ටයි දැම්මත්, අපිට සරම ඕන. අපි මේ රටේ මිනිස්සු.

අපි කිමෝනාව ඇන්ද කියලා ජපනෙක් වෙන්නෙ නැහැ. අපි ඉපදුන දවසේ අම්මා අතට අරන් ප්‍රාර්ථනා කරන්නේ මේ රටට වැඩදායී මිනිසෙක් වෙන්න කියන එක. එහෙම නැතුව පොෂ් කොල්ලෙක් වෙයන් කියන්නෙ නැහැ. අපේ රටේ දේවල් සඳහා කාලය, ශ්‍රමය, ධනය වියදම් කරන්න නිර්ලෝභි විය යුතුයි.

 

නිදුක් මධුෂික/ඡායාරූප මිහිර බණ්ඩාර

 

tharunaya

 

 



අදහස් (0)

සහන් රන්වල - තුසිත් නිරෝෂන් : එක වගේ දෙන්නෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 89 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 266 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 445 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 688 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 570 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1213 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site